මුල් පිටුව

128 අග්ගිදත්ත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි වඤචා ප්‍රයෝග දන්නා භික්ෂු කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාරණ ලදී.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ මූසිකව උපන්සේක. එසමයෙහි එක් කැණහිලෙක් ගින්නෙන් දා ඉස ලොම් පමණක් තිබියදී සර්වාංයෙහි ලොම් දා ගියේය. එවිට හිස පමණක් රැකගත්තාවූ කැණහිල් ඡායාවෙන් තමා හිස් කුඩිඹිය පමණක් දැක කුඩිඹිය ඇති පසු ජීවත්විය හැක්කැයි සිතා බෝධිසත්වයන් ඇතුළුවූ බොහෝ මීයන් වසන තැනට ගොස් පළමු කී ජාතකය පරිද්දෙන් වැද සිටි ව්‍යවස්ථාවට බෝධිසත්වයෝ එතනට අවුත් තොපි කවුරු දැයි වදාරන්නාහු අගගික භාරචාජයෝයයි කියන්නා කුමක් නිසා අව්දැයි විචාරා තොප හැම රකින්ට ආමි කී විසින් අප රකිනේ කෙසේදැයි විචාරන්නා උදාසන සවස ගොදුරට යන්නවුන් හා දෙවනුව බිලයට වදිනවුන් ගැණ නියමය දනිමිය කී විසින් යහපත මයිලනුවනි එලෙස කරවයි කී විසින් එතැන් පටන් යන එන මීයන්ගේ ගණන පසාරයෙන් කන විසින් මීයෝ තමන්ගේ මීයන් අඩු නියාව බෝධිසත්වයන්ට කීහ. බෝධිසත්වයෝ එපවත් අසා එදවස් හැමට පස්සේ නික්මුණාහ. මෙතෙක්දා සේම කැණහිල්බළු බෝධිසත්වයන් වහන්සේට පැන්නේය. බෝධිසත්වයෝ වළහා ඉවත පැන තොප විසින් මීයන් රකිමි කියා මීයන් නැසූ පමණක්මයයි බොටුවට පැන කුලල සපාකා මැරූහයි වදාරා, එසමයෙහි කැණහිලා නම් දැන් මේ කුහක භික්ෂූහුය, මීයන්ට රජව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි මේ අග්ගිදතත ජාතකය නිමවා වදාළසේක.