මුල් පිටුව

247 කුඩකකුච්ඡසින්‍ධව ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මාගේ සිරෝ මාණික්‍යවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සැරියුත් ස්වාමින් අරභයා මේ ජාතකය දක්වන ලද,

ඒ කෙසේද යත්.

සර්වඥයෝ සැවැත්නුවර ඉඳ ජනපද චාරීකාවේ සැරිසරා වැඩ පෙරලා සැවැත්නුවරට වැඩීසේක. සැවැත්නුවර වාසී බොහෝ මනුෂ්‍යයෝ සර්වඥයන්ට ආගන්තුක සත්කාර කරම්හයි සිතා උපසාකවරු ධර්මශෝක නම් භික්ෂූකෙණෙකුන් වහන්සේ අතින් තමතමන්ට උවමනා විචාර පන්සිය සසියදාසයයි මේ නියායෙන් පාත්‍ර ඇරගත්තාහ. එක්තරා දුක්පත් මැහැලි උපාසිකාවක් එකම එකනමකට දන්සපයා විධාන කරවන වහන්දෑ සමීපයට ගොස් මටත් දන් දෙන නියායෙන් එකනමක් සලස්වන්ට උවමැනවයි කියන්නා එසේවීනම් සැරියුත් ස්වාමින්ගේ පාත්‍රය ගනුවය කීහ. යහපතැයි කියා එකියන මෑලිඋපා සිතා සැරියුත් ස්වාමින් වඩාගෙණවුත් යහපත්කොට වැලඳවූහ. එගම අනේ පිඬු මහසිටාණන් විශාඛා මහඋපාසිකාවන් කොසල රජ්ජුරුවන් ඇතුළුවූ බොහෝ උපාසිකාවරුන් එකි උපාසිකාවට බොහෝ රත්තරන් මුතුමැණික් දුන්නාහ. එකියන උපාසිකාවත් බලීව පොහොසත්වූව මේ කථාව ධම්සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ කිය කියා වැඩ උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මෙසේ වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ උත්තරාපථයෙහි අස්වෙළඳව උපන්නාහ. එසමයෙහි බරණැස් නුවරටත් උත්තරාපථයටත් අතුරේ එක්තරා නියම් ගමෙක් ඇත, එ ගම ඉන්නා මෑලිස්ත්‍රීයක් ඇත්තාතහ. එසමයෙහි අස්වෙළෙන්දු අසුන් පන්සියයක් ඇරගෙණ බරණැස් නුවරට යන්නාහූ මෑලි ස්ත්‍රීයකගේ ගෙයි කීපදවසක් රැඳූනාහ. එතන රැඳූනුගමනේ වෙලෙඹෙක් ආජානීය සෛන්ධවයකු වැදුව, එකියන සෛන්ධවයා එකියන මෑලි තමාට දරුකොට වඩවන්ටවන එකියන අස්වෙළන්දු කීප දවසක් සැතපිලා බරණැස් නුවරට අසුන් ඇරගෙණ යන්ට වන්නාහ. එවිට එකියන ස්ත්‍රී කියන්නී මෙතෙක් දවස් මාගේ ගෙයිදී කා බී යනකලට මට කුලියක් නොදී යන්නේයයි කීය. එවිට අස්වෙළෙන්දු යහපත මැනියෙනි කුලියක් දෙම්මැයි කිවුය. එවිට ස්ත්‍රිකියන්නී කුලියෙන් මට කාරිය නැත. මාගේ ගෙයිදී උපන්නාවූ අස්පැටවා මටදෙන්නා පමණැයි කීහ. යහපතැයි කියා එකියන අස්වෙළන්දු අස්පැටවාදී ගියාහ. ඒ කියන මෑලි ඒ අස් පැටවා කුඩු හා තණ හා බත්පෙරු කැඳ ආදීවූ දෙය කවා වඩන්නීය. මේ නියායෙන් කවා මුකුරුවූ අවස්ථාවට බෝධිසත්වයෝත් උත්තරාපථයේ සිට අසුන් පන්සියයක් ඇරගෙණ බරණැස් නුවරට එන්නාහූ ඒ වෙලාවට අජානීය අශ්වයා වඩන මැහැල්ලගේ ගෙට නවාතැනට ආවාහ. ඒ වෙලාවට අජානීය අශ්වයා තණ කන්ට ගියේය. බෝධිසත්වයන් ගෙණා අසුන් පන්සියයක් එකියන අජානීය අශ්වයාගේ ඉලත්තියේ සුවඳ අසමින් භයින් ගෙට නොවැද දොරම සිටියාහ. බෝධිසත්වයෝ ගෙට වැද අම්ම මේ ගෙයි අස්සු ඇද්දයි විචාළාහ. එවිට මැලී කියන්නී පුත මා දරුකොට වැඩූ අසකුවිනා වඩා අස්සුනැතැයි කීහ. බෝධි සත්වයෝ අශ්වයා කොයිදැයි විචාළාහ. මෑලි කියන්නී තණකන්ට ගියේය දැන් දැක්කහැකියි කීහ. ඒ කියන අශ්වයාත් තණ කා ගෙට අවුත් තමා සිටින ස්ථානයට ගියේය. ඉවිට සෙසු අස්සු ගෙටවන්නාහ. බෝධිසත්වයෝත් එකී යන අශ්වයා දැක මේ අශ්වයා අජානීය අශ්වයයි කියා මා දත්හ. බෝධිසත්වයෝත් ඒ ගෙයි කීප දවසක් වාසය කොට බරණැස් නුවරට යනු කැමතිව මැහැල්ලට කියන්නාහූ අම්මබරණැස් නුවරට යෙමි මේ කියන අශ්වපොතකයා මාගෙන් මිළ ඇරගෙණ මට දෙවයි කීහ. කුමක් කියන්නේද පුත දරුවනුත් මිළ ඇරගෙණ විකුනැද්දැයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ අම්මා මෙතන ඉඳ දුක්විඳිනා බලාත් මාලඟවීනම් බොහෝ සුව විඳිනේ වේද එසේ හෙයින් මටදෙන්නේයයි කීහ. ඒ ස්ත්‍රී මාගේ දරුවන් සුවවිඳිනාවේද යහපතැයි කියා අජානිය අශ්වයා බෝධිසත්වයන්ට දුන. බෝධිසත්වයෝත් ඒ අශ්වයා මිළකොට සතර පයට සාරදහසක් හා මුඛයට දහසක් වලිගයට දහසක් ඇතුළුව සදායක් වස්තුව හා ඒ ස්ත්‍රී සර්වාභරණයෙන් සරහා යහපත් වස්ත්‍රයක් ඇන්දූහ. එවිට ඒ අජානීය අශ්වයාත් තමා වස්තුවට විකුටපුහෙයින් මාගේ මෑනියෝ මා මෙතෙක් දවස් වඩා වස්තු නිසා මා විකුටපුවයි අශ්වයා ඇඬූහ. එවිට මෑලි ස්ත්‍රීන් පුත වික්ෂේප නොවන්නා තොප නිසා බොහෝ වස්තු ලදිමි. එසේ හෙයින් මේ කියන වෙළඳානන් කැටිව යවයි කීයා යවුහ. බෝධිසත්වයෝත් එකියන අශ්වයා ඇරගෙණ සිතන්නාහූ මේ අශ්වයා තමා අජානීය නියාව දනීදෝ නොදනීදෝහෝයි සිතා එම ස්ත්‍රිය ලන්නාවූ තණ හා කුඩු හා බතින්පෙරූ උළුකැන්ම ලුහ. එවිට අශ්වයා නොකෑයේය. ඇයි තොප පළමු කණදෙය දැන්නොකෑයේ ඇයිදැයි කියන්නා එවිට අශ්වයා කියන්නේ තමාගේ තරම් පදම් නොදන්නා කෙනෙකුන් සමීපයේදී උන් කුමක්කලත් ඉවසෙයි තමාගේ තරම් පදම් දන්නාවූ බ්‍රාහ්මණය තොප දැක්කදීත් මා කුඩුකන්ටයෝග්‍යදැයි කීහ. එවිට බෝධිසත්වයෝ තොප පරීක්ෂා කරන්ට කෙළෙමි කියා ඒ අශ්වයාට මිහිරි අන්නපානලා එකීයන අශ්වයා ඇතුළුවූ පන්සියයක් අසුන් ඇරගෙණ බරණැස් නුවරට වැදී අවශේෂ අසුන් පන්සියය එක් ඇලයෙක සිටුවා අජානීය අශ්වයාට බුමුතුරුණුලා වියම් බැද එක් ඇලයෙක සිටුවූවාහ. එවිට රජ්ජුරුවෝ බෝධිසත්වයන් අතින් විචාරන්නාහූ ඇයි මේ අසුන් පන්සියය එක් ඇලයක සිටියදී මූ එක්තෙනක සිට තෙමේ අසුන් පන්සියය නියාවට මේවඩිදැයි කීහ. එසේය දේවයන් වහන්ස මේ අසුන් පන්සියය නියාවට මේ වඩිය මේ අශ්වයාගේ ජවවේග බලාවදාළ මැනවැයි කියා මිනිසුන් පහකොට අශ්වයා පිට නැගී පාරේ අළහ. අසාගේ වේගයෙන් අසුන් කරින් කරගසා සිටෙව්වාසේ එක අස්වලල්ලක් මෙන් විය. නැවත බලාවදාලමැනවයි කියා දුවනවේග දන්වා අසා දිවන්ටවන. එවිට පිටඋන් බෝධිසත්වයනුත් අසාත් නොපෙණ්නටවන. එවිට බෝධිසත්වයො ්අසා ඇරගෙණ සෘර්ධිවුවාක් මෙන් වැටහේදෝහෝයි සිතා බඩු අවුරා රතු කඩක් බැඳගත්තාහ. ඒ වෙලේ අශ්වයා පාරේ අරින්ට වන්වෙලාවට රතු කඩක් වට ඇද්දාක් මෙන්විය. නැවත බෝධිසත්වයෝ බලාවදාරන්නේ යහපතැයි කියා මගුල්පත සටගොස් දියපිට නෙළුම්පතෙහි පාරේ අරින්ටවන්නාහ. එවිට අශ්වයාගේ කුරය තෙමෙන්නේත්නොවී නෙළුම්පත ඉරන්නේත් නොවි පාරේ අල, නැවත බෝධිසත්වයෝ අශ්වයාගේ ලඝුතවය පාන හූ අසාපිටින් බැස අතින් අත ගසා අල්ලපෑහ. එවිට අශ්වයා තමාගේ සතුරකුරයම අල්ලපිට තිබිය. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ ස්වාමනිනි මේ අශ්වයාගේ වේගය සමුද්‍රය කෙළවර කොට තිබෙනමුත් මුගේ වේගයෙහි අන්ත්‍රායක් නොපෙණෙයි කීහ. එවිට රජ්ජුරුවෝ බෝධිසත්වයන් කෙරේ සතුටුව මේ නියා අශ්වයෙකු දුන්තැනැත්තවුව රාජ්‍යයෙන් කැබැල්ලක් දෙමි කළුහුගසාදී අශ්වයා සිටිනාතැන තමන්ගේ රාජමැදිරියමෙන් සරහා තමන්ට ඇතියම්ම පෙරහැරකදී රැක්කැයි වදාරා කුඩකක්කුච්ඡිසින්ධව ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි මැහැලිනම් මෙසමයෙහි මැහැළිමය, එසමයෙහි අජානිය අශ්වයා නම් ශාරීපුත්ත ස්ථවීරය, එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරය, එසමයෙහි අස්වෙළඳාව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළ සෙක්.