මුල් පිටුව

246 මණිකණ්ඨ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මාගේ ස්වාමිදරුවානන් වහනසේ අලව්නුවර නිමා අග්ගලා චෛත්‍ය භූමියෙහි වැඩවසන සමයෙහි කුටිකාර සික්ෂා පදයන් දක්වන ලද.
ඒ කෙස්ද යත්

අලව්නුවරවාසී භික්ූෂන් වහන්සේ බොහෝ මනුෂ්‍යයන්ට අපට ගෙවල් ඉදි කරන්ට කැති දේව පොරෝ දෙවයි කියා නොයෙක්දේ ඉල්වා ආයාස කරණ සේක. එසේ හෙයින් මනුෂයෝ සංඝයා වහන්සේ දකිනා අභිප්‍රායමදව වාසය කරන්නාහ. එසමයෙහි කාශ්‍යප ස්වාමින් අලව්නුවර සිඟාවැඩිසේක් තමන් වහන්සේත් තමන් වහන්සේගේ මනුෂ්‍යයන් සැඟවුනුහෙයින් උන්වහන්සේ දුකසේ සිඟා වළඳා සර්වඥයන් වහන්සේ වසන්නාවූ අග්ගලාකනම් වෛත්‍යභූමියට ගොස් සර්වඥයන් වහන්සේට දන්වනසේක් ස්වාමිනි ආදී අලව්නුවර සිඟා ගියකල සතරපහස සැපසේ ලැබෙයි දැන් අප දැක මනුෂ්‍යයෝ සැඟවෙති කී සේක. සර්වඥයෝත් ඒ සැඟවෙන්නාවූ කාරණය දැන අලව්නුවර වාසී භික්ෂූන් වහන්සේ කැන්දා තොප හැමවිසින් අලව්නුවර මනුෂ්‍යයන්ට බොහෝ ගැණ සිහිනිකොට නොයෙක්දෙය ඉල්වති යන්නක් ඇසිමි, ඒ සැබැදැයි විචාළ සේක. ඒ භික්ෂූන් වහන්සේ සැබැව ස්වාමිනි දන්වන්නා මහණෙනි ඉල්විම් නම් කවුරුන්ටත් නොකන්කලු දෙයක යටත්පිරිසෙයින් බොහෝ සම්පත් ඇත්තාවුන්ට පවා ඉල්විම් වික්‍ෂේපවේදැයි කියා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජයකරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ එක්තරා බ්‍රහ්මණකුලයක ඉපිද වාසය කරණසේක. බෝධිසත්වයන් වහන්සේගේ මෑනියන් වහන්සේ පසුවත් එක් බ්‍රහ්මණ කෙණෙකුන් වැදූහ. ඉක්බිත්තෙන් බෝධිසත්වයන් වහන්සේගේ මෑනියන් වහන්සේ පසුව කාලක්‍රියා කළහ. බෝධිසත්වයන් හා මලනුවෝ ගිහිගෙයි සම්පත්හැර හිමාලයවනයට ගොස් ගඟක් සමීපයෙහි දෙබෑයෝ ගඟ දෙහිකතියෙහි පන්සල කොටගෙණ වාසය කරන්නාහ. බෝධිසත්වයන්ගේ මලනුවෝ වසන්නාවූ පන්සල සමීපයෙහි ගඟ වසන්නාවූ මණිකණ්ඨ නම් නාග රාජයෙක් ඇත. ඒ තාපසයන්ගේ පන්සල සමිපයේ මනුෂ්‍ය වෙෂයෙන් සක් මන් කොට ඇවිදින්නේය. තාපසයන් දැක තාපසයන් හා පිළිබඳ සිත් ඇතිව කථා කොට යන වෙලේ තාපසයන් නාග වේෂයෙන් සිපගෙණ තාපසයන් ඉස්මත්තේ පෙණය තිබා යම්තම් වේලාවක් සනෙතාෂව නිවාගෙණ පෙරලා දරණවැලය ඇර තාපසයන් වැඳ නාග භවනයට යන්නේය. මෙම නියායෙන් දවස් පතා ඇවිත් යාමෙන් තාපසයන් ඇඟගෑවෙත් ගෑවෙත් භයින් තාපසයෝ වෑරීතාහ. මේ නියායෙන් ඉතා දුර්වලව පඬුවූ ශරීර ඇතිවූහ. එක් දවසක් තාපසයෝ තමන්ගේ බෑයන් වහන්සේ දකින්ට පන්සලට ගියාහ. බෝධිසත්වයෝ මල් තාපසයන් දැක ඇයි තොපගේ ශරීරය මෙලෙස දුර්වලවන්ට කාරණා කින්දැයි විචාළාහ, එවිට බෝධිසත්වයන්ගේ මලනුවෝ කියන්නාහූ මණිකණ්ඨ නම් නාග රාජයෙක් දවස්පතා අවුත් මා සිපගන්නේය. එසේ හෙයින් මා වෑරීනේයයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ ඒ නයා තොප සමීපයට නොඒ නම් සමාධිදැයි විචාළාහ. එවිට බෝධිසත්වයන්ගේ මලනුවෝ එසේ වීනම් යහපතැයි කීහ. ඒ නාගරජ්ජුරුවන් පැලඳගෙණ එන්නේ කුමණ ආභරණදැයි විචාළාහ. තාපසයෝ කියන්නෝ කරපළඳිනා කණ්ඨමාණික්‍යයයි කීහ. එසේ වී නම් ඒ නාගරාජයා තොප සමීපයට ආකල උන් පැලඳගෙණ ආවාවූ කණ්ඨ මාණික්‍යය ඉල්වව, එදා පලාගොස් පසුව දවස් ඒ මලුව සමීපයට ආකල මාණික්‍යය ඉල්වව පසුව දවස් දියෙන් ගොඩනැගෙන කලට මාණික්‍යය ඉල්වව. මේ නියායෙන් ඉල්වන්ට වදිනාකල තෙමේම නොයෙක් කීහ. මේ නියාවට එකියන තාපසයෝත් පළමු දවස් නාගරාජයා ගෙටවදින වෙලාවටම තොපගේ ශ්‍රීවයේ තිබූ කණ්ඨමාණික්‍යය මට දෙවයි කීහ. එවිට නයා ගෙට නොවැදම පලාගියේය. දෙවැනි දවස් මළුවේ කෙළවර සිට ආවේලාවටම මැණික ඉල්වන්නා එතන සිට පලාගියේය. තුන්වෙනි දවස් නයා දියෙන් ගොඩනැගෙණ වේලාවටම තාපසයෝ මැණික ඉල්වූහ. එවිට නයා දියෙන් කිම්ද දිය මධ්‍යයෙන් ඉසඹසවා කියන්නෝ මට අන්නපානාදීවූ බොහෝ ලාභසත්කාර උපදවන්නාවූ කණ්ඨමාණික්‍ය තොපට මම් කෙසේ දෙම්ද එසේ හෙයින් තොපගේ පන්සලට නේනා පමණක් වේදැයි කියා නැවත කියන්නාහූ මාගේ බොහෝ සම්පත් ඇතිදෙය නොසිල්වා නණ්ඨමාණික්‍යය ඉල්වූ හෙයින් තොපලඟට නොඑණපමණෙක් වේදැයි කියා නාගරාජයා දියේ කිම්ද නාගලොවට ගියේය. එතැන් පටන් තාපසයන් සමීපයට නොආවිරූයේය. තාපසයෝත් නයා නොඑන දවස් පටන් පළමුනියාවටත් වඩා සොකිපත්ව දුර්වලව ගියෝය. බෝධිසත්වයෝ මළනුවන් විචාරණ පිණිස ආවාහූ මලනුවන් ඉතා දුර්වල හෙයින් දුර්වල වූයේ කුමක් නිසාදැයි විචාළහ. එවිට තාපසයෝ කියන්නාහූ නයා නොදැකීමෙන් දුර්වලව ගියෙමි කීහ. බෝධිසත්වයෝත් මූ නයාකෙරෙහි මහත් සෙනෙහ ඇත්තාහ. එසේ හෙයින් නයාකෙරේ සෝකයෙන් මළෝනම් නපුරුයි සිතා සෝක අරවන්ට උවමැනවයි සිතා කියන්නාහූ මළ නොයිල්විය යුතුදෙය ඉල්වීමෙන් ඊට සොක උපදවයි කීහ. ඉතකින් සෝක අරවයි කියා තමන් පළමු වසන්නාවූ පන්සලටම ගියාහ. එකියන තාපසයා සෝක අළුයේය. බෝධිසත්වයන්ගේ මළනුවන් හා දෙන්නා පංචසෘධි අෂ්ටසමාපත්ති උපදවා නොපිරිහුනාහූ ධ්‍යානයෙන් බඹලොව ගියාහයි වදාරා මණිකණ්ඨ ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි බෝධිසත්වයන්ගේ මලනුවෝ නම් ආනන්ද ස්ථිවිරයෝය. එසමයෙහි අවවාද කී තාපසයෝ නම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.