මුල් පිටුව

234 සුනඛ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සංසාරසේතුවූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි අඹනම් ස්ථානහෙි පිහිටියාවූ භොජනශාලාවෙක් ඇත. ඊට හෙන්නාවූ පැන්තානයන් විසින් ගෙණවුත් මෙතන බත්කා වැඩෙති කියා එක්තරා බළු කුකුරුවකු ළුහ. එද භික්ෂූන් වහන්සේ විසින් ලබනලද බත්කා වැඩි සථූල කය ඇත්විය. එක්තරා පිටිසර වාසී මනුෂ්‍යයෙක් ඒ සාලාවට අවුත් එතනසිට පැන්නායන්ට යම්තම් රණක් කඩක් දී බල්ලා බළුකඩකින් බැඳලා ඇරගෙණ නික්මිණි.එවිට බළුත් බුරන්නවත් ඇවිටිකමක් කරන්නවත් උනුදුන් ගොදුරු කා උන්ද කම්පස් එකකුමෙන් උන. ඒ පුරෂයාත් බළු මාකෙරේ පුරුදුවියයි සිතා බැම්ම මිදීය. එවිට ඒ සුනඛ වහා අවුත් පළමු තමා සිටිතැනටම ගියේය. මේ කථාව ධම්සභාමණ්ඩපයෙහි භික්ෂූන් වහන්සේ කිය කියා වැඩඋන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන් මතු නොවෙයි පෙරත් සුනඛ සොරකම් දන්නේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේකී.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි එක්තරා කෙළෙඹිපුත්‍රයෙක් වඩන්නාවූ බළුකුක්කෙක් ඇත, ඒ බළු කුකු ඔහු විසින් ලබන ලද්දාවූ බත් කාස්ථූල වූ කය ඇතිවිය. එක් තරා පිටිසර වැසි මනුෂ්‍යයෙක් බල්ලා දැක ඒ කෙළඹි පුත්‍රයාට මසුරන් දහසක් හා කඩක් ද ඒ බල්ලා බැඳගෙණ ගියේය. එවිට ඒ බළුත් බුරන්නක්වත් නොකොට උන්දුන් ගොහුරු කා උන් කම්පස් එකකුමෙන් උන්නේය. ඒ පුරුෂත් බල්ලා ඇරගෙණගොස් වනාන්තරයෙහි බල්ලා කරපටින් බැඳ ඒ පුරුෂ වැදහො නිදනට වන, එවිට බෝධිසත්වයෝත් එතනට කටයුත්තක් නිසා ආවාහූ බල්ලා දැක කියන්නාහූ වරපට සපාකා කඩාපියන්ට පුළුවන්වත් බැමි කඩ ගෙණනොගොස් ඉඳිය. මෙසේ වූ අන්දමන්දෙයෝ ඇද්දැයි කීහ. එබස් ඇසූ සුනඛ කියන්නේ පණ්ඩිතයෙනි තොපකීවාම මාගේ සිතට නගාගතිමි නැත්නම් බැඳගන්නේවේද, එසේ හෙයින් අවසරයක් බලායෙමි කියා ඒ පුරුෂයා නිදාපුකල්හි තෙමේ බැඳුම් කඩාගෙණ තමා වසන තෙනට ගියේයයි වදාරා මේ නිදාපුලක්හි තෙමේ බැඳුම් කඩාගෙණ තමා වසන තෙනට ගියේයයි වදාරා මේ සුනඛ ජාතකය නිමවා වදාළසේකී. එසමයෙහි ඒ සුනඛයා නම් මෙසමයෙහි සුනඛය, ඒ පණ්ඩිතයෝ නම් බුදුවු මම්මයයි තමන්වහන්සේ දක්වා වදාළසේකී.