මුල් පිටුව

223 උපාහන ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සද්ධර්ම චක්‍රවර්තිවූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි දේවදත්ත ස්ථවිරියන් අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්.

එක් දවසක් ධම්සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවරන් වහන්සේ දේවදත්ත ස්ථවිරයෝ ගුරුව සිටිය සර්වඥයන් වහන්සේ කෙරෙහි වැරදි බොහෝ විනාසයට පැමිණියෝ වේදැයි යන කථාව කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාලා එපවත් අසා පළමුත් දේවදත්ත ස්ථවිරයෝ මා හා කැටිව සරිගස්වා බොහෝ විනාශයට පැමිණියෝවේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ හස්ත්‍යාචාරිකුලයෙක උපන් සේක. එසමයෙහි කසීරටින් එක්තරා මාණවකයෙක් බරණැස් නුවරට අවුත් බෝධිසත්වයන් අතින් හස්ති සිල්පය උගත බෝධිසත්වයෝත් හස්තිසිල්පය තමන් දන්නා පරිද්දෙන් ආචාරහාගයක් නොතිබා නිමවම සිල්පදුන්නාහ. එකියන මාණවක තම විසින් සිල්ප නිමවා උගත්නියාව දැන අචාරීන්ට කියන්නේ අචාරීන් වහන්ස මා රජ්ජුරුවන්ට පෑමට තරමක් තබා වදාළ මැනවැයි කීහ. යහපතැයි කියා බෝධිසත්වයෝත් රජ්ජුරුවන් කරාගොස් දේවයන් වසන්ස මාගේ එත් අන්තේවාසිකයෙක් නුඹවහන්සේට සේවය කරන්නෝ කැමතිය. එසේ විසින් ඔහුට තරමක් පදමක් සලස්වා සේවයගන්නේ යහප තැයි කීහ. රජ්ජුරුවෝත් එපවත් අසා එසේවීනම් තොපගේ තරමින් භාගයක් උන්ට සලස්වාලමි. ඒ මානවකයා සේවයකරන්ට කියවයි කීහ. යහපතැයි බෝධිසත්වයෝ එපවත් තමන්ගේ අතවැසියාට කිහ. එබස් අසා අතවැසි කියන්නේ ඇයි මාත් ශාස්ත්‍ර නිමවා උගත්වුව, නුඹවහන්සේගේ තරම් නොබලා භාගලබන්ට කාරණා කිම්දැයි කීහ. එපවත් බෝධිසත්වයෝ රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝත් එසේකළ තොප සරියේ සිල්පශාස්ත්‍ර ඨානාන්තර සරියේ ලැබ ගණිති කීහ. බෝධිසත්වයෝත් එපවත් තමන්ගේ අතවැසියන්ට කීහ. අතවැසි යහපතැයි තර්ක කෙරෙමි කීහ. එබස් රජ්ජුරුවෝ අසාහසව්‍යචාරීන් හා උන්ගේ ශිෂ්‍යයාගේ තර්කයවෙයි නුවර මුළුල්ලට සැලකළාහ. බෝධිසත්වයෝත් මුන් හා තර්කකරන්නට උවමැනවයි සිතා උපායෙක් සලසන්නාහූ ඇතා යන්ට කීවේලේ සිටින්නට හා සිටින්ට කී වේලේ යන්ට හා වදෝන්ට කීවෙලේ නැගීසිටින්ට හා නැගීසිටින්ට කීවෙලේ වදෙන්ට හා යමක් දෙන්ට කිවෙලේ නොදෙන්ට හා නොදෙන්නට කීවෙලේ මිදන්ට හා යනාදී විපරිතග්‍රහ කොට එක්රැයින්ම ඇතා කුකම්පස්කළහ. බෝධිසත්වයෝත් ඇතකු පිට නැගී රාජාගනයට ගියාහ. ශිෂ්‍යයෝත් ඇතුකුපිට නැගී රාජාගනයට ගියේය. බොහෝ දෙනා දෙන්නාගේ වාදබලන්නට එක්වූශ, ඒ හස්ත්‍ය චාරීහූ දෙන්නාත් සමයමව ශිල්ප දක්වන්නට වන්නාහ. එවිට බෝධිසත්වයෝ විපරිත ශිල්ප දක්වන්නට වන්නාහ. එවිට ඒ අතවැස්සවුට ඒ බැරිවිය එවිට බොහෝ මනුෂ්‍යයෝ මේ තෙමේ මේ ආචාරින් වහන්සේ හා මහග තර්ක කරණලදැයි කියා බොහෝ දෙන කැටමුගුරුදමා ඔහු එතනම ජීවිතක්ෂයට පැමිණවූහ. බෝධිසත්වයෝත් ඇතු පිටින් බැස රාජ්ජුරුවන් දැක කියන්නාහූ දේවයන් වහන්ස යම්සේ සුවපිණිස විදියන් වහන් ඇරගන්නාහ, ඒ වනාහී නොවිතර සෙයින්වත් අසමජයවීමෙන් පයසෙල්ලී බොහෝ විනාසයට පැමිණෙන්නේයයි එමෙන් ශාස්ත්‍රයක් සැප පිණිස ඉගෙණ තමා නීච හෙයින් අසපයටපත් පැමිණෙන්නාහ. සත්පුරුෂයෙකු උගත් ශාස්ත්‍රයක් වීනම් යහපතටත් වන්නේවේදැයි කීහ. එබස් රජ්ජුරුවෝ අසා බෝධිසත්වයන්ට බොහෝ තරම් පදම් දුන්නාහයි වදාරා මේ උපාහන ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි අතවැසි නම් දේවදත්ත ස්ථවිරියෝය. හස්ත්‍යචාරීනම් බුදුවූ මම්ම යයි වදාළ සේක