මුල් පිටුව

220 කාමනීය ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
තවද මුළුලොවට රසායන වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසනසේක් කාමනීය නම් බ්‍රහ්මණයා අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වර්ථමාන කථාවත් දසවෙනි නිපාතයෙහි විස්තර වශයෙන් දක්නේය.
මෙහි බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ගේ බෑණාවන බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එපයි කියා ඇරපු රාජ්ජය පෙරලා අවුත් ඇරගෙණ ලොභ වේෂ මෝහ ඇතිව රාජ්ජය කරන්නාහ. ලෝභයෙන් රාජ්ජය කරණ නිසා ශක්‍රදේවේන්ද්ර්‍‍රයෝ දැන මම ගොසින් මේ රජ්ජුරුවන් රවටාපියා අයින්නම් යහපතැයි සිතා බ්‍රාහ්මණාවේෂයෙන් අවුත් කියන්නා දේවයන් වහන්ස බොහෝ ඇත් අස් රථ පාබලසෙනගින් සමුර්ධවූ මුතු මැණික් සංඛසීලාප්‍රවාලාදී අනන්ත රත්නයෙන් සමුර්ධවූ මදසේනාවකින් ජයගත හැක්කාවූ උත්තරපංචාල නුවරය ඉදිපත්නුවරය කෙනෙක්ම් රාජධානිය යන තුන්රයක් දැක නුඹවහන්සේට කියන්ට සිතා ආමි එසේ හෙයින් ප්‍රපංචනොකොට සෙට උදෑසනක්සේ චතුැංගීනි සේනා සමුර්ධිකොට නික්මෙන්ට උවමැනවයි කීහ. රජ්ජුරුවෝත් ඒ අසා සතුටුව උදැසනක්සේ මාකරා එවයි කියා යැවුහ. ශක්‍රදේවේන්ද්‍රයෝත් තමන්ගේ ශක්‍රභවනයට නැගීගියාහ. රජ්ජුරුවෝත් පසුදවස් චතුරංගනීසේනාව සමුර්ධකොට ඊයේ අපට රාජ්ජාය තුණක් දෙම්මැයි කිබ්‍රහ්මන මාණවකයා කොයිදැයි කියා අමාත්‍යයන් අතින් විචාළාහ. අමාත්‍යයෝ කියන්නාහූ අප විසින් උන්ට ගොසින් බුලතක් දෙන්ට සැලැස්සුවේ නැත ස්වාමීනි විසින් සලක්වා වදාළේදැයි වාචාළහ. රජ්ජුරුවෝ මා එසේ කළාදෙයත් නැත. එසේවුවත් එක්තෙනක ඉදිය ගොසින් බලවයි කීහ. යහපතැයි අමාත්‍යයෝත් ඒ ඒ තැනබලා නුදුටුවාහ. රජ්ජුරුවෝත් එසේවීනම් අපගේ කිසි සංග්‍රහයක් නෙකළ විසින් ඉනිබ්බේ රටකට ගියාවනැයි සිතා බොහෝ වික්‍ෂ්පයට පැමිණ මා විසින් බොහෝ ලාභයෙන් පිරිහෙනකල දැයි කලකිරී ඒ නිසාම ලයහුණුව රක්තිප පාත අතීසාරයට පැමිණියාහ. බොහෝ වෙදවරුන් විසින් පිලියම්කරණලදුවත් සහනයක් නුදුටුවාහුය. එපවත් ශක්‍රයෝ දැන මා විසින් එතනට ගොසින් රජ්ජුරුවන්ගේ සෝකයත් අරවලා ලෙඩෙත්සුවකොට රජ්ජුරුවන්ගේ මාලිගාව දොරකඩ සමීපයෙහි සිට වෙඳකම් දන්නා වෙදෙකි රජ්ජුරුවන්ගේ රක්තානිසාරය සුවකරන්නට ආමි කිහ. රජ්ජුරුවෝ එපවත් අසා මහවෙදවරුන් පිළියම් කරණලදුව සුවකොටගත නුහුණු ව්‍යාධිය සුවකරන්නට මුන්ට පිළිවන්ද යම්ලාභයක් කොටපියා යවාපිය වයි කීහ. එපවත් ශක්‍රයෝ අසා මම ලාභයක්තකා ආවෙම්නොවෙමි. රජ්ජුරුවන් වහන්සේගේ ලෙඩ සුවකරණ පිණිස ආමි කීහ. එබස් රජ්ජුරුවෝ අසා එසේවීනම් කැඳවයි කියා තමන් ලඟට ගෙන්වාගත්තාහ. ශක්‍රයෝත් රජ්ජුරුවන් ලඟට අවුත් රජ්ජුරුවන්ට කියන්නාහූ දේවයන් වහන්ස රක්තපිත්ත ඇති සාරය ඇතිවනලක භයින් ශෝකරයෙන් හා ආදීවුදෙයින් ඇතිවන්නේය. නුඹ වහන්සේට ඇතිවූයේ කුමන කාරණයක් මුල්වද ඒ කිවෝත්වේද නිදන් දැන පිළියම් කරන්නේයයි කීහ. එබස් රජ්ජුරුවෝ අසා එම්බල බ්‍රාහ්මණය එක් තරා බ්‍රහ්මණ මාණවකයෙක් මාකරා එලඹ පංචරට හා ඉඳිපත් නුවර හා කෙකයකම් රට හා යන රට තුනක් මට සාදාදෙමිකියා කීය. මමත් ඔවුට කිසි සංග්‍රහයක් නොකෙළමි. ඒ තෙම ඒ නිසා කටයුත්තක් කීමට සංග්‍රහයක් නොකළ සේකැයි සිතා ඔබ්බේ රටකට ගියේවනැයි සිතා මා විසින් අපරීක්ෂා කාරීවිමෙන් මේ නිසා ලාභයකනින් පිරිහි ගියෙමි සිතා උපන්නාවූ සෝකය මුල්කොටගෙණ මේ ව්‍යාධිය ඇතිවීයයි කීහ. එබස් ශ්‍රක්‍රයෝ අසා රජ්ජුරුනි බරණැස් නුවරට හා ප්‍රාර්ථනාකරන්නාවූ නුවර තුන ඇතුළුව රාජ්‍ය සතරකට තොපි රාජ්‍යය කරවානමුත් සතර නුවරින් පිළිසතරක් අදුද සතරනුවරක රාජ්‍යය වාතන සතරකට නැගී යව්ද එසේ නොයන විසින් තමා කෙරේ පැමිණ රාජ්‍යයට ලෝභකිරීමෙන් පැමිණියාවූ ආයාස දුටු සේක්වේද එසේ විසින් නුඹවහන්සේගේ ව්‍යාධියට හා හැර දඹදිව අනික් වෛiයෙක් පිළියම්කළ නොහෙයි කීහ. එවිට රජ්ජුරුවෝ යහපතැයි වෛiයානෙනි තොප විසින් දන්නා යම් උපායකින් මාගේ සෝක සන්හිඳූවා ව්‍යාධි සුවකරවයි කීහ. එවිට ශක්‍රයෝ යහපතැයි කියා රජ්ජුරුවන්ට අවවාද කියන්නාහූ මහරජ්ජුරුවවෙනි යම්සේ ලොභ වේෂ මෝහාදිවූ දෙය නුවනැත්තන් විසින් ප්‍රසංසාකරනු නොලැබෙයි. ඉඳුරාම එයත් අකුසලට භාජනව තිබෙයි කියා නරකාදිවූ දුකට පමුණුවාලවයි කියා නරක දක්වා රජ්ජුරුවන් භයගැන්වූහ. ඉක්බිති රජ්ජුරුවෙනි ඉනිබ්බේ තොප විසින් රාග වේෂ මොහාදී පාපයන් දුරුකොට දශරාජධර්මයෙන් අකොප්‍යව රාජ්‍යයකොට ශක්‍ර සම්පත් අත්පත්කරවයි කිහ. රජ්ජුරුවොත් ශක්‍රයන්ගේ බස් අසා තමන් සිත ලොභය අළඟ එක්‍ෂණයෙහි ව්‍යාධියත් සන්සිඳෙන, ශක්‍රයෝත් තමන්ගේ දිව්‍ය භවනයටම ගියහ. රජ්ජුරුවෝත් දැහැමෙන් සෙමෙන් රාජ්ජය කොට මියපරලොව ගියාහයි වදාරා කාමනීය ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ නම් මෙසමයෙහි කාමනීය බ්‍රාහ්මණයාය, ශක්‍රදේවේන්ද්‍රව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.