මුල් පිටුව

200 අස්සක ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද දීපදෝත්තමවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි පුරාණ දුතිකාවක් අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක් ස්ත්‍රීයක් නිසා උකටලී වූ භික්ෂූ කෙණෙකුන් වහන්සේ දක්වන්නා මහණ තාගේ අභිප්‍රාය මිසක් තා කෙරේ ඇගේ අභිප්‍රාවක් නැත. එසේ වුවත් තෝ ඈ කෙරේ ආලයෙන් පළමුත් බොහෝ දුක්වුයේ නොවේදැයි වදාරා ඒ කෙසේ දැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්.

යටගිය දවස පොතලීනුවර අස්සක නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍යය කරණ සමයෙහි උන්ගේ උබ්බරිනම් බිසෝකෙණෙකුන් ඇත්තාහ. පංච කල්‍යාණයෙන් යුක්ත වූ විසිෂ්ටවූ රූ ඇත්තීය, මනුෂ්‍යරූපය ඉක්ම සිටියාහ, දිව්‍යාගනාවකගේ රූපයට ආසන්නව සිටියහ. මේරු ඇත්තාවූ ආග්‍රමහේසිකා බිසව එක්තරා ව්‍යාධියකින් මළහ. රජ්ජුරුවෝ ඒ බිසව්කෙරේ බොහෝ සෝකයෙන් බිසවුන් දෙනකලා කුණුනොවන්ට තෙල්පුරා වත්කොට තමන් වැදහෝනා යානයටලා නොකා නොබී උන්හ. අමාත්‍යයන් ආදී අය ස්වාමිනි සවසංස්කාරයම අනිත්‍යයහ එසේ හෙයින් වික්‍ෂෙප නොවුවමැනවැයි කීවත් රජ්ජුරුවෝ තමන්ගේ වික්‍ෂේපය ඇරගත ලියනොහි සත්දවසක් නොකා නොබි දවස් අරින්නට වන්නාහ. එසමයෙහි පුරාණලද බෝධි සම්භාර ඇති අප මහා බෝසතානෝ හිමාලය වනයෙහි පැවිදිව ධ්‍යන ක්‍රීඩාවෙන් දවස් අරණ සේක් එක් දවසක් ලෝකය දිවසින් බලා වදාරණසේක් අස්සකනම් රජ්ජුරුවන්ගේ දුක්ඛය බලා මම ගොසින් උන්ගේ දුක්ඛය හරින්ට උවමැනවයි සිතා ආකාශයෙන් ඒ නුවරට අවුත් ඒ රජ්ජුරුවන්ගේ මගුල්උයනේ සල්වට මත්තේ රන්පිල්මයක්සේ වැඩඋන්සේක. එතනට එක් බ්‍රාහ්මණ මානවකයෙක් ආය, එවිට තාපසයෝ කියන්නෝ තොපගේ රජ්ජුරුවෝ දශරාජධර්මයෙන් රාජ්ජ්‍යය කෙරෙද්දැයි විචාළහ. එවිට බ්‍රාහ්මණ මානවකයා කියන්නේ ස්වාමිනි ඉන් අඩුවෙක් නැත. උන්වහන්සේගේ අග්‍රමහේසිකා බිසවුන් වහන්සේ නැසීගියසේක. එසේ හෙයින් සෝකතුරසේක. නුඹ වහන්සේ වැනි ස්වාමින් විසින් ඒ සෝකය හළ මැනවයි කීය. එබස් තාපසයෝ අසා ඒ කියන රජ්ජුරුවන් අපි නාඳුනම්හ. අඳූනමෝනම් එකියන බිසවුන්ගේ උත්පත්තියත් කියා බිසවුනුත් පා සෝක තුනිකරන්නෝමෝ වේදැයි කීහ. එබස් බ්‍රහ්මණ මානවකයා අසා රජ්ජුරුවන් වහන්සේ කැන්දාගෙණ එමි. නුඹවහන්සේ මෙතන වැඩඋනමැනවැයි කියා රජ්ජුරුවන් කරා ගොස් එපවත් කීහ. රජ්ජුරුවෝ දිවැස් ඇති තාපසකෙණෙකුන් ආ නියාව අසා ඒ තාපසයෝ මාගේ බිසවුන්ගේ උත්පත්තිය දනිති. එසේ හෙයින් උන්කරා සිතා අමාත්‍යයමණ්ඩලය පිරිවරා උයනට ගොස් තාපසයන් දැක, තාපසයන් වහන්සේ මාගේ බිසවුන්ගේ උත්පත්තිය දන්නාසේක්දැයි විචාළය. එසේය මහරජ දනිමි කියන්නා එසේවීනම් උපන්ස්ථානය කියමැනවැයි කියන්නා මහරජ ගොමපැණිව උපන්නාහයි කිහ. එවිට රජ්ජුරුවෝ මේ නිසා රූපශ්‍රීයක් ඇති තැනැත්තෝ ගොමපැණිව උපද්දිද ඒ අදහාගත නොගනිමියි කීහ. එසේ වීනම් රජ්ජුරුවෙනි උන් මෙතනට ගෙන්වා පාම්දැයි කීහ. යහපත ස්වාමිනි කීහ. එවිට තාපසයෝ ගොමපැණියා හා උන්ගේ වල්ලභ ගොම පණුවා හා දෙදෙනා ගොමඋන්ඩි දෙකත් පෙරලා පෙරලා එත්වයි අධිෂ්ඨාන කළහ. එම නියායෙන් ගොමපණුවා ඉදිරිකොටලා ගොමපැණි ගොමඋණ්ඩයක් පෙරලා පෙරලා එතනට ආවාය. එවිට තාපසයෝ එන්නාවූ ගොමපැණිනම් උබ්බරිනම් බිසවයයි කීහ. එවිට තාපසයෝ කියන්නාහූ මහරජ්ජුරුවෙනි මුන් විසින් පූර්වජාතියෙහි තමන්ගේ රූපමදයෙන් මත්ව කිසි පිනක්කරන්ට නුවූය. එසේ හෙයින් මෙසේ උපන්නාහ. මුන්ලවා කථාකරන්දැයි කීහ. එබස් අසා යහපතැයි කී විසින් උබ්බරිනම් බිසවුන් ලවා උබ්බරිනි තොපගේ ජාති ග්‍රොත්‍ර කියව තොපගේ රජ්ජුරුවන්ට ප්‍රිය ඇද්දැයි විචාළහ. එවිට හොම පැමිණියා තාපසයන් වහන්ස රජ්ජුරුවන් වහන්සේ හා මා හා ආදී මේ උiානයෙහි බොහෝ කෙළි කෙළපියව වාසයකරණ ලද දැන් ජාතියෙන් වෙන්වූ හෙයින් රජ්ජුරුවන් හා මා හා කුමන විශ්වාසදැයි කිව, එබස් අසා රජ්ජුරුවෝ බිසවුන් කෙරේ තෘෂ්ණාව ඇර රජ්ජුරුවෝ මිනිය ගෙන් පිටත්කරවා ඉස්සෝධා නාහා සෝක තුනීකොට තාපසයන් කී අවවාද නියාවට දැහැමෙන් සෙමෙන් රාජ්ජ්‍යය කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියහයි වදාරා අස්සක ජාතකය නිමවා වදාළසේකී. එසමයෙහි අස්සක රජ්ජුරුවෝ නම් මේ කියන ශාසනයෙහි උකටලීවූ භික්ෂූහුය, උබ්බරිබිසව නම් මේ උකටලී කළාවූ ස්ත්‍රීහුය.

එසමයෙහි මේ කාරණය තපසයන්ට කී බ්‍රාහ්මණ මානවකයා නම් ශාරිපුත්‍ර ස්ථවිරය, තාපසව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේකී.