මුල් පිටුව

192 ගෘහපති ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද කරුණාවට වාසස්ථාන වූ සර්වඥයන් වහන්සේ උකටලීවූ භික්ෂූවක් දැක්වූ කල්හි මහණ ස්ත්‍රීන් කෙරේ පිළිබඳවීම යහපත් නොවෙයි පෙරත් ස්ත්‍රීන් කෙරේ පිළිබඳව දුක්වූයේ නොවේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාල සේක.

ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ පිටිසර ගමෙක ගොවිව උපන් සේක. ගම්මුදලියා බෝධිසත්වයන්ගේ භාර්යාව කෙරේ පිළිබඳව දවස් අරණේය. බෝධිසත්වයෝ ඒ සංකාව දැන අල්වන්ට උත්සහ කරන්නාහ. එසමයෙහි සිතනා කාලය පැමිණ බොහෝ ගොවි තමන් බිජුවට වපුළාහ වසුට බත්සායව කටුසර කා දවසරිනාහු ගොයම්බඩ අවදියෙහි ගොවින් එක්ව ගම්මුදලින් කරා ගොස් කියන්නාහූ ගම්මුදලිනි දෙමසක් විතර ගියකල ගොයම්දා මඩුම්හ, ඒ දා මැඩිකල නුඹ වහන්සේට වී දෙම්හ. දැන් අපට කන්න මාළු ගොනෙකු දෙන්ට උවමැනවයි කියා ඇරගෙණ මරා කාපුහ. එවිට කීප දවසක් ගම්මුදියා බෝධි සත්වයන් ගෙයින් ගිය නියාව දැන ගෙට අවුත් වැද ඉන්නා වෙලාවට බෝධි සත්වයන් ගොසින් ගිය නියාව දැන ගෙට අවුත් වැද ඉන්නා වෙලාවට බෝධිසත්වයෝත් පෙරලා ගෙට එන්නට වන්නාහ. බෝධිසත්වයන්ගේ භාර්යාවත් ඒ දැක ගැලවී යන උපායක් නොදැක ගම්මුදලියාට කියන්නාහූ නුඹ වහන්සේගේ මධ්‍යයේ සිට වී දෙවයි කිය මැනව, මම අටුයේ සිට වී නැතැයි කියම් කියා සිටි වෙලාවට බෝධිසත්වයෝ ගෙට අවුත් දෙන්නාගේ කාරණා දැක කියන්නාහූ මේ මා වංචාකරණ ප්‍රයෝගයකැයි සිතා බෝධිසත්වයෝ ඇයි ගම්මුදලියා තොප විසින් ගොණා දුන්නේ දෙමසකින් වී දෙන්ටවුව, දෙපෝයකුත් නොගිසින් ඉන්දදී දැන් කුමන විද ඉල්ලන්නේයයි කියකියා තීත් කෙටුවේ වී නැති නියාව දැන දැන තොප කියන්නේ කුමන වියක්දැයි කියා ඇයි ගම්මුදලිනි තොප ගම්මුදලිකම් කරමැයි කියා අනුන්ගේ භාර්යාව හා කථා කරන්නට කාරණ කිම්දැයි ඉසකේ පත අල්වා හෙළා යහපත් කොට ඇන පිටිකරතලා බොටුව අල්වා දමාපිහ. ඒ ස්ත්‍රියද කොටුවෙන් බාගෙණ ඇගේ ඉසකේ පත අල්වා බිම හෙළාගෙණ ඇණ මරා තලා ඉනිබ්බේ මෙසේ වූ වැරැද්දක් නොකර වයි කියා භය ගැන්වූහ. එවක් පටන් ගම්මුදලියා ඒ ගේ දිසාව බලන්නාක් නොකළේය. ස්ත්‍රීන් එසේ වූ අතිරහස විත්තතයෙක් නොසිතූහයි වදාරා මේ ගෘහ පති ජාතකය නිමවා වදාළසේක,

එසමයෙහි ගෙවිව උපන්නෙම් බුදුවූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළසේක.