මුල් පිටුව

189 මණිචොර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ත්‍රිභූවන තිලකාකාරවූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්තවිරයන් වහන්සේ බුදුන්ට පැමිණි වදයක් අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්

එක් දවසක් දම් සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ විසින් දේවදත්ත ස්ථවිරියෝ මට වධයොදා උත්සාහ කළ පමණක් මිසක් කින්චිමාත්‍රාවකුත් කොටගත නුහුනුවාහයි යන මේ කථාව කිය කියා උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන්මතු නොවෙයි පෙරත් දේවදත්ත ස්ථවිරියෝ මට වධයොදා කින්චිමාත්‍රාවකුත් කොටගත නොහැක්කේ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ පිටිසර ගමක ඉපිද බරණැස් නුවරින් කුලස්ත්‍රියක පිසවාගෙණ කන්ට සලස්වාගත්සේක. එකියන ස්ත්‍රි විසිෂටවූ රූ ඇත්තීය. පඤචකල්‍යාණයෙන් යුක්තය. දිව්‍ය ස්ත්‍රියක් හා සමානය කින්නරාංගනාවන්ගේ සොභාධරන්නීය බැලුවන් ප්‍රසාධවන්නීය. ස්වාමිපුත්‍රයාට පතිවෘතා ධර්මය රකින්නේය. ස්වාමිපුත්‍රයාගේ දෙමව්පියන්ට වත් පිළිවෙත් කරන්නීය. එසේ හෙයින් ස්වාමිපුත්‍රයත් ප්‍රියව දවස් අරනේය. එකියන ස්ත්‍රීනම් සුජාතා නම් වන්නීය. එකියන සුජාතා නම් ස්ත්‍රි තමාගේ ස්වාමීපුත්‍රයාට කියන්නී මාගේ දෙමව්පියන් දක්නා නියායෙන් බරණැස් නුවරට යන්ට උවමැනවැයි කිවුය. බෝධිසත්වයෝත් යහපතැයි කියා ගිවිස දෙමව්පියන් දකින්ට නිසි කැවුම් ආදී දෙය පිසවාගෙණ බෝධිසත්වයෝ රථය ඉදිරියේ පදිනාහුය, බෝධි සත්වයන්ගේ භාර්යාව වූ සුජාතාවෝ විසිතුරුව සැරහී යහපත් මනාවූ වස්ත්‍රයක් හැඳ රථයේ උන්නාහ, මේ නියායෙන් නුවරට වැද නුවර මධ්‍යයෙන් රථය පැද යන්නාහ. ඒ වෙලාවට බරණැස් රජ්ජුරුවෝ මහත් වූ පෙළහරින් ඇත් කඳට පැනනැගී නුවර ප්‍රදක්ෂිණා කොට යන්නාහුය. ඒ වෙලාවට බෝධිසත්වයන්ගේ බිසවුන් රථයෙන් බැස හංසලීලායෙන් රථය පසුපස්සේ ගමන් කරන්නට වන්නාහ, රජ්ජුරුවෝ ඒ විසිතුරු රූපශ්‍රිය දැක පිළිබඳ සිත් ඇතිව අමාත්‍යයෙකු ලඟට කැඳවා කියන්නාහු තෙලයන්නාවූ ස්ත්‍රිය අස්සවාමිකද සස්සාමිකදැයි විචරා එවයි කියා අමාත්‍යයා යවුය. ඒ අමාත්‍යයා ඒ ස්ත්‍රිය අතින් විචාරා ගෙණ ගොස් රජ්ජුරුවන්ට කියන්නනේ දෙවයෙනි රථයේ ඉන්නා පුරුෂයා තෙල ස්ත්‍රියගේ පුරුෂයායයි කීහ. එබස් රජ්ජුරුවවෝ අසා පිළිබඳ සිත් ඇරගත නොයෙන්නාහූ යම්සේ මේ පුරුෂයා උපායකින් නසාවුවත් මෑ ඇරගත මැනවයි සිතා එතන සිටි අමාත්‍යයකුට කියන්නාහූ තෝ චූඩා මාණික්‍යය ඇරගෙණ ගොස් අර පදිනා රථයෙහි ලා එවයි කියා යවුය. පුරුෂයාත් එලෙසම කොට රජ්ජුරුවන්ට එපවත් කියා රජ්ජුරුවෝත් එපවත් අසා මාගේ චුඩාමානික්‍යය අපවත්ව ගියේයයයි අමාත්‍යයන් ට ඇසෙන සැටියේ කීහ. අමාත්‍යයෝ ඒ අසා ඒ ඒ වාසල් රැකවල්ලවා නුවර මුළුල්ල ඇලලී ඒ ඒ තැන දිවපනින්ට වන්නාහ, ඒ වෙලාවට මැණික රථයේ ලු පුරුෂතෙමෙත් මිනිස් මොත්තමක් ඇරගෙණ පුරුෂයාගේ රථය බලන්ට උවමැනැවයි කියා රථයේ තුබූ මැණික ඇරගෙණ මේ පුරුෂයා සොරායයි කියා මරාතලා පිටි තොලහයා බැඳ ගෙණගොස් ස්වාමිනි මෙවෙද මැණික් සොරායයි කිහ. එවිට රජ්ජුරුවෝත් නොවිචාරාම ඉස කපාපිය වයි කීහ. එපවත් ඇසු රාජපුරුෂයෝ බෝධිසත්වයන් කෝපයෙන් කෝපයට ගෙන ගොස් දහස්ගණන් ගෙඩිගසා දකුණුවාසල් දොරකඩින් ඇරගෙණ ගොස් බෝධිසත්වයන් උඩුබල්ව වැදහොවා ඉසකපන්ට වන්නාහ, ඒ දුටු බෝධිසත්වයන්ගේ භාර්යාවෝ පසු පස්සේ අඬාගෙණ ගොස් බෝධිසත්වයන්ගේ ඉස කපන්ට ඔසවාගත් පොරව දැක කියන්නාහූ අනේ ස්වාමිනි මා නිසා නුඹ වහන්සේට මෙබඳූ දුකෙක් පැමිණියේවේද නුඹ වහන්සේ වැනිවූ නිරපරාධීන්ටත් මෙවැනි පාටොව සැලසෙන්නටවත් මම ඒකාන්තයෙන් නුඹ වහන්සේට පතිවෘතා ධර්මය රැක්කේ නම් යම්සේ මෙලෝ රක්නා දේවතා කෙණෙක් ඇත්නම් ලෝකනිර්මාණ කළාවූ බ්‍රහ්මයා මේ සක්වල ඇත්නම් රජ්ජුරුවන් කරන්නාවූ නොකට යුත්ත වලක්වා ගණුවයි දේවතා කෙණෙකුන් නැති හෙයින් වෙද නොවැලකුනේ වේදැයි සිතහ. එවිට පතිවෘතවූ සුජාතාවන් සිතු සිතිවිල්ලෙන් ශක්‍රයාගේ පාන්ඩුකම්බල ශෛලාසනය උණුවිය. එවිට සක්‍රයෝ දහසක් නුවනැසින් මාගේ ශක්‍රසම්පත් උදුරාගන්නා කෙණෙක් ඇද්දෝ හෝයි සිතා බැලූහ. ශක්‍රදේ වේන්ද්‍රයෝ මේ කාරණය දැක මා එතනට යායුතුයයි සිතා අප්‍රසිද්ධ වේශයෙන් එතනට අවුත් දන්ගෙඩියට පැමිණ බෝධිසත්වයන් සර්වාලංකාරයෙන් සරහා ඇතුපිට වඩා හිඳුවා ඇතු පිටි උන් රජ්ජුරුවන් ක්‍ෂණයකින් දන්ගෙඩියේ වැදහෙවා බෝධිසත්වයන්ට ඔසවා ගත්තාවූ පොරව රජ්ජුරුවන්ගේ ඉස කපා වෙන්කළ පසු බරණැස් රජ්ජුරුවනැයි දන්හ.

ශක්‍රයෝ තමන්ගේ ශක්‍රානුභාවයෙන් ආකාශයෙහි සිටියාහ. බ්‍රහමණ ග්‍රහපති ආදීවු බොහෝ මනුෂ්‍යයෝ ශක්‍රයන් විසින් අසත්පුරුෂ රජ්ජුරුවන් මරා ධර්මිෂ්ට රජ්ජුරුකෙණෙකුන් අපට සලස්වන ලදැයි සතුටු වූහ. ශක්‍රයෝ අකාශයෙහි සිට ඒ පුරුෂයාට ඔටුනුපලඳවා සුජාතාවන්ට අග්‍රමහෙසිකා පට බන්දා ශක්‍රයෝ කියන්නාහූ අසත්පුරුෂ රජ්ජුරුවන් රාජ්‍යය කරණ සමයෙහි නොකල වැසි වසින්නේය කලට වැසි නොවසින්නේය දුර්භික්ෂ භය චොර භව ආදීවූ භය උපදිනේය. එසේ වූ රජ දරුවෝ ඉන්නදා අයස හා අප කිර්ති අසන්නාහ, මළකලත් සතර අපායේ දුකිවිදිනාහයි කියා ශක්‍රදේවෙන්ද්‍රයෝ දිව්‍යලෝකයට ගියෝය. බෝධිසත්වයෝ දැහැමෙන් සෙමෙන් රාජ්‍යයකොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා මේ මණිචෝර ජාතකය නිමවා වදාළසේක.