මුල් පිටුව

188 චුල්ල පදුම ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ත්‍රිභුවන ප්‍රදීප වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසන සමයෙහි ස්ත්‍රීන් කෙරේ පිළිබඳ සිත් ඇති භික්ෂූන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද මෙහි වර්ථමාන කථාව උම්මදත්ත ජාතකයෙහි විස්තර වශයෙන් බස්නේය. මෙහි වනාහි සර්වඥයන් වහන්සේ භික්ෂූන්ට ස්ත්‍රීන් කෙරෙහි පිළිබඳ සිත් ඇතිව උරයපලා ලේ බොන්ට දුන්නේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ඒ රජ්ජුරුවන්ගේ අග්‍ර මහේසිකා බිසවුන් බඩ පිළිසිඳ දසඑකඩමසකින් උපන් කුමාරයාට නම් තබන්නාහූ පදුම කුමාරයෝයයි නම් තුබූහ. ඒ කුමාරයන්ට ඉක්බිති රාජ කුමාරයෝ සදෙනෙක් උපන්නාහූ මේ නියායෙන් රාජකුමාරවරුන් සත්දෙන වැඩිවිය පැමිණ ගේ දොර රැක පියානන් වහන්සේට ඉතා ලෙන්ගතුව වාසය කොට රාජ සේවය කරන්නාහ. එක් දවසක් රජ්ජුරුවෝ සිව්මැදුරු කවුළුවෙන් විථිය බලන්නාහූ පුතුන් සත්බෑයන් මහත් වූ සේනා සමෘද්ධියෙන් රාජසේවයට එන්නාවුන් දැක රජ්ජුරුවෝ සිතන්නාහු මේ දරුවෝ සත්දෙන මාගේ රාජ්ජය උදුරාගනිතියි සිතා පුතුන් සත්බෑයන් තමන් කැඳවා කියන්නාහූ දරුවෙනි තොපකෙරේ සැක ඇත්තෙමි එසේ හෙයින් මගේ නුවර නොයිද ඉයළූ යම් අතෙක පලාගොස් මාගේ අයාමෙන් අවුත් තොපගේ කුලසන්තක වස්තුව හා රාජ්‍යය හිමිකරගනුවයි කීහ. එවිට සත්බෑයයෝ පියානන් වහන්සේගෙන් වියෝවන සෝකයෙන් අඬා වැලප රජ්ජුරුවන්ගේ ආඥාව ඉක්මගත නොහෙන්නාවූ තමන්ගේ භාර්යාවවූ බිසෝවරු සත්දෙනාම අත අල්වා නික්මුනාහ. නික්ම ක්‍රමයෙන් ගොස් මහත් වූ වාළුකා කාන්තාරයකට පැමිණ ඒ කාන්තාරයේ ඇවිදින්නාහූ කණ බොණ දෙයක් නැතිව සාපිපාසයෙන් පීඩිත වූවාහු අඹුවන් කෙරේ තෘෂ්ණාව හැර පළමු දවස් බල මලනුවන්ගේ අඹුව මරා මස් බෙදා කෑහ. බෝධිසත්වයෝ තමන් ලත් දෙකොටසින් කොටසක් දෙන්නා බෙදා කා මේ නියායෙන් මළුන් සයදෙනාගේ බිරිඳන්ගේ මස් කා සත්වෙනි දවස් බෝධිසත්වයන්ගේ භාර්යාවන් මරන්නට වන්නාහ. එවිට බෝධිසත්වයෝ මරන්නනේ ඇයිද අද දවස කන්ට මස්දෙමි කීයා පළමුතිබූ මස් කොටස් දී මේ මස් කොටස් අදටකව සෙට දවසට පුළුවන්වේදැයි අස්වසා රෑ මළුන් සදෙනා නිදන්නට වන් වෙලේ මේවිට මාගේ භාර්යාව ගලවාගනිමි සිතා භාර්යාව අතඅල්වා ගෙණ නික්මුණහ. ඒ කියන ස්ත්‍රියත් යානොහෙමි කිහෙයින් කරඉඳූවාගෙණ නික්මුණාහ. මේ නියායෙන් රාත්‍රිය මුළුල්ලේ ගමන් කොට උදෑසන නික්මෙන්ට වන් වේලාවට ඉරුරස්මී ශරීරයේ වැදගෙණ පැන්පිපාස අධිකව පැන්බොමි කියන්නා මෙතන පැන් කොයින්දැයි කීවත් පැන්බොමි කියා තත්පරහෙයින් දකුණු උරපලා ඉන් වෑ හෙන්නා වූ ලේධාරා බොවයි සලස්වා ඒ නියායෙන් ලේ බී සන්තර්පිත වූ බිසවුන් ඇරගෙන ගඟක් සමීපයට පැමිණ ඒ ගඟින් පැන් බී නා සන්තර්පිතව වනයට වැද පන්සලක් කොටගෙණ පලාළුලකා පැවිදිව දවස් අරණාහ. එසමයෙහි ඒ ගන්තෙර ඉස නුවරෙක රජ්ජුරු කෙණෙක් රාජ්‍යය කරන්නාහ. ඒ රජ්ජුරුවන්ට රාජද්‍රෝහකළ එක් සොරකු අත පය කන් නාසා කපා ඔරුවක් පිටලා යටිහන් බලා අලහ. ඒ කොටාදීයේදී මුරගාගණ යන්නේ බෝධිසත්වයන් වසන්නා වූ පන්සල සමීපයට පැමිණියේය. බෝධිසත්වයෝත් මොරගාගෙණ දියෙහි යන්නාවූන් දැක ඔහු කෙරේ කරුණාවෙන් ඔහුකරා අවුත් දියෙන් ගොඩලා පන්සලට ගෙණගොස් මැස්සක් බැඳ එහි ඔහුලා අත පය ආදීවූ දෙය කසට පැනින් සෝධා බෙහෙත් කරන්නාහ. බෝධිසත්වයන්ගේ බිසව මේ කොටා ගෙණායේ කුමටදැයි බෝධිසත්වයන්ට දොඩා කොටාකරේ පිළිකුල්ව දශවිටම කෙලගසා දමා ඉඳිනාහ. එසේද මංහිදිත් බෝධිසත්වයෝ කළමනා පිළියමින් අඩුවක් නොකොට නොබෝදවසකින්ම වනය සුවකළහ. වන ගුණකොට ඒ කොටා හා බිසවුන් පන්සල සතප්පවා බෝධිසත්වයෝ පලා පඵ කඩා ගෙණවිත් දෙන්නාම රක්නාහ. මේ නියායෙන් කල්යාමක් යත්, කොටාකෙරේ බිසවුන් බිළිබඳ සිත් ඇතිව ලොකස්වාද රතියෙන් යෙදී දවස් අරන්නාහු බෝධිසත්වයන් කෙරේ පිළිබඳ සිත් මදව බෝධිසත්වයන් මරන්ට උත්සාහ සිතා එක් දවසක් බෝධිසත්වයන් ආ වෙලාවට සොර ලෙඩක්ගෙණ වකුටු ගසාගෙණ නිදා කියන්නාහූ ස්වාමිනි නුඹවහන්සේ හං වැලිකතර එමින් සිට මේ පර්වතය දැක සැපසේ අපි වාසය කරමෝනම් පිදේනි යක් පුදමි කියා ආරාධනා කෙළෙමි. ඒ දෙවතාවා රෑ සිනෙන් පෙනි බොහෝ භයගන්වයි එසේ හෙයින් ඒ දෙවතාවාට බලි පූජාවක් කළොත් යහපතැයි කීහ. එබස් බෝධිසත්වයෝ අසා සැබෑදෙයෙකැයි සිතා ඒ නියාවට පිදේනී සෂයාගෙණ බිසවුන් සමග පර්වතයට නැංඟාහ. එවිට බිසවුන් කියන්නාහු ස්වාමීනි මේ දෙවතාවන් වහන්සේ එසේ මෙසේ දේවතාන කෙණෙකුන් වහන්සේ නෙවෙයි. එසේ හෙයින් නුඹවහන්සේ පළමුකොට වනමලින් පූජාකොට තුන්විටක් ප්‍රදක්ෂිණා කොට වැඳසිට ආරාධනා කොට ඉක්බිති බත් පූජා කෙරම්හයි කියා ඒ නියාවට බෝධිසත්වයෝ යහපතැයි ගිවිස වනමල් පුදා තුන්විටෙක ප්‍රදක්ෂිණා කොට සෙල සමීපයට ආකල ඕ තොමෝ බෝධිසත්වයන් පස්සෙහි සිට බෝධිසත්වයන්ගේ අවසර බලා පිටිකරගසා බෝධිසත්වයන් සෙලින් පහත හෙළුය. බෝධි සත්වයෝ වැයෙන්නහුම් කටුනැත්තාවූ කැලයෙන් ගැවසීගත්තාවූ මගදිඹුල් ගසෙක වැටුනාහ,

බෝධිසත්වයෝ දිඹුල් ගස මහත්හෙයින් බසින්ට බැරිව දිඹුල් කා ඒ ගසේම උන්නාහ. එසමයෙහි මහත් වූ ශරීරයක් ඇති ගොයෙක් බෝධිසත්වයන් උන් සමීපයට අවුත් දිඹුල් කන්නේය. බෝධිසත්වයන් දැක භයින් පලාගොසින් දෙවැනි දවස සැඟවි ගොදුරු කා පසුව සැක ඇරී බෝධිසත්වයන් හා පුරුදුව කියන්නෝ සත්දවස එකතැන කොයිත් නොගොසින් ගසම් ඉන්නේ කුමක් නිසාදැයි විචාරන්නා තමන් ප්‍රවෘත්ති කියාගෙන ගොයානන් විසින් තොපි නොබසයි අස්වසා ගසට නැගී මාපිට හිඳූවයි සලස්වා ගසින් බිමට බස්වා බිම සිටුවා වලට යන්නාහ. බෝධිසත්වයොත් මග ශස්සේ ගොසින් එක් පියවර ගමකට පැමිණ ඒ ගම වාසයකරන්නාහූ පියානන් වහන්සේ මළපවත් අසා රාජ්‍යයට අවුත් රාජ්‍යයට පැමිණ දවස සලක්ෂයක් වස්තු වියදන් කොට දන්හල් කරවා දන්දි දැහැමින් සෙමින් රාජ්‍යය කරන්නාහ. එසමයෙහි බිසව හා කොටාත් පිටිසර අවුත් කොටු ඉසබාතගාගෙණ සිඟාකන්නාහ. බොහොදෙනා බිසවුන් දැක මූ නුඹට කුමක් වේදැයි විචාළකල මාගේ නැදිමයිල් සරණහෙයින් පාවාදී බාලදාපටන් ප්‍රියකරු ස්වාමි පුත්‍රයාය. එසේ හෙයින් මුන් දුකට පැමිණයත් අත්හරින්නේ කෙසේදැයි අත් නොහැර ඇවිදිමි කියන්නාහු එබස් ඇසු බොහොදෙනා මුන් කියන්නේ ඇත්තකයැයි සිතා උන්ට කැඳබත් ආදිවුදෙය බොහො කොට දුන්නාහ. එකියන බිසවු දුටු බොහෝ මනුශ්‍යයෝ තොප මෙසේ දුක් විඳින්නේ ඇයිද මහපදුම රජ්ජුරුවන් වහන්සේ දන්හල්කරවා බොහෝ යාචයන්ට දන්දෙන්නාහ. උන්වහන්සේගේ දන්හලට ගොස් දන් කා දවසරුවයි කීහ. එබස් අසායහපතැයි ගිවිස බරණැස් නුවරට අවුත් දන්හල් දක්නට වන්නාහ. බෝධිසත්වයෝත් එක්දවසක් දන්හල් බලා ගොස් කීපදෙනකුට තමන් අතින් දන් දී සෙස්සන්ට මෙලෙසම දන්දෙවයි කියා ඇතුපිට නැගී නික්මුණාහ. බිසව් කොටා ඉසතබාගෙණ දන් කා යන්නාවුන් හා කැටිව නික්මුණාහ. රජ්ජුරුවෝ බිසවුන් හා කොටු දැක ඇදිනගෙණ ලඟට ගෙන්වා කොටු බිමබා තමා තොප කවුරුන්දැයි විචාළහ. බිසෝ සැකනැතිව කියන්නාහූ මාගේ නැදිමයිල් සරණ සමනයයි කීහ. එබස් රජ්ජුරුවෝ අසා ඇත්තමදැයි විචාරන්නා එසේය නිර්භීතව කී හෙයින් බොහො දෙනා ඊට සතුටු වූහ. රජ්ජුරුවෝ කියන්නාහු තොපගේ පියානන් අසවල් රජ්ජුරුවන්වූව, තොපගේ මෑනියන් අසවල් වුව. තෙපි අසවල් රාජකුමාරිකාව, තොපි පිස කැවු මගාපදුම කුමාරයානන් මම වුව, මෙසේ වූ කොට තොපට කෙසේ නැදිමයිල් සරණ සමණයෝද. ඇයි තෙපි මා මැලැයි සිතා නලලත් තිබාගෙණ අවුදැයි කියා අමාත්‍යයන්ට කියන්නාහූ අමාත්‍යයෙනි මා විසින් තොප ඇමට කියන ලද්දේ පළමුවෙන් නෙවේද අප සත්බෑයන් වැලිකතර පැමිණ නියාවත් සබෑයන් උනුගෙන් අඹුදරුවන් මරා මස් කෑදීම මුන් ගලවාගෙණ උරය පලා ලේ දී පැන් පිපාස නිවා මුන් සතප්පවූ නියාවත් කොටා දියෙහි අත්පා කපා දමාපු ගමනේ මුරාගෙණ යන තැනැත්තහු මා විසින් ගොඩලාගෙන දැක බේත් කොට රැකී නියාවත් මේ බිසවුන් කොටාකෙරේ සිත් බැඳි පර්වතයෙන් මා එළු නියාවත් මා දිඹුල්ගසට වැටී ගොයානන් විසින් බිමට බා අවුත් රාජජයට පැමිණ නියාවත් යන සියල්ලම තොපි ඇමට මා විසින් පළමු කියන ලද්දේ වේද ඒ කියන බිසව නම් මෙබිසවය. එකියන කොටානම් මේ කොටාය. ඒ ගලින් එළු පදුම කුමාරයයෝ නම් මම්මය. එසේ හෙයින් මළ මිනියක් හා සමාන කොටාත් පොළු මුගුරු බා තලා සුනුවිසුනු කොට පියව මෑත් කන්නාසා කපාපියවයි කෝපයෙන් කියා නැවත කෝප සන්සිඳි යාපත් පැසක කොටලා බිසවුන්ගේ ඉස හා එක්ව අයා බන්දා මේ නුවර ඉන්දනොදි පිටිනුවර ලවවයි යවුහයි වදාරා මේ චුල්ල පදුම ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි මල්ලු සත්දෙනා නම් බුද්ධවල්ලභ වූ මහතෙරවරුය. බිසව නම් චිංචිමානවිකාය, කොටා නම් දේවදත්ත ස්ථවිරයෝය. ගොයානම් ආනන්ද ස්ථිවිරියෝය. පදුම කුමාරව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේක.