මුල් පිටුව

494 හත්ථිපාල ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

සුගතයන් වහන්සේ ශ්‍රාවස්තී පුර සමීපයෙහි වූ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්. තමන් වහන්සේගේ මහාභිණිෂ්ක්‍රමයක් අරභයා වදාළ සේක.

නිධාන කථාව දිනක් දම්සභා මණ්ඩපයෙහි මේ ගැන උපන් කථාවක් අරභයා දෙසිතය.

යටගිය දවස බරණැස් නුවර දසරාජ ධර්මයෙන් රාජ්‍යය කළ එකායුරී නම් රජ කෙනෙක් වැලි කෙළියෙහි පටන් තමන් හා මිත්‍ර වූ පුරෝහිත බමුණා සමඟ එක්වම වසන්නේය. දෙදෙනාටම දරුවන් නැත. දිනක් පිළිසඳර කථාවෙහි යෙදී උන්නාහු පුරෝහිතයා රජ සැපතෙහි ඇළුණු අපට දරුවෙක් නැත. තොපට පුතනු කෙනෙකුන් උපන්නාහු වී නම් මාසනතත රාජ්‍යයට හිමි වෙති. මට පුතනු කෙනෙකුන් උපන්නාහු වී නම් තොපගේ සමීපතටත් රාජ්‍යයටත් හිමි වන්නාහ. මෙසේ ඔවුන් දෙදෙනා ගිවිස ගත්හ. ටික කලකට පසු පුරෝහිත බමුණා ගමට ගොස් නැවත නුවරට එන්නේ බහු පුත්තික නම් එක් දිළිඳු ගැහැණියක් මග යනවා දුටුවේය. ඈට නිරෝගී දරුවන් සත්දෙනෙක් වූහ. එයින් එකකු අත සිඟා කන කබලද එකකු අත වැද හෝනා කලාල් රෙද්දක්ද ඇත. පුරෝහිත බමුණා ඈ අමතා එම්බල භද්‍රාව මේ දරුවන්ගේ පියාණෝ කොයිදැයි විචාළේය. ස්වාමීනී මුන්ගේ පියාණෝ මූයයි නියම කෙනෙක් නැත. තී කවර උපායකින් මේ දරුවන් සත්දෙන සොයා ගත්තෙහිද? ඒ දිළිඳු ස්ත්‍රී තොම කීමට කිසි කාරණයක් නොදනී. වාසල් දොර සමීපයෙහි වූ මහත් නුගගසක් දක්වා ස්වාමීනී මේ නුග රුකෙහි අධිගෘහිත දේවතාගෙන් ලදිමි කීවාය. පුරෝහිත බමුණා යහපත තෙපි යවයි ඈ යවා රථයෙන් බැස ඒ නුග ගස මුලට ගොස් අත්තක් අල්ලාගෙන දිව්‍ය පුත්‍රය තොපට රජ්ජුරුවන් ගෙන් කවර නම් අඩුවෙක්ද? දහසක් වියදම් කොට අවුරුදු පතා මහත් වූ පූජාවක් කරවන සේක. රටවැස්සෝ නොයෙක් පූජෝපහාරයන් කරන්නාහ. එසේවූ රජ්ජුරුවන්ට දරුවෙවක් නොදී කිසි පඬුරක් නොදෙන දිළිඳු තැනැත්තියට කමක් නිසා දරුවන් සත්දෙනෙක් දුන් නෙහිද? ඉදින් අප රජ්ජුරුවන්ට පුතනු කෙනෙක් නුද්න්නෙහි වීනම් අදින් සත්වන දිනයෙහි මේ වෘක්ෂය මුලින් උදුරා සුනු විසුනු කොට දමමියි රුක් දෙවියා මෙලෙස භයගන්වා නික්මුනේය.

මෙසේ තමන්ගේ ගෙට ගොස් නැවත දෙවෙනි තුන්වෙනි ආදි වශයෙන් හත්වෙනි දින දක්වා නුගරුක මුලට ගොස් රුක් දෙවියා භය ගන්වා සිටියේය. මෙවිට රුක්දෙවියා සිතන්නේ පුරෝහිතයා කෙලෙසින් රජතුමා දරුවන් නොලද්දේ වීනම්සෙට දවස මා විමන නසන්නේයයි සිතා සතර වරම් රජ දරුවන් ලඟට ගොස් පුරෝහිතයා කී බස් කීයේය. ඔවුන්ගෙන්ද පලක් නොවුයෙන් ක්‍රමයෙන් සාතාගිර හේමවතාදී අටවිසි යක්ෂ සේනාධිපතීන් ලඟටද ගියේය. ශක්‍රදේවේන්ද්‍රයෝ ඊට නිසි පින් ඇති කෙනෙකු බලා දිව්‍යපුත්‍රයන් සතර දෙනෙකු දැක උන් අමතා මිනිස් ලොව සූකාරි රජ්ජුරුවන්ගෙන් අඟමෙසෙුන් කුස පිළිසිඳගන්නට වටන්නේයයි කීයේය. එකී දිව්‍ය පුත්‍රයෝ සතර දෙනා එබස යහපතැයි පිළිගෙන අපට රජ කුලයෙහි ඉපදීමෙන් හැර පියා පැවිදිව වසම්හයි කීහ. ශක්‍ර දේවෙන්ද්‍රයෝ යහපතැයි උන් අතින් ප්‍රතිඥා රැගෙන රුක් දෙවියාට කීහ. එවිට රුක් දෙවියා අර්ධ ශරිරයෙන් සිට සබඳ පුරෝහිත බ්‍රාහ්මණය, තොපට එක පුතකු නොව පුතුන් සතර දෙනෙකු දෙමියි කීය. බමුණු කියන්නේ මව දරුවන්ගෙන් කම් නැත. රජ්ජුරුවන්ට දුන් මැනව. එසේ අපහසුන නම් රජ්ජුරුවන්ට දෙදෙනෙකු සහ මට දෙදෙනෙකු දුන මැනවයි කීයේය. බමුණ, දරුවන් සතර දෙනම දෙන්නේ තටය. තොප දරුවන් ලබනු පමණක් විනා ඔවුන් කුඩා කලම පැවිදිවන්නේයයි කියා අතුරුදහන් විය. එතැන් පටන් දේවතාවන්ට මහත් පුජා සත්කාර විය. දිව්‍ය පුත්‍රයන්ගෙන් ප්‍රථම දිව්‍ය පුත්‍රයා පුරෝහිත බැමිණියගේ කුස පිළිසිඳ උපන්නේ හත්ථිපාල කුමාරයෝයයි ඔහුට නම් තබා පැවිදි නොවන පිණිස ඇත්තලයන්ට පාවා දුන්හ. දෙවනි වරට උපන් කුමරා අශ්වපාල නමින් හැදින්වුයේ අස්ගොව්වට භාර දුන්හ. ගෝපාල් නම් තුන්වෙනි කුමරාව ගොපල්ලාටද සතරවෙනි අජපාල කුමාරයාව එළුවන් රකින්නාටද පාවා දුන්හ. ඔහුන් සතර දෙනා වැඩිවිය පැමිනි කල්හි පැවිදි වෙතියි යන බියෙන් තම නුදුරින් සියළුම තපස් වී -වරයන් පිටත් කරවූහ. ඒ කුමාරවරු ඉතා සැඩ පරුෂයහ. වැඩිමල් කුමරා සොළොස් අවුරුදු වු කල්හි මොහු පරික්ෂා කොට රජය දෙමියි කියා රජ්ජුරුවන් හා පිය බමුණා තවුස් වෙසිගෙන සිඟා යමින් කුමාරයන්ගේ ගේ දොරට ගියාය. කුමාරයන් ඔවුන් දෙදෙනා දැක ඉතා ප්‍රීතීයට පත්ව වැඳ එකත් පසව සිට ශාන්ත ඉඳරන් ඇති තපස් වී කෙනෙකුන් අද දිටිමි. මෙහි වැඩ හිදිනු මැනවයි කියා වඩා හිඳුවා වතාවක් කළේය. එවිට පුරෝහිත බමුණා කුමාරයා අමතා පුත හත්ථිපාල කුමාරයෙනි, අපි තපස්වීවරයො නොාවෙමු මේ සූකාරි රජ්ජුරුවන් වහන්සේය. මම තොපගේ පියා වෙමි.

අපි දෙන්ා වෙසි ගෙන තොප පරික්ෂා කරනු පිණිස ආම්හයි කීහ. පියවරුනි, මට රාජයෙන් කම් නැත පැවිදිවෙනු කැමැත්තෙමි. පුත කුමාරය, තරුණ කල රජ වී මහලු වූ කළ තපස් රක්ෂා කරව පියාණනි, මේ රාජ්‍ය සම්පත් නම් සතර දික් කරන සුළු මායා වල්ය. මෙහි ම මෙහොතකදු රැඳෙනු නොකැමැත්තෙමි ව්‍යාධි ජරා මරණාදීවූ මා පසුපස්සෙහි පෙ පෙනී එන්නේ යයි පියා සහ රජ්ජුරුවන් වැඳ අවසර ගෙන පිරිවර සමඟ තපසට නික්මුනේය. ඊටපසු අශ්වපාල කුමාරයන් පරික්ෂා කිරීමට තපස් වෙස්ගෙන ගිය රජ්ජුරුවන් ගේ හා පුරෝහිත බමුණගේ උත්සාහයෙන් නිශ්ඵල කරමින් ඒ කුමාරයාද එසේම අනිත් කුමාරවරුන් දෙදෙනොදැයි හතරදෙනාම මහත් වු පිරිසක් පිරිවරාගෙන ගඟක් අද්දර වාසය කරන්නාහ. දෙවනි දවස පුරෝහිත බ්‍රාහ්මණයාද පුත්‍ර වියෝගයෙන් හටගත් ශෝකය දරාගනු නොහැක්කේ සියළු සැප හැර දමා පැවිදිවනු කැමැත්තෙමි තොපිහැම කුමක් කරහුදැයි විචාළේය. බමුණො කියන්නාහු නරත ගිනිනම් අපටත් උරුමය අපිද ඔබ කැටුවම ගොස් මහණ වෙමියි කීහ. එසඳ බමුණු අසුකෙළක් වස්තුව බැමිණියටද පාවාදී පිරිවර සමඟ තම පුත්‍රයන් සමීපයට ගොස් පැවිදි විය. දෙවනි දින බැමිණියද ස්වාමියාගෙන් සහ දරුවන්ගෙන් වෙන් වී කුමන සතුටක්ද මම මේ සියල්ල අත්හැර දමා ගොස් පැවිදිවෙමියි තම යෙහෙලියන්ද කැටුව පුත්‍රයන් සමීපයට ගොස් නික්මුණහ. හත්ථිපාල මහා තාපසයන් ලඟ පැවිදි වූ බමුණු බැමිණියන්ගෙන් යොදුනක් තැන් පිරී ගියේය.

පසුදින රජතුමා පුරෝහිත බ්‍රාහ්මණයා කොහිදැයි විචාරා ව්තුව හැර ගපසව ගියායයි කී කල්හි එසේනමි අස්වාමික භාණ්ඩ අපට නොවේදැයි ඔවුන්ගේ සම්පත් ගෙනවුත් රාජාඬගනයෙහි ගොඩ කරන්නට නියම කෙලේය. එවිට රජ්ජුරුවන්ගේ අග මෙහෙසිය සිතන්නේ රජතුමා වස්තු ලෝභයෙන් මුලාව බමුණන් විසින් දුරුකළ වස්තුව තම ගෙට ගෙන්වා ගන්නේය. මෙය උපායකින් නතර කළ යුතුයයි සිතා මස් ගෙනවුත් රාජාඬගනයෙහි දමා දැල් ඇද්දවූවාය. අහසින් ගිය ගිජුලිහිණියෝ මේ මස් දැක වහා එහි අවුත් මස් අනුභවකොට යාමට පිටත් වූ කල තම ශරිරය මහත් වූ හෙයින් දැල් කවුළු වලින් යා ගත නොහී මස් ලොබින් එහිම උන්හ. නුවණනැති ලිහිණි මස් වමාරා දමා ඉන් ගැලවී ගියහ. බිසව ඉන් පක්ෂියෙක් ගෙන රජ්ජුරුවන්ලඟට ගොස් මහරජ, එක් ක්‍රියාවක් බලනු මැනවි. රාජාඬගනයෙහි මස් කෑමට පැමිණි සමහර ලිහිණි දැල් ඇති නියාව බලා කෑ මස් වමාරා නිරාහාරව දැල් අස්සෙන්පලා ගියහ. ලෝභකම්න් බඩපුරා මස් අනුබවකොට හුනු ගිජුලිහිණි මගේ හස්තයට අසුවිය. ඒපරිද්දෙන් බමුණා වස්තු කාමයන් වමාරා කෙළෙස් නැමති දැලින් ගැලවී ගියේය. ඔබ වහන්සේ වූ කලී ගිජු ලිහිණියන් වමාරන ලද මස් නැවත අනුබව කරන කලක් මෙන් කරන සේක. තෘෂ්ණා වසඟවූ අඥාණ වූ පුදගලයන්ට බුඪාදී උතුමන් විසින් ප්‍රශංසා කරනු ලද්දාහූ නෙවෙති එබස් ඇසු රජතුමා මහත් සතුටට පත්ව බිසවට ස්තුතිකොට සියළු හැර දමා පැවිදිවන්නට වටනේ යයි සිතා ඇමති මණ්ඩලය රැස්කරවා ඇමතියෙනි, මම හත්ථිපාල කුමාරයන් සමීපයට ගොස් පැවිදිවෙමි. කැමති කෙනෙක් රාජ්‍යය කර වයි කීයේය. එවිට ඇමතිවරුද ඔබ වහන්සේ පැවිදිවන්නට යතොත් අපිත් පැවිදිවන්නෙමුයි කියා සිටියහ. රජතුමා සියළු සම්පත් අතහැර දමා තිස් යොදුනක පැතිර සිටි පිරිස හා ගොස් පැවිදිවූහ. දෙවනි දින බිසවද ඇමති ගණයාගේ භාය්‍ර්‍යාවෙන් සමඟ සියළු වස්තුව අත්හැර දමා ගොස් පැවිදිවූවාය. සෘධි ඇති හත්ථිපාල තාපසයන් වහන්සේ දොළොස් යොදුනක් පැතිර සිටි සියළුදෙනාම රැලෙන හිමාල වනයට ගියසේක. ඔවුන් එහි එන බව දුටු සක්දෙවි රජුගේ නියමයෙන් විස්කම් දෙවිපුතුන් සියළුදෙනාටම ප්‍රමාණවත් පන්සල්ද තවුස් පිරිකරද මවා ගියේය. සියළුදෙනාම සුවසේ මහණ දම් පුරමින් පසුවන අතර බරණැස් නුවර බැලීමට පිට රාජ්‍යයකින් පැමිණි කුමාරවරු හයදෙනෙක් අත්හැරදමා ගොස් තිබු වස්තු දැක තමා කෙරෙහිම කලකිරී ඒ හය දෙනාද හත්ථිපාල තාපසයන් සොයාදෙන ගොස් පැවිදිවූහ. සතිස් යොදුනක පමණ තැන් මහත් පන්සල් අතුරු නැතිව පිරුණෙය. මේ මහා පිරිස අතුරෙන් යම් කෙනෙක් කාමවිතර්‍කාදියක් සිතුහම් හත්ථීපාල තාපසයන් වහන්සේ වහා ඔහු ළඟට ගොස් අවවාදකොට සමාපත්ති උපදවන්නාහ. ඔවුන් අතුරෙන් දෙකොටසෙක් බ්‍රහ්ම ලොකයෙහිද දෙකොටසෙක් කාම ස්වර්ගයේද උපන්නාහ. තපස්වීවරයන්ට අත් පා මෙහෙවරකළ මනුෂයයෝ මිනිස් ලොව උතුම් කුළවල ඉපිද සැප විඳින්නාහ. අවවාදයෙර්‍හ නොපිහිටි අය නරකාදී සතර අපායෙහි ඉපිද දුක් විඳින්නාහ.

එසමයෙහි සූකාරි රජ නම් දැන් සුදෝවුන් රජය. පුරෝහිත බමුණා නම් කාශ්‍යප තෙරුන්ය, අජ කුමරා අනුරු’ තෙරුන්වූ අතර මුගලන්තෙරුන් වුයේ ගෝපාල කුමාරයි, අශ්වපාල කුමාරයා නම් සැරියුත් තෙරුන්ය, හත්ථපාල නායක තාපසයන් වහන්සේ නම් බුදු රජාණන් වහන්සේය.