මුල් පිටුව

493 මහාපලෝභන ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක්සමයෙක්හි සූරා සුරවර මකුට මණිරාජායමාන ශ්‍රිපාද පද්ම ඇති හෙයින් අරහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ සකලජන නයනාභිරාම ජේතවනාරාමයෙහි සතර ආයර්ය බ්‍රහ්ම විහරණයෙන් දවස් යවමින් වැඩ වසනසේක් මේ මහාපලොභන ජාතකය ශිලව්ශුද්ධියෙන් කිළුටුවීමක් අරභයා වදාළසේක

මෙහි වර්තමාන කථාව යටකියනලද චුල් පලොභන ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය. හෙි වනාහි ශාස්තෘවූ බුදුරජාණන් වහන්සේ මෙවෙනි නෛයර්යාණික ශාසනයෙහි පැවිදිව කේලශවසඟයට පිළිපන් මහණ භික්ෂුහු නොකැමකි පරිද්දෙන් ගෙණවුත් තෙසු භික්‍ෂුන් විසින් ආරාධිතවූයේ ඉකුත්වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස්නුවර රජකරණ කසීරජ්ජුරුවන්ට කිසි රජ බිජුවටක් නැතිව රාජ්‍යය මතු නොපවත්නේයැයි නුවර වාසීන් උග්ඝොසනය කොට පැමිණිනියාවද, ඒ අසා රජ්ජුරුවන් අන්තඃපුරයෙහි සමුර්ධිකොට පුත්‍ර ප්‍රාර්ථනා කළ නියාවද, යන මේ සියල්ල යටකියන ලද චුල්ල පලොභන ජාතකයෙහි විස්තර වසයෙන් දැන්විය යුතු වන්නේය.

උපන්නාහු ඒ කුමාරයන්ට නම් තබන්නාහු අනිත්‍ථිගන්‍ඞ කුමාරයෝයයි නම් තුබුහ. උපන් වේලෙහි පටන් ස්ත්‍රී ජාතීය ඇසින් නොදකින්නේය. ඔවුන් අත නොසැනහෙන්නේ ය. එබැවින් දැලිරැවුළු ආදී වශයෙන් පිරිමි වෙසි ගෙන තනය සඟවා වෙස්වලා කිරි පොවන්නාහ, බොහෝ ජනයාගේ ආකුලස්ථානයෙහ සිත් නැලවෙන හෙයින් උදකලාව ජනසූන්‍ය ස්ථානයෙක්හි ධ්‍යානාගාරයෙක්හිම වෙසෙති, ස්ත්‍රීන්ට ලන්විය නොදෙන්නේය, ඒ කුමක්දැයි යතහොත්? මීට පූර්ව ජන්මයෙහි බ්‍රහ්මලෝකයෙහි වැස කාමයක්වත් කාම චේතනාවක්වත් නොවිඳි හෙයින් පළමු සිටි ධ්‍යානචේතනාවෙහි අභ්‍යාස වශයෙන් පඤ්වකාම සැපය පිළිකුල්කොට දක්වන්නේය, මුළුල්ල දුටුවාම රජතෙම පුත්‍රශෝකයෙන් පෙළෙමින් දුකසේ ප්‍රාර්ථනා කොට එක දරුකෙණෙකුන් ලදිමි, ඒ තෙම වස්තු කාම කේලශකාමයෙහි ඇල්ලමක් නැත්තේය. සෝකයට කවර කෙණෙක් කවර උපායකින් මාගේ දරුවන් කාමයෙන් පොළඹවා රාක්‍්‍යශ්‍රීයට පමුණුවා පියද්දෝහෝයි මීට උපායක් දන්නා කෙණෙක් ඇත්නම් බොහෝ සැපත් දී ඉසුරට පමුණුවන්නෙමි වේදැයි කියා ශෝකාතුරව විසුයේය.

එකල්හි එම අන්තඃපුරයෙහි වර්ණයෙන් රූපයෙන් අසදෘශවූ නවයොවුන්පත් ලදැරියක් තොම නැටීමෙන් ගීකිමෙන් ද සිනා හා අඩැසිබැලීම් ආදී ස්ත්‍රී විලාසයෙන් පුරුෂයන් බැඳගන්ට සමර්ථව තැනැත්තී රජ්ජුරවන් ලඟට අවුත් දේවයන් වහන්ස ඉඳින් කුමාරයා මට වල්ලභවෙයි යන නියමයක් ඇත්නම් මම මොහු කාමයෙහි පොළවාදීලමියි කීවාය.

ඒ කුමාරිකගේ බස් අසා සතුටු සිත් ඇති රජ තෙම නව යෞවනයෙන් මත්වූ කුමාරිකාව ඉඳින් තොප කී පරිද්දෙන් මොහු කාමයෙන් පොළඹවා මොහුට කාමරසය උගන්වයි එලෙසසැරහෙන පරිද්දේන කුමාරිකාව එතැනින් යවා ඒ අන්ත්‍ථිගන්‍ධ කුමාරයන් වැඩෙන කුමාරයන්ට ඒ කුමාරි යම් පරිද්දෙන් පොළන්නේ වීනම් එලෙස උන්ට අවසරකොට දෙවයි සම්මත කොට දෙවුයේය.

ඕ තෝමොත් දෙවනි දවස් උදෑසනක්සේම දිවිදුහ්ල් හා සමාන සිහින් වස්ත්‍ර හැඳ එසේහෙයින් වස්ත්‍රයක් කරටදමා පොළොව පලානැගීනාගදේවියක්මෙන් තමන්ගේ යොවුන්පත් වයසට නිසිවූ ශෘංගාර විලාස දක්වමින් දුට්වන් මනනෙන් අදිමින් වීණාවක් අතිනගෙණ අනිත්‍ථිගන්‍ධ කුමාරයන්ගේ ශ්‍රීයහන් ගබඩාවට පිත නුදුරුව සිට නිය අඟින් වීණාතත් පහරමින් මිහිරිවූ කටහඬින් සමන්විත කාමනිශ්‍රිත වූ සිත්කළු වූ ගිතීකා කිය කියා සිටියාය.

ඒ ගායනා කුමාරිකාවන්ගේ තන්තිස්වරයෙන් ගීතස්වරයද නොඉක්ම පවත්නා මිහිරි ශබ්දය අසා බොහෝ කලක් සැඟවීතිබු කාමරාගයතෙම නිදා පිබිදිකලක් පරිද්දේන් සිත්හි පහළවූයේය, එකෙණෙහි අනිත්‍ථිගන්‍ධ කුමාරතෙම තමන් ස්වමීපයෙහිසිටි පුරුෂයන් මුහුනබලා මේ සිත් කළුවූ ප්‍රෙමනීයවූ කන්හි අමාවන්නාක් බඳු මේ මධුර ශබ්දය කවුරුන්ගේ ශබ්දයෙක්ද? මේ කෙසේවූ දෙයෙක්දැයි විචාළේය. එකෙණෙහී ඒ පුරුෂයෝද එම්බා රාජකුමාරයෙනි මේ ලෝකයෙහි සත්වයන් සිත් අල්වන ක්‍රිඩානමුත් මේය, ස්ත්‍රීහුයයි කියන්නේත් මොවුන්ටයයි ඉඳින් මේ ගීතිකායෙහි තොපගේ සිත් ඇලේනම් ශබ්දරසයෙන් සැපවුව මැනැවැයි කීවාහුය. ඒ අසා කුමාරතෙම ස්ත්‍රියයි යන බසින් සමීපයට කැඳවා එසේවීනම් ධ්‍යානාගාරරය සමීපයට අවුත් ගායනා කරන්නට කියවයි සම්මත කෙළේය. තොමෝත් භික්ති සමීපයෙහි සිට ගායනාකොට ඔහුගේ සිත් තමාගේ වසඟයෙහි ලාගෙණ සමීපයට කැඳවූ කල්හි ඕතොමෝත් මාගේ මනදොළ මුදුපත්වන්නේයයි සිත් ඇතිව පුලුළු කුල කෙළෙනා මිණි මෙවුල්දම් හා කෙකෙුම් රාග තැවරු මතුයෙහි කෙළින, මුතුහරීන් හා කොපුලන ලෙලදෙන මිණිකොඩලින් යුක්තව ධ්‍යානලාභීන් වී නමුත් සිත් අවුල් කරණනම් රූපවිලාසත් ඇතිව ඒ ධ්‍යානාගාරයට වැඳ බෝධිසත්වයන් හා එක්ව යහන්පත්ව බොහෝ දවසක් පඤ්චකාම සැපනම් මේයයි නොදත් බෝධිසත්වයන් තමාගේ රූපයෙන්ද ශබ්දයෙන්ද සප්‍රෂ්ටව්‍යයෙන්දැයි යනාදී පස්කම් ගුණයෙන් බැඳගෙණ වනයෙහි ලෝහ ඇත්තාහුමල පයකින් බැඳගත් කලක් පරිද්දෙන් තමා වසඟයෙහි ලාගෙණ කාමරසයෙන් උමතුකරවුව. ඒ රසදත් බෝධිසත්වතෙම මෙවැනි රසයක් විඳිතොත් මාවුත් අතික් සේසවුන් විඳිනේ කම් කිම්දැයි දුටු දුටු පුරුෂයන් කෙරෙහි ඊෂර්යාව උපන්නේය, පළමු ස්ත්‍රියක ඇසින් නොදකිනාවූ බෝධිසත්වයන්ට පසුව පිරිමියකු ඇසින් නෙදෙකිනා පරිද්දෙන් වේෂ උපන්නේය ඉක්බිති ඒ රාජකුමාර තෙම මේ කාමරසය මාවුත් අතික් පිරිමියෙක් නොවිඳවයි යන ලෝභයෙන් නියුනුවු කඩුවක් අතින්ගෙණ දුටු පිරිමින් මරා දෙකඩකරමින් ඇවිදින්නට වන්නේය.

ඉක්බිති දේවයන්වහන්ස මේරාජතෙම නිරපරාධවූ සත්වයන් මරමින් කාමයෙන් මත්ව ඇවිදින්නේයැයි මොරගාමින් පැමිණියහ ඉක්බිති ඒ ඇසු රජ්ජුරුවොති අමාත්‍යයන් හා කථාකොට මොහු මැරිය නොහැක්ක මාගේ රාජසීමාව ඇතුලත ඉන්ට නොදෙවයි සම්මත කොට රටින් නෙරපූහ.

එදවස් රාජකුමාරතෙම ඒ කියන භාර්යර්යාව කැඳවාගෙන දුරුව වනගහණයෙන් ගෙවා ගොස් සමුද්‍රතීරයෙහි රම්‍ය වූ ස්ථානයක පන්සලක් කොට ගෙණ වනමුල් ඵලාහරයෙන් යපෙමින් දෙදෙනම සමගව වසන්නාහ.

එක් දවසක් රාජකුමාරයන් ඵලාඵල ගෙණෙන්ට යද්දී එක් සෘඩිවන්ත තාපසකෙණෙක් සමුද්‍රමතුයෙහි ආකාශයෙන් යනුසේ පන්සලින් නැගෙණදුම් සලකුණෙන් පිඩු සිඟන පිණිසයයි පන්සල් දොරකඩට බටුයේය.

ඒකුමාරි කෘතොමෝත් තාපසයනි දැන පිණා විචික්ත ස්ථානයෙහි හෙයින් ඒ තාපසයන් කාමරතියෙහි බදාගෙණ තමාගේ වසඟයෙහිලාගත, ඒතාපසයෝත් බ්‍රහ්මචර්‍යයායෙනුත් සෘඬියෙනුත් පිරීහි එතැනින් පය ඇදයානොහී සිටියේය. ඒරාජ කුමාරයෝත් මිහිරි ඵලාඵල අල මුල් ආදියත් බරහී කඳක් බැඳගෙණ සවස් වේලෙහි පන්සලට පැමිණියේය. ඒ තාපසයෝත් අතික් හසරක් නොදක්නා හෙයින් රාජකුමාරයන් දැක බයින් දිවගොස් සමුද්‍රයට වන්නේය. පළමු ආ පරිද්දේන අහස් කුසට නැගෙමියි උඩුකුරුවූයේය. දියෙහි ගැලෙන්ටන්ය, ළුහු බඳවාගෙනයි රාජකුමාරයෝත් මේ නියාව දැක මේ තාපසයෝ පළමු ආකාශයෙන් සෘඬියෙන් ආකෙණෙක්වන මේ කුමාරිකාව දැක ධ්‍යානයෙන් පිරීහී පෙර පරිද්දෙන් යන්ට උත්සාහකොට යා නොහෙන්නේයයි අනුකම්පා කොට තාපසයෙනි, නොබවයි අස්වසා පළමු තොපි මුහුදුදිය දෙබේකොට දිමතුයෙන් ඇවිත් දැන් ස්ත්‍රීන් සමග කාමයෙන් බැඳී ගියබවට පැමිණ පළම් පරිද්දේන් දැන් මතුයෙන් යානොහී දියෙහිම ගැලෙමින් දුක්විඳිනෙහිය, එබැවින් මේ ස්ත්‍රීජාතිය නම් උත්තම වූ සත්වයන් සසරින් ඉක්ම නැගීයා නොදී එහිම ලග්න හෙයින් සලාවැටුමක් හා සමානයෝය, සත්වයන් රූප ශබිද ආදී ආලම්බනයෙන් වඤ්වාකොට යථාස්වභාවය දැක්ක නොදෙන හෙයින් ඉන්ද්‍රජාලයක් වැන්නාහ, බ්‍රහ්මචර්‍යයාවගේ බිදීම සුල්ලහ.

තවද මේ ස්ත්‍රීහුනම් තමාලඟට පැමිණි උත්තමයන් අධමයන් නොතෝරා එකගුණ කරන හෙයින් ගින්නක් වැන්නාහ, ඇතුළත්හි කිඹුලුන් ආදී ගැවසීගත් පිටතින් හිදිබෙණ හෙල්වල්වෙමින් මෘදුබස් කීමෙන් මෘදුවිලාසය දැක්වීමෙන් යුක්තය වස්ත්‍රාභරණාදීන් දීමෙන් පූරාලිය නොහැකි හෙයින් රසාතලයේ දුෂ්පුරයහ, සුචි අසුචි නොහැර ඇදගෙණ යන ගබඩාප්‍රවාහයන් මේන් උත්තම අධමයන් නොතෝරා සමව පවත්නා ගුණ ඇත්තාහ, මෙසේ තමා වසඟවූ සත්වයන් සංසාරයෙහි නිමග්න කරණ ස්ත්‍රී වසඟය දුරුකටයුතුමය. යම් කෙණෙක් මේ ස්ත්‍රී ඡන්දයෙන් වේවය් ධනයෙව් වේවයි සිත්රැනිද්දී වසඟවෙද්ද එසේවුව මේ ස්ත්‍රීපිරිහෙලත්, කුමක් මෙන් යත් තමා පිහිටි ස්ථානයට පැමිණ යම් දෙයක් දවා භස්මකොට නසන ගින්නෙන් මෙනි එබැවින් මේ ස්ත්‍රී වසඟනොව තමාසිත් වසඟකොට ගන්නට උත්සාහ කළ මැනවයි රාජකුමාර තෙම තාපසයන්ට අවවාද කළේය.

මේ රාජකුමාරයාගේ අවවාද ඇසු තාපසතෙම තමා පළමුව පුරුදුව සිටි ධ්‍යාන උපදවාගෙන ආකාශයට පැණනැගී නික්මුනේය. ඒ දුටු අනිත්‍ථිගන්‍ධ කුමාර තෙම සසර කලකිරි පස්කම් ගුණයෙන් ලෝහය හැර පැවිදි වීනම් යහපතැයි සිතා බිසවුන් මනුෂ්‍යස්ථානයෙහි පිහිටවා නැවත වනයට වැද සෘෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව කාමවිරාග භාවනාකොට ක්‍රමයෙන් පචාභිඥා අෂ්ටාසමාපත්තීලාභීව ධ්‍යානසුවයෙන් එම ආරණ්‍යයෙහිම බොහෝ දවසක් වැස නොපිරිහුනු ධ්‍යානයෙන් පූර්වජාතියෙහිත් පුරුදු බ්‍රහ්මලෝකයට ගොස් උපන්සේක.

ශෘස්තෘවූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ මතුගාමයෝ නම් කෙසේ වූ පිරිසිදු සතුනුත් කිලිටුකෙරෙතියි කියා මේ ජාතකය පූර්වාපර සන්ධිගලපා නිමවා වදාළසේක. මේ දේශනාවන්ගේ අවසන්හි ශාසනයෙහි උකටලී මහණ අරහත්ඵලයෙහි පිහිටා ගියේය. එකල්හි අනිත්‍ථීගන්‍ධ කුමාරයෝ නම් බුදුවූ මම්ම වේදැයි වදාළසේක.