මුල් පිටුව

491 සෝමනස්ස ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

අංගීරස ශාන්ති නායක්යන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරද්දී දෙව්දත් තෙරුන් අරභයා මේජාතකය වදාළසේක.

දිනක් දම්ෂභා මණ්ඩපයෙහි භික්ෂූන් අතර දෙව්දත් තෙරුන් බුදුන් නසන්ට කළ උත්සාහයක් ගැන කථාවක් කරමින් උන් කලට එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි, දෙවිදත් තෙරුන් මට වධයට උත්සාහ කළේ දැන් මතු නොවෙයි පෙරත් එසේ උත්සාහ කළෝ වේදැයි ඉකුත්වත වදාළ සේක.

 

යටගිය දවස උත්ර පංචාල නුවර රෙණුක නම් රජ කෙනෙක් රාජ්‍යය කරන කල්හි මහාරක්ෂිත නම් මහානුභාව සම්පන්න තාපස කෙනෙක් පන්සියයක් තාපසවරුන් පිරිවරා හිමාල වනයේ වසනුයේ ලුනු ඇඹුල් සෙවුනා පිණිස පිරිස සමඟ මනුෂ්‍ය වාසයට බැස ගම් නියම් ගම් වල ඇවිදින්නේ රජ්ජුරුවන්ගේ උයනෙහි සැතපී පසුදා පිඬු සිඟා රජ උයනට පැමිණියේය. රජ්ජුරුවන් තාපස වරුන් දැක පැහැද වැසි සාර මස උයනෙහිම නතරවුවමැනවයි ආරාධනා කොට පන්සල් කරවාදී උවටැන්කළහ. ඒ තාපසවරු වස් අවසානයෙහි හිමවත් පෙදෙසට යම්හයි රජ්ජුරුවන්ට දන්වා හිමාල වනයට යන අතර මග මධ්‍යාහ්න වේලාවක එක් රුකක් මුල පිරිවර සමග උන්නේය. එකල්හි සෙසු තාපසවරු කථාකරන්නාහු අපට උවටැන්කළ රජ්ජුරුවන්ට තමාගේ වංශය ගෙන යාමට දරුවෙක් නැත. ප්‍රාර්ථනා කොටත් නොලද්දේ වේදැයි කීහ. එවිට නායක තාපසයන් වහන්සේ එම්බා තාපසවරුනි, අමුත්තක් නොසිතව හෙට දවස් පහන්වෙන වේලාවට එක් දිව්‍ය පුත්‍රයෙක් චුතව අග මෙහෙසිය කුස පිළිසිඳ ගන්නේයයි කීයේය. එබස් අසා එක් සොර තාපසයෙක් රජරට රාජ ගුරුකම්කෙරෙමියි සිතා අනිත් තාපස වරුන් විඩා සංසිඳවා රුක් මුලින් යන වේලෙහි තමා යාමට අපහසුයයි හොර ලෙඩ ගෙන එහිම හොත්තේය. නායක තාපසසයන් වහන්සේ මොහුගේ වංචනික අදහස දිවසින් දැක කිසිත් නොකියා “ යම් දවසක ආයේ එවුනම් එදා පලායව”යි කියා සෙසු තාපස වරුන් සමඟ හිමාල වනයට ගියේය. ඔවුන් ගිය කෙනෙහි හොර තවුසාද වහා නැගිට රජ මාලිගාව කරා දුවගොස් මහාරක්සීත තාපසයන්ගේ අතවැසි තවුසෙක් ආහයි පණිවුඩ යවා ගොස් මතු මහල් තලයට ගොස් පනවන ලද ආසනයේ උන්නේය. තාපස වරුන්ගේ සුවදුක් පිඝිවිස නුඹ වහන්සේ නැවත ආයේ මන්දැයි විමසු විට රජතුමනි, ඔබට දරුවෙක් ලැබේද්දෝ හෝයි මා දිවසින් බැලුවිට මහත් සෘඬි ඇති දිව්‍ය පුත්‍රයෙක් තොපගේ අගමෙහෙසිය වූ සුධර්මා බිසවුන් කුස පිළිසිඳ ගන්නේයයි දැක මෙපවත් නොදැන දරු ගැබ නසාපු නම් නපුරුයි සිතා එපවත් තොපට කියන පිණිස ආමි ඉදින් ආ කාරිය සිඬවීය. යම්හ මහ රජ්ජුරුවෙනීයි කීහ. රජතුමා මහත් ප්‍රිතීයට පැමිණ මා වෙනුවෙන් පැමිණි ඔබතුමාව නැවත නොයවමි මෙහිම වසනු මැනවයි උයනට කැඳවා ගෙන ගොස් පන්සල හා පිරිකර පවා දුන්නේය. එතැන් පටන් තවුසන් දිනපතා මාලිගාවට පැමිණ වළදමින් සිටියේ මේ තෙමේ දිව්‍ය චක්ෂු තාපසයෝ නමින් ප්‍රකට විය. දස මස් ඇවෑමෙන් බිසව මහා පින්වත් කුමරයෙක් වැදුවා සොාමනස්ස කුමාරයෝයයි නම් තැබූහ. කුහක තාපසයා උයනෙහි එක් පෙදෙසක එළවළු වවමින් විකුණා මුදල් උපයා ගන්නේය. කුමාරයාට සත්හැවිරිදි කල්හි එක් පසල් දනව්වක කැරැල්ලක් ඇති විය. රජතුමා කුමාරයාට හොර තවුසාව භාර දී කැරැල්ල සංසිඳ වීමට ගියේය. දිනක් සොමනස්ස කුමාරයා තාපසයන් දකිමියි කියා උයනට ගියේ කසාවක් හැඳ ජටාවක් හිසෙහි බැඳ දෑතින් කල දෙකක් ගෙන එලවළු වලට පැන් වත්කරන්නාහුන් දැක “මේ හොර තවුසා මහණ දම් නොකොට පලා විකුට සම්පත් උපයතියි දැන කුමක් කොරයිද පලා කොළ ගොයියාණනි” යි කියා වෙහෙසා ලජ්ජා කරවා නොවැඳ ගියේය.

එවිට කූට තාපසයා සිතනුයේ මේ කුමාරයා කුඩා කලම මෙබඳු ගුණ ඇත්තීය. වැඩි වයසට පැමිණි කල කුමකින් කුමක් කෙරෙද්දැයි නොදනිමි දැන්ම මොහු නැසිය යුතුයයි සිතා තමා හිඳිනා ගල් පෝරුව ඉවත පෙරළා පැන් කල බිම ගසා දමා කුණු කසල ඇද දමා හිස වසා පොරවාගෙන වැදහොත්තේය. රජතුමා පසල් දනව්ව සංංසිඳවා රජගෙට නොගොස්ම තාපසයන් වසන තැනට ගොස් තාපසයන්ගේ පය පිරිමදිමින් තාපසයන් වහන්ස කිමෙක්ද? කවර කෙනෙක් හිංසා පීඩා කළේද? ආක්‍රොශ පරිභව කෙළේද? වදාළ මැනවි. තාපසයන් වහන්ස, අද කාගේ දෙමාපියන් හඩා වැළප ගනිද්ද වදාළ මැනවිඕහට ඛලමනා නිග්‍රහ දන්නෙමි වේදැයි කීහ. එබස් කූට ජටිලයා කෙඳිරිගාමින් නැඟිට රජතුමනි, තොප දැකීමෙන් දින කීපයකින් සතුටට පත් වූයෙමි. තොප නැති අතර පුත්‍ර සෝමනස්ස කුමාරයා පන්සලට කළ විනාශය බලනු මැනවි මට කළ විනාශය බලනු මැනවි එසේම මට නින්දා කළේය. යනාදීන් කුමාරයන් ගේ නුගුණ කීයේය. රජතුමා වවහා කිපී මාගේ මගේ ගුරුවරයන් කෙරෙහි කිසි සැකයක් නැතිව මෙසේ කළ තැනැත්තේ මතු අප කෙරෙහිත් භයක් සරුවක් නොකරන්නේය. දැන්ම මොහුට දඬුවම් දිය යුතුයයි වධයට නීයෝග ලත් වධකයෝත් වේගයෙන් ගොස් මව් ඇකයෙහි හුන් කුමාරයන්ට රාජ නියෝගය කියා සිටියහ. කුමාරයා දුකින් යුතුව නැගී සිට වධකයෙනි, මා නොමරුා ගෙන ගොස් රජ්ජුරුවන්ට පෑලවයි කීයේය. එසේ ගෙනගිය කුමාරයා පිය රජ්ජුරුවන් අමතා රජතුමනි, මම කළ වරඳ විචාරා නිග්‍රහ කිරීම රාජ මර්මයක් බැවීන් එය දැනලනු පිණිස අමියි කියේය. ඇමතියෝද රට වැස්සෝද මව් බිසවද කුමාරයාට පක්ෂව සිටියහ. රජතුමා කුමාරයා අමතා ලොව ඇති වරද වලින් තොප කළේ ඉතාම උග්‍රවූ දෙයකියි තාපසයන් කළ පැමිණිල්ල ඉදිරිපත් කෙලේය. එවිට කුමාරයා රජතුමනි ගොවිකම් කොට රැගෙන හෙයින් ගොවියාණනි, කීනම් ඉන් ඇති මාගේ වරද කුමක්ද? මොහු එළවළු විකු මුදල් උපයන්නේය. මෙය නො අදහන්නෙහිනම් එළවළු විකුණන්නවුන් ගෙන්වා විචාළ මැනවි. එවිටම අසල සි බොහෝ දෙනෙක් එය ස්ථිර කළහ. රජතුමා රාජ පුරුෂයෝ යවා තාපසයන්ගේ පලා කොළ වත්ත බලා සැක අලහ. සේවකයොද පන්සලට වැද එක්කළ කහවනු ගෙනවුත් රජ්ජුරුවන්ට දැක්වූහ. රජතෙම කුමාරයන් නිවැරදි බව දැන කුමාරයානෙනි තොප කීවා සැබෑය මොහුලඟ සැබෑ තපසෙක් නැතැයි කීයේය. ඉක්බිති කුමාරයා මේ නුවණනැති පිය රජ්ජුරුවන් ලඟ වසනුවට වඩා හිමාලයට ගොස් පැවිදීවීම යහපතැයි සිතා සියළු පිරිස අමතා මේ රජතෙමේ මේ අඥාණවූ තාපසයාගේ බස් අසා මා නිකරුනේ මරන්නට නියම කෙලේය. එබැවින් මේ නුවණ නැති රජ්ජුරුවන් ලඟ වසනවට වඩා පැවිදිවීම යහපතියි කියා පියා වැඳ අවසර දෙවයි කීයේය. පිය රජතුමාතමාගේ රාජ්‍යය භාරදෙමි නොයවයි කියද්දීත් තමා පෙර ආත්මයෙහි විඳි දිව්‍ය සම්පත් වර්ණණා කොට රාජ්‍යය ප්‍රතික්ශේප කර පියාට ධර්මදේශනා කොට අපරික්ෂාකාරිව ක්‍රියා නොකරන ලෙස කියා එහි ආදිනව පෙන්වා මවිපියන් වැඳ අවසර ගෙන තාපසයන්ටද අවවාද දෙන ලෙස නියම කොට හිමාල වනයට ගොස් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් මවාලූ පන්සලට ගොස් එම තවුස් පිරිකර හැඳ පැවිදිව ධ්‍යාන ලබා සිට මියගොස් බධ ලොව උපන්නේය. රට වැස්සෝ එක්වී සොර තවුසා තලා පෙලා මර දැමූහ.

එසමයෙහි හොර තවුසා නම් දැන් දෙවිදත් තෙරුන්ය. මවිපිය දෙදෙනා නම් සුඬෝදන මහමයා දෙදෙනාය. සෝමනස්ස කුමාරයෝ නම් බුදුරජාණන් වහන්සේය.