මුල් පිටුව

489 සත්තිකුඔ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක් සමයෙකි නානානය නිපුන අනෙකාධ්‍යාශය ශ්‍රවණිය මධුර වචනයෙන් දේශනානැමති දිව්‍ය ඖෂධයෙන් සත්වයන්ගේ සංසාර දුක්ඛ නැමති රෝගය සමනය කෙරෙමින් ලෝකාභිවෘද්ධිය කොට රැස්කරන ලද මහා කරණාවෙහි ඵල සැප විදිනාහු තථාදී ගුණයෙන් යුක්ත වූ තිලෝගුරු බුදුරජාණණ් වහන්සේ ශ්‍රොතෘ ජන්මයෙන් ප්‍රසාදජනක ධර්මදේශනාව මඬකුච්ඡී නම් පර්වත ප්‍රාන්තයෙහි මුවන්ට තබා දෙන අභය ඇති හෙයින් මිගදාය නම් වූ වනයෙහි චතුර්විධ බ්‍රහ්මවිහරණයෙන් දවස් යවමින් වැඩ වසන සේක් දෙව්දත් තෙරුන් වහන්සේ අරඹයා වදාළ සේක.

නිස්කාරණයෙහි බඬවෛර ඇති දේවදත්ත ස්ථවිරයන් විසින් බුදුන් මරමියි යන නුනුවණ සිත් ඇතිව ගිඡුකුල පව්ව මුදුනෙන් බුදුන් හිසට පෙරළු ගල භූමියෙන් ගල් දෙකක් නැගී පිළිගන්නා කල්හි එයින් සිඳි ඉවත පණන සිලා ඛණ්ඩයක් බුදුන්ගේ පාදයෙහි පැහැර බලවත් වේදනා උපන් කල්හි බුදුරජාණන්වහන්සේ දැක්ම පිණිස බොහෝභික්ෂුන්වහන්සේ රැස්වන්නට වන් සේක. ඒ දැක බුදුරජාණන්වහන්සේ එම්බා මහනෙනි මේ සෙනස්න ඉනාහයක විෂමස්ථානව තිබෙයි. රැස්වන්නා වූ පෂීන් බොහෝ වන්නේය. එබැවින් මඞකුච්ඡිනම්වූ ප්‍රදේශයට මා සිවු ගෙයකට නංවා වඩාගෙන යවයි වදාළ සේක. භික්ෂුත් එපරිද්දෙන් කළාහ, ජීවක නම් වෛද්‍ය තෙම බුදුරජාණන්වහන්සේගේ පාදය ගුණ කළේය. බුදුරජාණන්වහන්සේ සමීපයෙහි භික්ෂුහු කථාවක් පහල කරන්නාහු ඇවැත්නි, දේවදත්ත ස්ථවිරතෙම මේ පාපී වූ පවිටු වූ පෂීදීනුත් යුක්ත යැයි කිය කියා උන් සේක. ශාස්තෘ වූ තිලෝගුරු බුදුරජාණන්වහන්සේ කුමක් කියමින් හුන්නාහුද, මහණෙනි, විචාරා මෙනම් ගාථාවකින් යුක්තව උනුම්හයි කී කල්හි මහණෙනි මේ දේවදත්ත ස්ථවිරයෝ දැන් මට පවිටු වූයේ නොවෙයි පූර්වයෙහිත් පවිටු වූයේ ය. එසේම පවිටු වූ පෂීදින් යුක්තව විසුවෝ වේදැයි වදාරා මුවෙන් නොබැන වැඩවුන් කල්හි භික්ෂුන්වහන්සේ විසින් මොහු පෙර පවිටු පරිදි කෙසේදැයි වදාළහොත් යහපතැයි ආරාධිත වූ සේක් ඉකුත්වත් වදාළ සේක.
ඒ කෙසේද යත්

යටගිය දවස සකල සමුර්ඬීන් නිරුත්තර වූ උත්තර පඤ්චාලනම් නුවර මිගතරිපු සංචාර ඇති පඤ්චාලනම් රජෙක් තෙම රාජ්‍යශ්‍රීන් පිණනුයේ පවිත්‍ර චාරිත්‍ර ඇති මිත්‍රඅමාත්‍යයන් හා සමඟ රාජ්‍යපරිපාලනය කරන්නේය. එකල්හි පුරනලද පාරමිතා ඇති අනන්‍ය සාධාරණ වූ මහා සත්‍ය ඇති විවිධ තරු සඬමණ්ඩිතාඬගණ වර්ණ ගුණ ඇති රමණිය වූ ආරණ්‍යප්‍රාදේශයෙක්හි පාංසු මිශ්‍රවූ ආඛණ්ඩ පර්වතයෙහි හටගත් කොලඉඹුල් වනයෙක්හි එක් ගිරා රජක් හට පුත්ව උපන්නේය. ඕහට සහෝදර මල් වූ දෙදෙනෙක් ඇත්තාහ. ඒ ගිරවුන් වසන පර්වතයට යට පන්සියයක් තාපස වරුන්ට නිබඳ වාසස්ථානය වූ ආශ්‍රමපදයෙක් ඇත්තේය. ඒ ගිරා පැටවුන් පියාපත් හට ගන්නා වූ කාලයේදී ඒ පර්වතයට උඩු සුළඟත් යට සුළඟත් එක්ව භුමියෙහි තන පරඩලා ආදිය අහස්හි බමවමින් සුළං ඇල්ලෙක් ගැසුයේය, එයින් පහරදින් එක් ගිරාපැටවෙක් එතනට උඩු සුළඟ සොරුන්ගේ ගමෙහි ඔවුන්ගේ ආයුධ අතුරෙහි වැටුනේය, ඒ ගිරා පෝතකයා අඩයටි මත්හෙි වැටුනහෙයින් සැක්තිකුඹයයි ඕහට නම් නැබූහ, එම සුළඟින් ගිරාපෝතකයෙක් වැටෙනුයේ ඒ ස්ථානයට යටසුළඟ තපස්වීවරයන්ගේ ආශ්‍රම පදයෙහි සඬඛ්‍යානුෂ්ඨානය ඵලවනලද මල්සමූහ ඇති වැලි තලාවෙක්හි මල්මත්තෙහි වැටුනේය.එතැන් වසන තාපසවරහූ දැක මල් රැසෙහිදී දුටුහෙයින් පුෂ්පකයයි නම්තුබූහ, සැක්තිකුඹනම් ගිරවා තෙමේ සොරුන් අතුරෙහිම වැඩෙන්නේය, පුෂ්පක නම් ගිරවා තෙ ගාපසවරු ලඟ වැඩෙන්නේ ය. මෙසේ දෙදෙනා වැඩෙනකල්හි රාජ්‍යය හිමිවූ පඤ්චාල රජ තෙම එක් දවසක් සර්වාලංකාරයෙන් සැරහුනේ එසේම අලංකෘතවූ රථවාහනය කට නැගී මහත් වූ පිරිවරින් මුව දඩ යනුයේ නුවරට නුදුරු තැන්හි සමුල්‍යා සලපල්ලව පුෂ්පභාර හරිත තරුවෙනි රඣ්ජිත වනප්‍රදේශයකට පැමිණ ඒ රජ තෙම තමාගේ සේනාවට නියෝගකරනුයේ යමක්හු සමීපයෙන් මූවා ගියේවීනම් ඕහට දඬයය කියා සම්මතකොට තුමුත් රථයෙන් බැස කොලින් මූවා කොට ඉදිකරණ කොටුපතෙහි හිය දුනුපිට ලාගෙණ වේගවත්ව සිටයේය, එකෙණෙහි මුවන් පන්වනු පිණිස නියුක්ත පුරුෂයන් විසින් කැලෑ ඵලවන කල්හි එක්වෙනි මෘගයෙක් නැගී යන මඟ සැක බලනුයේ රජ්ජුරුවන් සිටි තෙනම මදක් මිනිසුන් තුරුල් නියාව බලා ඒ ස්තානයෙන්ම පවනට බඳු වේගයෙන් පැණගෙණ දිවුයේය, එකෙණෙහි අමාත්‍යයෝ කවුරුත් ලඟින් මුවා පළාගියේ දැයි විචාරන්නාහු රජජුරුවන් ලගීනැයි යනු අසා රජ්ජුරුවන් සමඟ වෙහෙසෙමින් කෙළියාහ, රජ්ජුරුවෝද අභිමාණයෙන් ඇමතියන්ගෙන් වෙහෙසුන් ඉවසිය නොහෙනුයේ දැන්ම මුවා අල්වාගෙණ එමි රථයට පැණනැගී වහා රථය පදුවයි රථාවායර්යාහට නියෝගකෙරෙමින් ගොස් මූවා ගිය හසරට බටුයේය, වේගයෙන් යන්නාවූ රථය සේවකයෝ ලුහුබඳවා ගන්ට අසමත්වූහ, රජ්ජුරුවෝද රථාවායර්යා දෙවෙනිකොට ඇතියේ මඬ්‍යාහ්නකාලයෙහි දක්වා දිවදිව විඩාව මුවා නොදැක නැවත එනුයේ ඒ සොරුන් වසන්නාහු ග්‍රාමයට බටුයේය, නුදුරුවූ ස්ථානයෙක සිත්කළුවූ කඳුරැලියක් දැක රථයෙන් බැස සන් දනකොට නොනැගී සිටීයේය, ඉක්බිති රථාවායර්යතෙම රථයෙහි අතුරණලද පළසගෙණ සිත්කළුවූ රුක්සෙවනෙක්හි අතුලේය, විඩාවූ රජ්ජුරුවොත් එහි ගොස් සැතපුනේය, එකෙණෙි රථාවායර්යයාත් රජ්ජුරුවන් පයමැඩ උන්නේය, රජ්ජුරුවොත් නිදාපිබිද මෙපරද්දෙන්නිදනිනෝත් වෙති පුබුදින්නෝත් වෙති ඒ ගිමිහි වසන්නා වූ සොරහුද රජ්ජුරුවන්ට ආරක්ෂා පිණිස වනයවට කොට රැකවල්ගත්හ, සොරුන්ගේ ගමෙහි වසන්නා වූ සැක්තිකුම්බ නම් ගිරා තෙම ගමින් නික්ම රජ්ජුරුවන් වැදහෙව නිදන්නාවුන් දැක සිතනුයේ මුන් නිදදනුයදී මරවාපියා මොහු පැළඳගත් ආභරණ ගෙන්වාගණිමියි සිතා පතී කොළඹනම් සොරහු බත්පිසන තෙනටගොස් වැද පතීකොළඹය වහාවර එක් තරා පුරුෂයෙක් එක් රුකක්මුලක විඩාව නිදන්නේය, නැගෙන්නාවු අස් වාහනයකින් යුක්තව වූ තෙමේ ලදරු බාලය, බහා පළඳනාලද කුණ්ඩලාභරණ ඇත්තේය, ජාමිබෝනද ස්වණීයෙන් හා පද්මරාගමාණික්‍යයෙන් කරණලද බොහෝ පැලදගත් නලල්පටක් මුදුන්පත් හිරුමෙන් බබලන්නේය.

මේ තෙම මඬ්‍යාහ්නකාලයෙහි රුක්සෙවනෙක රථාවායර්යහු දෙවෙනිකොට ඇතියේ වැද හොත්තේ ය, මේ අවසරයෙහි මොහුමරා පැළඳිආභරණ ගලවාහම්හයි කියා මේ වේලාවට ඔහු වැදහොත් ස්ථානය මධ්‍යමරාත්‍රියෙහි සොරකම්කරන වේලක් මෙන් ජන විවික්තව මරණට අවසර පෙණිතිබුනේය. එබැවින් නොපවාම ඔහු මරා පැළඳි ආභරණ ගලවාගෙණඑම්හයිකියා වේගයෙන් ඔහුම දුවන්නේය, විටෙප්ති පතීකොළඹ ලඟදිවන්නේය, ඒ තෙමෙත් ඔහු බස් අසා වැලිපලින් නික්ම ගිරවා කීතෙනට ගොස් බලනුයේ ඔහු රජ්ජුරුවන් නියාව දැක භයින් තැනිගෙණ කීමෙන්ද සැක්තිකුම්භයෙනි තොපි වීයරුහී දොඩවීද මේලෝකයේ රජ්ජුරුවෝනම් දිලිසෙන ගිණිසේ, සිටයුත්තාහ එබැවින් ළංවන්නට කාරණා නොවන්නේයැයි කීයේය. ඉක්බිති ගිරවා තෙම එසේ කල සබඳ පතීකොළඹය සොරුන් බී ඉතිරි සූරාවෙක් ඇත්නම් අනුභව කොට මත්වපියා මහත් කොට ගර්ජනා කරන්නෙහි මාගේ මෑණියන් කොළඅතු වසාගෙන නග්නයෙන් ඉන්දවීත් සොරකම් කරන්න වැගි තොපට කැත කරන්නේ නොවේදැයි කීපී දෙඩුවේය. රජ්ජුරුවෝ ඒ වේලාවට පිබිද මනුෂ්‍ය භාෂාවෙන් කියන බස් අසා මේ ස්ථානයේ ඉති භය සහිත යැයි රථාචාර්යා හට කියනුයේ සබඳ රථාචාර්ය දැන් නැගී සිටුව මෙතනින් යායුතු වන්නේය. එබැවින් රථය යොදාළව මේ ග්‍රාමයෙහි මගේ සිත්නෑලෙන්නේය. අනිත් ආශ්ර්‍‍රමයකට යම්හයිකීයේය. රථාචාර්ය තෙම වහා නැගී සිට රථය යොදා වැඩිය මැනව දේවයන්වහන්ස අන්‍යස්ථානයකට කී හෙයින් එකල්හි සැකතිකුම්භ ගිරවා තෙම රථයට පැන නැගී යන්නාහු රජ්ජුරුවන් නොයිවසනුයේ මේ ස්ථානයේ වසන්නා වූ සොර දෙටුවානම් ඇතුළු වූ සොරහු කොයි පලා ගියාහුදැයි ඔවුන් නොදුටු බව හේතු කොට ගෙන පංචාල දේශවාසිවූ රජ තෙම ගැලවී යන්නේය. කොල වහා නික්ම ඔහු වට කරවා අල්වයි දුනු අඩ යටි තෝමර ආදීය ගෙන වහා මොහුගේ ජීවිත විනාශ කරවා නොහැරවයි මෙපරිද්දෙන් සොරුන්ට අඬගා විධාන කෙරෙමින් තමා නුසුදුසු තෙන වැඩි ගත් ගුණය ප්‍රකාශ කළේය. මෙසේ මොහු මොර ගාමීන් ඈත මෑත දිවෙමින් සිටියදී ඒ පර්වතයට යට සුළඟ තාපසවරු වසන්නාහු ආශ්‍රම පදයට පැමිණියේය. ඒ ක්‍ෂණයට තපස්වීවරයෝ පලාඵල පිණිස වනයට ගියාය. පුෂ්පක ගිරවා පමණක් ආශ්‍රමපදයෙහි උන්නේය. ඒ තෙම රජ්ජුරුවන් තෙම පෙර ගමන්කොට සන්තෝසයෙන් ආදර දක්වා පිළිසඳර කථා කරනුයේ මහා රජ්ජුරුවෙනි මෙතනට ආ තොපගේ ඊම යහපත් වන්නේය. පැමමිණියාවූ තෙපි ආගන්තුග යැයි නොසිතව තෙපි මේ ස්ථානයට නායකයෙමියි සිතව මෙතනින් යමක් කැමතියානම් ඒ කිව මැනවැයි තවද රජ්ජුරුවන් වහන්සේ මේ විලික්‍ෂුනු තඹිරද පියල්ලද නොහොත් මොරද මධුර වූ ඵලද විලිසුණු එරමිණියාද යන සියල්ලද දඬුඑල්බෑයට බඳු වූ රස ඇතියාහ.

මෙයින් යහපත් පලාඵල අමුත්තක් නොසිතා ඇරගෙන අනුභව කළ මැනවැයි පටිසත්කාර කළේය. රජ්ජුරුවෝ මොහු බස් අසා පැහැද මේ පක්ෂි රාජ තෙම ඉතා යහපත් එකෙක විශේෂයෙන් ධාර්මිකය පලමු අප දුටු ගිරවා තෙම රූපයෙන් මොහු වැනියේ නුමුත් අප දැකලා මොහු කොටව මරව යා නොදෙවයි කියමින් සිටියදී මෙතනට දුක සේ පලා ආම්යි කීයේය. එබස් අසා පුෂ්පක ගිරවා තෙම සබඳ මහ රජ්ජුරුවෙනි ඒ තොප දුටු ගිරවා නම් එකම මෑණියන කුස හෙව එක පියානන්ට දාව එක් රුක්සිදුරෙක්හි වාසය කළ අපි දෙදෙනාමෝමය සහෝදර මල්බෑය මෝවම්හ එතකුදු වුවත් ස්ථාන වශයෙන් වෙන්වුම්හ තුමු නමින් සත්තිකුම්භ නම් වෙති. ඒ තෙම චණ්ඩපරුෂ වූ සොරුන් ළග වැඩී වර්ධනය වූයේය. මම වනාහි නමින් පුෂ්පක නම් වීමි. කරුණා ගුණයෙන් තෙත් වූ සිත් ඇති තාපසවරුන් කෙරෙහි වැඩී වර්ධනය වීමි. ඒ ගිරවානෝ අසත්පුරුෂයන් විසින් එක්ව වැඩුණු හෙයින් එබඳු වූ ගුණ ඇති වූයේය. මම වනාහි සත්පුරුෂයන් ළග වැඩුන හෙයින් මෙබඳ වූ ගුණ ඇති වීමි. ඒ සත්තිකුම්භ නම් ගිරවානෝ සොරහු සොර කමින් අනාචාරයෙන් තදපරුෂ ගුණයෙහි ඉක්මවූහ. මම වනාහි මේ තාපසවරහු ශිලාචාර ගුණයෙන් හික්මවූහ. එබැවින් ස්ථාන වශයෙන් ගුණ වශම වූ යැයි කීයේය. සොරු ළග වැඩුනු ගිරවා තෙම නොයෙක් වධ බන්ධන හා සොරකම් වංචාප්‍රයෝග නොයෙක් සාහසික ක්‍රියාවන් ඉගෙන එතැන්හි උන්නේය. මම වනාහි මෙතැන්හි සබඳ පියබස් කීම්ද සුචරිත ධර්මයෙහි හැසිරවීම්ද මෛත්‍රීපූර්වඟමව විසීමද ශිලසංයදයද ඉන්ද්‍රිය දමනයද පැමිණි අමුත්තන්ට ඉඳිනා අසුන් දීමද පයට පැන් දීමද යන මේ සියල්ලේ හික්මවන ලදින් මේ තලස් වීම් කෙරෙහි වැඩිනිමියි කීයේයි. ඉක්බිති ඒ ගිරවානෝ තුමු රජ්ජුරුවන්ට ධර්මදේශනා කරනුයේ පංචාළ දේශයට නායක වූ රජ්ජුරුවෙනි මේ ලෝකයේ සත්පුරුෂ වූ හෝ අසත්පුරුෂ වූ හෝ යම් සත්වයෙක් භජනය කරන්නේ වීනම් ඒ මුල් ආචාරීන්ගේ ගුණයම ශික්ෂ්‍යා හට පැමිණෙන්නේය. එබැවින් ඒ සිල්වතුන් ගුණවතුන් වැඩියා වූ ගුණ ඇතිවෙති දුශ්ශිලයන් කෙරෙහි වැඩියත් එබඳු දුශ්ශීල ගුණයම පුරුදු කොට අයසට පිහිටවන්නාහ. තවද රජ්ජුරුවෙනි යම් බඳු වූ හික්මුනාහුවෝ නොහික්මනාහුවෝ එකෙකු යමෙක් මිත්‍ර කොටගෙන වෙසේද එයිත් එබඳ වූගුණයටම පැමිණෙනුයි , සත්පුරුෂයන් හා එක්වූයේ සත්පුරුෂ ගුණයෙන් ප්‍රකාශ වන්නේය, අසත්පුරුෂයන් හා එක් වූයේ ආකාරියෙහි ඇසිවීමෙන් අයසට පැමිණෙනේය. එතකුදු වුවත් සත්පුරුෂ ගුණ ඇත්තවුන් හා එක්වීමෙන් අසත්පුරුෂ ගුණය නොපැමිණෙන්නේය නොහික්මුණු අසත්පුරුෂයන් හා එක් වූ පමණකින් සත්පුරුෂ ගුණ ඇති උත්තම තෙම තමා පලමු හික්ම සුසික්‍ෂවූහෙයින් අසත්පුරුෂයන් විසින් පසුව එක්වූ පමණකින් අසත්පුරුෂවූ පවිටු තැනැත්තන්ගේ ගුණ නොගන්නේය.

ඊට දෘෂ්ටාන්ත කවරේද මැටිභාජනයෙහි ලනලද සුවඳ මල් තෙම මැටි සුවඳ කරන්නේය. මැටි සුවඳක් නොකරන්නේය. එපරිද්දේන් හික්මුණු සත්පුරුෂ තෙම නොහික්මුනු අසත්පුරුෂයන් හා එක්වුණු පමණකින් නපුරට නොයන්නේය. තවද රජ්ජුරුවෙනි මේ ලෝකයේ යම් යම් ගුණයක් සෙවුනා එකෙක් තමා සෙවුනා වූ සත්වයන් එබඳ ුගුණයට වන්නේය. ඒ කුමක් මෙන්දැයි විෂ පෙවු හීදඬු මිශ්‍රවූ හීකට්ටුව තෙම විෂ නොපෙවු සෙසු හීදඬු සම්පර්කවශයෙන් විෂ භාවයට පමුණු වන්නේය, එපරිද්දෙනි. තවද රජ්ජුරුවෙනි යම් සත්වයෙක් කුස තන අගකින් කුණුමසක් පිරිමැන්දේ වීනම් ස්පර්ෂලද්දාවූ තණත් අපවිත්‍ර වන්නේය, පූතිමාංශතෙම කැලම කුණුක වන්නේය. එපරිද්දෙන් අඥාන සත්වයා හා එක් වූ තැනැත්තොත් අඥානව අසත්පුරුෂ බවට පැමිණෙන්නේය. ඒ තෙමේත් කැලම අසත්පුරුෂයයි කීයේය. තවද යම් සත්වයෙක් තුවරලා කස්තුරි කපුරු ආදී වූ සුවඳපාත්‍රයෙහි වැසුයේද ඒ සුඟන්දය හා ස්පර්ශ ලත් පමණකින් පාත්‍රය සුවඳ වන්නේය. ඒ තෙමේ සුවඳ බැවින් සුවඳ වන්නේය. එපරිද්දෙන්ම යම් ශිල්ප වූත් යම් ධීරප්‍රඥාත් කෙනෙකුන් හා එක් වීද ඒතෙමේ ප්‍රඥාවන්ත වන්නේය. එසේ හෙයින් සත්පුරුෂයන් හා එක්වීම භජනය කිරීම උත්තමයැයි කියති. තවද මත්තෙහි අනුශාසනා කරන පුෂ්පක නම් ගිරවා තෙම රජ්ජුරුවෙනි යම්සේ ඒ පත්‍ර පුටයෙහිම සිට තමා සුඟන්ඳය භාවිතා කරන්නාක් මෙන් සත්පුරුෂයන් හා එක්වීම භජනය කිරීම උත්තම යැයි කීහ. ඔහු ගුණ තමා කෙරෙහි පුරුදුකිරීම් වශයෙන් සත්පුරුෂයන් සෙවියයුතුය, අසත්පුරුෂයන් දුරුකටයුතුයැයි මෙසේ පක්‍ෂවීමට කාරණා කිමෙක්ද යනහොත්? අසත්පුරුෂතෙම තමා හා එක්වූවත් නරකයට ගෙණ යන්නේය, සත්පුරුෂ තෙම තමා හා එක්වූවන් දිව්‍යලොකසම්ප්‍රත්තියට පමුණුවන්නේය. එබැව්න් සත්පුරුෂයන් සෙවිය යුතුයැයි මෙපරිද්දෙන් ධර්මදේශනා කළේය. රජ්ජුරුවෝ ඒ ගිරවාණන්ගේ ධර්මදේශනාවෙහි ප්‍රසන්නවූහ. ඒ කියමින් සිටි නොබෝ කලකින් තාපසවරහුත් පලාඵල ගෙන ආහ. තමන්ගේ තපෝ වනයට ආ රජ්ජුරුවෝද තාපස වරුන්ට වැද උන් ගේ ඉරියව්වේ පැහැඳ මාගේ නුවරට වැඩිය මැනවැයි තපස්වීන්වහන්සැයි ආරාධනා කොට සිය නුවරට වැද අමාත්‍යමණ්ඩලයා මධ්‍යයෙහි ගිරවාණන්ගේ ගුණ කථනය කොට ඒකල්හි ගිරවානන් කෙරෙහි ගත් සෙනහයෙන් තමන්ගේ රාජ්‍යයෙහි කිසි තැනකත් ගිරවෙකු මැරිය නොහැක්කයයි ගිරවුන්ට අභය දානය දෙවුහ. ඉක්බිති තාපස වරුන්ගේ රජ්ජුරුවන්ගේ ආරාධනා නිසා ඒ නුවරටම ආහ. රජ්ජුරුවෝ ද තමන්ගේ උයනෙහි පන්සල් කරවා දී සිවු පසයෙන් උපස්ථාන කොට ස්වර්ගපදප්‍රාප්ත වූහ. ඒ රජ්ජුරුවන්ගේ පුත්‍රයෝනෝද අනතුරුව රාජ්‍යාභිෂේකයට පැමිණ ඒ තාපස වරුන්ට උපස්ථාන කලේය.

මෙපරිද්දේන ඒ රාජ්‍යවංශයෙහි රජ සත් පරම්පරාවක මේ දන් වැට පැවැත්වූහ. මහ බෝධි සත්ත්වයො ්ඒ වනයෙහි වාසය කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහයි වදාරා ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ මේ ජාතක ධර්ම දේශනාව ගෙන හැර දක්වා වාදාරා මහණෙනි පෙරත් දේවදත්ත ස්ථවිරතෙම පාපිෂ්ටව එසේම පවිටුව පිරිවර ඇති වූයේ වේදැයි වාදාරා මේ ජාතකය පූර්වාපරසන්ධි ගලපා නිමවා වදාළ සේක.

ඒ සමයෙහි සත්තිකුම්භ නම් ගිරවා තෙම දේවදත්ත ගිරවා තෙම සොරහු දැන් මොහුට පිරිවර උපන් පර්ෂත්වූහ එසමයෙහි රජ්ජුරුවෝ නම් ආන්න්දස්ථවිරයෝ එකල්හි තාපස වරහූනම් දැන් මේබුදුපිරිස් වන්නාහ, එකල්හි පුෂ්පකනම් ගිරවාතෙම දැන් මෙකල්හි බුදුවු මම්මයයි තමන්වහන්සේ දක්වා වදාළසේකි.