මුල් පිටුව

488 වීතිය ස්වර්ණහංස ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

සර්වඥයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරනසේක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කළ ජිවීත පරිත්‍යාහයක් අරභයා මේ ජාතකය වදාළ සේක. රොහන්ත මෘග ජාතකයෙහි මෙනි.

ජාතක කථාව:-ඉහත බරණැස රාජ්‍ය කළ බහුපුත්තකනම් රජ්ජුරුකෙනෙකුන්ට ඛෙිමා නම් ප්‍රිය වඩන බිසවක් වූවායත එකල අනුදහසක් හංසයන් පිරිවරා ගත් රන්වන් හංස රාජයෙක් චිත්‍රකූට පර්වතයෙහි වසන්නේය. දිනක් ඛේමා බිසව ස්වජනයෙන් රන්වන් හංසයෙක් සිංහාසයේ හිඳ මිහිරි කටහඩින් බණ කියනවා දැක වහා පිබිඳ අසනීප බවක් හඟවා රන් හංසයෙක-ගෙන් බණක් අසනා දොළක් උපනැයි රජ්ජුරුන්ට දන්වා යහනෙහි ම වැදහෙව සිටියාය.

රජතුමා රන්වන් හංසයෙක් චිත්‍රකූට ප්වතයෙහි වසන බැවි අසා හංසයන් එහි ගෙන්වනු සඳහා ඇමතියන් බණවා පංච විධ පුදුමයෙන් ගැවසීගත් අලංකාර පොකුණක් කරවා හුරු ඇල් ආදී ධාන්‍ය වර්ග තබ්බවා පක්ෂින්ට ගෝචර බීමක් මෙන් සමුර්ධිකොට මල දුනු හී රැගත් වැදි පුත්‍රයෙකු විල් තෙරම නතර කළහ. ක්‍රමයෙන් ඒ විලට පැන් බොනු සඳහා පක්ෂින් එන්නේ දිනක් හංස රාජයන් බවට නියාව දැක දුටු වැදි පුත්‍රයා වහා ගොස් රජ්ජුරුවන්ට දන්වා වලක් අටවා තැබීය. ඊට පසුදින හංස රාජයා ඊට අසුවිය සෙසු හංසපිරිවෙර හිස් ලූ ලූ අත පැන දිවු නමුත් සුමුඛ නම් හංස සේනාධිපතියා වහා එහි පැමිණ දුක්වී උරෙනුර ගැටී සිටියේය. හංස රාජයා ඔහු අමතා සුමුඛයෙනි, මා මලෙහි බැඳුන බැවින් සෙසු සියළුම හංසයෝ පැන ගියහ. තෙපිද වහා පැන ගොස් ජිවිතය බෙිරා ගනු මැනවි.

ධෘතරාෂ්ඨ හංස රජ්ජුරුවෙනි, අද තොප දුකට පැමිණි කල්හි මමද දුකට පැමිණියෙමි. භයින් පැනයාම මිත්‍ර ධර්මයක් නොවේ.

සුමුඛයෙති, කොපලඟ ඇත්තේ උතුම් මහත් ගතිගුණය, තොප මා හැර නොයන නියාව නොදනිමියි මෙසේ කථා කරමිනි උන් කලට වැදි පුත්‍රයා පැමිණියේය. සුමුඛ හංසයා වැදි පුත්‍රයා අමතා සබඳ, ධෘතරාෂ්ට හංස කුලයට සතර සංග්‍රහ වස්තුවෙන් අනුශාසනා කරන මේ හංස රජ්ජුරුවන් විනාශ කෙළෙහිනම් සියළුම හංසයෝ කිසි පිහිටක් නොලබන්නාහු යයි හංස රජ්ජුරුවන්ගේ ගුණ වැනීය. එබස් ඇසීමෙන් මොලොක් වූ සිත් ඇති වැදි පුත්‍රයා හංස රජ්ජුරුවෙනි අහසින් යන තෙපී කුමක් නිසා මල බැඳුනෙහිදැයි විචාළේය.

සබඳ වැදි පුත්‍රයෙනි, වින්ද යුතු අකුශලයක් පැමිණි කල්හි ඊට අයත් විය යුතුය. එහි බැඳෙන තුරු එය මළෙක්ද දැළෙක්දැයි දැනගත නොහැක්කකේය. වැදි පුත්‍රයා වඩාත් ම සතුටට පත්වූයේ සුමුඛයන් අමතා සබඳ හංසය, මේ හංස රජ්ජුරුවන් මල බැදුන වේලෙහි තොප පැන නොගොස් කුමක් නිසා මෙහි රැදී සිටියෙහිද? මොහු ගේ බන්‍ධුව සිටියෝ තොප පමණක්ද?

වැදි පුත්‍රය, මේ මාගේ රජ්ජුරුවෝය. එක් අතකින් මිත්‍රයානෝය. මාගේ ප්‍රාණය හා සමානය. දිවි ඇති තෙක් මොහුගෙන් වෙන් නොවෙමි. ශරිරයෙන් වෙන් වූවා මිස ප්‍රාණයෙක් එකය.

හංස රජ්ජුරුවෙනි, තොප අල්ලාගෙන ගියහොත් පොළොව පලා ගෙන මා ගිලෙන්නේය. රජ්ජුරුවන්ගෙන් මට ලැබෙන සම්පත්තීන් කම් නැත. තොපව මා නිදහස් කරමි සුවසේ ගොස් වසවයි නියම කොට මල මුදා පා තෙල් ගා සුවපත් කෙලේය. ඊට පසු හංස රජ්ජුරුවෝ වැදි පුත්‍රයෙක් අමතා තමා කුමක් නිසා අල්ලගත්තේදැයි විචාරා ඛේමා බිසවගේ දොළ සංසිඳුවීම පිණිසයයි අසා තමා රජ්ජුරුවන් සමීපයට යාමෙන් ඛේමා බිසවගේ දොළ සංසිදෙනා බවත් වැදි පුත්‍රයාට වස්තුව ලැබී විල අභය ස්ථානයක් වන බවත් සුමුඛ හංසයාගේ මිත්‍ර ධර්මය ප්‍රකාශ වන බවත් දැන මිත්‍ර වැදි පුත්‍රය, අප දෙනව කදක තබාගෙන බහුපුත්තක රජ්ජුරුවන් සමීපයට ගෙනයව, ඉන් යහපතක් වන්නේයයි කීයේය. වැදි පුත්‍රයා අසතුටෙන් නමුදු හංස රජ්ජුරුවන්ගේ ඉල්ලීම පරිදි ගෙන ගොස් රජ්ජුරුවන්ට දැක්වූයේය. ඔවුන් දුටු රජතුමා මහත් සතුටට පත්ව රන් පුටුවක හිඳුවා මී හා විලඳ කවා තෙල් ගල්වා බණ අසනා පරිද්දෙන් වැඳ ආරාධනා කෙළේය. හංස රජතෙම රජ්ජුරුවන් අමතා රජ්ජුරුවෙනි තොපගේ සැප කිම්ද? රාජ්‍යය දැහැමෙන් අනුශාසනා කරවුද?

හාස රජ්ජුරුවෙනි, මට දුකෙන් නැත රාජ්‍යය දැහැමෙන් අනුශාසනා කොරමි

රජ්ජුරුවෙනි, තොපගේ අමාත්‍ය මණ්ඩලය කෙරෙහි දෝෂයක් නැද්ද? තොපට පක්ෂ පාතව වෙසෙත්ද? සතුරෝ නැද්ද?

හංස රාජය අමාත්‍ය මණ්ඩලය මා කෙරෙහි පක්ෂය, සතුරෝත් නැත

රජතුමනි, තොපගේ බිසව තොපට අනුකූලද? සියළු ස්ත්‍රී ගුණයෙන් සම්පූර්ණද?

හංස රාජය, මාගේ දරුවෝ සියයක් පමණ ඇත. උන්ට අවවාද කොට සැපතෙහි හසුරුව මැනවි.

හංස රජ්ජුරුවෝ පුත් කුමාරවරුන් අමතා කුමාරවරුනි ලෝකයෙහි ඇති උගත මනා ශිල්ප ශාස්ත්‍ර හදාරා ගුණ ධර්මවලින් සම්පූර්ණව වන්නේය. එබැවින් මේ ගැන සිතට ගතයුත්තේය. නුවණැස ඇති අයම ලෝකයෙහි බැබලෙන්නේය. උට්ඨාන වීය්‍ර්‍යයෙන් යුතුව කල් යැවිය යුතුයයි කියා පුත් කුමාරවරුන්නටද රජ්ජුරුවන්ටද සියළු රාත්‍රියෙහිම අවවාද කොට බිසව දොළක් සංසිඳවා ශිලයෙහි පිහිටුවා ඉන් නික්ම චිත්‍රකූට පර්වතයටම ගියහ. වැදි පුත්‍රයා බොහෝ සම්පත් ලැබ විසුවේය.

එසමයෙහි වැදිපුත්‍රයා නම් දැන් ඡන්න අමාත්‍යයාය බහුපුත්නක රජ්ජුරුවෝ නම් සැරියුත් තෙරුන් ඛේමා බිසව නම් මේ ඛේමා මෙහෙණියමය. හංස සේනාධිපි නම් ආනන්ද තෙරුන්ය. හංස රජ්ජුරුවෝ නම් බුදුරජාණන් වහන්සේය.