මුල් පිටුව

483 මාතංග ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් උදේනි වංශයෙහි උපන් එක් රජෙකු අරභයා වදාළ සේක.

දිනක් පිණේඩාල භාරචාජ මහ තෙරුන් වහන්සේ කොසැබෑ නුවර උදේනි රජ්ජුරුවන්ගේ උයනට වැඩ එි ධ්‍යාන සැපයෙන් උන් සේක. එදින එනුවර රජකරන අන්තඃපුර ස්ත්‍රීන් සමග උයන් කෙළියට පැමිණියේ නොබෝ වේලාවකින් රා මදයෙන් මත්ව එක් අඟනක ඇකයෙහි හිස තබා වැඳහොත්තේය. අනිත් පුරඝ’නෝ රජතුමාට නින්ද ගිය බැව් දැන තූර්‍යය භාණ්ඩ පසෙක දමා උයන් සිරි නරඹමින් යන්නාහු සල් රුක මුල සමාපත්තී සුවයෙන්කල් යවන පිණේඩාල භාරචාජ හිමියන් දැක වැඳ එකත්පස්ව උන්හ. තෙරුන් වහන්සේ ඔවුන්ට බණ දෙසු සේක ස්වල්ප වේලාවකට පසු පිබිදී රජතුමා අවට බලා චණ්ඩාල කෙල්ලෝ කොයිදැයි විචාරා තෙරුන් ලඟ බණ අසමින් උන්නා දැක තෙරුවන් ගුණ නොදත් ඔහු වහා කිපී එහි පැමිණ එම්බල තවුස් වෙස්ගත් හොර මහණ, කෙලෙසුන් කෙරෙන් දුරුවූයෙම්යි ලොවට පෙන්වා මේ නව යොවුන් ස්ත්‍රීන් සමඟ විනෝද වන්නේයැයි අක්‍රොශ පරිභවකොට අවටින් බොහෝ දිමි කුඩූ ගෙනවුත් තෙරුන්ගේ ඇඟට දැමූහ. මෙයින් පීඩාවට පත් තෙරුන් වහන්සේ මහත් සෘඬි ඇතිව ආකාශයට නැගී ජේතවන දොරටුව සමීපයට බට සේක. බුදුරජාණන් වහන්සේ ඔවුන් දැක කාරණය දන්වා සේක් වීනමුත් විචාරීමෙන් ජාතකකථාධර්මයන් දෙසීමට අත්‍ථෙිාත්පත්ති වේදැයි සිතා තෙරුන් අමතා කොතැන් සිට කුමක් නිසා මෙහි පැමිණියෙහිදැයි අසා විස්තර දැන මහණෙනි, උදේනී රජතෙම ප්‍රවෘජිතයන් වෙහෙසුයේ දැන්මතු නොවෙයි පෙරත් හිංසා පීඩා කොට පෙලුයේ වේදැයි ඉකුත් වත දක්වා වදාළ සේක. භික්ෂූන් වහන්සේ

එම්බා අධමවූ ශ්‍රමය, පුණ්‍යක්‍ෂෙසත්‍ර තොපට වඩාමම දනිමියි එබැවින්මේදොළොස් දහසක් උතුම් බමුණන් කෙරෙහි ධානමය කුසල් බිජුවට වපුරමි තොප නිහඬව පලායව

යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් රාජ්‍යය කරන කල්හි එරට චණ්ඩාල කුලයක උපන් මාතඬග පණ්ඩිත යන නාමයෙන් ප්‍රසිද්ධ මානවකයෙක් විය. බරණැස් සිටාණන්ටද රුවින් අගතැන්පත් දිට්ඨමංගලිකා නමින් ප්‍රසිද්ධ දුවක් වූවාය. ඕතොමෝ මානවකයන් දැකීම මඟුලයි යන අදහසෙකින් සිටියාය. දිනක් ඈ පිරිවරින් යානාවකට නැගී උයන් කෙළියට යන්නීය. ඒ අතර මාතඬග පණ්ඩිත තෙමේ කිසි කටයුත්තක් සඳහා නුවරට යන්නේ ඇතුල් වාසල් දොරදී දිට්ඨමංගලිකාව දැක ඉවත ගොස් ඇලි ඇලී සිටියේය. ඈ තිරය අස්සෙන් වට පිට බලන්නී පණ්ඩිතයන් දැක කවුරුදැයි විචාරා චණ්ඩාල පුත්‍රයෙකැයි දැන අනේ නොදැක්කයුතු නීච පුරුෂයෙකු දුටුවිනිමැයි සුවඳ පැණින් ඉද් සෝදා නා උයන් කෙළියට නොගොස් කල කිරී ආපසු ගෙටම ගියාය. එහි සිටි බොහෝ ජනයා මේ දෘෂ්ඨවූ චණ්ඩාලයා නිසා නොමිළේ අපට ලැබෙන රාමස් ආදිය අද නැතිවගියේයයි කිපී පණ්ඩිතයන්ට අතින් පයින් ගසා දුර්වල කොට දමා ගියහ. පන්ඩිතයේ ද ඇසිල්ලක් එහිම කල් යවා ඇගේ පිරිවර ජනයා නිවරදවූ මට හිරිහැර කළහ. මුන් මට දුන් වෙහෙසට මොවුන්ගේ ස්වාමී දුව වූ දිට්ඨමංගලිකාව ලදොත් මිස මින් නොයමියි අධිෂ්ඨානය කොට එබැව් දන්වා සිටාණන්ගේ දොරකඩ වැදහොත්තේය. මෙසේ දින හතක් ඉක්මී ගිය තැන සිටුතුමා දිට්ඨමංගලිකාව ඔහුට පාවා දුන්හ. ඈ පණ්ඩිතයන් අමතා ස්වාමිනි නැගී සිටුවයි කීහ. සොඳුර තොපගේ පරිවාර ජනයා මට බොහෝ හිංසා කළහ. නැගී සිටිය නොහැක්ක තොපගේ පරිවාර ජනයා මට බොහෝ හිංසා කළහ. නැගී සිටිය නොහැක්ක තොපගේ වාරුවෙන් මා ගෙන යවයි කියා ඇගේ ආධාරයෙන් නැගී සිට චණ්ඩාල ග්‍රාමයට ගියහ. පණ්ඩිතයෝ ඈ ජාතිභෙද නොකොට කීප දවසක් ගෙවා මම වනයට යමි එනතෙක් කලනොකිරී වසවයි වල්වැද ශ්‍රමණ ප්‍රවෘජ්‍යවෙන් පැවිදිව භාවනාකොට ධ්‍යාන උපදවා සත්වන දවස්හි දිට්ඨමංගලිකාවට පිහිටවෙමියි සිතා සෘඬියෙන් අහසින් පැමිණ සැඩොල් ගම දොරෙහි බැස ගේ දොරට ගියේය. ඕතොමෝ ස්වාමියා ලඟට ගොස් ස්වාමිනි, මා අනාථකලේ මන්දැයි ඇඩුවාය. පණ්ඩිත තෙම සොඳුර, තොපට කිසි අඩුවෙක් නැත. නොබියව්, තොපට පෙරටත් වඩා සැප සම්පත් ලබා දෙමි තොප පිරිස මැද මෙසේ කියව, මාගේ ස්වාමියා එසේ මෙසේ කෙනෙක් නොව, මහා බ්‍රාහ්මයයි කියව දැන් තොපගේ ස්වාමියා කොයි දැයි විචාළ කල්හි බ්‍රහ්ම ලෝකයට ගියේය. අදින් සත්වන ලබන පසළොස්වක දිනයෙහි සඳ මඩල පලාගෙන එන සේකයි කියවයි නියමකොට හිමාලයට වැඩි සේක. දිට්ඨමංගලිකාවද බරණැස් නුවර මහජනයා මැඳට ගොස් පළමු සේ කියා ඇවිද්දාය මහ ජනයාද මෙයින් පුදුමයටත් ප්‍රීතීයටත් පත්ව නියමිත දිනයෙහි රාශීභූත වෙමින් උන්හ. පණ්ඩිතයන් වහන්සේ පසළොස්වක දිනයෙහි සඳ අහස් මැදට වන් කල්හි බ්‍රහ්මාත්ම භාවය මවාගෙන සියළු කසීරටද දොළොස්යොදුන් බරණැස් නුවරද එකාලොක කොට චන්ද්‍ර මණ්ඩලය පලාගෙන බැස බරණැස් නුවර මත්තෙහි තුන් යලක් පැදකුණු කොට මහ ජනයාගෙන් පුජා ලබමින් සැඩොල් ගමට අභිමුඛවූ සේක. බ්‍රහ්ම භක්ති ඇත්තෝ සැඩොල් ගමට ගොස් දිට්ඨමංගලිකාවගේ ගෙය සුදු වස්ත්‍ර වලින් සරසා මල් ඉස සුවඳ දුම් දී වියන් බැඳ මහත් යානාවක් පනවා සුවඳ තෙලින් පහන් දල්වා පණ්ඩිතයන් වඩා හිඳවූ සේක.

ටික වේලාවක් යහන් මත්තෙහි හුන් දිට්ඨමංගලිකාවෝ මල්වර වුවා දැන ඇඟිලි අඟින් ඇගේ නාභිය පිරිමැද්දේය. ඒ වේලෙහි ඇගේ බඩ ගැබ පිහිටියේය. පණ්ඩිතයන් වහන්ස ඈ අමතා සොදුර, තොප ගැබ දරු ගැබක් පිහිටියේය. පුතකු වදන්නීය. තොපද යසසින් අග තැන්පත් වන්නේය. තොප පය සේදු ජලය දඹදිව රජ දරුවන්ට අභිෂේක ජලය වන්නේය. තොප නහන ජලය වනාහි අමා ඖෂධ වන්නේය. යමෙක් ඒ ජලය ස්නානය කරයිද රෝග සන්සිඳ සියළු භාග්‍ය උදාවන්නේය. තොගේ පාපිටි හිස තබා වඳින අය දහසක් පුද දෙති ශබ්දය ඇසෙන තැන සිට වඳින අය සීයයක් දෙති. ඇස හමුවෙහි සිට වඳිනාවූ එක් කහවනවක් දෙති. ප්‍රමාද නොවවයි අවවාද දීගෙන නික්ම මහ ජනයා බලා සිටියදීම අහසට පැන නැගී සඳමඩලට වන් සේක. එතැන් පටන් දිට්ඨමංගලිකාව නොයෙක් පුද පූජා ලබමින් හැසිරෙන්නී අටළොස් කෙළක් ධනයට හිමිකාරියක් වූවාය. නුවර මැද සත් මහල් මහා පායක වසන ඕතොමෝ පින්වත් පුත්‍රයෙක් වැදුවාය. විශේෂයෙන් පිළියෙල කළ මඩුවක උපන් හෙයින් මණ්ඩව්‍ය කුමාරයා යන නමින් ප්‍රසිද්ධ විය. ඔහුට අට හැවිරිදි වූයේ දඹදිව ප්‍රසිද්ධ ආචාරීන්ගෙන් වෙදත්‍රය හදාරා නිම් කොට සොළොස් වයස් වූ තැන පටන් දහසක් බමුණන්ට නිබඳ දන් පැවැත්වූයේය. භික්ෂුන් වහන්සේ ට හෝ ධ්‍යානලාභී තාපසවරුන්ට නොසලකන්නේය. දිනක් මාතඞග පණ්ඩිතයන් වහන්සේ හිමාල වනයේ සිට දිට්ඨමංගලිකාවත් පුතණුවන්වත් සිහිකොට බලන්නේ ධ්‍යානලාභී තාපසවරුන්ට බුහුමන් නොකර බ්‍රාහ්මණයන්ගේ ලබ්ධියම ගෙන ඇවිදින්නේයැයි දැක මම එහි ගොස් ඔහු මුදාලමියි සිතා පාංශකුලයෙන් කරන ලද සඟල සිවුරක් ඇතිව මැටි පාත්‍රයක් අතින් ගෙන ආකාශයෙන් අවුත් මණ්ඩව්‍ය කුමාරයන් බ්‍රාහ්මණයන්ට දන් දෙමින් සිටී ධාන ශාලාව සමීපයට බැස පිඬු සිඟනා ආර්යන් සිටියේය. කුමාර තෙමේ ඈත මෑත බලනුයේ මොහු දැක කසල ගොඩක අධිගෘහිත ප්‍රේතයකු බඳු ප්‍රවෘජිතයා කොයි සිට මෙතනට පාත් වීද කුමකට ආයේදැයි විචාළේය. මාතඞග පණ්ඩිතයන් වහන්සේ පින්වත් මණ්ඩව්‍ය කුමාරයා තොපවිසින් උසස් කොට පිළියෙල කළ මේ ආහාර පාන පාපයට ගෙන සත්වයෝම කමින් ප්‍රීතී වන්නාහ. කෙලෙස් සතුරන් මැඩ පවත්වන්නාහු චණ්ඩාලයකු දොරින් රැක සිට තොපගෙන් ආහාරයක් ගැනීමට සුදානම් වෙත්ද ජාති සම්පන්න අයව තෝරා දන්දෙන ලාමක සිත් ඇති තොප චණඩාල අයට කවුරු දෙත්දැයි සිතත්ද එහෙයින් තොපට අවශ්‍ය ව සිටි මට දිවි රැකෙනා තරම යමක් දුන මැනවයි කීවේය. කුමාරයා එම්බල චණ්ඩාලය මේ මිහිරි ආහාර පාන උතුම් ජාතියෙහි උපන් බ්‍රාහ්මණයන් සඳහාමය. තොප වැනි අධමයන්ට නොවේ. මින් වහා පිටත යව. කුමාරය ධාන්‍ය කැමති ගොවීහු ගොඩකුඹුරු වපුරන්නාහ. වැසි නැති කල්හී වල කුඹුරු අස්වද්දන්නාහ. ජල ප්‍රවා භූමියෙහි හැම කල්හිම වපුට ඵල දකින්නාහ. එබැවින් මම දෘෂ්ඨාත්ත කොට සියල්ලෝන්ට දන් දෙව දෙලොවින්ම සැප ලැබෙන්නේය.

එම්බා කුමාරය මම උතුම් ජාති ඇත්තෙක්මියි උඩඟුවෙද්ද විද්‍යාසම්පත්තීන් තමා උසස් කොට තියාම රූපා දියෙහි ඇලුම් කෙරේද තමාට නොයෙස්නා අය කෙරෙහි ද්වේෂ කෙරේද ඒ සියල්ලෝම දන් දීමට සුදුසු නොවෙති කීය.

කුමාරයාණන්මේ කිසිවක් පිළිනොගෙන කිපී මේ චණ්ඩාලයා බොහෝ දොඩන්නේය. මේ වාසල රැකවල්හු කොහේ ගියේදැයි ගුගුරා වාසල් තුනේ රැකවල්ගෙන සිටි උජ්ජානීය උපප්ඣාය භඬකුක්‍ෂීය යන මුරකරුවන් තිදෙනා අමති මේ චණ්ඩාලයා අල්ලා උණපත්තෙන් සහ මුගුරෙන් තලා බෙල්ලෙන්ගෙන වාසලින්පිටත දමවයි නියම කළේය. එකෙනෙහි පණ්ඩිතයන් වහන්සේ අහස් නැඟ එම්බල කුමාරය අප වැනි ශාන්නවූ සිත් ඇති තපස්වීවරයන්ට නිග්‍රහ කරන්නට සිතන තෙපි තද ගල් නීයෙන් කඩන්නේහිය යකඩ කටින් හපන්නේහිය ගිනි අඟුරු ගිලින්නේහියයි කියා සියළුම පිරිස බලා සියළුම පිරිස බලා සිටියදී වලාකුල් අතරට වැදී නැගෙනහිරට ගොස් එක් විථියකට බැස පියවර සලකුණු නොමැකෙන ලෙස අධිෂ්ථානකොට වාසල් දොර සමිපයෙහි පිඬු සිඟා ගොස් මිශ්‍ර භෝජනයක් ලැබ එක් ශාලාවක්හි හිඳ අනුභව කෙළේය. නුවර අධිගෘහිත දේවතාවා කිපී තමාගේ පමණ නොදැන අපගේ පණ්ඩිතයන් වහන්සේට නිරැ්‍රහ කෙලේ වේදැයි යක්සෙන් සමග නුවරට බැස ප්‍රධානම යක්ෂයා පණ්ඩව්‍ය කුමාරයන්ගේ හිස පිටි අතට කරකවා පණ්ඩිතයන්ගෙි පුත්‍රයා බැවින් නොමරා හළේය. කුමාරයන්ගේ සියළුම අංග විකල්වී ගියේය. සෙසු යක්ෂයෝ සොළොස් දහසක් බ්‍රාහ්මණයන්ගේ හිස් පිටි අතට කරකැවුහ. ඒ බ්‍රාහ්මණාේද කෙළ වගුරමින් ඈත මෑත පෙරෙළෙමින් වැටි හොත්තාහ.

පරිවාර ජනයා වහා ගොස් දිට්ඨමංගලිකාවට මේ පුවත දැන්වූයෙන් එහි පැමිණි ඇය සියල්ල පරික්ෂා කොටබලා කරුණු විමසා සෙසු කෙනෙකුන්ට මේ තරම් බලයෙන් නැත මේ පැමිණියෝ මාතඞග පණ්ඩිතයෝමයයි සිතා කුමකි හොු මුන්ගේ වරදකින් මේ විපත්තිය සිදුකරගෙන ඇතැයි පණ්ඩිතයන් වහන්සේව සොයන අදහසීන් ඔවුන් ගිය මග අසා පැන් පිරුණු රන්තලියද ගෙන මලාවද ගෙන දැසි දැස් පිරිවරා මහජනයා පිරිවරනා ලදුව පියවර සටහන් අනුව ගොස් තාපසයන් වහන්සේ දැක වැඳ එකත්පස්ව සිටියේය. තාපසයන් වහන්සේ පාත්‍රයෙහි මදක් බත් ඉතිරි කෙළේය. ඈ තාපසයන් අමතා තම දරුවා ප්‍රධාන බමුණන්ට සිදුවී ඇති විනාශය විස්තර කරමින් අඬා වැලප පිළිසරණ වුව මැනවයි දෙපා ළඟ වැටුනාය.

දිට්ඨමංගලිකාවෙනි, උසස් අයට නිග්‍රහ කිරීමෙන් කිපුණ යක්ෂයන්ගේ අනකුරක් යක්ෂයන් විසින් තෙපගේ් දරුවන්ට කළ විප්‍රකාරයෙකැයි කීහ.

ස්වාමීනි, මා කෙරෙහි අනුකම්පාවෙන් ඒ පුත් කුමරුවාට ක්‍ෂමාව දුන මැනවි පළමුත් දැනුත් මම ඔභවම සරණ ගියෙමිත නමුත් මම දැන් පුත්‍ර සෝකයෙන් මඬනා ලද්දෙමි. වහාම ක්‍ෂමා කළ මැනවයි දැන්වූවාය පණ්ඩිතයන් වහන්සේ, එසේනම් යක්ෂ උවදුරු පිණිස ඖෂධයක් දෙමියි කියා ඉඳුල් කාඩි බත් දිට්ඨමංගලිකාවගේ අතෙහි තබා පළමුකොට තොපගේ දරුවන්ගේ මුඛයෙහි මින් භාගයක් තබා ඉතුරු ඉඳුල් බත් දිය සමග කලතා සෙසු බ්‍රාහ්මණයන්ගේ මුඛයෙහි වත්කරව එකල්හි සියල්ලම සුවපත් වන්නේයයි කියා ආකාශයට නැහී හිමාලයට වැඩායහ. දිට්ඨමංගලිකාව ද පඬිවරයා කී පරිදි පළමු පුත්‍ර කුමාරාට ඉඳල් බත්දී සුවපත් කර ගත්තීය. මණ්ඞව්‍ය කුමාරයා ඇස් පිස දමමින් නැගී සිට මෑණියනි, මේ කිමෙක්දැයි ඇසීය. මව ඔහු අමතා පුත, දක්ෂිණාව පිළි ගැනීමට සුදුසු උතුමන්ට නින්දා කිරීමේ විපාක මොහොතකින් දුටුදැයි කියා මාතඞග පණ්ඩිතයන්ගේ පුවත කීය. පුත්‍රයා අතිශයින් කලකිරි මැණියන්ගේඅවවාද අසා නැගී සිටියහ. දෙවනු මැණියෝ තම පුතු අමතා එව දරුවෙනි, තොපගේ අනිත් බ්‍රාහ්මණයනුත් දුකින් මුදා ගනිමුයි ඉතුරු ඉඳුල් බත් දිය කලතා සොළොස්දහසක් බ්‍රාහ්මණයන්ගේ මුඛයෙහි වත්කරවූහ. ඒ සියළු දෙනාම ක්‍රමයෙන් ඇස් පිසදමින් නැගී සිටියාය. එකණෙහි ඒදේශයෙහි සෙසු බ්‍රාහ්මණයෝ මොහු හැම චණ්ඩාලයාගේ ඉඳුල් බත් කෑහයි බ්‍රාහ්මණයන්ට රැවටූහ. මොහු මෙයින් ලැජ්ජාවට පත්ව බරණැස් නුවරින් නික්ම මෙජ්ඣ නම් නුවරට ගොස් එහි මෙජ්ඣ නම් රජ්ජුරුවන්ට සේවයකොට විසුහ මණ්ඩව්‍ය කුමාරයා ඒ නුවරම විසුවේය.

එකල චෛත්‍රවතී නුවර ගොදුරු ගම්කොට චෛත්‍රවත ගංතෙර බ්‍රාහ්මණ කුලයෙන් පැවිදිවූ ජාතීමත්තය යන නමකින් ප්‍රසිද්ධ ව එක් තාපසයෙක් ජාතී නියම කරමින් වසන්නේය. මෙය දුටු මාතඞග තාපසයන් වහන්සේ මොහු මාන බිදිමියිසිතා ඒ ගඟ සමීපයට අවුදින් උඩුගඟ වසන්නේ එක් දවසක් උදෑසන දෑහැටි කා මේ දැහැටි පොතු යට ගඟ ස්නානය කරන ජාතීමත්ත තාපසයන්ගේ ජටාවෙහි රැඳෙවයි අධිෂ්ථාන කොට දියට දැමුවේය. එය එසේම විය. ඉන් කිපුනු ජාතිමන්ත තාපසයා ඒ පරික්ෂාව කොරමියි සිතා උඩුගං බලා යනුයේ පණ්ඩිතයන්ව දැක තෙපි කවර ජාතී කෙනෙක්දැයි විචාළේය.

මාතඬග :- ස්වාමීනි මම චණ්ඩාලයෙක්මි

ජාතිමන්ත:- මේ ගඟ දැහැටි පොතු දැමුයේ තෙපිද?

මාතඬග :- එසේය මම දැමීය.

ජාතිමත්ත:- නැසීයා, පාළුවයා, කාලකණ්ණිවූ චණ්ඩාලයා මෙහි නොඉඳ යව, තා නොයන්නේ හීනම් යටගඟ වසව, මාතඬගයන් වහන්සේ යටගඟ වසන්නාහු කලද ඔහුගේ අධිෂ්ඨානයෙහි දැහැටි පොතු උඩුගං බලා විත් ජාතිමත්ත තාපසයන්ගේ ජටාවෙහි වැදගත්තේය. ජාතිමත්ත තාපසයා පෙරසේම ඔහු සොයා ගොස් තා මෙහි නොසිට යව, නොයන්නේහීනම් සත්වෙනි දවස තාගේ හිස සත්කඩකට පැලී යනන්නේයයි කීය. මාතඬගයන් වහන්සේ, මොහු කෙරේ මා නොකිපී උපායෙන්ම මානය බිඳිමියි සිතා සත්වන දවස හිරු නොනැඟෙන සේ හිරු වැලකුයේය. මෙයින් බියවූ මනුෂ්‍යයෝ කිමෙක්ද මේ භූත උවදුරක්ද මහ ඝෘෂි කෙනෙකුගේ සාපයක්දෝයි ජාතිමන්ත තාපසයන් ලඟට ගොස් ස්වාමීනි, මෙය කෙළේ ඔබදැයි විචාළේය. ජාතිමත්ත තාපසයා නැත මම නොවෙමි. යට ගංහි චණ්ඩාලයෙක් වෙසෙයි ඔහුගේ යම්කිසි ප්‍රයෝගයකින් විය යුතුයැයි කීයේය. මිනිස්සු එහි ගොස් ස්වාමිනි හිරු නොනඟින්නේ මන්දැයි ඇසූහ. මාතඬගයන් වහන්සේ පින්වත්තී, අනිකක් නිසා නොවෙයි තොපගේ මේ නුවර රෙැාදුරු ගම් කොට වසන ජාතිමත්ත තාපසයන් මට ආක්‍රොෂ කලේය. ඔහු ඇවිදින් ක්‍ෂමා කරවා ගත් කල්හි ඉරරු මඩුල්ල උදා වන්නේයැයි කීහ. ඒ ඇසු ජනයෝ නැවත ගොස් ජාතිමත්ත තාපසයන්ට මේපවත් කියා මේ තාපසයන් ක්ෂමා කරවන්ට මැලි හෙයින් බලයෙන් ඇදගෙන අවුදින් පණ්ඩිතන්ගේ පාදමුලයෙහි වැද හොවා ක්‍ෂමා කරවා ඉර උදාකර වුව මැනවයි කීහ. එවිට මාතඬග පණ්ඩිත තෙම මෙසේ හිරු උදාකළ හොත් එම තාපසයන්ගේ ඉස සත් කඩක්ව ගැලෙන්නේයයි කීයේය. කළමනා කිම්දැයි පැමිණි පිරිස විචාළ විට මැටි පිඩක් ගෙන්වා කරවටක් දියෙහි තාපසයන් සිටුවා උන් හිසපිට මැටිපිඬ තබා රුඳවූ හිරු මඬල අලහ හිරු රැස වැදගත් පමණින් ඒ මැටිපිඬ සත් කඩකට පැළුනේය. තාපසයා පළමු මානය බිඳි සොළොස් දහසක් බමුණෝ කොයි දැයි බලනූයේ මෙජ්ඣ නම් රජ සමීපයෙහි වෙසෙතිය දැන මොහු හැමද දමනය කරමියි සෘඩායෙන් ගොස් නුවර කෙළවරට බැස පාත්‍රය ගෙන පිඬු සිඟා හැසුරුනේය. බ්‍රහ්මණයෝ ඔහු දුක මොහු මෙහි කීප දිනක් සිටියහොත් අපට පාඩු වන්නේයයි වහා රජ්ජුරුවන් ලඟට ගොස් ස්වාමිනි, වංචාකාර විද්‍යාධර තාපසයෙක් නුවරට ආයේය. ඔහු වහා ඇල්ලුව මැනවයි කීහ. රජතුමා එය පිලිගෙන මරණු පිණිස සේවකයන්ට විධානය කළහ. පිඬු සිඟාගෙන එක් පසෙක හිඳ බත් අනුභව කරන්නේ එහි පැමිණි රාජ පුරුෂයන්ගේ කඩුපහරින් දෙපළුවී මරණයට පත්විය පණ්ඩිතයන් වහන්සේ නොපිරිහුණු ධ්‍යානයෙන් රෙැාසින් බඹ ලොව උපන්නේය. පරාත්‍ර්‍ථ වරණයෙහි නීරතවූ හෙයින් ආත්මාරක්ෂාවෙහි සිත උපෙක්ෂා වීමෙන් ජිවීත විනාශයට පැමිණියේය. නිරපරාධ තාපසයන්ට කළ හිංසාව නිසා කලකිරුනු දෙවියෝ අනේක විධ වර්ෂා වැස්සවීමෙන් රට විනාශයට පත් කළහ. එය මෙජ්ඣ ආරණ්‍ය නමින් ප්‍රකටවීය.

එසමයෙහි මණ්ඩව්‍ය කුමාරයා නම් මේ උදේනි රජය මාතඬග පණ්ඩිත වූයේ බුදුරජාණන් වහන්සේය.