මුල් පිටුව

480 සාධින ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සංසාර සාගරයට ක්‍ෂෙම නවුනාවක් වැනිවූ තවද සංසාර නැමත් විෂ වෘක්ෂයෙහි හටගත් අමා ඵලයක් වැනි වූ හීනවූ කලියුග කාල නැමති හිණිවල පළානැගී සශ්‍රීකවූ පියුමක් බඳුවූ තිලෝගුරු සම්‍යක් සම්බුද් රජාණනන් වහන්සේ එක්සමයෙක්හි සුළුපා මහපා චංක්‍රමණ රාත්‍රි ස්ථාන දිවා ස්ථානදීන් විසිතුරුව සැඳුම්ලද ජේතවන මහා විහාරයෙහි වැඩවසන සෙක් එක්දවසක් පෙහෙවූ බොහෝ උපාසක වරුන් අරභයා මේ සාධීන ජාතකය ධර්ම දේශනාව කළ සේක

ඒ කෙසේද යත් එක්සමයෙහි බුදුහු පෙරවරු දන්දී සවස් වේලෙහි ගඳ දුම් මල් පහන්ගෙන දෙවුරමට ගොසි බණ අසන පිනිස බුද්ධාසනය පිරිවරා උන් උපාසක වරුන්ට ආමන්ත්‍රණය කොට උපාසකවරුනි පෙර පණ්ඩිතවරහු තමන්සකසා වැසි පෙහෙවස් හි අනුසසින් මිනිස් කය නොහෙළා දිව්‍යලෝකයට ගොස් බොහෝ දවස් විසුයේ දේදැයි වදාරා උපාසකවරුන් විසින් ආරාධිත වූ බුදුහු ඉකුත් වත් දක්වන සේක්.

යටගිය දවස මිථිලා නුවර සාධීන නම් රජ කෙනෙක් සතර සඟරාවතින් වියෝනව දසරාජධර්මයට අකොප්‍ය ව රාජ්‍ය කරන්නාහුය. සතර වාසල් දොරය නුවර මැදය තමන්ගේ දොරය යන සතන් හි සදන්හල් කරවා දවස ලක්ෂයක් ධන වියදම් කොට සියලු ඡම්බුද්වීපයෙහි නඟුල් විය දඩු උඩ බඳවා සියලු සත්වයන්ට දන් දෙන්නාහුය, තවද දවස් පතා පංචශීලය ද පොහොය අටසිල් ද රක්නා හ, රාජ්‍ය වාසි ද ඒ රජහුගේ අවවාදයෙහි පිහිටා ධාන දී වු පින්කම් කොට මල මල යම් කෙනෙක් දිව්‍ය ලෝකයෙහි උපදනාහුය, මෙසේ සුදම් දෙවි සභාව පුරාගෙණ උන්නාවු තරුණ දෙවියෝ ඒ සාධීන රජ්ජුරුවන්ගේ ධාන ශීලචාර ගුණයෝ වරණණා කරන්නාහ, එපවත් අසා පළමු දිව්‍ය ලෝකයේ උපන් දේවතාවෝ රජ්ජුරුවන් දක්නා කැමති වූවා හුය. එසඳ ශක්‍රයෝ දෙවියන්ගේ අදහස් දැන රජ්ජුරුවන් දක්න කැමැත්තාදැයි විචාරා ඒසේදැයි කී කල්හි මාතලී සංගහයකයා කැඳවා ස්වාධින රජ්ජුරුවන් කැඳවා එවයි විධාන කළහ. එසඳ යහපතැයි පිළිගෙන යෙළ සියයක් යොදුන් වෛජයත්ත නම් රථය යොදා වේදේහ රටක නික්මිණ. එදවසත් පුණුපොහෝදවස විය. එසඳ මාතරී දිව්‍ය පුත්‍ර තෙම මනුස්සයන් සවස බත්කා තම තමන්ගේ මිදුලුවල සැප කථාවෙන් යුක්තය උන් කල්හි යුගඳුරුමුදුනෙන් නැගෙන්නාවූ පුන්සඳ මඩල හා සමඟ රථය පදනට පටන් ගත. මනුස්සයෝ ඒ දැක අද දවස් දෙසඳෙක් නැගේයැයි කියමින් කතා කොට උන් කල්හි නැවත සඳමඩල පසුකොට රථය එන නියාව කොට ඒ තෙම සඳ මඩලෙක් නොවෙයි. රථයක එක් දිව්‍ය පුත්‍රයෙක් පෙනෙයි. මේ මනෝමය සෛන්‍ධවයන් යෙදු දිව්‍ය රථය කාට ගෙනද්දෝහෝයි සමහර කෙනෙකුන් ආශ්චර්‍යාවකින් යන්ට වන් කල්හි ඉන් කිසි කෙනෙක් අනික් කාට ගෙනෙද්ද ධාර්මික වූ අපගේ රජ්ජුරුවන් වහන්සේටයැයි සතුටුව දෙහොත්මුදුනෙහි බැඳ ගෙන යස පිරිවරින් යුක්ත වූ අපගේ ස්වාධින රජ්ජුරුවන්ට දීව්‍ය රථයෙක් පළවීය, පෙර මේ ලෝකයේ නොදුටු විරු අපූර්වදෙයෙක අපගේ ශරිරයේ ලොමු දහගත්තේ බලවයි කියමින් රඨයට සුවඳින් මලින් පුජා කරන්නට පටන්ගත්හ.

මාතලී දිව්‍යපුත්‍රද මනුෂ්‍යයන් පූජාකරමින් සිටියදීට සත් යොදුන් මියුළු නුවර තුන් විටක් පැදකුණු කොට රජවාරයට ගෙණගොස් රථය කරකවා රථයෙහි පසු භාගය මතුමාල්තලෙහි නැගෙණහිර සිවුමැදුරු කවුළුවට යොමුකොට නැඟෙන්නට යෝග්‍ය කොට තිබීය, එදවස් රජ්ජුරුවෝ දන්හළ බලා මෙම ක්‍රමයෙන් දන් දෙවැයි නියුතයන්ට විධාන කොට පෙහෙවස් සමාදන්ව දිවාභාගය වයා සවස ඇමත් මඩුළු පිරිවරා අලංකෘතවූ මාල්තලෙහි නැගෙණහිර සිවුමැදුරු කවුළුවට අභිමුඛව ධර්දදානය දෙන කථාවෙන් යුක්තව උන්නාහ.

එද මහත් වූ ඉර්ධ්‍යානුභාව ඇති මාතලී නම් දිව්‍ය පුත්‍ර රජ්ජුරුවන් කරා එලඹ දික්පතල යසෝකිර්තී ඇති රජ්ජුරුවන් ප්‍රධාන කොට ඇති සියලු දෙවියෝ නුඹ වහන්සේ දක්නා අභිප්‍රා ඇත්තාහ, එසේ හෙයින් වහා අවුත් සිටිය මැනව, නුඹවහන්සේ දැක්මෙහි සතුටු දෙවියන් කරා මා සමල’ වැඩිය මැණවැයි ආරාධනා කෙලේය.

මෙසේ ඔහු පැවරූ ඉක්බිති සාධීන රජ්ජුරුවෝ රථයට නැංගාහ. එසඳ ඕහට දිව්‍ය ශරිරය පහළවිය, එකල්හි රථය ජනයා බලාසිටියදීම ආකාශයට නැගී තව්තිසා දෙව්නුවරට ගියේය.

එකල්හි දිව්‍යගෝකයට ගියාවූ රජ්ජුරුවන් දැක දෙවියෝ මහත් වූ සොම්නසට පැමිණ මහරජ නිදුක්ව සැපයේ ආබව ඉතා යහපතැයි නැවත සතුටුව වැඩිය මැනවැයි ශක්‍රයන්හා සමඟ වැඩහුන මැනවැයි පෑවරුහ.

ශක්‍රදෙවින්ද්‍රයෝද විශේෂයෙන්ම සතුටුව සමීපයට ගොස් කැඳවා එකහස්නේ හිඳුවාගෙන මහරජ කරන ලදපූණ්‍ය වශිතාවන් ඇති දේවතාවන් කරා නුඹවහන්සේ ඇවිත් පැමිණබව ඉතා මැනව, එසේ හෙයින් රජොත්තමයානෙනි සියලු වස්තුකාම කේලශකාමයෙන් අනූනවූ තව්තිසා භවනෙහි දිව්‍ය සම්පත්ති අනුභවකොට විසුව මැනවැයි සාධීන රජ්ජුරුවන්ට ආසනයෙන් නිමන්ත්‍රණයකොට ශක්‍රදේවින්ද්‍රයන් විසින් රජ්ජුරුවන්ට දහසක් යොදුන් ශක්‍රභවනයද, අඩු තුන්කෙළ පුරඟනාවන්ද වෛජයන්ත ප්‍රාශාදය හා සමඟසියළු ශක්‍රබවන සම්පත් දෙකන්කොට බෙදා දුන්හ. මේ සිපෙන් අනුභව කරන්නාවූ මහබෝධී සත්වයන්ට මනුෂ්‍ය ගණන, වෙන් සත්සියයයක් අවුරුදු පිරීගියේය.

ඒ ආත්ම භාවයෙන් දිව්‍යලෝකයෙහි වසන කුශල් ගෙවීන, ඒ කාරණයෙන් ශක්‍රයන් හා කැටුව කථාකරන්නාවූ බෝධිසත්වයෝ ශක්‍රදේවින්ද්‍රයෙන් මේ දිව්‍යලෝකයට පැමිණියාවූ මම පෙර තොපගේ මේ සුවිසි කෝටියක් පමණ නළුනාටකයන්ගේ නෘත්‍ය ගීත මාධ්‍යාදියෙහි සිත් අල්වා වාසය කෙරෙනුයි, එසේ වූ මම දැන් මේ දිව්‍යලෝකයෙහි ඇළුම් නැත්තෙමි කාරණා කිම්හොත් උචේඡ ද කර්මම වශයෙන් මරණ පැමිණියේද නැත. මම සිහිමුලාව ගියෙම් දැයි විචාළහ, ඉක්බිති ශක්‍රදේවේන්ද්‍රයෝ වියර්යවන්තවූ උතුම් වූ රජ්ජුරුවෙනි තොපගේ ආයු ගෙවී ගියේත් නැත, සිහිමුලා බවකුත් තොප කෙරෙහි නැත්මය, එතකුදු වුවත් බල එකෙක් ඇත්තේය. ඒ ආත්ම භාවයෙන් මේ දිව්‍ය ලෝකයෙහි වින්ද යුතු කුශල් විපාක ස්වල්ප විය. එහෙයින් මහරජ තට අනභිරතිඋපනැයි කීහ.

මෙසේ කියා නැවත දික්පති වූ රජ්ජුරුවෙනි මම පෙර මේ ශක්‍රආත්මය පතා කුශලයක් කෙලෙන් නම් එම කුශලය දෙකක් කොට බෙදා පියා නුඹ වහන්සේට දෙමි. ඒ මාගෙන් දෙන ලද කුශලාබුභාවයෙන්මේ නියා භවයෙහි අමානුසික වූ දිව්‍ය සම්පත් අනුභව කොට විසුව මැනවැයි පැවරූහ. ඉක්බිති ප්‍රතික්ශේප කරන්නාහ් ඒ බෝධිසත්තවෝ ශක්‍රදේවේන්ද්‍රයාණනි අනුගෙන් පිරුළු වශයෙන් ඉල්වා ගන්නා ලද්දාවූ ඉදෝලිකුනම් ආදී යාන වාහන වස්ත්‍රාභරණාදියද යන මේ සියල්ලම සතුටු විට දී රැස්වූ විට එමෙන්ම අනුන්ගෙන් පිරුළු වශයෙන් දෙනලද්දාවූ සම්පත් නොකැමැත්තෙමි. ඊට කාරණා කිම්ද යත් තමා කරන ලද කුශල් තමා හට ආවේනික වූ සම්පත් වන්නේයැයි කීහ. තවද ශක්‍ර දේවෙන්ද්‍රයෙනි ඉෂ්ටවිපාක දායක වූ කුශලයක්කොට සුවපත්නොවේද පසුතැවිලි වේද එබඳු කුශල් කරනු සඳහා මනුෂ්‍යලෝකයට යම් වදාලාහ.

එපවත් අසා ශක්‍රදේවේන්ද්‍රයෙනි මාතලී කැඳවාගෙන ගොස් සාධීන රජ්ජුරුවන් මිථිලාවෙහි උයනට රථයෙන් ගෙණගොස් තබා පීයා එවයි විධාන කළහ, එයින් එලෙසට කෙළේය.

රජ්ජුරුවෝ උයන්හි සක්මන් කරමින් සිටියාහ, උද්‍යානපාලයා දැක තත්ව විචාරා දැකක ගොස් එවකට රජ කරන්නාහූ නාරරජ්ජුරුවෝ ඒ බව දැන තෝ පළමු කොට ගොස් උන්වහන්සේ මටත් ආසන දෙකක් පණවාලවයි නියෝගකොට උද්ධ්‍යාණපාලයා යවුහ. එසඳ එලෙස කෙලේය.

රජ්ජුරුවෝ එලෙස අසුන් දැක කවුරුන්ටදැයි විචාළහ. උද්ද්‍යානපාලයා කියන්නේ එකක් නුඹවහන්සේටය එකක් අපගේ රජ්ජුරුවහන්සේටයයි කීය, එපවත් අසා සාධීන රජ්ජුරුවෝ මෙලොව කවරෙක් මා ඉදිරියෙහි අස්නක ඉන්ට ඒදැයි එක් ආසයයෙක ඉඳ එක් ආසනයක පයතුබුහ.

නාරද රජ්ජුරුවෝද මහපිරිවරින් අවුත් රජ්ජුරුවන් ශ්‍රිපාදය වැඳ එකත් පසෙක ඉඳ රජ්ජුරුවෝද ස් සාදීන රජ්ජුරුවන්ට සවෙනි මුණුබුරානෝය. මහබෝධිසත්වයෝ තමන්වහන්සේගේ කුශල බලයෙන් මෙතෙක් කල් දෙවු සම්පත් අනුභව කළහ, එකල මන්ෂ්‍යයන්ට පන්සියයක් අවුරුද්දට ආයුවන්නේය, ඉක්බිති සාධීන රජ්ජුරුවෝ නාරද රජ්ජුරුවන් අත අල්වාගෙණ උයනේ සක්මන් කරන්නාවු පුත නාරද රජ්ජුරුවෙනි මේ භූමිභාගය පුෂ්පුපෲ ඵලු පග වෘක්ෂයෝද සොභමානවූ රජ මෙල්පලාතිබෙන බිසෝකොටු වාරි මාර්ගාදියද, උභයපාර්ශ්වයෙහි නීල පීත මල්ගැවසී හඬා බස්නාවූ ගං හෝ ඇල කඳරුලි ආදියද, තවද පියුම් මුලින් ගැවසී ගත් චක්‍රවාකාදීන් කුල්නාද සිත් කවුළු මේ පොකුණු පතස්වීල් ආදී වූ මේ උද්‍යානයට වා සිටි යථොක්ත වවනඝට පත්තීහූද යන මේ සියල්ලම රජකරණ සමයෙහි භූමිභාගාදී වස්තුහුමය.

එසමෙහි මා විසින් සලස්වා සිටුවන ලද ඈපා මාපා යුවරජ සෙනෙවිරත් ලෙනා මහලෙනා ආදී වූ අමාත්‍යමණ්ඩලයද, තවද මාණික්‍යකුණ්ලභරණාදියෙන් සැදුම්ලද උතුමිලද භාව භාව ලීලා කටාක්ෂයෙන් විරාජමානවූ අන්තඃපුර වනිතාවූ සියල්ලවුන් නොදක්නාවූ මට බැළූ බැළූ සියලු දික්හි ද්ස්වගියාවූමෙන් වැටහෙන්නේය, ඌ තෝ විසින් කවරක්දික්හි දේශයකට යවා පියන ලද්දැයි විචාළහ.

ඉක්බිති නාරද රජ්ජුරුවෝ මහරජ නුඹවහන්සේ මෙවකට දිව්‍යලෝකයට ගියේ සත්සියයක් අවුරුදුය ඒ නුඹවහන්සේ ගේ උපස්ථායකයෝ සියල්ලෝම මරුමුඛයට ගියෝය. ඉන් නුඹවහන්සේ සන්තක රාජ්‍යය අනුශාසනා කළ මැනවැයි කීහ.
එපවත් අසා මහාබෝධිසත්වයෝ පුත නාරද රජ්ජුරුවෙනි දහසක් යොදුන් ඇති වෛජයන්ත නම් ප්‍රාසායෙහි ශක්‍රයන් හා නොවෙනස්ව අර්ධරාජ්‍යසම්පත්ති අනුභව කරන්නෙමි මා විසින් තවුතිසා වැසි සියළු දෙවියන්ගේ කුශලයෙන් පහලවූ කණක රජතේන්ද්‍රිය ලෝහිතංක මසාරගල්‍යාදී නොයෙක් දිව්‍ය විමානයෝ දක්නාලදහ, තවද ඒ අමානුසික දිව්‍යසම්පත් ඇරපියා කුශල් කරණ සඳහා ආයෙමි, එසේහෙයින් මටද රාජ්‍ය සම්පත්තියෙන් ප්‍රයෝජන නැත, පුත නාරද රජ්ජුරුවෙනි මනා ආවාර වෘත ඇති උත්තමයෝ යම් මාර්ගයකින් නිවන්පුරයට වදිද්ද එසේවූ සම්‍යක් සම්බුඬයන් විසින් වර්ණාකරන වධබන්ධක රහිත සමයක්දෘෂ්ටි පෙර දැරිකොට අෂ්ටාංගිකමාර්ගානුසාරයෙන් විසුඬපරම්පරාවෙන් පැමිනිය මනා ඒ නිවන් මාර්ගය පසක් කරුණු කැමතියෙමි,එම බෝධිසත්වයෝ සර්වන්ඥතාඥාණයෙහි පැහැඳ බණ වදාරා පුත නාරද රජ්ජුරුවෙනි සම්පත්තීන් මටප්‍රයෝජන නැති සත්සීයක් අවුරුදු පිරීහී ගිය දානය සත් දවසක් ඇතුළත දෙන්නා කැමැත්තෙමි වදාළසේක. නාරද රජ්ජුරුවෝද යහපතැයි එලෙසම දන් පිළියෙළ කළහ, මහාබෝධිසත්වයෝ සත්දවසක් මුළුල්ලෙහි මහදන් දී සත්වෙනි දවස කළුරිය කොට තවුතිසා දෙව්ලොව උපන්නාහයි යනාදී බුදුහු මේ ජාතක ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරි උපාසකවරුනි පෙහෙවස් නම් එසේ මෙසේ කටයුතුදෙයක් වේදැයි වදාරා ජාතකය පූර්වාපරසන්ධිගලපා උපාසකවරුන්ගේ කිසිකෙනෙකුත් සෝවාන් මාර්ගයෙහිද කිසිකෙණෙකුත් සකෘතාගාමීමාර්ගයෙන්ද පිහිටුවා ජාතක ධර්දදේශනාව නිමවා වදාරා එකල නාරද රජ්ජුරුවෝ නම් දැන් ආනන්ද ස්ථිවරයෝය.

එකල උපඩ්ඩ රාජ්‍යය දුන් ශක්‍රයෝ අනුරූඬ ස්ථිවීරයෝය, සාදීන රජ්ජුරුවෝ නම් බුදුවූ මම්ම වේදැයි වදාළසේක.