මුල් පිටුව

474 මහිස ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

සද්ධර්මරාජයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් උකටලී භික්ෂුවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ ඒ අමතා බුද්ධ ශාසනයෙහි උකටලී වූයේ සැබෑ දැයි විචාරා සැබැවැයි කී කළ මහණ පෙර ගුණ දහම් පුරුදු වූයේ කෙලෙස්කම් නිසා උපන් පසයට නින්දා කොට හලෝ වේදැයි ඉකුත්වත වදාළ සේක.

ඉහත බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි අසූ කෙළක් පමණ ධනය ඇති මහසල කුලයක උපන් මහාකංචන මානවකයා වැඩිවිය පැමිණ සිප් සතර නිමවා මා පියන්ගේ ඇවෑමෙන් සියළු ධනය අත්හැර උපකසුප් තම බාල සහෝදරයන සය දෙනා ද කංචන දේවී නම් තම නැගෙණිය ද එක් දාසයකු හා දාසියක් ද එක් මිතුරෙක ද ගෙන හිමාල වනයට වැද පියුම් විලක අසල පන්සලක් කොට තවුස්දම් රකිමින් වාසය කරනනාහ. එකල පළාපල නෙලීමට යන වනය අසළ එක් ගමෙක මහත් අරගලයක උපන්නේය. එවිට මහා කංචන තාපසයෝ ඔවුන් අමතා කිසිවෙක් එක්විට වනයට නොගොස් එකිනෙකාට මුර වශයෙන් බෙදා ගෙන ඵල වැළ සොයාගෙන වුත් කොටස් එකොළසකට බෙදා ගෙඩිය ගසා ලූ කළ සියළු දෙනා එක් වී තම කොටස් ගෙන තමන් වසන තැනට ගෙස් ඒ අනුභව ගොට සිතු සේ මහණදම් කරව් යයි නියමකොට තමා ද හුදකලාව සිට උසස් ලෙස ගුණදහම් පුරන්නාහ. කල් යාමෙන මෙම තවුස් ජනයාගෙ සීල තේජස දුටු සක් දෙව් රජ මේ තපස්වීන් කාමයෙන මිදුනෝ ද නො මිදුනෝ දැයි පරීක්‍ෂා කොට බලමියි යැයි සිතා දිනක නායක තාපසයන් උදෙසා වෙන් කළ පළතුරු කෙටස් අතුරුදහන් කළේය. ඔහු නිහඬ විය. දෙවැනි තුන්වෙනි දින ද තම පඝතුරු කොටස අතුරුදහන් වූ පසු ගෙඩිය ගසා සියළු දෙනා එක්රැස් කොට විමසා බලා ඔවුන් තමා උදෙසා පළතුරු කොටස වෙන් කළ බවත් ඒ අතුරඅදහන් වූ බවත් දැන කවරෙක් හෝ තම පිරිසේ කෙනෙක් එය වංචා කර ගන්නට ඇතැයි සිතා පංචකාමය හැර මහණ වූවන් විසින් මෙවැනි දේවල් කිරීම නුසුදුසු යැයි කීහ. එපවත් අසා සියළු දෙනාම නොසතුටු වූහ. වනයෙහි ඒ තාපසයන් සමග මිත්‍ර වූ වනස්පතී රුක් දෙවියෙක් ද සමූහයෙන් වෙන් වූ ඇත් රජෙක් ද අහිගුණ්ඨිකයා අතින් මිදුනු එක් වඳුරෙක් ද එදින පැමිණ සිටියහ. සක්‍රයා ද පැමිණ නොපෙනී සිට ගත්හ. මෙවිට උප කසුප් නම් මල් නැගිට වැඳ සපථ කරමින් කියන්නේ යමෙක් තොප සතු පළතුරු සඟවා කෑ නම් ඔහුට පස්කම් සැපතින් පිරුණු ගිහිගෙයි සොඳුරු අඹු දරුවන් සමග එක් වීමට නැවත ලැබේවායි දිව්ලාහ. හැම කෙනෙක් එයින් ඔහු නිවැරදිකරු ලෙස පිළිගත්හ. දෙවෙනි සොහොයුරා නැගිට යමෙක් තොපසතු පළතුරු කොටස සැගඞවූයේ නම් ගිහිගෙයි බොහෝ දරු සුරතල් බකා සැනහෙනුයේ ඉන් කිසිවක් අඩු වූ කල දොම්නසට නොපැමිණෙන්නෙක් වේවායි දිව්ලේය. මෙසේ හැමදෙනා දිව්ල පසු සක්දෙව් රජ මොවුන් අලුයම දැමූ කෙළපිඬක් මෙන් පස්කම් සැප හැර දැමූ යයි පෙනේ යයි සිතා සක්‍ර වෙසින් පෙනී සිට තපස්වීනි, ගොවිකම් වෙළදාම් ආදී නොයෙක් දෙයින් දිවිපෙවෙත ගෙනයන මනුෂ්‍යයෝ ඉතා ප්‍රිය වූ පස්කම් සැපතට කුමක් නිසා නිනිදා කළ යුතු දැයි පුළුවුත් හ. නායක තාපසයන් වහන්සේ ඔහුට පංචකාමයෙහි ආදීනව පෙන්වා ධර්ම දේශනා කළේය. එවිට සක්‍රයා බිය වී ස්වාමීනී මම ඔබ හැම දෙනෙක් පරීක්‍ෂා කිරීම සඳහා ඔබ සතු පළතුරු කොටස සඟවා කීමි. කිසිවෙක් සොරා ගත්තේ නැතැයි කියා ප්‍රසංසා කොට තමා වෙනුවෙන් කරදරවීම ගැන ක්‍ෂමාව ලබා ගෙන දෙව් ලොවට ගියහ.

එකල සහෝදරයන් සය දෙනා නම් මෙකල සැරියුත්, මුගලන්, මහ කසුප්, අනුරුද්ධ, පුණ්ණ සහ ආනන්ද යන සය දෙනා වහන්සේලාය. නැගෙණිය වූයේ උපුල්වන් ස්ථවිරිය. තාපස දාසිය නම් උත්තරාය . දාස තවුසා නම් චිත්‍ර කෙළෙඹි පුත්‍රයාය. රුක් දෙව් රජ වූයේ සාතාගිර යක් සෙනෙවිය. ඇත් රජ පාරිල්‍යෙ නම් ඇතුය. වඳුරා වූයේ දැන් මී පිළිගැන් වූ වඳුරාය. සක්‍රයෝ නම් කාලුදායි තෙරුන්ය. නායක තාපසයන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේය.