මුල් පිටුව

443 මාති පොසක ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මේ ජාතකය ජේතවනාරාමයෙහි වැඩ වසන්නාවූ සුර්වකේලේශයන් සර්වාකාරයෙන් නැසුවාසූ සියළු පදාර්ථනයන් සවයම් භුඥාණයෙන් දත්තාවූ සර්වඥයන් වහන්සේ විසින් දෙමව්පියන්ට උපස්ථාන කරන්නාවූ එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

මෙහි වර්ථමාන කථාව සාම ජාතකයෙහි විස්තර වශයෙන් කියනලද එපරිද්දෙන්ම සර්වඥයන් වහන්සේ තමන් සමීපයට ඒ මාතුපෝසක භික්ෂූන් වහන්සේ කැඳවාගෙණ ආවාවූ භික්ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කොට වදාරණසේක් එඹා වහණෙනි ඒ භික්ෂූන්ට නින්දා නොකරව. පුරාතනයෙහි තිරිසන්ව උපන්නාවූ පවා මැනියන්ගෙන් වෙන්වුවාහ ු සතියක් මුළුල්ලෙහි නිරාහාරව වියලෙන්නාවූ රජදරුවන්ට සුදුසුකොට එලවන ලද ආහාරය ලැබත් මෑනියන් ඇරපියා අනුභව නොකෙරෙමි කියා මෑනියන් දැක ගොදුරු කැවෝ වේදැයි වදාරා එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ විසින් ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි අප මහ බෝසතානෝ හිමාලය වනයෙහි ඇත් කුලයක ඉපද සර්වාංගය ධවලව විශිෂ්ට රූපයක් ධරන්නාවූ අසූදහසක් පමණ ඇත්තු නිරන්තරයෙන් පිරිවරන්නාහ. මහබෝසතානන්ගේ මෑනියෝ ඇස් අන්ධවූයේය. එකල බෝධිසත්වයෝ මිහිරීවූ පලාඵල ඇතුන් අතට කඩා දී මෑනියන් සමීපයට යවන්නාවු ගෙණයන්නාහූ ඇත්තු තුමු තුමුම අනුභවකොට පියාගෙණගොස් නොදන්නාහ. ඒ මහබෝසතානෝ පරික්ෂා කොට ඒ බව දැන ඇත්සමූහයා ඇර මාගේ මෑනියන් මම්ම පෝෂ්‍යය කෙරමි කියා රාත්‍රියෙහි සෙසු ඇතුන්ට නොහඟවා මෑනියන් කැඳවාගෙණ වින්ඩෝර නම් පර්වත පාදයට ගොස් එතන හුණුපඳුරක් සමීපයෙහි පිහිටියාවූ ගල් ගුහාවෙක මෑනියන් රඳවා නිරන්තරයෙන් පලාඵල ගෙණවුත් පෝෂ්‍යය කරන්නාහ. එකල බරණැස් නුවර වසන්නාවූ වැදිපුත්‍රයෙක් වලට වැද මන්මුළාවූයේය. දික්නියවයක්කොට නොහෙන්නේ මහහඬින් ඇඬුයේය. මහබෝසතාණෝ ඔහු ඇඬු අඬ අසා මේ පුරුෂතෙම අනාථයකින් මා වැනි එකෙකු විiමානව සිටියදී මියගියේ වී නම් සුදුසු නොවන්නේයයි ඔහු කරා ගොස් තමන් දැක භයගෙණ යන්නාවූට එඹල පුරුෂය මා නිසා තට භයක් නැත්තේ යයි ඔහු රඳවා තෝ මේ වනයෙහි කුමක් පිණිස අඬා ඇවිදීදැයි විචාරා ඔහු විසින් ස්වාමිනි මන් මුළාවුයේ අදට සතියෙකැයි කී කල්හි මහබෝසතානෝ එඹල පුරුෂය, තොපට භයෙක් නොකොට ගෙණ ගොස් මනුෂ්‍යපථයෙහි පිහිටුවාලමි කියා ඒ මිනිසා පිටට නන්වාගෙණ වලින් මගට බාවා මහබෝසතානෝ නැවත වල්වන්නාහ. පාපී වූ ඒ පුරුෂයාද මම නුවරට ගිය කල්හි රජ්ජුරුවන්ට කියමි සිතා තමායන්නාවූ මහවෘක්‍ෂයෙන් හා පර්වත සලකුණු පරීක්‍ෂාකොට ගෙණගියේය, එකල බරණැස් රජ්ජුරුවන්ගේ මඟුලැතා වැටුනේය. රජ්ජුරුවෝද ඒ දවස් නුවර බෙරලවන්නාහු ඉඳින් යම් කෙණෙක් කොතනක මගුලැත්කමට සුදුසු ඇතකු දුටුවා වීනම් කියවයි නුවර බෙරලැවුහ.

එසඳ ඒ පුරුෂතෙම රජ්ජුරුවන් කරා ගොස් දේවයන් වහන්ස නුඹවහන්සේට ආරෝහනයට නිසි සර්වාගධවලවූ ඇත් රුවන් එවා ගෙන්වාගත මැනවැයි කීහ. රජ්ජුරුවෝ යහපතැයි ඔහු හා කැටිව ඇතරුවන් එවා ගෙන්වාගත මැනවැයි කීය. රජ්ජුරුවෝ යහපතැයි ඔහු හා කැටිව ඇතරුවන් යැවුහ. ගියාවු ඇතරුවෝ ඔහු සමඟ ගොස් බෝධිසත්වයන් විසින් පියුම් විටල ගොස් අනුභව කරන්නවුන් විසින් දුටහ. බෝධිසත්වයෝද ඇතරුවන් දැක මට මේ උපන්නාවූ භව අනික් කෙනෙකුන් නිසා උපන්නෝ නොවෙයි මා විසින් මනුෂ්‍යපථයට පමුණුවා සංග්‍රහ කරණ ලද පුරුෂයා සමීපයෙන් උපන්නේය. මම වනාහි හස්තින් දහසක් දෙනා බිඳුවා පියනතරම් මහ බල ඇත්තෙමි ඉඳින් මම කිපියෙන් වන්නම් බලවාහණ සහිතවු සියළු රාජ්‍යය නසාපියන්ට සමර්ථයෙමි එසේම කිපි යෙන් වින්නම් මා විසින් රක්ෂා කරණ ලද ශිලය බිඳෙන්නේය. එසේ හෙයින් මේ සත්වයෝ අද මට ශස්ත්‍ර අඩයටිවලින් කොටන්නමුත් නොකී පෙමි සිතා අධිෂ්ඨානකොට ගෙණ කරබා නිශ්චලව සිටියාහ. එකල ඇත රුවෝද පියුම්විලට බැස මහබෝසතානන් ලක්ෂණ සමුර්ධිය දැක මෙසේ එව දරුවයි කියා රිදි දමකට බඳූවු සොඬ අතින් අල්වාගෙණ නික්ම සත්වෙනි දවස් බරණැස් නුවරට පැමිණියෝය. බෝධිසත්වයන්ගේ මෑනියෝ පුතනුවන් නොයන හෙයින් මාගේ දරුවන් රාජ රාජාදී මහ අමාත්‍යයන් විසින් ගෙණයන ලද්දේවන දැන් මාගේ දරුවන්ගේ වියෝගය මේ වන ලැහැබ වැඩෙන්නේයයි කියමින් අඬන්නාහු මෙසේ කියත් මේ දෙමව්පියන්ට උපස්ථාන කරන්නාවූ ඇත්රජ්ජුරුවන්ගේ බැහැරයාමෙන් මේ වන යෙහි හිසළූ කිළිදු කනේරු ආදිවූ අනේකප්‍රකාර පුෂ්පජාතිහූ අතු පතු නොකැඩීමෙන් සලෝලව වැඩි සිටිනාහ. වන නෙළුම් අලගොඩ මහ මූ කිනි හිරි ආදීවු වෘක්‍ෂජාතිහුද අතමුල අතුපතරත් නොකැඩීමෙන් මනාව හටගෙණ මලින් සැදිසිටිනාහුය. යම් බඳූවූ මා පුතනුවන් පිට උන්නාවූ රජයුවරජ ඇමති ආදීවු අය නිර්භිතව පස මිතුරන් බිඳ මරා රාජ්ජය ගන්නාහ. සවර්ණාලංකාරයෙන් සැරහුනාවූ එබඳූ රාජ රාජ මහා කුමාරාදිහු තමන්ගේ පරසතුරන් සාදුන් හෙයින් සතුටුව රජ්ජුරුවන්ගේ මෙහෙ නිමවන ලද රසමලවුලෙන් යුක්ත කොට සමුර්ධි කරණ ලද උතුම් භෝජනයෙන් පෝෂ්‍යය කරන්නේ වේදැයි යනාදින් කියමින් අඬන්නාවුහ. බෝධිසත්වයන් ගෙණ යන්නාවූ ඇත්රුවෝද ඇත්රජ්ජුරුවන් ගෙණන නියාව රජ්ජුරුවන්ට කියා යවුහ. රජ්ජුරුවෝද නුවර අලංකාර කොට සැරසවුහ. එකල හස්ත්‍යාචාරීහුද මහබෝසතානන් ගෙණ නුවරට වැද පිරිබඩගෙණ සරහා පිළියෙල කරණලද ඇත්හලට ගෙණගොස් සිටුවා විසිතුරු තිරබඳවා රජ්ජුරුවන්ට දන්වා යවුහ. රජ්ජුරුවෝද සතුටුව නොයෙක් රසයෙන් අග්‍රවූ භෝජනය ගෙන්වාගෙණ ගොස් මහබෝසතානන්ට දෙවුහ. බෝධිසත්වයෝද මෑනියන් නැතිව ගොදුරු අනුභවනොකරමැයි ආලෝපයකුත් නොගත්තාහ. මෙසේ ගොදුරු අනුභව නොකරන්නාවු ඇතානන්ට යාඥාකරන්නාවු රජ්ජුරුවෝ මෙසේ කියත්. එඹා ඇත් රජ්ජුරුවෙනි යම් රාජ්‍ය කටයුත්තක් නිසා ගෙන්නුවෝ විනම් එසේවූ තොප විසින් සිද්ධකරවන රාජකාරිය බොහෝය. එසේහෙයින් තොපගේ ශරීරය දුර්වල නොකොට ගොදුරු අනුභව කරවයි කීශ. එබසට බෝධිසත්වයෝ කියන්නාහු රජ්ජුරුවන් වහන්ස මාගේ වියෝගයෙන් බැගෑපත් කිසි පෝෂ්‍යයක් කරණ කෙණෙකුන් නැතිව අන්ධහෙයින් වන්ඩෝර නම් පර්වත ප්‍රාන්තයට පැමිණ එතැන්හි උල් පහන් මඩිමින් ඇවිදින්නාහු කනේරු ධෙනුවකමෙන් ඒ කාන්තයෙන් අඬා ඇවිදිනිය.

එසේ හෙයින් මා ගොදුරු අනුභව කරන්නේ නැතැයි කීහ. නැවත රජ්ජුරුවෝ කියන්නාහු එඹා ඇත් රජ්ජුරුවෙනි එසේ ඇත් අන්ධව පෝෂ්‍යය කරන්නාවූ කිසිකෙණෙකුන් නැතිව වන්ඩෝරනම් පර්වත සමීපයෙහි උල්පහන් මඩමින් ඇවිදිනාවු ඇතින්නි තොප කවරේක්දැයි විචාළාහ. එවිට බෝධි සත්වයන්වහන්සේ කියන්නාහු රජ්ජුරුවන් වහන්ස ඇස් අන්ධව එලෙස ඇවිදිනාවූ ඇතින්නි නම් මා විසින් ගොදුරුගෙණවිත් ලා පෝෂ්‍යය කරණ ලද මාගේ මැනියෝයයි කීහ. එබස් ඇසු රජ්ජුරුවෝ අමාත්‍යයන්ට කියන්නාහු එඹා ඇස් අන්ධවූ මෑනියන් පෝෂ්‍ය කරමියි මා විසින් පෝෂ්‍ය කරණ ලද ඒ මාගේ මෑනියන් ගොදුරු නොලත්තේ ආදීන් සත් දවසය. එසේ වු ගොදුරු නොලබන්නාවූ මාගේ මෑනියන් වියලි මියන්නාහුය. උන් මළදී ගොදුරු අනුභව කරන්නේ නැතැයි කියන ලද මෙම ඇතාන කෙණෙක් ඇද්ද උන්වහා මුදා ඇරපියාව ඒ ඇත් රජතෙමේත් තමාගේ මැනියන් හා අවශේෂ බන්ධුන් හාද එක්ව සතුටුව සැපසේ යෙමියි කියා බන්ධනයෙන් මුදාපුව. ඒ බන්ධනයෙන් මිදුනාවු ඇත් රජ්ජුරුවෝද මදක් සැතපීගෙණ රජ්ජුරුවන්ට දසරාජ ධර්මයෙන් බණ කියා අවවාද කොට මහජනයා විසින් ගඳමල් ආදියෙන් පූජා කරමින් සිටියදී නුවරින් පිටත්ව එදවස්ම පියුම් විලට ගොස් මාගේ මෑනියන් ගොදුරු අනුභව කරවා විනා මම ගොදුරු නොගණිමි බොහෝ නෙළුම් මල් ඇරගෙණ ගොස් ගල්ලෙනින් පිටත්ව දොරකඩ සමීපයෙන් උන් මෑනියන් සමීපයට ගොස් නිරාහාරයෙන් වියලි ගිය ශරීරයට සෙනෙහ පිණිස ඉස්මුදුනේ පැන් සැළූහ. එකල මහබෝසතානන්ගේ මැනියෝ වැසිවසති යන සිතින් කියන්නාහු යම් බඳූවු මට්පෝෂ්‍යය කරන්නාවු මා වදාගත් මාගේ පුතනුවෝ දනියන්ව ගියහ. එසේ හෙයින් සෝක කරව මා සමීපයෙහි දුෂ්ටවූ අනාචාර්ය ස්වරූප ඇති කෙසේවූ නොකල් වැස්සෙක්ද වසිනේ යයි යනාදීන් අක්‍රෝධ කළාහ. එකළ මහබෝසතානෝ අස්වන්නාවූ මෑනියෙනි වැදැරට වාසිවූ යස පිරිවර ඇති ඒ කසි රජ්ජුරුවන්ගෙන් මිදිනිමි මම නුඹ වහන්සේගේ පුතනුවෙමි ආයෙම් එසේ හෙයින් නැගී සිටිමින් කිමෙක්ද ගොදුරු අනුභව කරන්නැයි කීය. එකල බෝධිසත්වයන්ගේ මැනියෝ රජ්ජුරුවන්ට අනුමෙවැනි කරන්නාහු යම්සේ මට නිරන්තරයෙන් වැඩ පසස්නාවූ මාගේ පුතනුවන් කසීරට වැඩ පසන්නාවූ යම් රජ්ජුරුකෙණෙක් මුදවා අරවාපුද ඒ රජ්ජුරුවෝ බොහෝ කලක් ජිවත් වෙත්වයි කියමින් ස්තුති කළාහ. රජ්ජුරුවෝද බෝධිසත්වයන්ගේ ගුණයෙහි පැහැද පියුම්විල සමීපයෙහි ගමක් කරවා මහබෝසතානන් හා මෑනියන්ට නිරන්තරයෙන් වුර්ති තිබුහ. ඉන් මෑතභාගයෙහි බෝධිසත්වයන්ගේ මැනියන් කළුරිය කළ කල්හි මහබෝසතානෝ ශරීරය අදාහණ කෘත්‍යය කොට ක්‍රන්ක නම් ආශ්‍රම පදයට ගියාහ. ඒ ස්ථානයෙහි පන් සියයක් පමණ තපස්විවරහු හිමාලයෙන් අවුත් වන්නාහු බෝධිසත්වයන්ට ලැවු වාර්තිය ඒ තාපසවරුන්ට සැලැස්වූහ.රජ්ජුරුවෝ මහබෝසතානන්ගේ රූපය හා සමාන රුවක් ගලින් කරවා නිරන්තරයෙන් මහත්වූ සත්කාර පවත්වන්නාහ. ජම්ඹුද්වීප වාසීවූ අවුරුදුදක් පාසා හස්තිපුරනම් පූජාවක් කරන්නාහ, ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණ හැර දක්වා වදාරා චතුසත්‍යය ප්‍රකාශ කොට මේ මාතිපෝසක ජාතකය නිමවා වදාළ සේක. චතුස්සත්‍යයාගේ කෙළවර මාතිපෝසක භික්ෂූන් වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටි සේක. එකල රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය. එදවස් ඇතිනි නම් දැන් මේ මහමායා දේවිය, එදවස් මෑනියන්ට උපස්ථාන කළ ඇතානෝ නම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේකී,