මුල් පිටුව

441 මහාමංගල ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ශාක්‍යකුල තිලකවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මහාමංගල සුත්‍රය අරභයා මේ ජාතකය දක්වනලද

ඒ කෙසේදැ යත්

එක් දවසක් ශාලාවෙක බොහෝ මනුෂ්‍යයෝ එක්ව උන්නාහ. ඉක්එක් මිනිසෙක් තමන්ගේ ගෙයි මගුල් ඇතැයි නැගී සිට පළාගියේය. එතන උන් මනුෂ්‍යයෝ කියන්නාහු මගුල් තමා කවරේදැයි කීහ. ඉන් එකෙක් කියන්නේ නැති කිරිදෙන බැමිණි දෙනක හා එලගිතෙල් හෝ වෘෂභයෙකු හෝ සුදුකුඩක් හෝ සර්වාභරණයෙන් සැරසුනාහු ස්ත්‍රීයෙක්, යනාදින් මෙකිදෙයින් යමක් දුටුහොත් මේ මගුලැයි කීය. එකෙක් එසේනොව ඇසින් දුටුදෙය මගුල් නොවෙයි නිදානැගී පුණ්‍යයයි කියාවත් වඩ්ඪයයි කියාවත් යන මේ ශබ්දයෙන් එකක් කනවැටිනි නම් මගුලැයි කීය. එකෙක් කියන්නේ කණට ඇසුනු දෙයක් මගුල්ද, ඒ මගුල් නොවෙයි යමෙක් නිදා නැගිසිට ගෙණ පොළොව අල්වා රත්‍රන් අල්වාද සුවඳ විලවුන් අල්වාද රේමස් අල්වාද මෙකීදෙයින් එකෙක් කෙළේවී නම් ඒ මගුලැයි කිය. මේ නියායෙන් මේ මනුෂ්‍යයෝ තුන්කොට්ඨාසයක්ව දිට්ඨමංගල්‍යය, සුගමංගලය, මුත මංගල්‍යයි, මේ මගුල් තුනින් මේ මගුල්යයි, විභාගයක් කොට දැනගතනොහි උනුන් විචාරා මනුෂ්‍යයෝද සදිව්‍යලෝකයෙහි දෙවියෝද සොළොස් බඹතලෙහි බ්‍රහ්මයෝද යන සියල්ලෝම තුන් කොටසක්ව බෙදී ගියාහ, එවිට ශක්‍රයෝ මේ මගුලැයි දෙවි මිනිසුන් සිතට නංවා කියාලන්ට අනික් කෙණෙක් නැත, සර්වඥයන් වහන්සේ කරාගොස් වැඳ බහුදේවා මනුස්සාච යනාදින් ගාථායෙන් මංගල ප්‍රශ්නය විචාළ ශක්‍රයන්ට සර්වඥයන් වහන්සේ අසේවනාද බාලානං යනාදි ගාථා දොළොසකින් එකමංගල්‍ය ප්‍රශ්නය විචාළ ශක්‍රයන්ට ගාථා දොළසකින් දෙතිස් මඟුල් වදාරා දෙවිබඹුන් ඇතුළුවූ සියල්ලවුන්ගේ සැක දුරුකොට මහමංගල ප්‍රශ්නය විසඳා වදාරා මංගල ප්‍රශ්නය අවසානයෙහි කෙල දහසක් සත්වයෝ රහත්ව අමාමහනිවන් දුටහ. සෙසු සෙදගැමි අනාගාමි සතරමග සතර ඵලයට පැමිණ සත්වයන්ගේ මෙතැකැයි පමණ නැත්තේය. එතැන්හි රැස්වු භික්ෂූන් වහන්සේ දෙවිබඹුන් ආදිවු බොහෝ සත්වයන්ට සැක උපන්නාවූ මංගල සුත්‍ර ප්‍රශ්නය සර්වඥයන් වහන්සේ විසඳා වදාළ නියාව ඉතා යහපතැයි කිය කියා උන් තැනට සර්වඥයන් වහන්සේ විසඳා වදාළ නියාව යහපතැයි කිය කියා උන් තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන්මතු නොවෙයි මහණෙනි පෙරත් දෙවි මිනිසුන් සිත සැක මුදා මේ මංගල ප්‍රශ්නය විසඳූයේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මණ කුලයෙක බෝධිසත්වයන් වහන්සේ උපන්සේක. උන්වහන්සේට නම් තබන්නාහු රක්ඛිත කුමාරයෝ යයි නම් තුබූහ. ඒ බ්‍රාහ්මණ කුමාර වැඩිවිය පැමිණ පංචකාමයෙහි ආදිනව දැක හිමාලය වනයට ගොස් සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා තාපසවරුන් පන්සියයක් පිරිවරා වාසය කරණසේක. ඒ තාපසවරු ඒ රක්ඛිත තාපසයන්ට කියන්නාහු ස්වාමිනි තපස්කාලය ආසන්න හෙයිනුත් ළුනු ඇඹුල් සෙවුනා පිණිසත් ජිනචාර්යව පිණිසත් මනුෂ්‍යපථයට යම්හයි කීහ, රක්ඛිත තාපසයෝත් යහපතැයි අවසර දුන්හ. ඒ තාපසවරුත් අවසර ගෙණ නියම්ගම් රාජධානිවල ඇවිද බරණැස් නුවරට ගොස් රජ්ජුරුවන්ගේ උයනේ වාසය කරන්නාහ. එසමයෙහි පළමු මංගල සුත්‍රයෙහි ක්‍රමයෙන් බරණැස් නුවර දඨමංගල සුතමංගලය, මුතමංගලය, යන තුන්දෙනෙක් මගුල් කාරණා කියා ඇවිදිනා මම කථාව නුවර ප්‍රකාශ කොට රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ මගුල් විභාගකොට ගතනොහි ඉඳිනාහු තමන්ගේ උයනට තාපසවරු ආනියාව අසා තාපසවරුනම් මහානුවන ඇත්තාහ. මේ මංගල ප්‍රශ්නය විචාරමි උයනට ගොස් තාපසවරුන් වැඳ එකත්පස්ව සිට මේ කාරණය විචාළාහ. තාපසවරු කියන්නාහු මේ මංගල ප්‍රශ්නය අපට නොදැනෙයි අපගේ ආචාරීවු රක්ඛිත තාපසයන් වහන්සේ හිමාලයවනයෙහි වාසයකරන්නාහ. උන් වහන්සේ ප්‍රශ්න විසඳා වදාරණ සේක.. ඔබයවයි කිහ. රජ්ජුරුවෝ කියන්නාහු හිමාලවනය නම් ඉතාදුරය අපි යානොහෙම්හ නුඹ වහන්සේලා ගොසින් විචාරා එන්නේ යහපතැයි කිහ. රක්ඛිත තාපසයෝත් තාපසවරුන්ගේ දුක් සැප විචාරා ඉක්බිති තාපසවරුන් පන්සියයකට ජ්‍යෙෂ්ට තාපසයෝ තාපසයන් වැඳ නම්නව සිට තමන්ගේ ආචාරීවු රක්ඛිත තාපසයන් අතින් විචාරන්නාවු දිඨමංගලය. සුතමංගලය, මුතමංගලය, මගුල් තුණක් කියති මේ මගුල් තුනින් කවර මංගල්‍යයක් කළකල ඉහලෝක දෙකින් වැඩ සැප දෙන්නේය. මේ මගුල් තුනින්වත් මේ හැර අනික් මංගල්‍යයකින් වත් වැඩ ඵලවන්නේත් සුවදායක වන්නේත් මෙසේවූ මංගල්‍යයෙකිනැයි වදාළ මැනවැයි රජ්ජුරුවන් කළ ආරාධනා තාපසයන්ට කිහ. එවිට රක්ඛිත නම් තාපසයෝ කියන්නාහු එඹල දිව්‍යපුත්‍රයන්ටද තමන්ගේ දෙමව්පියන්ටද තමාකෙරෙහි වෛරව ඉඳිනා සත්වයන්ටද මෛත්‍රි කරන්නාවු සත්වයෙක් ඇත්නම් එසේවූ තැනැත්තවුන්ට මෙලොවින් වැඩ සාදන්නේය. මේ උතුම් මගුලැයි කියා තවද කියන්නාහු එඹල යම්කෙණෙක් නිබඳ තමාට වැඩිතරම්ව සිට ආක්‍රොශ පරිභව බෙණේද එසේ වූ තැනැත්තවූ කෙරේ ක්‍රෝධනොව ඉවසාදළුසේවූ පුරුෂයාට මේ ලොව පරලොව දෙකින් වෑඩසැදෙන්නේය. මෙයින් එක් උතුම් මංගල්‍යයෙකැයි නැවත කියන්නාහු එඹල යම් කෙණෙක් මේ නිචය මුට යටතැයි නොසිතා ඌ දන්නාවූ යම් ශාස්ත්‍රයක් ඉගෙණගණිද ඌ කෙරේ අහංකාර නොවේද හෙලා නොකෙරේද එසේවූ පුරුෂයාට මෙලෝ පරලෝ දෙකින් වැඩ සැදෙන්නේය, මෙයිත් එක් උතුම් මංගල්‍යයෙකැයි කියා නැවත කියන්නාවූ යම් මිත්‍රයෝ නම් මෙලොව පරලොව දෙකින්ම සුව නොඵල වන්නාවු අසත්පුරුෂ මිත්‍රයන් හැර සජ්ජනවූ මිත්‍රයන් හා භජනය කිරීම් නම් මෙලෝ පරලෝ දෙකින් වැඩ දෙන්නේය.

එසේවූ මිත්‍රයන් ඇතිවිමක් උතුම් මංගල්‍යකැයි කියා නැවත කියන්නාහු එඹලය නම් ස්ත්‍රියක් තමා හා සමවූ වයස් ඇත්තීය යහපත්වූ රූප ශ්‍රී ඇත්තීය. වංක නැත්තිය, ආචාර ශිලයෙන් යුක්තද පතිවෘතා ධර්මය, රකිද එබඳූවු ස්ත්‍රිය පාදපරිචාරිකාව ලබන්නාවූ පුරුෂයාට මෙලෝ පරලෝ දෙකින් වැඩසැදෙන්නේය. මෙයින් උතුම් මගුලැයි කියා නැවත කියන්නාහු එඹල යම් භුමිකම්පාලවූ රජදරුවන්ට යම් අමාත්‍යයෙක් රජ්ජුරුවන්ට අභිප්‍රාය ක්‍රියාව ඉහලොවින් පරලොවින් වැඩ පසස්නා කටයුතු කියාද වැඩෙහි හැසිරේද එසේවූ තෙනැත්තවුට මෙලෝ පරලෝ දෙකින් වැඩ සෑදෙන්නේය. මෙයිත් එකමංගල්‍යයෙකැයි කියා නැවත කියන්නාහු යම් තපස්විකෙණෙක් ආචාරශිලයෙන්ද පංචශිල අෂ්ටාංග ශිලය කෝටියක් සංවරශිලය යනාදිවූ අර්හත් මාර්ගයෙන් රහත්වන්ට නිසිවූ ක්‍රම දනින්ද මෙයිත් උතුම් මංගල්‍යයයකැයි කියා මේ මංගල ප්‍රශ්නය අරහන්ත දේශනාවන් කුළුගෙණ එඹාතාපසවරුණි මේ අටකාරණයෙන් දවස් අරණ යම්කෙණෙක් ඇත්නම් ඉහලෝක පරලෝක දෙකින්ම වැඩ සැදෙන්නේ යයි ඒ තාපසවැරන්ට බණවදාරා දිට්ඨමංගල්‍යය ශතමංගල්‍යය මෘත මංගල්‍යයි කියන ලද මගුල් ඛ්‍යර්ථය, ඉන්වන ප්‍රයෝජනයෙක් නැත. මගුල් නම් මේයයි කිසේක තාපසවරු කීපදවසක් රඳා බරණැස් නුවරට ගොස් උයනේ සැතපුනාහ. රජ්ජුරුවෝ තාපසවරුන් ආනියාව අසා සමෘධිව උයනට ගියාහ. තාපසවරු බෝධිසත්වයන් කී ලෙසම මංගල්‍ය කාරණයන් විස්තර වශයෙන් කියා බොහෝ මනුෂ්‍යයන් සිතට නංවා හිමාලවනයට ගියාහ බරණැස්නුවර වාසීන් හා රජ්ජුරුවෝ තාපසවරුන් කීසැටියේම දවස් යවා මිය දිව්‍යලෝකයට ගියහයි වදාරා මේ මංගල ජාතකය නිමවා වදාල සේක එසමයෙහි තාපසවරුන්නම් දැන් මේ බුදුපිරිසය ජේ්‍යෂ්ට අතවැස්සානෝ නම් ශාරිපුත්‍රස්ථවීරයෝය රක්ඛිත තාපසයෝනම් බුදුවු මම්ම වේදැයි වදාළසේක