මුල් පිටුව

438 බිලාර සිය ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද කාලත්‍රයවර්තීවූ සර්වධර්මයෙන් සර්වාකාරයෙන් දත්තාවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි දන්දී අනුභව කරන්නාවු භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ බත් ආලෝපයක්වත් උප්පතක් වත් යම්දෙයක් දන්දී වළදනසේක. උන් වහන්සේ දන් දී වළඳන නියාව එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්ව උන්නාවූ භික්ෂූන් වහන්සේ ඇවැත්නි අසවල් භික්ෂූහු දන්දී මිසක් අනුභව නොකරෙති කියාම කථාව කොට උන්සේක. එතනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා මහණෙනි මේ කියන්නාවූ භික්ෂූහූ මහා ලෝභිය මාගේ අවවාදය අසා ඒ ජාතියෙහි ලෝභිකම් අලහ. එසේ හෙයින් මේ ජාතියේත් ලෝභිකම් නැත්තේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි ඒ නුවර එක්තරා සිටානකෙණෙක් සදමහල් කරවා දන්දී තමාගේ පුතාට කියන්නේ මාසෙම දන්දී සිල්රකුවයි පුතාට භාර කොට තෙමේ මියගොස් ශක්‍රභවනයෙහි ශක්‍රභවනයෙමි ශක්‍රදේවේන්ද්‍රව ඉපද දිවඉසුරු විඳිනා කල්හි ඔහුගේ කුමාරයත් සිටුසේසත් ලදින් පියානන්සේම දන්පින් කොට මියගොස් චන්ද්‍රපුත්‍රව උපන්නේය. ඔහුගේ පුතාත් එසේම දන්පින් කොට මියගොස් සූර්යදිව්‍යපුත්‍රව උපන්නේය. ඔහුගේ පුතාත් එසේම දන්පින් කොට මියගොස් සූර්යදිව්‍යපුත්‍රව උපන්නේය. ඔහුගේ පුතාත් එසේම දන්පින් කොට මියගොස් සූර්යදිව්‍යපුත්‍රව උපන්නේය. ඔහුගේ පුතාත් එසේම දන් පින්කොට මියගොස් මාතලී දිව්‍යපුත්‍රව උපන්නේය. ඔහුගේ පුතාත් එසේම දන්පින් කොට මියගොස් පංචශිඛ දිව්‍යපුත්‍රව උපන්නේය. ඔහුගේ පුතා වනාහි තමාගේ පරම්පරාවෙන් ආවාවූ දාන වාහනය නසා දන්හල් ගි ගිණිසිඟා ආ ජනයන් බොටුව අල්වාදමා මේ නියායෙන් තදපරුෂව කිසිදායාවක් නැතිව යටත්පිරිසෙයින් තනඅගක් තෙලෙහි ශාලාවත් එක්කෙණෙකුන්ටත් නොදී මසුරුව වාසය කරන්නාහ. එසේ හෙයින් උන්ට බිලාරකොෂිය සිටානෝයයි කියා මෙනමින් ප්‍රසිද්ධ දවස් අරිනාහ. එක් දවසක් ශක්‍රදේවේන්ද්‍රතෙම මම කුමක් පිණිස මේසා සම්පත් ලද්දේනැයි දිවැසින් ලොව බලන්නාහු බරණැස් නුවර සිටුකුලයෙහි ඉපිද දන් දී උපන් නියාව දැක මාගේ පුතනුවෝ කොයිදැයි කොතැන්හි උපන්දෝහෝයි බලා චන්ද්‍ර දිව්‍යපුත්‍රව උපන්නියාව දැක උන්ගේ පුතනුවෝ කොයි උපන්දෝහෝයි බලා සූර්ය දිව්‍යපුත්‍රව උපන් නියාව දැක උන්ගේ පුතනුවෝ කොයි උපන්දෝහෝයි බලා පංචශික දිව්‍යපුත්‍රව උපන් නියාව දැක ඔහුගේ පුත් කොයි උපන්දෝහෝයි බැලුවාහූ පරම්පරාවෙන් ආවාහූ දන්හල් දවා සිඟන්නන් මරා ළුහුබඳවා ලෝභිව වසතියි දැක මා දක්වා මේ දිව්‍යපුත්‍රයන් සතරදෙනත් මමත් ගොසින් ලෝභිකම් අරවාපියා එමි සිතා චන්ද්‍ර සුර්ය මාතලී පංචශිල දිව්‍යපුත්‍රයන් සතරදෙනා තමන් කරා කැඳවා කියන්නාහු අපගේ දානාවංශය නසා ලෝභිව වාසය කෙරෙති එසේහෙයින් අපි පස්දෙනා උන්කරා ගොසින් උන්ගේ ලෝභය අරවා දන් පින් කරණා නියායෙන් සලස්වා එම්මැයි කියා අපි පස්දෙනා එකවිට ගියකල භයින් මුර්ජාවෙයි එකවිට නොගොසින් එක්කෙණෙකුන් නියායෙන් බ්‍රහ්මණ වේශයෙන් යම්හයි කියා සිටානන් රජගෙට අවුත් තමන්ගේ ගෙට ගියකල යම්හයි කථාකොට සිටානන් තමන්ගෙට අවුත් සත්වෙනි දොරටුවේ විථිය බලබලා සිටිකලට ශක්‍රයෝ බ්‍රාහ්මණ වේශයෙන් අවුත් සිටානන්ගේ සමීපයට පැමිණ සිටාණෙනි සාදුකෙන් ඉතාම පීඩිතව ගියෙමි. මාගේ දුක්ඛය නිවා දෙවයි කී කල්හි සිටානෝ ශක්‍ර බ්‍රාහ්මණයා කී බස හා සමඟ මාගේයයි පිසුබතුත් නිමාගියේය. පිසන්ට සාළුත් නැතැයි කීහ. ශක්‍රබ්‍රාහ්මණයා කියන්නේ සිටාණෙනි මා කියන්නාවූ සොලෝවෙක් ඇත අසවයි බ්‍රාහ්මණයා කීය. සිටානෝ මට සොලොවෙන් ප්‍රයෝජන කිම්ද මම නොඅසමි කීවත් බ්‍රාහ්මණයන් වලක්ව වලක්වා කියන්නාහු පින්වත් මහසිටානෙනි පිස අනුභව නොකරන්නාවූ සත් පුරුෂයෝ සිඟාල භෝජනය දෙනුකැමැතිවෙති උදාකළාව නොකෙරෙති පිස අනුභව කරන්නාවූ තොපි තොපගේ වස්තුව ඇතිව තිබැද්ද තමා සමීපයට පැමිණියාවූ යාචකයන්ට දන්නොදෙව් නම් එසේ නොදීම තොප වැන්නවුන්ට සුදුසු නොවන්නේය. දානමානාහි මසුරු බැවින් ප්‍රමාද බැවින් යන මේ දෝශදෙකෙින්ම නොදනෙන්නාහ. කුසල් කැමැත්තවු නුවනැත්තාවූ සත්වයන් විසින් ස්වල්පවූ දෙය ධර්මයෙක් ඇතිනම් එයින් භාග යක් වත් දියයුත්තේයයි කීහ.

එබස් අසා සිටානෝ ගෙටවැද ඉදූවයි යන්තමක් ලබන්නේ වේදැයි කිය ශක්‍රබ්‍රාහ්මණයෝ ගෙට වැද සිටානන්ට තමන් කාරණය මෙනෙහි කරමින් සෝලෝව කිය කියා උන්නාහුය. ඉක්බිති චන්ද්‍ර දිව්‍යපුත්‍රයෝ අවුත් බත් ඉල්වා තොපට බත් නැතැයි යවයි කී කල්හි මහ සිටාණෙනි ඇතුළුගෙයි එක් බමුණෙක් සිටිති බමුණන් පවරා දන්දෙන තෙනකැයි සිතිමි. එසේ හෙයින් මමත් ගෙට වඳිමි කීහ. බමුණන්ට දෙන දනෙක් නැත මෙතන නොසිට පළායවයි සිටානන් කියමින් සිටියදි එසේ විනම් සොලෝවක් කියන්නාවූ චන්ද්‍ර දිව්‍යපුත්‍රයෝ මසුරුසිත් ඇත්තාවූ සත්වතෙම යම් ක්‍ෂුධා පිපාස දෙකට භයින් භයපත්ව දන් නොදෙන්නාවූ සත්වයාට ඒ තෙම භයනොවන්නේය. කුමක් නිසාදයත් මම මා සන්තක වස්තුව අනුන්ට දන්දීපියා ක්‍ෂුධා පිපාස දෙකින් පීඩිතවම දැයි සිතා භයපත්වේද ඒ් ක්‍ෂුධා පිපාස සංඛ්‍යාතවූ භය අඥානවූ සත්වයා උපන් තැන්හි මෙළොව පරලොව දෙකෙහිම පීඩාවට පමුණුවන්නේය. ඉතා දිළිදු බවටත් පමුණුවන්නේය. එසේ හෙයින් තමාගේ සන්තානයෙහි උපන් මාත්ස්‍යය මලය මැඩගෙණ නුවනැත්තාවූ සත්වයින් විසින් දන්දියයුත්තේය. සියළු සත්වයන්ට කුශල නම් බලවත් පිහිටෙක් වන්නේයයි කීහ. එබස් අසා සිටානන් විසින් එව ගෙට වැද ඉඳූව මදක් ලබන්නේ වේදැයි කී කල්හි චන්ද්‍ර දිව්‍ය පුත්‍රයෝ මගට වැද ශක්‍රයන් සමීපයෙහි උන්නාහ. ඉක්බිත්තෙන් මදක්කල් යවා සූර්ය දිව්‍යපුත්‍රයෝ බත් ඉල්වා සිට කියන්නාහු දානය නම් මත්ස්‍යමණ්ඩලය මැඩගෙණ දියයුතු හෙයින් නොදිය හැකි දෙයක් වන්නේය. නැවතද දානය නම් යුද්ධයක් හා සමාන වන බැවින් නොකොට හැකි කාරීයෙක් වන්නේය. එසේ හෙයින් නොදිය හැක්කක් කරන්නාවු සත්පුරුෂයෝ දන්දිගත නොහෙන්නාහ. එසේ හෙයින් සත්පුරුෂ බෝධි සත්වවරයන්ගේ ස්වභාව අන්‍යසත්වයන් විසින් ගතනොහැක්කේය, මේ කාරණයෙන් සත්පුරුෂයන්ගේ ගතිය ෙමෙයින් පරලොව ගියකල්හි වෙනවෙනම වන්නේය. අසත්පුරුෂයෝ තමා මාත්ස්‍යය වශයෙන් දන්නොදී නරකයට යන්නාහ. සත්පුරුෂයෝ දාන ඵලය තමන්ට ප්‍රත්‍යක්‍ෂව දැනෙන හෙයින් මත්ස්‍යනොව දන්දී ස්වර්ගලෝකයෙහි උපදනාහයි ධර්මදේශනා කළහ. එබස් අසා සිටානෝ අනිකක් කියා කොටගත හැකිකාරණය නොදැක එසේවී නම් ගෙට වැද සමීපව ඉඳූව මදක් ලබන්නා වේදැයි කිය.

ඉක් බිත්තෙන් මදක්කල් යවා මාතලී දිව්‍යපුත්‍රයා අවුත් බත් ඉල්වා නැත පලා යවයි කී කල්හි එබස් හා සමඟ අවවාද වශයෙන් කාරණා කියන්නේ මහා සිටානෙනි මේ ලෝකයෙහි සමහර නුවනැත්තාවූ සත්වකෙණෙක් තමන්ගේ ගෙවල ස්වල්පව තිබෙද්දී දන්දෙනු කැමැත්තාහුවෙති. සමහර සත්වකෙණෙක් තමන්ගේ වස්තුව බොහෝවීනම් දන්දෙනු කැමැත්තාහ.එසේ හෙයින් මේ ලෝකයෙහි කම්පල අදහා දෙනලද්දාවූ සැන්දක් පමණවත් මහත්ඵල මහානිසංස වන බැවින් සහසින්ගේ දානය හා සමානවන්නේයයි කීහ. එබස් අසා සිටානෝ එසේ වීනම් ගෙටවැද ඉඳූවයි කීය. ඉක්බිත්තෙන් මදක්කල් යවා පංචශික දිව්‍යපුත්‍රයා අවුත් බත් ඉල්වූහ. නැත පලා යවයි කී කල්හි මම තාගේ ගෙට ගොසින් දුන්දෙය ගෙණාවිරු එකෙකි කිම්ද මේ ගෙයි බමුණන්ට ආරාධනාකොට දන්දෙන තෙනැකැයි කියා සිටානන්ට ධර්මදේශනා කරන්ට පටන්ගත්තාහු මෙසේ කීහ. සිටානෙනි මේ ලෝකයෙහි යම් සත්වයෝ ත්‍රිවිධ සුචරිත ධර්මයෙහි හැසිරේද ගමසිඟා ඇවිද වී සාල් ආදීවූ දෙයෙන් හා බත් ආදියෙන් ජීවත් වේද වනයේ ආවිද ඵලා ඵල ආදිවූ දෙය ගෙණවුත් ජිවත් වේද එසේ ඇවිලි ආහාරයෙන් ජීවත් වන්නාවු සත්වයාත් ධර්මයෙහි හැසිරෙන්නේම වෙයි යම් සත්ව කෙණෙක් තමාගේ වස්තුව ස්වල්පව තිබැද්දී ධාම්මිකවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් හා දුගී මගී යාචකයන්ට දන්දේද එම ස්වල්ප වස්තුවෙන් පුත්‍රදාරාවන් පෝෂ්‍යය කෙරේද ඒ සත්වයාත් හැසිරෙන්නේ නම් වෙයි මෙර මා හට භය හා පීඩා කොට නොබද කරවූ වරද ආදියෙන් වස්තු රැස්කොට දවස දහසක් වස්තු වියදම්කොට දන්දෙනහෙයින් සහශ්‍රයාගී නම්වූ ඉසුරුමතුන් ලක්ෂයක් දෙනාගේ දානය දැහැමෙන් වස්තු උපදවාගෙණ ඒ මනා වස්තුවෙන් දන් දෙන්නාවු දුක්ඛිත මනුෂ්‍යයාගේ දානයෙන් සොළොස්වන කොට්ඨාසයෙන් කොට්ඨාසයකුත් නොඅගනේයයි කීහ. පංචශිකයන්ගේ බස් අසා බිළාර කෝෂිය සිටානෝ කාරණා සලසා දුගී පුරුෂයාගේ ස්වල්පදානයට සහශ්‍රා දීන් ලක්ෂයක් දෙනාගේ දානට නොඅගනා කාරණා විචාරන්නාහූ බමුණානෙනි සහශ්‍ර වශයෙන් ඉතා මහත් බැවින් දැහැමින් සෙමින් වස්තුව උපදවා දන්දෙන්නාවූ පුරුෂයාගේ ස්වල්ප වූ දෙය ධර්මයෙහි සොළොස්වන කොට්ඨාසයෙන් කොට්ඨාසයකුත් නො අගන්ට කාරණා කවරේදැයි විචාළාහ. ඉක්බිති ඊට කාරණා කියන්නාහු පංචශිඛ දිව්‍යපුත්‍රයෝ සිටානෙනි මේ ලෝකයෙහි සමහර සත්වකෙණෙක් ප්‍රාණඝාතාදී දශ අකුශල කර්මයෙහි පිහිටියාවූ අනුන් තලා මරා දඬුමුගුරුගෙණ නොබද අය පඬුරුගෙණ සත්වයන් සන්තානයෙහි සෝක ඉපදවිමෙන් සම්පත් රැස්කොටගෙණ ඒ බලාත්කාරයෙන් උපයනා ලද වස්තුවෙන් ශ්‍රමණබ්‍රාහ්මණයන්ට දන්දෙන්නාහ. සත්වයන්ටද දණ්ඩණයකොට උපදවාගත් වස්තුවෙන් දෙනලද්දාවූ දානය දැහැමෙන් දෙන වස්තුවට සරිනොවන්නේය. මෙසේ යථොක්ත ක්‍රමයෙන් පරහට පිඩා කොට වස්තුව උපදවාගෙණ දන්දෙන්නාහු ලක්ෂයක් දෙනාගේ දානය දැහැමෙන් වස්තුව උපදවා දන්දෙන දුගී පුරුෂයාගේ දානය දුන් නාවු කාරණා වශයෙන් සොළොස්වන කොට්ඨාසයෙන් කොට්ඨාසයකුත් නොඅගනේයයි සිටානන්ට ධර්මදේශනා කළාහ. පංචශිකයන්ගේ ධර්ම කථාව අසා සිටානෝ එසේ වීනම් යව ගෙට වැද ඉඳූවයි මදක් ලබන්නේ වේදියි කීහ.

එබස් අසා පංචශික දිව්‍යපුත්‍රයෝ ගොස් ශක්‍ර බ්‍රාහ්මණාදී සතර දෙනාගේ සමීපයෙහි උන්නාහ. ඒ වෙලෙහි බිළාල කෝෂිය සිටානෝ තමන්ගේ ගෙයි කෙල්ල කැඳවා කියන්නාහු තෙලහිඳිනා බමුණන් පස් දෙනාට බොල්මුසු වී පස් නැලියක් දිපියවයි කීහ. යහපතැයි කියා කෙලිවි පස්නැලියක් ගෙණ ගියාය. බමුණෝ පස්දෙන පස්නැලිය දැක අපට ඒ එපායයි ලාවානොගත්තාහ. ලවා නොගත් නියාව කෙලී සිටානන්ට කීවාය. සිටානෝ නිවුඩු සාල් පස් නැලියක් ලවා පියවයි කීහ. එවිට කෙලි සාල් පස් නැලියක් ගෙණ ගියහ. බ්‍රාහ්මණයෝ සාලුත් අප ලවා ගන්නේ නැතැයි කියා නොගත්තාහ. සාල්ලවා නොගත් නියාවත් සිටානන්ට කෙලි කිව බතකත් නම් අසුන්ට උයාපු නිවුඩුසාලේ බත්ලා පියවයි කිහ. යහපතැයි කියා බමුණන් පස්දෙනා ඉඳූවා අසුන්ට ඉවු නිවුඩු සාලේ බත්ලු ගමනේ බත් පිඩි කට තබා ගෙලගත්තාක්මෙන් ඇස් උඩ ඉඳුවා වැටී වැදඔත්තාහ. කෙලි එමවිට බ්‍රාහ්මණයන් ඇස්උඩ ඉඳූවා වැටිවැදහොත් නියාවදැක මළහයි සිතා සිටානන්ට බමුණෝ බත් ගිලේ ගැණි මළෝයයි කෙලි කිව් සිටානෝ මට අප කිර්තියෙක අසුකෙළක් සම්පත් ඇති සිටානෝ සුඛුමාලයවූ බමුණන් පස්දෙනාට ඉඳූරා බත් සුඟක් ලවාලිය නොගි අසුන්ට ගෙරි මීවුන්ට පිසු බත්ලා බ්‍රාහ්මණයන් මරාපුහයි ප්‍රසිද්ධ බොහෝ මට අප කිර්තියයි කියා කෙල්ලට කියන්නාහු උන්ගේ තැටිවල නිවුඩු බත් හැර මට පිසු සුවඳ ඇල් සාලේ බත් තැටි පසේලවයි කීයේය. කෙළි ඒ නියාවට නිවුඩුසාලේ බත් හැර සිටානන්ට පිසු බත් බමුණන් පස්දෙනාගේ තැටිවල ලුව සිටානෝ දොරකඩ වැද සිට යනඑන බොහෝ මනුෂ්‍යයන් කැඳවා කියන්නේ මේ බමුණන් පස්දෙනාට මට පිසු සුවඳ ඇල්සාලේ බත් ලැවිම්, බමුණෝ නම් ලෝභී ජාතියෙක නිසා මහත්කොට බත්පිඩකා ගිලේගෙණ මළහ. අපගේ වරදකින් මලගමනෙක් නොවෙයි තොපිහැම දනුවයි සිටානෝ කීහ. එවිට බ්‍රාහ්මණයෝ පස්දෙන බොහෝ මනුෂ්‍යන් එක්වූ නියාව දැන නැගී සිට එසේද සිටාණෙනි තොපගේ මිවුන් ගෙරින් ආදින්ට ඉවුබත් අපිටලා දැන්තැටිවල කැකුළුසාලේ බත්ලා තොප කළද නොදැනුදැයි කටතුබු නිවුඩු සාලේ බත් පිඬු පස බිමට එලුහ. එවිට බොහෝ මනුෂ්‍යයෝ භයපත් තොපගේ දානාධ්‍යසය එකවිවරය, තොපගේ සත්මුතු පරම්පරාවේ පැවත ආකුශලයක් නැත්ල බොහෝ උත්සහයෙන් දෙවනවන්දානෙක මෙසේ වූ බ්‍රාහ්මණයන්ට තොපට පිසු බතින් බත්ලා යවාපුවොත් කවර වැරදිද තොපසේ අඥාණයෙකුත් නැතැයි කියා බොහෝ නින්දා කීහ. එවිට ශක්‍ර යෝ කියන්නාහු මේ සිටානෝ මෙතෙක් සම්පත් ඇතිව තිබැද්දී අපට ලැබුනු බතේ සැටිය මේ සම්පත කාගේ සම්පත්දැයි දැනුදැයි විචාළේය. එවිට මනුෂ්‍යයෝ නොදනුම්හයි කීහ. බ්‍රාහ්මණයෝ කියන්නෝ පළමු මේ නුවර සතරදිග සතර දන්හල් කරවා දන්දුන් අසවල් සිටානන් තම ඇසූවිරුදැයි විචාළාහ. ඇසූවිරු මනුෂ්‍යයෝ ඇසුම්හයි කීහ. බ්‍රාහ්මණ කියන්නේ එසේ වීනම් ඒ කුශලය කළාවු සිටානෝ නම් ඒ කුසලමුලයෙන් ශක්‍රභවනයෙහි උපන් ශක්‍රයෝ නම් මම්මයයි කියමින් සිටියදීම බ්‍රාහ්මණ වේෂය හැර පස් දෙනාම දිව්‍ය ආත්මභාවයෙන් සිට කියන්නාහු ඒ සිටානෝ නම් ශක්‍රවූ මම්මය. මාගේ පුත්‍රය නම් මාකළ කුශල්කොට චන්ද්‍ර දිව්‍යපුත්‍රව උපන්නේ තුළූය. තුළුවන්ගේ පුත්‍රයානෝ එම මේ කුශලය කොට මාතලි දිව්‍යපුත්‍රව උපන්නේ තුළූය, තුළුන් පුත්‍රයානෝ එම කුශලය කොට පංචශිඛ දිව්‍යපුත්‍රය උපන්නේ තුළූය. මේ සිටානන්ගේ පියානෝය. එසේ හෙයින් මේ සම්පත් මාගේ සම්පත් මෙතෙක් සම්පත් තිබැද්දීත් නිවුඩු බතෙහි වවර දුටුවාදැයි කියා මට බත් නැති හෙයින් මුගේ බත්කන්ට ආයේ නොවෙමි බොහෝ කාලයක් පැවත ආ දානය නුදුන් හෙයින් ඉදිරි ඇතිවුනු කෙණෙකුන් නොදෙති එසේහෙයින් මුන් හික්මවන් ආමිකියා ශක්‍රයන් ඇතුළුවු දිව්‍ය පුත්‍රයෝ මහත්වූ සෝභායෙන් ආකාශයෙහි සිටයාහ. සිටානෝ එවිට එසේවිද මා ඉක්මවනනිසා ආසේක්ද සැබැව මෙතෙක් දවස දන්කඩකොට නුදුන්නෙමි මෙතැන්පටන් මා පැවත ආ දානය කෙරෙමි කියා ගිවිස්සේය. ශක්‍රයෝ බොහෝ මනුෂ්‍යයන්ට දන්පින්කොට අපසේම දිව්‍යලෝකයෙහි උපදවයි කියා අවවාදකොට ශක්‍රයන් ඇතුළුවූ දිව්‍යපුත්‍රයෝ තමන්ගේ දිව්‍යලෝකයටම ගියාහ. එතැන්පටන් කෝෂිය සිටානෝ පළමු නියාවට දන්හල් කරවා දානධ්‍යාශයකොට දිව්‍යලෝකයට ගියහයි වදාරා මේ බිළාර කෝෂිය ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි බිළාරකෝෂිය සිටානෝ නම් දැන් පින්කරන්නාවූ මේ භික්ෂූහුය. පංචශිඛ දිව්‍යපුත්‍රයෝ නම් ආනන්ද ස්ථවිරය, මාතලී දිව්‍යපුත්‍රයෝ නම් අනුරුද්ධ මහාස්ථවිරය, සුර්ය දිව්‍ය පුත්‍රයෝ නම් මුගලන් මහාස්ථවිරය. එසමයෙහි චන්ද්‍රදිව්‍යපුත්‍ර නම් සැරියුත් මහාස්ථවිරය,

එසමයෙහි ශක්‍රයෝ නම් බුදුවූ මම්ම වේදැයි වදාළසේක.