මුල් පිටුව

433 කණ්හදීප ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ශාක්‍යකුල චුඩාමානික්‍යවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි ශාසනයෙහි උකටලීවූ භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වනලදී. මෙහි වනාහි ජාතක කථාව කුසජාතකයෙහි විස්තවශයෙන් පෙණෙන්නේය. මෙහි වනාහි සර්වඥයන් වහන්සේ භික්ෂූන් වහන්සේ ගෙන්වා තෝ වනාහි ශාසනයෙහි උකටලිවුයේ සැබැදැයි වදාළ ගමනේ සැබෑව ස්වාමිනි සාසනයෙහි සිටින්ට අභිප්‍රාය නැත්තෙමි සිව්වනක් පෂින් මධ්‍යයෙහි කීසේක. සර්වඥයන් වහන්සේ එවිට වදාරණසේක් පෙර උත්තමයෝ පණස් අවුරුද්දක් ශාසනයෙහි අභිප්‍රාහ සිටිනා ගමනේ මෙහි වාසයකරන්ට අනභිප්‍රායෙමි යන බස කියාගතනොහි සිටියේවේදැයි තොපි භික්ෂූ භික්ෂූණි උපාසක උපාසිකාය යන සිව්වනක් පර්ෂිත් මධ්‍යයෙහි ශාසනයෙහි උකටලී විෂයි නිර්ලජ්ජාවම කියෙහි වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්

යටගිය දවස වත්සරනම් රට කොසඹෑ නුවර රජ්ජුරුකෙණෙකුන් රාජ්ජයකරණ සමයෙහි බෝධිසත්වයෝ එක්තරා බ්‍රාහ්මණකුලයක ඉපිද වැඩිවිය පැමිණ අනික් බ්‍රහ්මණ කුමාරයෙකු හා දෙන්න පංචකාමයෙහි ආදිනව දැක හිමාලය වනයට ගොස් ඍෂි ප්‍රවෘජ්ජාවෙන් පැවිදිව දිනපතා පසයෝය මධ්‍යපතාපසයෝයයි මේ නමින් දෙන්නාම වාසය කරන්නාහ. ළුනු ඇඹුල් පිණිස බරණැස්නුවර පසල් ගමෙක අවුත් මඬප්ප උපාසකයාගේ ගෙට අවුත් වන්හ. ඒ දෙදෙනා වහන්සේ පළමුත් ඒ උපාසකයා අඳූනන හෙයින් දෙදෙනාවහන්සේට සිව්පසයෙන් දන්දෙන්නේය. මණ්ඩප තාපසයෝ ඒ ගමසිට බරණැස් නුවරට අවුත් ඒ නුවර අවිමුක්ත නම් සුසුන භූමියෙහි වාසය කරන්නාහ. ඒ නුවර සොරු සොරකම්කොට ගෙණයනකලට මනුෂ්‍යයෝ දැක සොරුන් ළුහුබඳවා ගත්කලට සොරුපව්රුයට සොරුව්වෙන් දිවගෙණ ගොස් මණ්ඩප තාපසයන් වසන සුසාන භුමියට තමන් ගෙනයන සම්පත් දමා දිවුහ. මනුෂ්‍යයෝ සොරුන් නොදැක තාපසයන් දැක එසේද දාවල් සිඟාකා රූ සොරකම් කරන්නේදැයි කියා අල්වාගෙණ ගොස් රජ්ජුරුවන්ට පෑහ. රජ්ජුරුවෝ කියන්නාහු ගෙණගොස් උලඅනපියවයි කීහ.යහපතැයි එම සුසාන භූමියට ගෙණගොස් කිහිරි උලක් ඉදිකොට අන්නට වන්නාහ. ඒකියන උල නො ඇනෙන්නේය. කොසඹ උලක් ඉදිකොට උල්අන්ටවන්ගමනේ එකියන කොසඹඋලත් නොහැනෙන්නේ යහුලක් ඉදිකොට අන්ටවන් ගමනේ යහලත් නොඇනෙන්ය. තාපසයෝ එවිට මා නොකළ කර්මය මං විඳිනේයයි මම කුමන අකුශලයක් කෙළෙම්දැයි පරීක්ෂාකල කල්හි දිවැස් පහළවිය. එවිට පරීක්ෂා කළාහු තමන් යටගිය ජාතියෙහි වඩුවකුට පුත්ව උපන් ගමනේ කොබෝලීල දඬුසයින තැනැත්තේ කොබෝලීල කුරක් ඇරගෙණ මැස්සකු අල්වා උල ඇනි අකුශලය දැක කළකර්මය විපාක දෙන්නේයයි දැන් කවර උලක් ඉඳිකොය ගෙණ උල අනිතත් නොහැනෙයි කොබෝලීල උලක් ඉදිකොටගෙණ අනුවයි කීහ.

යහපතැයි එකියන පුරුෂයෝ කොබෝලීල උලක් ඉදිකොටගෙණ තාපසයන් උල ඇන එතනට එන්නෝ ඇදෝහෝයි පරික්ෂාකරන්නට උන්නාහ, දිප තාපසයෝ මාගේ මණ්ඩප තාපසයන් නැතක්දා මා නොදකීනේ වයි සිතා දක්නට එන්නාහු අතර මගදී මණ්ඩප තාපසයන් උල ඇනි නියාව අසාවහා අවුත් මණ්ඩප තාපසයන් දැක කියන්නාහු තාපසයෙනි තොපකළ කර්මයෙක්ද තොපට විපාකදෙන්නේයයි විචාළගමනේ එවිට තාපසයෝ මා කළ අකුශලයේ විපාක දිනැයි නොකළ දෙයෙක් විපාකදෙද්යැ කීහ. එවිට දීප තාපසයෝ කියන්නාහු තොප කළ අකුශල විපාක දුන්නේය. රජ්ජුරුවන් කෙරේ අමෛත්‍රියක් සිතුදැයි විචාල කල්හි මාකළ අකුශලය විපාක දුන්නේය. රජ්ජුරුවන් කෙරේවත් වදකළවුන් කෙරේවත් අමෛත්‍රියක් නොසිතම් කීහ. දීප තාපසයෝ මෙසේ වූ මෛත්‍රියක් ඇත්තවුන්ගේ සෙවනේ ඉඳිම යහපත් වන්නේයයි සැතපි උන්නාහ. මණ්ඩප තාපසයන්ගේ ලේබින්දු දීප තාපසයන් ඇඟ වැම්ම කළු පෑයට ගැලසුනේය. මේ නියාව රජ්ජුරුවන්ට ඉවත බලාඋන් මනුෂ්‍යයෝ කී කල්හි රජ්ජුරුවෝ අපරීක්ෂිතව මණ්ඩප තාපසයන් උල අන්ට කියෙමි බලන්ට යෙමි කියා අවුත් දීප තාපසයන්ට රජජුරුවෝ කියන්නාහු තාපසයන් වහන්ස මේ ලේවැම්මෙන මෙතන නුඹ වහන්සේ උන්නේ කුමක් නිසාදැයි විචාළ ගමනේ දිප තාපසයෝ කියන්නාහු මේ නිරපරාධ මණ්ඩප තාපසයන්ට මේ අකුශලය සැලසුනු හෙයින් උන්ඩ ආරක්ෂා පිණිස මෙතන උනිමි කීහ. රජ්ජුරුවෝ එවිට මා පරික්ෂා නොකොට තාපසයන්ට උලඅන්ට කියේයයි සිතා මණ්ඩප තාපසයන් උලින් ගලවන්ට උත්සාහ කළ ගමනේ උලින් නොහැරෙණ හෙයින් එවිට මණ්ඩප තාපසයෝ තමන් මැස්සා උලඇනි ගමනේ නොමිය උලකඩාගෙණ පලාගොස් ජීවත්වූ නියාව දිවසින් දැක රජ්ජුරුවෙනි මේ උල මා බඩින් නොහැරෙන්නේය. මා රකිණා කැමැත්තානම් සමසරියේදී කියතතින් මේ උල කප්පවයි කීහ. එවිට රජ්ජුරුවෝ කියතත් ගෙණවයි කියත ගෙන්වා කැප්පු උල් කැබැල්ල බඩම තිබුයේය. එසේ හෙයින් එතැන් පටන් ආනි මණ්ඩප්ප තාපසයෝයයි කියත් දීප තාපසයන් ශරීරයේ ලේ වැම්මි කළුවූ හෙයින් කණග දීප තාපසයෝයයි මේ නමින් ප්‍රසිද්ධවූහ. රජ්ජුරුවෝත් තාපසවරුන් වැඳ ක්‍ෂමාකරවාගෙණ රජගෙට ගියහ. තාපස වරුත් මඟුල් උයනේ වරුත් මඟුල් උයනේ ඉඳ වනමුනතට බෙහෙත් කොට සුවකොටගෙණ මඩප්ප තාපසයන් උන්ගමට ගියාහ. මඩප්ප උපාසක තාපසවරුන් දෙදෙනා එන නියාව අසා පෙරගමන්කොට වඩාගෙණගොස් වලඳවා වැඩහිඳිනා අසුන් පණවා උල ඇනි කථාව කිය කියා උන්නාහ. මඬප්ප උපාසකයාගේ යඤඤ දත්තනම් පුතෙක් ඇත. ඒ පින් බඹරක් ඇරගෙණ කෙළිමින් සිටිකලට ඒ ගැසූ බඹරා ගොස් එතන සමීපයෙහි තුඹසෙක නයෙකුගේ ඉස වැදගත ඒ කුමරා බඹරා ගෙණෙන්ට ගිය තැනැත්තේ තුඹස ඇතුලේ වැටිගිය බඹරය දැක අරගන්ටයයි අතපොවා ළූකලට කොපවිපියා වැදහොත් නයා කුමාරයාගේ පොවාළූ අත ඇඟිල්ල දෂ්ට කෙළේය. කුමාර විෂමුර්ජාව වැටිගිය තැනැත්තහු දීප තාපසයන්ගේ පාමුලලා කියන්නාහු තාපසවරු නම් බොහෝ මන්ත්‍ර හා ඖෂධ දනිති එසේ හෙයින් තෙලකුමාරයාගේ විෂබෑව මැනවැයි කිහ. එවිට තාපසයෝ සත්‍යක්‍රියා කරන්නාහු මා මහණවූ සත් දවසක් මාගේ අභිප්‍රායෙන් වාසය කෙළෙමි මේ පණස් අවුරුද්දක් මුළුල්ලෙහි අනභිප්‍රායෙන් තපස් කෙළෙමි අසවල් තාපසයෝ අනභිප්‍රායෙන් තපස් රක්‍ෂා කෙරෙති කිසිකෙණෙකුන්ටත් නොහඟවා වාසය කෙළෙමි. මේ සැබැවීනම් මේ සත්‍ය ක්‍රියායෙන් මේ යඤ්ඤතත නම් කුමාරයාගේ විෂ බසී වයි සත්‍යක්‍රියා කළ ගමනේ කුමාරයාගේ තනමත්ත පමණට විෂ බැස ගියේය.

බෝධිසත්වයෝ මම මට පිළිවන් විවර සත්‍යක්‍රියා කෙළෙමි, මඩප්ප උපාසකයෝ කියන්නාහු මම දුටු යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙණෙකුන්ට දන්දෙමි එදවසුත් මාගේ අභිප්‍රායෙන් දන්පින් කෙළෙමි අසවල් උපාසක අනභිප්‍රායෙන් දන්පින් කරන්නේයයි කිසිකෙණෙකුන්ටත් නොහැඟුනේය. ඒ සැබෑවිනම් යඤ්ඤදත්ත කුමාරයාගේ විෂ බසීවයි කියා සත්‍යක්‍රියා කල ගමනේ ඒ කුමාරයාගේ විෂ උකුළසරියට බැස ගියේය. මඩප්ප උපාසක තමන්ගේ භාර්යාවට කියන්නේ තෙපි තොපගේ සත්‍යක්‍රියාව කොට විෂ බාවයි කී කල්හි එකියන භාර්යාව කියන්නී තොප දැක්කදී මා සත්‍ය ක්‍රියා කරන්නේ කෙසේදැයි කිව එවිට මඩප්ප උපාසක කියන්නේ තොපි කිසි සැලයක් නැතිව සිත ඇත්තකියවයි කී කල්හි ඒ ස්ත්‍රී කියන්නි එඹලපුත තොප සකසා කැනයාකෙරේ මම අසමාධියෙන් නම් තොපගේ පියානන් කෙරෙත් මම අසමාධියෙමි, උන්කෙරේ මම අසමාධි නියාව තොපගේ පියානෝ නොදන්නාහ. පිටතකින් කෙණෙකුන්ටත් නොහඟවා වාසයකෙළෙමි. මේ සැබැවි නම් යඤ්ඤදතත කුමාරයන්ගේ විෂ බසීවයි සත්‍යක්‍රියා කළ ගමනේ විෂ බැස සැපසේ ඇවිද්දාහ. එවිට මඩප්ප උපාසක බෝධිසත්වයන්ට කියන්නේ ස්වාමිනි මේ පණස් අවුරුද්දේ ආලය නැතිව තපස් රක්ෂාකළේ කෙසේදැයි විචාළකල්හි තාපසයෝ කියන්නාහු මෙලෝපරලෝ ඇතැයි මම මහණවීම් මහණවූ ගමනේ සිවුරු ඇරපියත්නම් කෙලෙතොල්ලා සිවුරුපොරව සිටිය නුහුනුයේයයි නින්දා පරිහාර අසාගතනොහි අනභිප්‍රායෙන් වුවත් වාසයකෙළෙමි කීහ. ඊට බෝධිසත්වයෝ මණ්ඩප උපාසකයෙනි තොප අප ඇම ඇතුළුවූ ශ්‍රමණ බ්‍රහ්මණයන්ට මෙතෙක් දවස දන්දෙන්නාහු අනභිප්‍රායෙන් දන්දුන්නේ කුමක් නිසාදැයි විචාළාහ. මණ්ඩප උපාසක කියන්නේ මාගේ සත්මුතත පරම්පරාවේ පැමිණ ආ කුශලය හෙයින් කෙළෙමි නොකෙළොත් මට නින්දා කෙරෙති සිතා කෙළෙමි කීහ. එවිට මඩප්ප උපාසක තමන්ගේ භාර්යාව අතින් විචාරන්නේ භාර්යාවෙනි තොපි කුමාරි අවස්ථාවේ අව්ත මෙතෙක් දවස් මා කෙරෙහි නිරාලයෙන් වාසය කොට එක් දවසකුත් ආලය නැති නියාව නොහඟවා වයෝවෘද්ධ වයසට පැමිණෙන කල කෙසේ වාසය කළාදැයි විචාළකල්හි එවිට ස්ත්‍රි කියන්නී මාගේ සත්මුත්තන් පරම්පරාවේ එකසරණක විනා දසරණක උන්කෙණෙක් නැත්තාහ. එසේ හෙයින් තොප කෙරේ ආලය නැත්ත නොහඟවා උනිමි කීහ. එවිට බෝධිසත්වයන්ට ස්වාමිනි මා කීයේ පුරුෂයන් දැක්කදී කිවමනා දෙයක්ද මාගේ දරුවන් නිසා මා කියේය ඊට ක්‍ෂමා කළ මැනවැයි කීව. එවිට බෝධි සත්වයෝ තොප එසේ සිතිය යුතු නොවෙයි මෙතැන් පටන් උන්කෙරේ ආලය ඇතිව වාසය කරවයි කියා එබැවින් ඒ පුරුෂයා කියන්නේ ඉනිබ්බේ මට අවිස්වාස නොවවයි කියා ක්‍ෂමා කෙළේය. එවිට ස්ත්‍රි යහපතැයි කියා ක්‍ෂමා කරවා ගත්තාහ. එවිට මඩප්ප උපාසක බෝධිසත්වයන්ට කියන්නේ ස්වාමිනි නුඹ වහන්සේත් අපි හැම දුන්නාවූ දානය අනුභව කොට සැපසේ වික්‍ෂේප නොවි ශිලය රැක්ක මැනැවැයි අවවාද කීය. තාපසයන් වහන්සේත් යහපතැයි එතැන්පටන් ශිලය රක්ෂා කරණසේකැයි එවිට තාපසයන් වහන්සේ මඩප්ප උපාසයක්නට කියනසේක් තමා අභිප්‍රායෙන්ම කුසල් කරන්නේය. උපාසකයෙනි තොප දෙන දානය යහපත්ව සිත පහදවාගෙණ දෙවයි කීය. අවවාද කිසේක. එතැන්පටන් සිත පහදවා දන්දෙන්නේය. ස්ත්‍රීන් එතැන්පටන් තමාගේ පුරුෂයා කෙරෙහි සෙනෙහයෙන් වාසය කරන්නීය. මඩප්ප උපාසකයාත් තමා අභිප්‍රායෙන් කුශල් කරන්නේය. බෝධි සත්වයෝත් නොපිරිහුණු ධ්‍යාණයෙන් පඤචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා බඹලොව ගියහයි මේ කණහදීප ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ස්ත්‍රී දැන් විශාඛාවෝය. එසමයෙහි මඩප්ප උපාසක නම් ආනන්ද ස්ථවිරය. යඤඤදත්ත කුමාරයෝ නම් දැන් මේ රාහුල ස්ථවිරය. එසමයෙහි මඩප්ප තාපසයෝ නම් ශාරීපුත්ත ස්ථවිරයව. එසමයෙහි කණහදීපායන තාපසයෝ නම් බුදූවු මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.