මුල් පිටුව

430 කෘෂ්ණ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ශාක්‍යකුල නායකවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ කිඹුල්වත් පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සමයෙහි සිනාවක් අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්.

සර්වඥයන් වහන්සේ භික්ෂූසංඝයා පිරිවරා කිඹුල්වත්පුර ඒ ඒ ස්ථානවල් බලා ඇවිදිනා ගමනේ එක්තරා භුමියක් දැක එතන මදවෙලා වැඩ හිඳ සිනහ පහළකළසේක. අනදසාමින් සර්වඥයන් වහන්සේ සිනා පහළ කළ නියාව දැන සර්වඥයන් වහන්සේ සිනා පහළ කළ නියාව දැන සර්වඥයන් වහන්සේ නොකාරණයෙක සිනා පහළකළ සේක. ඒ කාරණය විචාරම්යි සිතා සර්වඥයන් වහන්සේ සමිපයට අවුත් ස්වාමිනි මෙතන වැඩ සිට සිනා පහළකලේ කවර කාරණයකින්දැයි විචාළ සේක. එම්බා ආනන්දයෙනි පළමු මෙතන උග්‍රවූ තේජස් හා පචර්ඩ් අෂ්ට සමාපත්ති ඇති ක්‍රීෂ්ණ තාපස කෙණෙක් උන්නාහ. උන් සිතා සිනා පහළ කෙළෙමි වදාළසේක. ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ උතුම්වූ බ්‍රාහ්මණකුලයෙක උපන් සේක. ශරීරය ඉන්ද්‍රකීල මාණික්‍යයකට බඳූන්වූ පැහැ ඇති හෙයින් ක්‍රිෂ්ණ කුමාරයෝ යි නම් තිබූහ. බෝධිසත්වයෝ වැඩිවිය පැමිණ දිසාපාමොක් ආචාරීන් සමීපයට ගොස් උගතමනා ශිල්පශාස්ත්‍ර ඉගෙනගෙණ අවුත් තමන් පියානන්ට ශිල්පශාස්ත්‍ර පෑකල්හි පියානන්ගේ අයාමෙන් පුරෝහිත ස්ථානානන්තරයට පැමිණ තමන්ගේ දෙමව්පියන් මුතුන් මිමුතුන් ඇතුළු වන්නේ නොයෙක් වස්තු ලියා තුබූ ස්වර්ණ පත්‍රය ගෙන්වා බලා මේ වස්තු නම් රජදරුවන්ගේ සොරුන්ගෙන් සතුරන්ගෙන් දියෙන් ගින්නෙන් ඇතුළුවූ පංචප්‍රකාරයට පැමිණ නස්නේය. මෙසේවූ සම්පත් දානමුඛයට පමුණුවා පචර්ඩ් අෂ්ටසමාපත්ති උපදවා සැපසේ වාසය කරමි. මාගේ මෙතෙක් වස්තු රජ්ජුරුවන් වහන්සේට කියා දෙන්නෙම්. රජ්ජුරුවන් සමීපයට ගොස් ස්වාමිනි මාගේ දෙමාපියන් මුතුන්මිමුතුන් ඇතුළුවන්ගේ බොහෝ සම්පත් ඇත. ඒ සම්පත් ඔබ වහන්සේ ගෙන්වාගත මැනවයි කීහ. රජ්ජුරුවෝ බමුණු මාගෙන් තා කැමති සම්පත් හැරගණුව තාගේ සම්පත් මට හැයිදැයි රජ්ජුරුවෝ කීහ. බමුණානෝ කියන්නෝ ස්වාමිනි මාගේ බොහෝ සම්පත් දානමුඛයට පමුණුවා තපස්කරන්නෙමියි කීහ. රජ්ජුරුවෝ තොපගේ සම්පත් කැමති සැටියේ දානමුඛයට පමුණුවයි කී ගමනේ යහපතැයි බෝධි සත්වයෝ ගෙට අවුත් සම්පත් තිබූ ගබඩාවල යතුරු අරවා සියළු යාචකයෝ ඇවිත් කැමති සැටියට සම්පත් ගෙණ යෙත්වයි විධාන කළාහ. යාචකයෝ අවුත් සත් රෑ සත් දවාලක් සම්පත් ඇද නිමාවෙක් නුදුටු හෙයින් බෝධි සත්වයෝ සම්පත් බලා සම්පත් දන්දී යෙත්නම් ජරාව හෝ පැමිණෙයි ව්‍යාධිය හෝ පැමිණෙයි සිතා කැමති සත්වකෙණෙකුන් ගෙණයෙත්වයි කියා ගබඩාවල යතුරු හරවා තපසට නික්ම එක් වානාන්තරයෙක මුඬනම් ගසක් මුල වාසය කරන්නාහ.

බෝධිසත්වයාේ ඒ ගසමුල විනා අනික් ගසක් මුල කට පලාඵල කඩා නොයන හෙයින් රුකඩ මුලිකාංගයක් පුරන්නාහ. වනාන්තරයෙහි වාසයකරණ සෙයින් ආරණ්‍යකාඟයත් පුරන්නාහ. එක් ගමෙක නොවසන හෙයින් අබෙභාකාසිකාංගයත් පුරන්නාහ. පලාඵලයක් එකතැනක ඉඳ විනා සිතු සිතූ තැනක ඉඳ නොකණ හෙයින් ඒකා සනිකාංගයත් පුරන්නාහ. නොනිදා ඉන්නා හෙයිනුත් ඉඳින් නිදන නමුත් භූමියෙහි විනා මැසෙසක ඇඳෙක නොසැතපෙන හෙයින් නෙසජ්ජිකාංගයත් පුරන්නාහ. මෙසේවූ ධුතාංගයෙන් හා ප්‍රථමධ්‍යාන චිතියද්ධ්‍යානාදී පචාභිදා අෂ්ටසමාපත්ති උපදවා වාසයකරන්නාහ. තවද බෝධිසත්වයෝ තමන් ගස ඵලජාතී අමුවුවත් විලිකුන්වුවත් එම අනුභව කරන්නාහ. මල් ඇතිදා මල් අනුභවකෙරෙති. මල් නැතිදා සඛාජාති අනුභව කරන්නාහ.තමා ඉදිරියේ තිබුදෙයෙක් විනා ඉවත තිබුදෙයකට අත නොපොවන්නාහ.ඇල්ළු අත්තෙම තිබු ඵලාජාතිවුවත් මල්ජාතිවුවත් අනුභවකොට මේ නියායෙන් ඝෝරවූ තපස්කොට පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා වාසයකරන්නාහ.

එසමයෙහි මේ කියන කෘෂ්ණ තාපසයන්ගේ ආනුභාවයෙන් ශක්‍රයාගේ පණ්ඩුකම්බල ශෛලාසනය හුණුවිය. ඒ කියන ආසනය හුනුවන්නේ සතර කාරණයකින්ය. හේ කෙසේද යත්, ශක්‍රයාගේ ආයුෂ මද අවස්ථාවේ හුණුවන්නේය. යම් කෙණෙක් ශක්‍රසමාපත්ති ප්‍රාර්ථනා කෙරෙත් නමුත් හුණවන්නේය.යම් තපස්වී කෙණෙකුන්ගේ ශිල තේජසින් හුණුවන්නේය.මහා ගුණවතුන් කුකුස් ඉපදවීමෙන් උණුවන්නේය. මේ සතර කාරණයෙන් ශක්‍රයන් නොකමැතිකරවා පාණුඩුකම්බලශෛලාසනය හුණු වන්නේය. එවිට ශක්‍රයෝ තමන්ගේ ආසනය නොකැමැතිකරවා හුණුවු හෙයින් පරීක්ෂාකළ ගමනේ මෙකියන කෘෂ්ණ තාපසයන්ගේ ආනුභවයෙන් උණුවූ නියාව දැන එතනට අවුත් බෝධිසත්වයන්ගේ පිටිපස්සේ සිට කියන්නාහු ඒ කාන්තයෙන් මේ පුරුෂතෙම කෘෂ්ණාවූ ශරිර ඇත්තේය. කෘෂ්ණවූ ඵල අනුභව කරන්නේය. කෘෂ්ණ භුමියෙහි සෙය්‍යාව කරන්නේය. එසේහෙයින් මේ පුරුෂයාගේ ක්‍රියාව මාගේ සිතට ප්‍රිය නොවන්නේය. කියා බෝධිසත්වයන් පිටිපස සිට කියන්නාහු ඒකාන්තයෙන් මේ පුරුෂ තමන්ගේ නුගුණ කී කල්හි කීපෙද්දෝහෝයි කීපෙන්ට නිසිබස් කීහ. කෘෂ්ණ තාපසයෝ ශක්‍රදේවේන්ද්‍රයන් කී බස් අසා ඒ මා හා සමග කථා කරන්නේ කවරෙක්දෝහෝයි දිවසින් පරීක්ෂාකරණ තැනැත්තේ ශක්‍රදේවේන්ද්‍රයන් නියාව දැන කරකැවී ශක්‍රදේවේන්ද්‍රයන්ගේ මූන නොබලාම කථා කරන්නාහු ශක්‍රදේවේන්ද්‍රයෙනි ඇඟ සම කළුවුවයි සත්වතෙමේ කෘෂ්ණ නම් නොවන්නේය. යමෙක් අභ්‍යන්තරයෙහි ශිල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිඥාන දර්ශනයෙන් සමන්විත වුයේ නම් එබදුසත්වතෙම සන්තානයෙන් පිටත්කරණ ලද රාගවේෂාදී අකුශල ධර්මයන් ඇතිබව හේතුකොටගෙණ බ්‍රාහ්මණ නමුදු වන්නේය තපස්වී නමුදු වන්නේය. යම්සත්වයෙක්හු සන්තානයෙහි රාගවේෂා දී වු අකුශල ධර්මයන් බහුලව පවතීනම් ඒ සත්වතෙමේ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණනාදීවූ යම් කිසි උත්තම කුලයක උපන්නේ වි නමුත් සවර්ණරූපයක් හා සමානවු රන් වන් ශරීර සෝභාවෙන් යුක්තවූයේ වී නමුත් කෘෂ්ණවූ අකුශල ධර්මයෙන් සමන්විත බැවින් කෘෂ්ණ නම් වන්නේයයි කීහ.

මෙසේ කියා මේ ලෝකයෙහි සත්වයන් කෘෂ්ණභාව කරන්නාවූ අකුශල ධර්ම අනේකප්‍රකාරයෙන් විස්තරකොට කියා ඒ අකුශල ධර්මයන්ට නින්දාකොට ශිලාදී ගුණ ධම්මයන්ට ප්‍රශංසාකොට ආකාශයේ සඳමඩල ගෙණහැර පාණාසේ ශක්‍රදේවේන්ද්‍රයන්ට ධර්මදේශනා කළාහ. ශක්‍රදේවේන්ද්‍රයෝ බෝධිසත්වයන්ගේ ධර්මකථා අසා සතුටුවූ සිත් ඇතිව වරයෙන් ආරාධනා කරන්නාහු තපස්වීන් වහන්ස ලොව්තුරා බුදුකෙණෙකුන් වහන්සේ මෙන් නුඹ වහන්සේ විසින් මනාකොට කියන ලද්දාවූ මේ ිසභාසිත වචනට නිසා නුඹ වහන්සේට වරදෙනු කැමැත්තෙමි. නුඹ වහන්සේ සිතූයම් වරයෙක් ඇත්නම් මාගෙන් ගතමැනවයි සියළු වරම් දෙමි කීහ. එබස් අසා මහාබෝසතානෝ කියන්නාහු සියළු දෙවියන්ට අධිපතිවූ ශක්‍රදේවේන්ද්‍රයෙනි ඉඳින් තෙපි මට වරදෙනු කැමැත්තානම් නොකිපිම් වශයෙන් කිසිසේත් කොපකටයුතු වස්තුයෙහි කෝපනොකිරීම ගැටෙන්නට නිසි වස්තුයෙහි නොමගැටිමය, වේෂයෙන් වේෂය නොකිරීමය. අනුන්සන්තක වස්තුයෙහි කිසිදෙයකත් ලෝභනොකිරීමය දු දරුවන් ආදීවූ විඤ්ඤාණක වස්තු හා ධනධාන්‍යාදීවූ අවිඤ්ඤණක වස්තුයෙහි ලෝභ නොකිරීම, ඉඳින් ඒ සියල්ලම මා සන්තක වී නමුත් ඒ කාන්තයෙන් එහි ලෝභ නුපදවා මෙබඳූවූ චතුරාංගයෙන් සමන්විතවූ මාගේ ප්‍රවෘත්තිය කැමැත්තමෙි. එසේ හෙයින් ශක්‍රදේවේන්ද්‍රයෙනි ක්‍රෝධනොකිරීමය. වේෂය නොකිරීමය, පරසම්පත්තියෙහි ලෝභනොකිරීමයයි යන මේ වරසතර මට දෙවයි ඉල්වුහ. එබස් අසා ශක්‍රදේවේන්ද්‍රයෝ කියන්නාහු තාපසයන් වහන්සේ කෝධය වේෂය ලෝභය සෙනෙහය යන මේ සතරෙහි ආදිනවයන් දුටුසේක්ද අපි එහි ආදිනවයන් නොදනුම්හ මා විසින් විචාරණලද්දාවු නුඹ වහන්සේ ඊට කාරණා කිවමැනවැයි කීහ.

ඉක්බිති මහබෝසතානෝ එසේවීනම් ශක්‍රදේවේන්ද්‍රයෙනි අසව කියා කාරණා කියන්නාහු නොයිවසන්නාවූ ස්වභාව ඇති සත්වයාගේ අක්‍ෂාන්තියෙන් උපන්නාවූ ක්‍රෝධය තෙමේ පළමුකොට ස්වල්පව ඉපද පසුව ඊමත්තේ බොහොව උපදනේය. යමක්හට උපන්නේ වී නම් ඒ සත්වයා එහිම අලවන්නේය. ඒ කෝප කටයුතුවූ වස්තුව ඇරය නොදෙන්නේය. පෙරලා පෙරලා ආක්‍රෝෂ පරිභවාදිය කරවන්නේය. නැවත කායික චෛතසික දුක්ඛසංඛ්‍යාතවූ පිඩා වෙන් සමන්විත වූ ක්‍රෝධය නිසා ප්‍රාණඝාතාදිය අකුසල කමර්මයන්කොට දානා ශිලාදි වු සුචරිත ධර්මයෙන් දුරුව මෙලෝ පරලෝ දෙකින් වධබන්ධන චිත්ත පීඪාදීයට පැමිණ දුක්කම්කටුල් ආදී බොහෝ දුක් අනුභව කරන්නේය. එසේ හෙයින් ක්‍රෝධ නම් මෙසේ අනේකප්‍රකාර ආදිනව ඇත්තේයයි දැන කෝපයෙන් නොකැමැත්තෙමි. තවද ශක්‍රදේවේන්ද්‍රයෙනි කිපිම ස්වභාව කොට ඇති ක්‍රෝධයෙන් කිපි පසුව අප්‍රතිකාර ස්වභාවවූ වේෂයෙන් නොසතුටුවු සිත් ඇති සත්වන්ට පළමුකොට එම්බල කොල තෝ දාසියා නොවේ දැයි පරුෂ වචනයෙන් පිටත්වන්නේය. ඒ පරුෂ වචනයට අනතුරුවම ඈත මෑත ඇවිදිම් වශයෙන් අතින් අත ගැන්ම වන්නේය. ඊට අනතුරුව උපක්‍රම වශයෙන් ප්‍රාණි ප්‍රහාරය වන්නේය. ඊට අනතුරුව ඔවුනොවුන්ට දණෙඩන් පැහැරීම වන්නේය. දණ්ඩ ප්‍රහාරය ඉක්ම ඒකතෝධාර උගතෝධාර ඇති ඛණ්ඩිතල කණ්ඩු ආදීවූ ආයුධයෙන් ඔවුනොවුන්ගේ ජිවිත විනාශකෙරේද එසඳ වේෂ මස්ත ප්‍රාප්තවුයේ වේයි යම්සේ ඇඹුල් නොවන්නාවූ මොරුවත් කාඩිවත් කල්යාමෙන් පාකයට ගොස් නැවත ඇඹුල්වේද එක ජාති ඇත්තා වුම මෝරුන් හා කාඩි ඇඹුල ඇඹුල් නැත්තේයයි කියනු ලැබේද එපරිද්දෙන්ම පළමුකොට උපන්නේ ක්‍රෝධනම් වෙයි මුකුරා ගොස් මතු මත්තෙහි උපදනේ වේෂ නම් වෙයි. ඒ තෙමේ අකුශල මුක්ත වශයෙන් සමාන ජාති ඇත්තේ වී නමුත් ක්‍රෝධය වේෂයයි වෙන් වෙන්කොට කියනුලැබෙයි ඇඹුල් නැති වස්තුවෙන් යම්සේ ඇඹුල උපන්නේද. එපරිද්දෙන් වේෂයෙන් කෝපයත් උපන්නේ යම්හෙයකින් ඒ වේෂය අනේකප්‍රකාරවූ ආදිනව ඇත්තේද එසේ හෙයින් වේෂයත් නොකමැත්තෙමි. තවද ශක්‍ර දේවේන්ද්‍රයෙනි දෙවැනිදාවල් ගම් පැහැර කොල්ලකා මනාද ආයුධ ශරීරයෙහි තබා මෙන්ම දෙයක් සාහසික ක්‍රියාවෙන් වස්තු ගැම්මද රන් නොවනදෙය රත්තරනැයි ඒ හා සමාන වූ වස්තුවක් පෑ අනුන් සන්තක වස්තු ගැම්මද, නැවත අනේකප්‍රකාර වංචා ප්‍රයෝගයෙන් රෙමා මෝහ පමුණාවා වස්තු ගැම්මද යන මේ පාපධර්මයෝ ලෝභයෙන් මඩනා ලද්දාවූ සත්වයන් කෙරෙහි පෙණෙන්නාහ. ලෝභරහිතවූ සත්වයෝ මෙබඳු වූ අකුශල කර්මය නොකෙරෙති. මෙසේ ලෝභනම් අනේකප්‍රකාර ආදිනව ඇත්තේය. එසේ හෙයින් ලෝභයත් නොකමැත්තෙමි.

තවද ශක්‍රදේවේන්ද්‍රය අරමුණෙහි ඇලෙන්නාවු ස්වාභාව ඇති සෙනෙහයෙන් ග්‍රන්ථිතවූ නැවත උත්පත්ති වශයෙන් ගැලවුනාවූහුයින් මල් ගෙතුවාක් මෙන් අනේකප්‍රකාර ආලම්බනයෙහි පවත්නාවූ අභිදාකාය හස්තයෙන් ගෙතුනාවූ සර්වණාදියෙන් උපන් නාවූ ස්වර්ණාභරණාදියෙන් මෙන් මනසින් උපන් බැවින් මනෝමයට අභිජඣා කායග්‍රන්ථාදීහූ ඒ ඒ අරමුණෙහි පවත්නාහ. ඒ ලෝභාදී ධර්මයෝ සන්තානයෙහි ඉඳ බලවත්වූ සන්තාපය උපදවමින් අත්‍යත්‍ථයෙන් සත්වයන් මිරිකා පීඩාකරන්නාහ. මංගල බෝධිසත්වයන්ට දරුවන් දන්දී බලවත් සෝක යෙන් පා උපන වෙස්සන්තර බෝධිසත්වයන්ට දදරුවන් දන්දී මහත්වූ දොම්නස් උපන මෙස්පිරු පාරමිතා ධර්මයන් ඇති මහබෝධිසත්වයන්ට පවා මෙසේ සංඛ්‍යාත අකුශලධර්මයෝ තැවිලි කරන්නාහ. මේ සෙනෙහෙයෙහි ආදිනව වන්නේය. එසේ හෙයින් සෙනෙහයත් නොකැමැත්තෙමි කීහ. එබස් අසා ශක්‍රදේවේන්ද්‍රයෝ කාෂ්ණ පණ්ඩිතයෙනි තොප විසින් මේ ප්‍රශ්ණය සර්වඥ විලාසයෙන් මනාකොට කියනලද තොප කෙරෙහි ඉතාසටුතුවීම් එසේහෙයින් නැවතත් තොපට වරයක් දෙමියි කීහ. එබස් අසා මහබෝසතානෝ කියන්නාහු දෙදෙව්ලොව දෙවියන්ට අධිපතිවූ ශක්‍රදේවේන්ද්‍රයෙනි ඉදින් තොපි මට වරයක් දෙනු කැමැත්තානම් නිරන්තරයෙන් උදකලාව මේ වල්හි වසන්නාව ූමාගේ තපසට අන්තරාය කරන්නාවූ ව්‍යාධියෙක් නුපදිවයි එසේවූ වරයක් දෙවයි කීහ. ශක්‍රදේවේන්ද්‍රයන්ගෙන් කාෂ්ණ පණ්ඩිතයෝ වරගන්නා තැනැත්තෝ ආමිස නිශ්‍රිතවූ වරයක් නොගනිමි තපෝකම් නිශ්‍රිත වූ වර ගණිති කියා වඩ වඩාලා ප්‍රසන්නව නැවතත් වරයෙක් දෙමි කීහ. බෝධිසත්වයෝ වරගන්නාහු ව්‍යාජයෙන් ධර්මදේශනා කෙරෙමි සිතා ධර්මදේශනා කරන්නාහු ශක්‍රදේවේන්ද්‍රයනි මා නිසා මට වැඩ කැමති බැවින් කිසි සත්වයක් හට කිසිකලෙක කායචාරය, වචිචාරය මනෝ චාරය යියන ත්‍රිවිධවූ කර්මචාරයන් උපන්නාවූ ප්‍රාණඝාතාදීවූ දශ අකුසල කර්මථයෙහි මිදි පිරිසිදු චිත්ත සන්තාන ඇතිවෙම්වයි කියා මෙසේ මහබෝසතානෝ යථොක්තවූ කාරණයන් කියා වරගන්නා තැනැත්තෝ ප්‍රවෘජ්‍යාවෙන් සුදුසුවඋ වරගත්තාහ. ශක්‍රයෝ කෘෂ්ණ තාපසයන්ට වරදී නිදුක් නිරෝගීව මේ වෘක්‍ෂමූලයෙහි ඉඳ සැපසේ වාසයකරවයි කියා වෘක්ෂයෙන් ඵල ඵල්ලවයෙන් නිර්මිතකොට ශක්‍රයෝත්තමන්ගේ ශක්‍රභවනයට ගියාහ.කෘෂ්ණ තාපසයෝත් එම වෘක්‍ෂමුලයෙහිම ඉඳ නොපිරිහුනු ධ්‍යානයෙන් බඹලොව ගියහයි වදාරා මේ කෘෂ්ණ ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ශක්‍රයෝ නම් දැන් අනුරුද්ධ මහාස්ථවිරයෝය. එසමයෙහි කෘෂ්ණ තාපසයෝ නම් බුදුවූ මම්ම වේදැයි වදාළසේක.