මුල් පිටුව

425 සමුග්ග ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මහානිය්‍ය මහානුභාව ගුණොපේත නවාධ්‍ය විද්‍යාචරණ ධම්මයෙන් නිර්මලවූ අප තථාගතයන් වහන්සේ එක්සමයෙක්හි කේලශ සම්මාභිතප්ත සත්වයන් ධර්මාමෘත පාණය කරවිම්න ජේතවන විහාරයෙමි චතුර්විධ බ්‍රහම විහරණයෙන් වාසය කරණසේක් දුදසුන් නිවන් දක්වන බුදු සසුන් වැඳ පැවිදිවද කෙළෙසුන් වසඟවෙමින් සස්නෙහි කලකිරී වසන එක් මහණකු අරභයා මේ ජාතකය දක්වා වදාළසේකී.

එක් දවසක් සර්වඥයන් වහන්සේ ශාසනහෙි ලාශය හා සමඟ කෘශවූ දේහ ඇති සිතෙහි උපන් රාගය හා සමග ගතෙහි ඉපිලි නහර ඇති කෙලශයන් හා සමග වැටුනාවූ කෙලශයන් ඇති ශාසනයට මුඛවුසිත් හා සමග දික්වු නඛ ඇති සිල් හා සමඟ කිලුටුවූ සිවුරු ඇති ඒ භික්ෂූහු ශික්‍ෂාවෙහි අපේක්ෂා නැතිව වසන බව දැක කිමෙක්ද මහණ තෝ ශාසනයෙහි උකටලී වුයෙහි වේදැයි විචාරා වදාරා එසේය ස්වාමිනි දැන්වූ කල්හි මහණ ස්ත්‍රීහු නම් මායා සාඨ්‍යෙයාදී නොයෙක් වංචාප්‍රයෝග දන්නා කෙළෙහි ගුණ නොදන්නා අයෙක එසේ හෙයින් තෝ කුමට ප්‍රාර්ථනා කෙරෙයිද පෙර දරුණුවූ දානව රාක්‍ෂයෝ පවා ඔවුන් කුක්‍ෂියෙහි තබා රක්ෂා කරන්නාහු තමන් අයිති කොට ගත නුහුනුවාහුය. තෝ කෙසේ අයිතිකොටගත හැකිවන්නේහිදැයි විචාරා මේ ඉකුත්වත් දක්වා වදාළසේකී.
හේ කෙසේද යත්

සියල් සිරින් තිදස් පුර පසස්කළ දොළොස් යොදුන් බරණැස් නුවර පෙර බ්‍රහ්මදත්ත නම් රජකු රාජ්‍ය ශ්‍රී අනුභවකරණ සමයෙහි පුරණ ලද බෝධිසම්භාරයන් ඇති අප මහා බෝධිසත්වයන් වහන්සේ වස්තුකාම කේල්ශ කාම හැර නිල්මහ මේ කුළුමෙන් බබලන ගණසා මඩලෙන් හෙබනා විදුලිය මෙන් සුපිපිලිය වැලදී විසිතුරු පතරින් හා ලපළුකමින් තමන් සුතන් කවමින් පෙමින් ඔවුනොවුන් ඇඟ තොළු තබා කෙලනා මුවකැලන්ගෙන් හා සුනිල් මිණිගල් මුදුනෙහි රඟනාලිය කිදුරන්ගේ මියුරු ගියේහි ලොබින් ගොදුරෙහි ලොභ නොකොට සිටනා සිරලන්ගෙන් හා විමල්වැලි තලාවල මොණර කිකිලින් මැදෙහි පිලඹර බලවත් මොණරුන්ගෙන් හා පිපිමල් ගජන් ඇනඋරිරු වැකී දලින් මදමත් ඇත්මුලින් හා සුපුල් පලොල් මිදෙලි සල් විසල් වනපොතින් වගුල නොයෙක් සුවඳ මුව රදගෙණ වැහෙන සිඟින් ඟගුලැල්ලෙන් සැදුන් ලත් විවිධ ජනාලයවූ හිමාලයට වැද කෙලශ තාපයට හේතුවූ තාපස ප්‍රවෘජ්ජ්‍යාවෙන් පැවිදිව පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා වනමුල් ඵලාහාරාම ආහාරකොට වාසය කරණසේක්. එකල උන් වහන්සේ වසන පන්සල අසලතුමුල් ගල්ගුහාවෙක වසන මනුෂ්‍ය මාංශ භක්‍ෂණය කරණා පේක්‍ෂ එක් රාක්‍ෂයෙක් අතුරතුරෙහි මහ බෝසතානන් වහන්සේ කරා එළඹ බණ අසන්නේය. ඒ බණ අස අසාත් තමා පරහිංසාවෙහි සතුටුවන පවිටුජන්මයෙහි උපන්හෙයින් මහවනමැද මහජනයා එන යන මග රැකසිට දනන් ලුහුබඳවා අල්වාගෙණ සල්වාසල්වා දෙක පොළින් ලේ වගුරුව වගුරුවා කන්නේ එකල කසීරට වාසීවූ දුටුදුටුවන් විසින් කරණ රූසිරින් නොවු එක්තරා කුමාරිකාවක ප්‍රත්‍යන්ත ජනපදයෙක සරණ ගොස් වාසය කරන්නී එක්දවසක් තමාගේ දෙමාපියන් දකිනු පිණිස පිරිවර ජනයා හා සමග අවුත් නැවත තමා වසන පන්සල් දනව්වට යෙමින් ඒ වන මැදට පැමිණියාය. එකල්හි ලෙලන දිවි නැමති සලවිදුලිය ඇති චක්ව තිබෙන බැම නැමති දිලියන්නාවූ ඉදුසැව් ඇති උදුළදලයුවල නමැති භජන බලපොළ ඇති උරීරු පානය කිරීමෙන් කෙසරු සලාවෙහි රැඳි මදින් වෑහෙන ලේබිදු නමැති පොද පතර ඇති පතල සැඩංහ නමැති මිහිගුම් ඇති කුරිරු දරුණුවෙස් ඇති ඒ දානව රකුස්තෙම අහස් කුසලහළ නිල් මහමෙකුලක්මෙන් අවුත් ඒ වනමැද මගට බටුයේය. එවෙලෙහි ඒ පරිවාර ජනයෝ තම තමා අතතුබූ අවිදමා ඒ ඒ අත දිව්වාහුය. එසද ඒ දානව තෙම යානාවේ යානොහි උන් උතුම්වූ රූපශ්‍රියෙන් කාන්තවූ ඒ කාන්තාව ඒ කාන්තකොට තමාවසන තැනට ගොස් ප්‍රිය භාර්‍යාවකොට තබාතෙල් මී සකුරු සාල් ආදීවූ නොයෙක් තොසකරණ උපකරණ ගෙණවිත් පෝෂ්‍ය කෙරෙමින් විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සරහා අනිකකු නොදන්නාලෙස රක්නා කැමතිව නොඅඩුවූ සෙනහසින් කරඬුවෙකලා ගැල කුක්‍ෂියෙහි තබා රක්ෂා කරන්නේය. මෙලෙස රක්නාවූ එතෙම එක් දවසක් ජලස්නානය කරණු කැමතිව සිහිල් සිලිල් පිරිනිමල් කමල් විලකට ගොස් බඩතුබූ කරඬුව වමාරා එයින් ඈ පිටතටගෙණ පළමු කොට නහවා නොමද සුවඳ විලවුන් ගල්වා නන්විසිතුරු රුවන් ආභරණ පලඳවා මදක් තොප ශරීරයෙහි තෙත් සිදුවාගණැයි තෙමේ එතැන්හී සැක කටයුතු කිසිකෙණෙකුගෙන් නැති හෙයින් නහන තොටට බැස දුරවසිට දිය නාන්නේය. එසඳ ඒ කුමාරිකාවෝ වයස්පුත්‍රනම් වූ උතුම් රූපශ්‍රීධර විද්‍යාධරයෙකු බංගායුධ ගන්නද්ධව අහසින් එනවා දැක ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇතිව මෙසේ එවයි අත්සන් කොට කැඳව්වාය. එසඳ විද්‍යාධර තෙමෙ සුරපුරෙන් බස්නා සුරකුමරෙකු මෙන්ද ගුවන් කුසින් එන රුවන් රුවක්මෙන්ද ඈ කෙරෙන් ඒ රකුසාගේ මතු වෙන්වීමට පෙර නිමිතිව පතිතවන උල්කා පාතයක් මෙන්ද වහ අහසින් බටුයේය.

එකල ඒ කුමාරිකාවෝ ඔහු කරඬුවේ හිඳූවා දානවයාගේ ආගමනය බලමින් කරඬුව මත්තේ හිඳ දියනා ගොඩනැගී එන්නාවූ ඒ දානවයාට තමා දක්වා ඔහු ලඟට එන්නට පළමුකොට ගතගබ්ගිලි විදුලියක් මෙන් ඒ කරඬුව ඇතුළට වැද තමා අත සළුවෙන් ඉසවසා පෙරව නොවලසා ඔහු වසාගෙන ඔත්තාය. ඒ ක්‍ෂණයෙහි ඒ රාක්‍ෂතෙම අවුත් පරීක්ෂා නොකොට පළමු පරිද්දෙන්ම කරඬුව ගැල තමාවසන ගුහාවට යෙමින් අතරමගදී සිතනුයේ ඒ අපගේ තාපසයන්වහනසේ බොහෝ කලක් නොදක්නාලද ඉන් උන් වහන්සේ කරා ගොසින් දැක පැහැද වැඳපුදා බණ අසා යෙම් පන්සලට ගියේය. තාපසයන් වහන්සේද එන්නාවු ඔහු දුරදීම දැක දෙදෙනකු කුස තුල වසන බව දිව්‍යං චක්‍ෂුභිඥානයෙන් දැක අඥානවූ ඕහට විඥාපණ කරණු කැමැතිව වදාරණසේක්. එම්බා පින්වත්නි තොපි තුන්දෙනා කොතැන්හි අවුද බොහො කලකින් අද මෙතැන්හි තොපගේ පැමිණිම වුයේය. කිමෙක්ද තොපි නිදුක් නිරෝගීවව්ද යහපත මෙසේ අවුත් තෙල අස්නෙහි හිඳූවයි වදාළසේක.එබස් අසා ඒ දානව රාක්‍ෂතෙම මේ තාපසයන් වහනසේ එකලාව මෙතැන්හි ආ මට තුන්දෙනෙකැයි වදාරණසේක. කිමෙක්ද තත්වය දැන කියනසේක්ද නොහොත් උන්මත්ව නන්දොඩනසේක්දැයි සිතා තාපසයන් කරා එලඹ වැද එකත්පස්ව හිඳ එපවත් පුළුස්නා අදහසින් කථාකරණුයේ කිමෙක්ද තාපසයන් වහන්ස නුඹ වහන්සේ කිසි සහයක් නැතිව මෙතැන්හි ආම්ට තෙපි තුන්දෙනා කොයිසිට අවුදැයි වදාළේය. එබසට තාපසයන් වහන්සේ එම්බාරක්‍ෂය තෝ මේ කාරණය ඉදූරා අසුනු කැමැත්තෙහිදැයි වදාරා ආදරයෙන් එසේය ස්වාමිනි දැන්වූ කල්හි පළමු තෝද තාගේ කුක්‍ෂිගත කරංකයෙහි තබා පේම භාරයෙන් රක්ෂා කරණ ලද භාර්යාවද යන දෙදෙනා තනිවම විසූහ දැන්වනාහී ඕ තොමෝ වයස්වූ පුත්‍රනම් වූ විද්‍යාධරයකු හා සමග පාපයෙහි ලැජ්ජානොකොට තමා අධ්‍යාසය වූ පරිද්දෙන් ලොකස්වාදරතියෙහි යෙදී ඉන්නීය. එසේ හෙයින් තොප තුන්දෙනෙකුයයි කිමියි වදාළසේක. එබස් අසා දානව රක්‍ෂතෙම සිතුනයේ විද්‍යාධරයෝ නම් අනල්පවූ මන්ත්‍ර ජපනය කොට මායාකාරයන් සංවාරණය කරණා අයෙක ඉඳින් මාගේ කුක්‍ෂිගතවූ ඔහුගේ කංගය ස්වහස්ත ගතවීනම් බඩපලාගෙණ පලායන්ටත් සමර්ථවෙන්නේයයි භයින් තැතිගෙණ සිත් ඇතිව වහා කරඬුව වමාරා තාපසයන් වහන්සේගේ ඉදිරියෙහි තබා නිදානයක්මෙන් රක්‍ෂා කළ ඒ කරඬුයෙහි පිධානය හළුයේය.

ඒ ක්‍ෂණයෙහි ඒ විද්‍යාධරතෙම කූටයන්ත්‍රයකින් නික්මුනු ශරීරයක්මෙන් මන්ත්‍ර ජල්පනය කො ෙඅහසට පැනනැගේය. එසඳ ඔහු දැක මහබෝසතානන්ට බොහෝ සේ සතුටුව ස්තුතිකරණ ඒ දානව රාක්‍ෂතෙම. උග්‍රවූ තපෝ තේජසින් අග්‍රවූ තාපසයන් වහන්ස නුඹවහන්සේ මේ කාරණය දත්පරිදි ඉතා යහපත නිරන්තරයෙන් මාගේ ප්‍රාණයමෙන් කුක්‍ෂියෙහි තබා රක්ෂා කරණලද්දාවූ මේ ස්ත්‍රිපවාමිත්‍රදෝහී කම්කොට අනුපුරුෂයෙකු කරා සරාගව එළිය, එසේ හෙයින් මේ ලෝකයෙහි අන්සත්වකෙණෙකුන් විසින් කෙලෙස් ප්‍රවේශනයෙන් අවසඟව ස්ත්‍රීවසඟයට පැමිණියාහුද ඔහු ඉතා නින්දාවට පැමිණෙන්නාහුය ඒ එසේමය. සවස උදැසන ගිනිදෙවියාට යාගකොට වෙනෙහි වාසය කරණ තාපසයන් විසින් රක්‍ෂා කරණ ලද වහ්නියක් පරිද්දෙන් තොමෝ මා විසින් නිරන්තරයෙන් ආදරයෙන් රක්ෂා කරණලදුව, මබන්දෝ පවා ඔවුන් කුසතුළ තබා රැකගත නුහුනුවාහුය එසේවූ ස්ත්‍රිද පතිවෘතා ධර්මය කවරෙක් අප විසින් රක්ෂා කරණ ලද්දේයයි සිතා විස්වාස කරන්නේද ඒ එසේමය ස්ත්‍රීහු නම් ලෝකස්වාදය රතියයන් සම්පූර්ණ නොවන්නාවූ සිත් ඇති බැවින් අගාධම්වූ මහා සමුද්‍රයාගේ පාත්තලය වැන්නේමය, එසේවූ ඔවුන්කෙරෙහි රාගවශයෙන් බැදූනාවූ නුවනැත්තාවූ සත්වතෙම මෙලෝ පරලෝ දෙක්හි මහත් දුක්ඛයට පැමිණෙන්නේය. එසේ හෙයින් විසුද්ධ වූ ධ්‍යන ප්‍රතිලාභය ප්‍රාර්ථනා කරන්නාවූ ප්‍රඥාවන්ත උත්තම සත්වයෝ සියලු දෝෂයට වාසස්ථාන වූ පඤචඉන්ද්‍රියන්ට උත්සව ක්‍රීඩාවූ භවසාගරයට දියසලාවූ ලෝහ ලතාවට තුමුල් මුල්වූ අපායට වහසල් දොරවූ සසර මහවෙනෙහි සරණ සත්ව වර්ගය නැමැති මෘගයන්ට පාසවූ අපායය නමැති සමුද්‍රයට ගෙණයන ජලප්‍රවාහ බඳූවූ අවිස්වාශ වූ ස්ත්‍රීන් විස්වාස නොකරන්නාහුයයි කියා ඒ දානට රාක්‍ෂතෙම මතු ආලවක සුචිරෝම ඛරරෝමාදීවූ චණ්ඩ සත්වයන් අභිමාන හැර නමස්කාර බහුමාන කිරීමට පූර්වනිමිත්ත දක්වා යුගාන්ත වාතවේගයෙන් පතිතවූ පර්වතකූටයක්මෙන් ලෝසත්හට බෝසත්කරණ බෝසත්වූ ඒ තාපසයන් වහන්සේගේ ශ්‍රීපාදය වැඳ හෙව මෝහන මැති ගණදුරට දිවයුරුහු බඳූවූ කෙලශ නමැති දාවනලයට මහා මේඝයක් බඳූවූ මෛත්‍රි නමැති ලතාවට තෝතැන්නක් බඳූවු කරුණා නැමති ගංගාවට හිමාලය බඳූවූ ශිලාදිගුණරත්නයට රත්නාකරයක් බදූවූ දහම් නමැති අමාවට මහමුහුද බිඳූවූ නුවන නමැති පහණට රන් පහයක් බදූවූ නිවන්මඟට රුවන් ගිණක් බදූවු තුන්ලොවට තිලකවූ ස්වාමිනි තාපසයන් වහන්ස නුඹ වහන්සේ නිසා අද මාගේ දිවි ලබනලද නැතහොත්, මේ විද්‍යාධරය ලවා මදකලකින් මේ මා මවාපුවා වේදැයි මහබෝසතානන් වහන්සේට ප්‍රසංශා කෙලේය. ඉක්බිති මහබෝසතානන් වහන්සේද ඒ දානව රක්‍ෂසයාට ධර්මදේශනා කොට මැ කෙරෙහි හෝත රෝයනයෙන් කිසිරෝසයක් නොකරවයි අවවාද කොට ඔහු පංචශීලයෙහි පිහිටවූ සේක. එකල ඒ දානව රක්ෂතෙම මම තී කුසතුල තබා රක්ෂාකරන්නෙම්ද අධර්මසේවනයෙන් වලකාගත නුහුනුයෙම් අන්කවරෙක් තොප එයින් වලකා රක්‍ෂාකොටගත හැකිවන්නේදැයි කියා ඈ ගමන්කරවා තෙමේ තමාවසන තැනටම ගියේයයි මෙසේ අතීතානාගත වර්තමාන යන කාලත්‍රය වර්තිවූ ස්වධර්මයන් ස්ර්වාකරාරයෙන් අවබෝධකළාවූ අප බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා චතුස්සත්‍යය ප්‍රකාශ කොට පූර්වාපර සන්ධි ගළපා මේ ජාතකය නිමවා වදාළසේකී. මේ ධර්මදේශනා වසානයෙහි උකටලී ව ඒ මහණතෙම දහසක්නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල්හි රාක්‍ෂයාගේ කුක්‍ෂියෙහි දෙදෙනකු වසන බව දිව්‍යඥානයෙන් දැක ඕහට වන අවැඩ වලකා ප්‍රාණඝාතාදී පාපකර්මයන් නොකරණ ලෙස අවවාදකොට පඤචශිලයෙහි පිහිටුවූයෙම් දැන් අසාරවූ සංසාර සාගරයෙහි නිමග්නව සංරණය කරන්නාවූ සත්ව වර්ගයා එයින් ගොඩලා අමාමහ නිවන් පුරයට පමුණුවන්නාවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.