මුල් පිටුව

420 රාජෝවාද ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මහර්ෂිවූ සර්වඥරාජෝත්තමයානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් රාජෝවාදයක් අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වනාහී රාජෝවාදය විස්තර වශයෙන් තේ සකුණ ජාතකයෙහි පෙණන්නේය. මෙහි සර්වඥයන් වහන්සේ කෝසල රජ්ජුරුවන්ට වදාරණ සේක් මහරජ පෙර රජදරුවෝ දසරාජ ධර්මයෙන් අකෝප්‍යවරාජ්ජය කළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරන්නාවූ දසරාජධර්මයෙහ්න යෙදි රාජ්ජය කෙරෙමින් තමන්ගේ නුගුණයක් කියනකෙණෙක් ඇද්දෝහෝයි අන්තඃපුර පිටිපුර විථිපුර නුවර මුලුල්ලෙහි පරීක්ෂා කොට තමන්ගේ නුගුණයක් කියන කෙණෙක් නැතිහෙයින් පිටිනුවර ගොස් පිටිනුවරත් තමාන්ගේ නුගුණයක් කියනකෙණෙකුන් නොදැක වනාන්තරයට යෙමි හිමාලයට ගොස් බෝධිසත්වයන් වහන්සේ තපස් කරණ පන්සලට පැමිණියාහ. බෝධිසත්වයානන් වහන්සේත් රජ්ජුරුවන් දක ගමන් ශ්‍රමදාහ නිවාමේ නුගපත් ශකිරා රසවැන්නමේ අනුභවකොට පැන් බී සැතපී ගණුවයි කියා දුන්සේක. රජ්ජුරුවෝත් නුගපත් අනුභව කොට තාපසයන් වහන්ස නුගපත් නම්තිත් රසය. මේ පැනිරසවන්ට කාරණා කිම්දැයි විචාලාහ. එවිට බෝසතානන් වහන්සේ වදාරණ සේක් පින්වත් පුරුෂය රජදරුවන් ධර්මිෂ්ඨවරාජ්ජය කරණ හෙයින් මේ නුගපත් තිත්රසය නැතිව පැණිරස වන්නේයයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ රජ්ජුරුවන් ධර්මිෂ්ට කල නුග පත් පැණිරස වන්නේත් අධර්මිෂ්ට කල තිත්ත රස වන්නේත් ඊට කාරණා කිම්දැයි විචාළාහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහු පින්වත් පුරුෂය රජදරුවන් අධර්මිෂ්ඨවූකල පොලොවරසයද සරියනක් පාතබැසපොලොව ඕජාව නැතිවෙයි. එහෙයින් නුගපත් තිත්ත රසවන්නේ යයි කීහ. එවිට රජ්ජුරුවෝ රජ දරුවන් අධර්මිෂ්ට වූ කල නුග පත් තිත්රසය වේදැයි කිය රජ්ජුරුවෝ තමන් රජබව නොහඟවා තමන් බරණැස් නුවරට ගොස් තාපසය්න කීබස පරීක්ෂා කෙරෙමි සිතා නොබොදවසක් අධර්මිෂඨව රාජ්ජ්‍යය කොට තාපසයන් කී බස සැබෑව පොරුව පරීක්ෂාකෙරෙමියි ඉඳින් නුගපත් කවයි දුන්කල රජ්ජුරුවන්ට තිත්තට ගියේ නම් තපසයන් කී බස සැබැව් පැණිරස විනම් තාපසයන් කි බස බොරුයයි සිතා මේ නියායෙන් නොබෝ දවසක් අධර්මිෂ්ටව රාජ්ජ්‍යකොට දෙවැනිවත් හිමාලවනයට බෝධිසත්වයන් ලඟට ගියාහ. බෝධිසත්වයෝ පළමු පරිද්දෙන් නුගපත් කවයි දුන්හ. රජ්ජුරුවෝ නුගපත් සපා තිත්තරස හෙයින් කෙල සමග නුගපත් තාපසයන් වහන්ස නුගපත් තිත්රසයයි කීහ. එවිට බෝධිසත්වයන් වහන්සේ වදාරණ සේක් පින්වත් පුරුෂය රජ්ජුරුවන් අධර්මිෂ්ඨ වූ සැටිය, එසේ හෙයින් නුගපත් තිත්තරසයි කීහ. දියෙහි පිනනලෙස තොටකින් ගොන් එළූකල පළමු පිනන්නාවූ ගොණා එල්ල තොටටම නොපීනා පාත්ව ඉවත පිණාද සෙසු ගෙරිත් ඔහු පස්සේ පීණත්ද එසේහෙයින්ම රජ්ජුරුකෙණෙක් අධර්මිෂ්ටව රාජ්ජය කෙරෙත්නම් ඒ රාජ්‍ය වාසීන් අධර්මිෂ්ඨවන්නාහ. එසේකල් හි රාජයවාසීන්ටත් රාජ්‍යයටත් සැපයක් වත් වැඩක්වත් නොසැලකෙන්නේය. යම් තොටකින් ගොණෙකු දියපිණන ලෙස දියෙහි එළූද පළමු පීණන්නාවූ ගොණා වැනියක් නැතිව යපිණා ගොඩ නැගේද පසුපස්සෙහි පිණනගෙරින් ඉඳූරාම පිණායෙත්ද එමෙන්ම රජ්ජුරු කෙණෙක් අධර්මිෂ්ටව රාජ්‍යය කෙතේද රාජ්‍ය වාසී එපරිද්දෙන්ම වාසය කරන්නාහ. එසේ හෙයින් රාජ්‍යටත් මනුෂ්‍යයන්ටත් සියළු අභිවෘද්ධියත් සැපත් එලවන්නෙයයි කීහ. එවිට රජ්ජුරුවෝ ද ස්වාමිනි ආදීමේ නුගපත පැණිරස කෙළෙමුත් මමය. දෙවැනිව තිත්ත රස කෙළෙමුත් මම්මයයි තමන් රජ නියාව අඟවා නුවරට ගොස් දසරාජධර්මයෙන් රාජ්‍යය කළාහයි වදාරා මේ රාජෝවාද ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයන්ය.තාපසව උපන්නෙම් නම් බුදුවූ මම්ම වේදැයි වදළ සේක.