මුල් පිටුව

399 සොමදත්ත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මෛත්‍රී නැමති ජලයෙන් නිවන ලද කෝපාග්නි ඇති ලොකොත්තමවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් මහළු භික්ෂූන් වහන්සේ නමක් අරභයා මේ ජාතකය දක්වල ලද.

ඒ කෙසේද යත්

එක් මහළු භික්ෂූකෙණෙකුන් වහන්සේගේ අත්පාමේ හෙවර කරන්නාවූ එක් සාමණේර නමක් එක් ව්‍යධියකින් කළුරිය කළසේක. ඒ මාළු භික්ෂූන් වහන්සේ උන් වහන්සේ මළාවූ ශෝකයෙන් අඬා වැළප ශාසනයෙහි සිතිවිල්ලක් නැතිව මහත් ශෝකයෙන් ඉඳිනාසේක, භික්ෂූන් වහන්සේ දම්සභාවේ රැස්ව ඉඳ අසවල් මාළු භික්ෂූහු තමන්ගේ සාමණේර නමක් මළාවූ ශෝකයෙන් අඬා වැලප ඉඳිනාහයි කිය කියා වැඩ උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදරා මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා මෙපවත් අසා දැන් මතු නොවෙයි මහණෙනි මේ භික්ෂූහු පෙරත් මේ සාමණේරයන් නිසා අඬා වැළප දුක්විඳින්නවුන්ම මම සන්හිඳූවූයෙමි වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ ශක්‍රදේවේන්ද්‍රව උපන්නාහුය. එසමයෙහි එක් බ්‍රහ්මණයෙක් පංචකාමයෙහි ආදීනව දැක වනයට වැද තාපසව වාසය කරන්නාහ. එක් දවසක් ඵලාඵල කඩා ගියාහු එක් ඇත්පැටියෙකු දැක පන්සලට ගොණවුත් සොමදත්තයයි නම් තබා දරුකොට වඩන්නාහූ ඈත් පැටියා පන්සල රඳවා ගියහ. තාපසයන් වනයටයාදී තණකා අජීර්ණව දිරවා ගතනොහෙි තාපසයන් එන වේලාවට වැටීහිනි. තාපසයෝත් ඵලා ඵල ඇරගෙණ එන්නාහූ ඇයි මෙතෙක් දවස් සෝමදත්තයෝ මා ඉදිරියට එන්නාහා අද නාවෝය මේ වැද්‍රොතොඋවනැයි, ඈතාලඟට ගොස් මාගේ පුතනුවෝ වැද ගොනේය. නිදා වැදහෝත්තාමෙන් මා හා බැන නොනැගී වැඳහෝනාහයි බැගෑ පත් අඬා අතකරවැලඳගෙණ මහත්වූ ශෝකයෙන් නොකා නොබි අඬා වැලපුනාහ. ශක්‍රයෝත් තාපසයන් විඳිනාවූ ශෝකය දිවසින් දැක බමුණු වේසක් මවාගෙණ තාපසයන් කරා අවුත් විචාරන්නාහූ ඇයි තාපසයෙන් තොප අඹු දරුවන් ආලය හැර කිසිදෙයකත් නිරපේක්ෂව නොවේද තොප තපසට ආයේය එසේ වූ තොප මේ ඇතකු නිසා අඬන්නට දොඩන්ට කාරණා කිම්දැයි කීහ.එවිට තාපසයෝ කියන්නාහූ එම්බල ශක්‍රදේවේන්ද්‍රය යම් කෙණෙක් බොහෝ දවසක් එකතැනවැස ඇරගියෝ නම් උන්ගේ වියෝවු කල ඇත්තාවූ ශෝකය ස්වභාව ලෝකධර්මයෙක. සියල්ලෝම අඬා වැලපෙන්නාහ. එසේ හෙයින් මාගේ පුතනුවන් කෙරේ ශෝක ඉවසාගත නොහි අඬමි කීහ. එවිට ශක්‍රයෝ කියන්නාහූ මේ වළාවූ ඇතාට ශෝකයෙන් තොප ඇඬූ නියාව දනිද්ද මළවුන්ට ඇඬිමෙන් තමාගේ ශාරිරයට දුක්වන පමණක් විනා ඉන් ප්‍රයෝජන කිම්දැ ඉඳින මල කෙණෙක් උපදිත්නම් නුඹ වහන්සේගේ බොහෝ නෑයෝ මළෝවේද ඌ උපදිත්නම් නුඹ වහන්සේත් මමත් දෙන්නම අඬමහයි කිහ එවිට තාපසයෝ කියන්නාහූ දේවේන්ද්‍රයෙනි තොප මාගේ පුත්‍ර ශෝකාග්නි නිවූ නියා ඉතා යහපතැයි වදාරාලා තෙල්වත් කොට දල්වන්නාවූ ගින්නක් නිවුකලක් පරිද්දෙන් ශෝකය තුනී කරණ ලද යම්සේ පයක ඇනුනාවූ හුලක් ඇර දුනමනා කලක් මෙන් මාගේ ලෙයිතුබූ ශෝක නමැති උල උදුරාපුද අද පටන් ශෝකත් නොකරමි නාඩමි. නොදොඩමි සන්හිඳූනුසේක. ශක්‍රයෝත් තාපසයන් වහන්සේ ශෝක සන්සිඳූවා තමන්ගේ දිව්‍ය ලෝකයටම ගියේය. එසමයෙහි තාපසයෙ නම් මේ මාළුවූ භික්ෂූන්හ. ඇත්පැටියා නම් සාමරණේරය. ශක්‍රව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්මයයි වදාරා සෝමදත්ත ජාතකය නිමවා වදාළ සේක.