මුල් පිටුව

391 සත්තුභත්ත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ස්වධර්මයන් සවායම්භූතඥනයෙන් දත්තාවූ අප තිලෝගුරු සම්‍යක් සම්බුදු රජොත්තමයානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ප්‍රඥාපාරමිතාව අරභයා මේ ජාතකය දක්වන ලද, මෙය වනාහී විස්තර වශයෙන් උම්මග්ග ජාතකයෙන් පෙණෙන්නේය. ඒ

කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයෝ බ්‍රාහමණ කුළයක ඉපිද වැඩිවිය පැමිණ සේනක නම්ව දිසාපාමොක් ආචාරීන් අතින් සිල්පයක් නිමවා ඉගෙණ රජ්ජුරුවන් කරා අවුත් රාජ්ජය දසරාජ ධර්මයෙන් අනුශාසනා කොට වස්සාරපෝයේ නුවර වාසින්ට ධර්මාසනාරූඪව බණ කියා බුද්ධ ලීලාවක් මෙන් සියළු ලොක වාසින් සතුටුකරමින් වාසය කරණ සේක. එසමයෙහි එක්තරා මාළු බ්‍රාහ්මණයෙක් මසුරන්දාසක් සිඟාගෙණ එක් බ්‍රාහ්මණයෙකුගේ ගෙයක තබා ගොසින් කල්යාමකින් මාගේ මසුරන් දෙවයි කීහ. ඉල්විය. ඒ බ්‍රාහ්මණයාත් තමාටදෙන්ට රන්නැති හෙයින් තමා දුක්පත් හෙයිනුත් තමාගේ දුව තෙලේ රණට සිලව කොට රඳවා උන්නේය. බැමිණි තමන් කරුණ ස්ත්‍රී හෙයිනුත් කාමයෙහි අර්ථව පරපුරුෂයන් සේවනය බොහෝ කොට කරන්නීය. පරදාර පරපුරුෂ සේවනයෙහි තෘප්තියක් නැත්තේය. මේ ලෝකයෙහි නොපිරෙන්නාවූ වස්තු සොළසෙක් ඇත්තේය. ඒ කවරේද යත්?. සාගරය තෙමේ සියලු ජලප්‍රවාහයෙන් තෘප්ති නිවාරණයකට නොපැමිණෙන්නේය. රජ්ජුරුවෝ රජ්‍යයෙන් තෘප්තියකට නොපැමිණෙන්නාහ. අඥානයා පව් කිරීමෙන් තෘප්ති නිවාරණයකට නොපැමිණෙන්නේය. ස්ත්‍රී මෛථුන ධම්මයෙන්ද සැරහීමෙන්ද දරුවන් වැදිමෙන්ද තෘප්තිනීවරණයකට නොපැමිණෙන්නීය. බ්‍රාහ්මණයා මන්ත්‍ර ඉගැන්වීමෙන්ද තෘප්ති නිවාරණයකට නොපැමිණෙන්නේය.ධ්‍යානයට සමවදින්නාවූ භික්ෂූන් වහන්සේ ධ්‍යානසමාපත්තියෙන් තෘප්තිනිවාරණයකට නොපැමිණෙන්නේය. ශෛක්‍ෂ පෘථග්ජනයන් වහන්සේ කෙලෙසුන් තවන්නාවූ වීර්යයෙන් තෘප්තියකට නොපැමිණෙන්න්ය. පටන්ගත්තාවූ විර්ය ඇත්තේ වීර්යරාමයෙන් තෘප්තියකට නොපැමිණෙන්නේය. ධර්ම කථිකයන් වහන්සේ ධර්මසාකච්ඡාවෙන් තෘප්තියකට නොපැමිණිසේක. බුහුවිධ ධර්යෝ පර්ෂිත් බොහෝයයි තෘප්තියකට නොපැමිණෙනාහ. සැදැහැ ඇත්තෝ සංඝයාවහන්සේට උපස්තාන කිරීමෙන් තෘප්තියකට නොපැමිණෙන්නාහ. ත්‍යාගී පුරුෂයා වස්තු පරිත්‍යාග කිරීමෙන් තෘප්තියකට නොපැමිණෙන්නාහ. නුවනැත්තා බණ ඇසීමෙහි තෘප්තියකට නොපැමිණෙන්නාහ. සිව්වනක් පර්ෂිත් බුදුන් දැකීමෙන් තෘප්තියකට නොපැමිණෙන්නාහ.

බැමිණින් පුරුෂයන් කෙරෙහි තෘප්තියකට නොපැමිණෙන්නාහ. ඇගේ සොරසැමියෙක් ඇත්තේය. ඌ හා තමා හා සැපසේ දවස් අරිණ නිසා තමාගේ සැමියාට කියන්නී, එම්බල බමුණු තට නිරන්තරයෙන් දරගෙණෙන්නට පිසන්නට පරිත්තට මට බැරිය මෙරට සිඟාරනනේක් කොටගෙණ වහා මට කෙල්ලක ගෙණවයි කීව. බමුණුත් අඹුවට උත්තර කියාගත නොහී අඹුවට කියන්නේ එසේ වීනම් සොඳූර මට මාර්ගෝපකරණ සපයා දෙවයි කියා විලද අත්සුනු ආදීවූ දෙය සපයා පසුඹියේ ලාගෙණ ගම්නියම්ගම් රාජධානිවල ඇවිද මසුරන් සත්සියය සිඟාගෙණ කෙල්ලකු හා කොල්ලකු අරගණ්නට බරණැස් නුවරට එන්නේ අතරමග ගසක්මුල අත්සුනු පයිය තබා පයිය උනා අත්සුනු කා පැන් බොන්ට ගොස් පයියට වන. බමුණා පැන් බී ආ තැනැත්තේ පයිය බැඳ කරතබාගෙණ යන්ට වන. ඒ වෘක්ෂයෙහි වාසය කරන්නාවූ දේවතාවෙක් බෝධිසත්වයන් වහන්සේගේ නුවණ දඹදිව ප්‍රකාශ කරණු සඳහා අර්ධ ශරීරයක් දක්වා කියන්නේ එඹල බ්‍රාහ්මණය හෙට ගියෙය් නම් තාගේ අඹුමියෙහි අතර මග ලැග්ගේ නම් තෝ මියෙයන බස්දෙක කියා අන්තර්ධාන විය. බ්‍රාහ්මණයන් වට පිට බලා කාත් නොදැක භයින් ත්‍රස්තව අඬ අඬා යන්නේය. එදවස් පසළොස්වක් ලත් දිනය පැමිණ බෝධිසත්වයෝ බණ කියන්නට වන්සේක .බොහෝ මනුෂ්‍යයෝද ගඳ දුම්මල් පහන් ගෙණ බණ අසන්නට යන්නාවූ බමුණු අන් ඇම දැක කොයියවුදැයි විචාරා බණ අසන්නට යම්හයි යනු අසා පණ්ඩිතයෝ නම් නුවනැත්තාහුතය. උන්ලඟට ගොස් මාගේ සෝක සන්සිඳූවාගණිමියි පණ්ඩිතයන් බණ කියන්නාවූ ස්ථානයට ගොස් බණ පිරිස් කෙළවර අඬ අඬා බණ අසා සිටියේය. බෝධිසත්වයන් වහන්සේ විස්තර කොට බණවදාරා වට බලන්නාහු බණ පිරිස් කෙළවර අඬ අඬා සිටිනා දැක ඇයි තා අඬන්ටකාරණා කිම්දැයි තටකුමණ අලාභයෙක් කවර අර්ථහානියෙක් ප්‍රාණහානියෙක් සැලසිනිද මට කිය තාගේ සෝක සන්සිඳවා ලමි ඇයි තෝ සේනක පණ්ඩිතයාට නොදනිදැයි කීහ. එවිට බ්‍රාහ්මණයා කියන්නේ පණ්ඩිතයෙනි එක් දේවතාවෙක් මට කියන්නේ අතරමග ලැග්ගහොත් තෝ මියෙයි, ගෙට ගියොත් අඹූ මියෙයි. එසේ හෙයින් ගෙටත් යානොහි අතර මගත් ලැග්ගනොහි මරණභයින් අඬමියි කීහ. බෝධිසත්වයෝ මිනිසුන්ට වන්නාවූ අන්තා පරීක්ෂා කරන්නාහූ සමුද්‍රයෙහි ගැළුනාහුද බැල මච්ඡයන් විසින් ගන්නා ලද්දාහුද ගග වැටී හුන්නාහුද කිඹුල්ලන් විසින් ගන්නා ලද්දාහුද රුකකින් හුනවාහුද කටුවෙන් විදිනාලද්දාහුද විෂකෑවාහුද කරවැල් ළූවාහුද ප්‍රපාතයෙහි වැටීද අතිශය අතිඋෂ්ණ ආදීරෝගයෙන් මඬනාලද්දාහුයයි යන මෙතෙක් අන්තරාය ඇත. කවරදෝහෝයි පරීක්ෂා කොට අන්තරායක් නොදැක පරීක්ෂා කරණසේක් මූ කරතිබෙන පසුම්බි පයියේ අත්සුනුවන්ට කාරණාමු අතරමග ගසක් මුලදී අත්සුනු පයිය බිම තබා පයිය උනා අත්සුනු කා පැන්බොන්නට යාදි මේ පයිය ඇතුලට අත්සුනු ගන්ධයට සර්පයකු වන්නියාව අතරමග ලැග්ගහොත් මෙතෙම අත්සුනු කන්ට පයියේ අත එලීනම් සර්පය කඩා කා තෙමේ මියෙයි. ගෙට ගියොත් මෙතෙක් දවස් ගොසින් කුමක් ගෙණාදැයි පසුඹිය උනා අතලයි එවිට ඇගේ අත කඩා කා අඹුමියන්නීයයි කී නියයයි සිතින්ම පරීක්ෂා කොට සර්පයා දැනගත නොහිකෘෂ්ණ සර්පයෙකුවන්ට උමමැනව නොසැලී නිශ්ශබ්ද දී දරණලා වැදහොන්නේය. ඒ කාන්තයෙන් නයාමයයි පරීක්ෂාකොට දිවසින් දුටු කෙණෙකුන්මෙන් සියල්ලම නුවනැසින් දැක බොහෝ දෙනාට කියවන පිණිස බමුණා අතින් විචාරා බමුණ තාගේ පසුඹියේ කුමක් ඇද්දැයි විචාළසේක.

ස්වාමිනි අත්සුනු යයි කිය, ඒ අතරමගදී කෑදැයි විචාලසේක. මග එක් ගසක් මුල පසුඹිය තබා අත්සුනු කෑම කිව තෝ පැන් බොන්නට ගියෙහිද නොගියෙහිදැයි විචාළාසේක. ගියෙමි ස්වාමිනි කීය. එම්බල බමුණ තෝ පැන් බී අවුත් අත්සුනු පයිය පරීක්ෂා කොට බැන්දෙහිදැයි විචාළසේක. බමුණා කියන්නේ ස්වාමිනි පැන් බොන්නට යන ගමනේත් සඳහන් මදව නොබැන්දෙමි. ආ ගමනේත් පරීක්ෂා නොකොට බැඳගෙණ කරතබාගෙණ ආමි කීය. එවිට බෝධිසත්වයන් වහන්සේ එම්බල බමුණ තා කර තිබෙන්නාවූ පසුම්බිය ඇතුළේ සර්පයෙක් වැද හොන්නේය. එයිත් නයෙක, දේවතාවා කියේ නම් එයින් තට සැකවිනම් පසුඹි පයිය බිම තබාඋනා දික් දණ්ඩකින් ගසා ගන්නා සුසු යන අනුකරණයෙන් මහත් පෙණයක් කොටගෙණ මේ බණ පිරිස් මධ්‍යයේ පිටවන්නේයයි කී සේක. බමුණා පසුඹියේ නාගයායයි කියන්නා මහ භයින් පසුඹිය බිමට දමා පසුඹිය උනා දණ්ඩකින් පසුමියට ගසා ලීය නයා බෝධිසත්වයන් කී පරීද්දෙන් පෙණයකොට ගෙණ පිටත්විය. නයින් කෙළ වනසේ දන්නා අහිකුණ්ඨිකයෙක් නයා අරගෙණ වලට අළුයේය. එතන සිටියාවූ බොහෝ බණපිරිස් මධ්‍යයේ සේනක පණ්ඩිතයන් වහන්සේ බමුණා අතතුබූ පසුම්බියේ ඔත්තාවු සර්පයා යම් කෙණෙකුන් අතින් නා අසා දිවසින් දුටු කෙණෙකු මෙන් දැන සර්පයා විභාගකොට නයාමයි වදාළසේක. යහපත නුවණ විශේෂයකැයි බොහෝ දෙනා සමාදිව පිළිඉස නටවා අත්පොලසන් දීම අසුරුසන් දිම ආදීවූ බොහෝ සන්තෝෂයට පැමිණියාහ. බමුණාත් සමාදිව සේනක පණ්ඪිතයෙනි මා අත කෙතෙක් සම්පත් තිබුයේ වී නමුත් එතකුන් දීපියන්ට සමාධි ඇත. මා සිඟා ලද්දේ මේ මසුරන් සත්යියය පමණයයි මින් තොපට පුජා කෙරෙමියි කීහ. බෝධිසත්වයෝත් එම්බල බමුණා ප්‍රශ්ණ කියා වස්තු උපයන්නේ නොවෙමි මේ තාගේ රණින් මට ප්‍රයෝජන කිම්දැයි කියා තමන් වහන්සේගෙන් මසුරන් තුන්සියයක් දී දාස පුරාමින් කොල්කු ඇරගෙණයැදී තා සිඟා ඇවිදින්ට කාරණා කිම්දැයි විචාළසේක. බමුණු කියන්නේ පණ්ඩිතයත් වහන්ස මාගේ බිරින්ද රට සිඟා කෙල්ලෙකු කොල්ලෙකු ගෙණවමැනවයි කී හෙයින් සිඟා ඇවිදිමි කීය. එවිට පණ්ඩිතයෝ විචාරන්නාහු තාගේ අඹුතරුණ ස්ත්‍රියක්ද මැහැළිදැයි විචාළසේක. බමුණු කියන්නේ ස්වාමිනි ලදරු ස්ත්‍රියයි කීය. බෝධිසත්වයෝ කියන්නාහු එම්බල බමුණ තාගේ අඹුවට සොරසැමියෙකු ඇති හෙයින් ඔහු තමා හා සයිචඡපරසේවනය කරන්නට උවමනා හෙයින් එතනින් තා නෙරණ නියායි කියා එම්බල බමුණ මේ මසුරන් දාස ගෙට ගෙණා ගියෙයි නම් තාගේ අඹු තමා සොර සැමියාට දීපියන්නිය. තෝ ගෙට ගෙණ නොගොස් මසුරන් දාස ඉවතෙක සඟවාලා ගොට ගොස් බැණ නොනැගී ඉඳ තාගේ අඹුවට රන් ගෙණාමි නොකියයි උගන්වාලා යවුසේක.

බමුණත් යහපතැයි ගිවිස අතරමග ගසක්මුල මසුරන් දාස සඟවා ගෙට ගොසින් පින්වත දොර ඇරවයි කීය. එවේලාවට බැමිණියත් සොරසැමියාත් වැදඹත්තාහ බැමිණි නැගීසිට පාණ නිවා දොරහැර සොරසැමියා දොරබා බොක්කේ සිටුවා බමුණා ගෙට කැඳවා සොරසැමි පිටතට යවා සමනන් ලඟ ඉඳ පසුම්බි පයිය බලා මෙතෙක් දවස් ගොසින් ගෙණා වස්තුයෙක් නැද්දැයි විචාළීය. එවිට බමුණා අඹුව කෙරේ භයින් සොඳූරු රැහැණි නොව මම රන් මසුදහසක් ගෙණාමි අසවල් තැන ගසක්මුල සඟවා තබාලමි උදෑසන ගෙණෙමි කීය. බැමිණි ඒ අසා දොරට ගොස් සැමියාත් ඈ කී සලකුණෙන් ගොස් රන් ඇරගෙණ ඔබ්බේ තිබීය. බමුණත් උදෑසනක්සේ රන්තුබූ තෙනට ගොස් නොදැක බෝධිසත්වයන් කරා අඬා ගෙණ ගිය. එවිට පණ්ඩිතයෝ ඇයි බමුණ රන්තුබූ තැන් බැමිණයට කියාපිදී රන් ගෙණා නියාව නොකියන්ට උගන්වා යව් ගමනේ කියාපිද වන්නාට තොපගේ බිරින්දගෙන් බමුණන් සෙත්දෙනෙකුත් ඇතුලුවු දස සතරදෙනෙකුන් දවසක් දන්දී දවස දෙන්නකු නියායෙන් ඇර සත්වෙනි දවස් බමුණා තෝරා ගෙණ කියවයි සත්දවසකට වියදමත් දී යවුහ. බමුණාත් යහපතැයි ගිවිසගෙණ ගොස් බෝධිසත්වයන් කි සැටියට සත්වෙනි දවසක් දන්දී සත්වෙනි දවස බමුණා තෝරාගෙන බෝධිසත්වයන්ට කීය. බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේ ගෙන් පුරුෂයන් යවා බමුණා ගෙන්වාගෙන ඇයි බමුණ මේ බමුණාගේ මසුරන් දාස සැඟවුයේදැයි විචාළසේක. ස්වාමිනි මම නොදනිමි කිය. පණ්ඩිතයෝ කියන්නාහු එම්බල බමුණ මා සේනක පණ්ඩිත නියාව නොදනිදැයි කිසේක. එවිට බමුණු සිතන්නේ පසුම්බි පයියේ උන් නයා කියාපු තැනැත්තා මේ තමායයි කියන්නාහයි භයගෙණ සැබැව ස්වාමිනි මම මසුරන් දාස ඇරගතිමි කියා දැන් කොයිදැයි විචාරා ගෙන්වාගෙණ බමුණාට දෙවා සොරකම්කළවුනුත් පරදාර කළවුනුත් විඳාගතමනා ආඥාකරවා බමුණාට කියා බැමිණිත් ගෙන්වා මේ බැමිණිය තට උවමනාවේදැයි විචාරා උවමැනවයි කී කල්හි ඇටත් මතු මෙසේ දෙයක් නොකරවයි ශික්‍ෂා කරවා බමුණාට පාවාදී බොහෝ වස්තු ද තමන් වහන්සේගේ ගෙය ගාවා ගෙයක්දීදැයි රැක්කාහයි වදාරා මේ සත්තුභස්ත ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි බ්‍රාහ්මණයා නම් ආනන්ද ස්ථවිරය. එසමයෙහි දේවතාවා නම් ශාරිපුත්‍ර ස්ථවිරයෝය. එසමයෙහි පර්ෂිත් නම් බුදු පිරිසය. සේනක පණ්ඩිතයෝ නම් බුදුවූ මම්මයයි වදාළසේක.