මුල් පිටුව

389 දබ්බ පුෂ්ප ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද කරුණාවට පිහිටවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් ලෝභි භික්ෂූ කෙනෙුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද,

හේ කෙසේද යත්

එක් උපනන්ද සංඛ්‍යාත භික්ෂූකෙණෙකුන් වහන්සේට කියන කල භික්ෂූනිලාඝයෙහි ගිජු නොව ලද්දෙයකින් යපෙව අල්පසනොතාෂවව බණ කියන සේක. තමන් වහන්සේ ගමකට වන්කල එක් ගෙයක පාත්‍රයද එක්ගෙයක සැරයැටියද එක් ගෙයක පොත් මිටියද එක් ගෙයක ඩබරාවදැයි කියා ගෙවල් සතරෙක පසෙක තමන්වහන්ෙස් නතුකොට ලාභසත්කාරද ගරුභාණ්ඩ සපායාගෙණ උපාසකවරුන්ට අවවාද කියා බොහෝ වස්තු සොයා ගැලෙක පුරවාගෙණ සැවැත්නුවරට එනසේක. සැවැත් නුවර භික්ූෂන් වහන්සේ වැඩ හිදීනා විහාරයට අවුත් ගෙවල් එකක් දෙකක් පන්නා යනකලට වැලක් පය පැකිළින. එවිට මේ ගෙවල්වලින් මට ලාභයක් ඇතමැනවැයි ඒ ගෙට වන්සේක් ඒ ගෙයි වසන මාළු භික්‍ෂු දෙදෙනකුවහන්සේ සංඝිකව ලත් වක්කාරිදෙකකුත් ලක්ෂයක් වටනා පලසකුත් බෙදාගත නොහී තුබූයේය. ඒ දෙදෙනා වහන්සේ ස්වාමිනි මේ අපට බෙදාදුන මැනවයි කීහ. උන්වහනසේ ඒ වක්කාරී දෙක දෙදෙනාවහන්සේටදී තමන් වහන්සේ ඒ පල විනේධර කෙනෙකුන් සේට විනා ගතයුතු නොවෙයි කියා තමන් වහන්සේ ඇරගත්සේක. ඒ දෙදෙනා වහන්සේ ගිවිස්වා අරගත් දෙයක් නොවන බැවින් මුරගා භික්ෂූන් වහන්සේට කීසේක. භික්ෂූන් වහන්සේත් ධම්සභා මණ්ඩපයේ රැස්ව මෙපවත් කියා කියා වැඩ උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරාවදාළ කල්හි ඒ භික්ූෂන් වහන්සේ ස්වාමිනි අනික් කථාවකින් යුක්තව උනුමෝ නොවම්හ උපනන්ද සංඛ්‍යාත නම් ස්ථවිරයෝ භික්ෂූ දෙදෙනකුට වක්කාරී දෙකක් දී තුමූද පලස අරග්ගත්තුය. යන මේ කථාව කියා කියා උනුම්හයි කීහ. සර්වඥයන් වහන්සේ එම්බා මහණෙනි මූ දැන්මතු නොවෙයි පෙරත් අනුන්ට ලාභයමදකොට දී තුමූ වැඩිතරම් ලාභය අරගත්තෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක් ගඟක් අසල වෘක්‍ෂදේවතාව උපන්නාහ. ඒ ඟඟ අස දබ්බ පුෂ්ප නම් කැණහිළෙකු හා කැණහිල් ධේනුවක් වාසය කරන්නීය. ඒ කැණහිල්දෙන රේමස්කන්ට දොළමියි කැණහිළාට කිව, කැණහිලාත් ගඟ අස බලා අවිදිනකලට අනුචාරී නම් දියකාවකු හා ගම්භීරචාරී නම් දිය කාවකු හා දෙදෙනක් ඇත, ඉන් ගම්භීරචාරී නම් දියකාවා මසෙකු අල්වා ගත, ඒ කුඩමස්සා දියකාවොත් ඇරගෙන දියයට වදින්ට වන, ඒ දියකාවා අනුචාරී නම් දියකාවාට කියන්නේ එම්බා අනුචාරී නම් දියකාවනෙනි මේ මත්ස්‍යයා මාත් ඇරගෙණ දියයට වදින්ට උත්සාහ කෙරෙයි වහා අවුත් මට සහායව කුඩමස්සා අල්වවයි කීහ. එවිට දියකාවා කියන්නේ මේ තොපි නොබට ඇල්ලුගැන්ම ස්ථිල නොකොට තරයේ අල්වව මමත් එමි කියාගොස් කුඩ මැස්සා ඩෑගෙණ දෙන්න කැටිවගොඩලා බෙදාගත නොහි උනුත් කණකලට කැණහිලා එතනට ආය. දියකාවෝ දෙන්නා කැණහිලා දැක එම්බා සබඳ මේ කුඩමැස්සා අපට සරියේ බෙදාලිලවයි කීහ. එවිට කැණහිලා කියන්නේ එම්බා මට බොහෝ අධිකරණ විවාරණයුක්ති පසිඳිනා දනිමි මේ කුඩමස්සා ධර්මිෂ්ටව බෙදමි කියා අනුචාරී දියකාවට වල්පත දිසාාවාදී ගම්භීරචාරී දියකාවාට ඉස දිසාව කරමැයි කියා දී ධර්මිෂ්ටව බෙදු මට මධ්‍යයේ කැබැල්ල යහපතැයි ඇරගෙණ කියාහ. දියකාවෝ දෙදෙනත් අප සැපසේ බෙදාගෙණ කන්නාවූ රේමස ඇරගෙන ගියේයයි මුරගෑය. ඒ කැණහිල් දෙනත් කැණහිලා ගෙණෙන රේමස දැක සමෘධිව කියන්නී මේ රෙමස කොයින් සම්භවීදැයි විචාරා යුක්ති කියා ගෙණා නියාව අසා මේ රේමස සම්භවුනියාව සක්විති රාජ්‍යයක් ලත්විවර ඇත. මාගේ මනෝරථය මුදුන්පත්ව නියායයි කියාතමාගේ ස්වාමියිට ප්‍රසංසා කොට රේමස කෑව සර්වඥයන් වහන්සේත් එම්බා මහණෙනි භික්ෂූහූ නම් අනුන්ට ලාභය නොවිඳූවයි අවවාද කියා තමා ලාභයත් කාරවිඳිමි භික්ෂූන් කළ මනාදෙයක් නොවෙයි වදාරා මේ දබ්බ පුෂ්ප ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි දියකාවෝ දෙදෙන නම් දැන් මහළු භික්ෂූහු දෙදෙනාය. කැණහිලා නම් උපනන්ද ස්ථිවිරිය. මේ විත්තිය ප්‍රත්‍යක්‍ෂ කොට දුටුවාවූ වෘක්‍ෂ දේවතාවා උපන්නෙම් බුදුවූ මම්ම වදාළසේක.