මුල් පිටුව

387 සුතනු ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ධර්මාධිපතිවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි මව්පිය දෙදෙනාට උස්ථානකරන්නාවූ භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

මෙහි වර්ථමාන කථාව විස්තර වශයෙන් සාමජාතකයෙහි පෙණෙන්නේය. මෙහි වනාහී.


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සෙ දුක්පත් ගොවිකුලයක උපන්සේක. උන්වහන්සේට නම් තබන්නාහූ සතනුකුමාරයෝ යියි නම් තූබූහ. එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ අමාත්‍ය මණ්ඩලය හා සමග සේනාව ඇරගෙණ දඩයමට ගොස් එක් බැද්දක් වටකොටගෙණ රැකවල්ලවා විධාන කරන්නාහු යම් එකකු සිටිනාතැනින් මුවෙක් පළාගියේ නම් අඥ කරවමි භයගන්වා කොටුපතෙක තුමු සිටියහ. එක් එණිමුවෙක් රජ්ජුරුවන් සිටිකඩින් ඉදිරියට එන්නේය. රජ්ජුරුවෝත් විෂපෙවූ කුණුගිය දුනුපිටිලා ඇද මුවාට විද්දාහ. මුවා භිය වළහා භිය වැදහොත්තා මේන අඟවා වැටී හීන රජ්ජුරුවා්ත් මුවා විත්කා වැටහීනැයි සිතා ලගට ගියහ. රජ්ජුරුවන් ලඟ එන්නාවූ මුවා සිට දිවගත. වටසිටියෝ රජ්ජුරුවන් වහන්සේ සිටි තැනින් මුවා පළාගියේ යයි කියා වෙහෙසූහ. රජ්ජුරුවෝත් ලජ්ජාවී කඩුව අතට ගෙණ මුවා ලුහුබඳවා ගෙණ තුන් යොදනෙක ගොස් මුවා අසුකොට කඩුවෙන් දෙපළුකොට සිතන්නාහූ මුවා මැරූ නියාව කී නමුත් නුවරවාසී අදහා නොගණිති මුවා කදට බැද කරතබාගෙණ එන්නාහූ බරණැස් නුවරට නුදුරුතැන නුගගසක් මුල සැතපී ඉද යන්නට වන්නාහූ ඒ නුග ගසෙහි වසන මඛාදේව නම් යක්‍ෂයෙක් රජ්ජුරුවන් කරා ගොස් දඩමස්කද අල්වා රඳවා යි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ ඇයි කුමක්නිසා රැඳවිදැයි විචාළාහ. යක්ෂයා කියන්නේ මේ නුගසෙවනයට වන්කෙණෙකුන් කණ තියායෙන් වෙසවුණු රජ්ජුරුවන්ගෙන් වරලදිමි මට ගොදුරු ව යානොහැක්කැයි කීය. එවිට රජ්ජුරුවෝ කියන්නාහූ මම එසේ කිනම් එකෙකිම් නොවෙමි. බරණැස් රජෙමි, අද මට මේ දඩමස් කද ගෙණ මා නුවරට යව්ව, තොපට දවස බත්තලියක් හා මිනිසකු එවමි කීහ. යක්‍ෂයාත් යහපතැයි ගිවිස රජ්ජුරුවන් නුවරට යැවීය. රජ්ජුරුවෝත් නුවරට ගොස් තමන් වැඩපසන්නා අමාත්‍යයකුට කීහ. අමාත්‍යයා කියන්නේ සාමිනි අවධිය කීයේ ඇයිදැයි කීහ. රජ්ජුරුවෝත් නැතැයි කීය. අමාත්‍යයා කියන්නාහූ අවධියක් නොකියේ වැරැද්දැයි එසේවුවත් භයනොකළමැනව.

නුඹ වහන්සේගේ ජීවිතය රැකදේමි. මට සිරගෙය දුන මැනවයි සිරගෙය ඇරගෙණ විධානය කරන්නාහූ රැකෙන්නා කැමති කෙණෙක් මේ බත්තලිය යක්ෂයාට දෙමි කියා යවන්නාහූ මෙම නියායෙන් තිරනතරයෙන් බත්තලියක් හා මිනිසකු බිලිදීමෙන් සිරගෙයි මනුෂ්‍යයෝත් නිමාවත් අමාත්‍යයා එපවත් රජ්ජුරුවන් වහනසේට කියා රජ්ජුරුවන් වහන්සේට කියා රජ්ජුරුවෝත් එපවත් අසා ජිවිතයට වඩා මනුෂ්‍යයෝ අර්ථයෙහි ලෝභ ඇත්තාහ. දහසින් බැඳි පියල්ලක් ඇතු පිට තබා මේ අයුරින් දහස ඇරගෙණ යක්ෂයාට බත්තලිය දෙවයි නුවර බෙරලවා මසුරන් දහස ඇරගත් කෙණෙක් ඇත්නම් ඌ අත බත්තලිය යවයි කීහ. අමාත්‍යයාත් එලෙස කළේය. බෝධිසත්වයන් වහන්සේ ඒ මසුරන් දහස ගෙණ යක්ෂයාට බත්තලිය දෙවයි නුවර බෙරලැවූ මසුරන් දහස ගෙණ මෑනියන්දෑට දී සිතන්නාහූ මේ මසුරන් දහස මෑනියන්දෑට දී ගියකළ යක්ෂයා දමනයෙහි ලා ගතහොතින් නම් බොහෝ සම්පත් ලැබෙමි. නැත මේ යක්ෂයාට බිලිවෙමි. මසුරන් දහස කිප දවසක් රැකෙන්ට ඇත්තේ වේදැයි සිතා මෑනියන්වහන්ස මම යක්ෂයාට බත්තලියක් ඇරගෙණ යෙමි කීහ.. එවිට මෑනියන්දෑ කියන්නාහූ පුතඬ තොප කී මසුරන් දාසෙන් මට ප්‍රයෝජන නැත යක්ෂයා ලඟට තොපි නොයවයි කීහ. බෝධිසත්වයෝ කියන්නාහූ මෑනියන් වහන්ස භය නොකළමැනව, ඒ යක්ෂයා දමනයේලා අඬන්නාවූ නුඹවහන්සේගේ මූන සිනා සෙමින් එමි. මෑනියන් වහන්සේ කීපවාරයෙක කීවාවූ අවවාද නොගිවිස අස්වසා රජ්ජුරුවන් හා සමඟ රජගෙට ගියහ. රජ්ජුරුවෝත් දරුව තොපට උවමනා කිම්දැයි කීහ. සාමිනි නුඹවහන්සේගේ මිරිවැඩිසඟල උවමැනවයි කීහ. කවර කාරණයකට දැයි කීහ. දේවයන් වහන්ස යක්ෂයා සන්තක බිම නොසිටිනා නිසයි කීහ. යහපතැයි මිරිවැඩි සඟලදී තව කුමක් උවමනාදැයි කීහ. සේසත උවමැනවැයි කීහ. ඒ කවරක්දැයි විචාළාහ. යක්‍ෂයාගේ ඡායාවට යට නොසිටිනා නිසායයි කීහ. යහපතැයි සේසතත් දී තව කුමක් උවමනාදැයි කීහ. සාමිනි නුඹවහන්සේගේ මගුල්කඩුව උවමැනවයි කීහ. කවරකටදැයි විචාළාහ යක්ෂයා භයගන්වා ආරක්ෂාවටයයි කීහ. යහපතැයි කඩුවටත් දී තවකුමක් උවමැනාදැයි කීහ. නුඹවහන්සේගේ රන්තලියේ නුඹවහන්සේ මෙනිමවන්ට සපයන ලද රසමසවුලෙන් යුක්තවූ භෝජනය ලා දුන මැනවයි කීහ. ඒ කවරටදැයි රජ්ජුරුවෝ විචාළාහ. මා තරම් නුවනැත්තාවූ පුරුෂයකු ගෙණයන්නාවූ බත් ලෝ තලියෙන් සමාන බත ගෙණයාම යුක්ත නොවන හෙයිනැයි කීහ.

රජ්ජුරුවෝ යහපතැයි රන්තලියේ බත් ලවා සරහාදී මෙකියන සියල්ලම ගෙණයන්ට මිනිසුන් සලස්වාදී යවුහ. බෝධිසත්වයෝත් මේ හැම ඇරගෙණ නික්ම ගොස් නුගගස සමීපයේදී මිනිසුන් රඳවා බත්තලිය අතට ගෙණ රන්මිරිවැඩි සඟල පයලා සේසත අතට ගෙණ කඩුව උරයේ බහාගෙණ බත්තලිය බිම තබා කඩුව අතට ගෙණ කඩුපතින් ඉත්තලිය නුග ඡායාව යටට කොට මේ ගස වසන්නාවූ මඛාදේව නම් යක්ෂයා අපගේ රජ්ජුරුවන්ගෙන් එවන ලද රසමසවුලෙන් යුක්තවූ මේ තිය ඇරගෙණුවයි අඬගැසීය. එවිට යක්ෂයා සිතන්නේ මෙතෙක්දා එන්නාවූ පුරුෂයන්සේ නොවෙයි වංචාප්‍රයෝග දන්නාළුකෙක, මා වංචා කොට ගැලවීයෙමි සිතාය යි කියා කියන්නේ තා ඉවත සිට කථාකරන්නේ ඇයිද, නුගගස යට සිට මා හා කථාකරව, බත්තලියත් මාගේය. තොපිත් මාගේ සන්තකමය, බත්තලියත් කමි තොපිත් කමියි කීය. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ එඹල රාක්ෂසය මා කයි නම් තටමය අඩුව බරණැස් නුවර මට වඩා නුවනැති පුරුෂයෙක් නැත. එසේ වූ සුතනුකුමාරයන් වැනි නුවනැති ගුණ ඇති පුරුෂයකු කාපු රාක්ෂසසයා අප තිබාදැයි කියා සෙට පටන් තට ගෙණෙනා බත්තලියත් නැත. මිනිසාත් නැත.

ඉදින් මා නොකා අලවුනම් තොපට නිරන්තරයෙන් එවට බත්තලිය එවමි ඉදින් මා කන්ට සිතී නමුත් කෑ නැත, තාගේ බිම මා නොසිටිහෙයිනුත් තාගේ ඡායාව නොසිටි හෙයිනුත් කෑ නැත. නුගගස ඡායාවට වන්කෙණෙකුන් විනා කෑ නැති හෙයිනුත් තමාම කෑ නැත. ඉදිමි නොනවත අයිනම් කඩුවෙන් දෙකඩකෙරෙමි ඉඳින් අපගේ රජ්ජුරුවන්වහන්සේ ගොස් අල්වාගනිමියි කී නමුත් තාගේ නුග ඡායාවෙන් ඉවත්ව සිටිහෙයින් කෑ නොහැක්කයි කීහ. එවිට යක්ෂයා මුන් කිසේ සැබෑව මුන් කෑයේ වින් නම් සෙට පටන් මට ගෙණන බත් තලියත්, මිනිසාත් නැත. එයින් අලාභයයි මා ගොසින් රජ්ජුරුවන් ඇල්ලිය නොහැක්කැයි මුන්කියේ කටයුතු යයි සිතා යහපත තාගේ ජීවිතදානය දිනිමි තෙල තලියත් සේසතත් කඩුවත් මිරිවැඩි සඟලත් රජ්ජුරුවන්ට දී ආඬන්නාවූ මෑනියන් සතුටුකරවයි කීහ තොපි ගොසින් සෙට පටන් මට එවන බත් තලිය හා මිනිසා එවයි කීහ. එවිට බෝධිසත්වයෝ යක්ෂයා මාගේ බසට ලැබින මාසිතුවා මුදුන්පත්වීයයි සිතා එවිට කියන්නාහූ එම්බල යක්ෂවා ප්‍රාණඝාත කිරීම නම් මෙලෝ පරලෝ දෙකින්ම අලාභවන කටයුත්තය, ප්‍රාණඝාතාදීය නොකරවයි යක්ෂයා දමනයේ ලාගෙණ මෙතන වනයේ වාසයකොට කම් කිම්ද බරණැස් නුවර වාසල්දොර දේවාලයක් සරහා රජ්ජුරුවන් වහන්සේට කියා දෙවමින් යක්ෂයා ලවා සේසත්ද රන් තලියද ගෙන්වාගෙණ නුවරට නික්මුණාහ. මග දුටු දුටුවෝ සුතනුමාන වකයෝ මඛාදේව නම් යක්ෂයාද දමනයේ ලාගෙණ එතියි නුවර වාසීන්ට කීහ. නුවරවාසීහූ රජ්ජුරුවන්ට දැන්වූහ. රජ්ජුරුවෝත් සතුටුව අමාත්‍ය මණ්ඩලය හා සේනාව පිරිවරා සුතනුමානවකයන් ඉදිරියට පෙර ගමන් කොට ගොසින් බෝධිසත්වයන් දැක සතුටුව රාක්‍ෂයාට වාසල්දොර දෙවොල යක්කර නුවර සියල්ලවුන්ගෙන් බත් දෙවනලෙස දි සලස්වා නුවරට ගොස් සුතනුමානවකයන්ගේ ගුණ කියන්නාහූ එම්බා අමාත්‍යයෙනි මාගේ ජිවිතය රැකදුන්නේත් නුවරවාසීන්ට සැපත දුන්නේත් සුතනුමානවකයන් නිසායයි ගුණ කියා බෝධිසත්වයන් වහන්සේට සෙනෙවිරත් තනතුරු දී ඒ තැන් පටන් බෝධිසත්වයන්ගේ අනුශාසනායෙහි දශරාජ ධර්මයෙන් රාජ්‍යකොට කම්වු පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා මේ සුතනුජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි රාක්‍සසයා නම් අංගුලිමාල මහා ස්ථවිරය. බරණැස් රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය. සුතනුමානවකයෝ නම් බුදුවු මම්ම වේදැයි වදාළසේකී.