මුල් පිටුව

386 මනොජ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සිංඟීවසර්ණයක් බඳූවු සර්වඥයන්වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක් විපක්ෂශීලී භික්‍ෂු කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ භික්ූෂ කෙණෙකුන් වහන්සේ හා එක්ව හිතව වාසය කරණ සේක. මේ කාරණය එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ මේ මහණ කැඳවා ගෙණගොස් සර්වඥයන් වහන්සේට පෑසේක. සැබෑද මහණැයි විචාරා වදාරා සැබැව ස්වාමීනි කී කල්හි දැන්මතු නොවෙයි මහණෙනි පෙරත් මේ මහණ විපක්‍ෂ ශිලිව වාසය කළේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි එක් වනයක සිංහයෙකු හා සිංහ ධේනුවක් වාසය කරන්නීය. ඒ සිංහ ධේනුව දුවකු හා පුතකු වැඳූහ. සිංහපෝතකයාට මනෝජ යයි නම් තුබූහ. ඒ සිංහයා වැඩිවිය පැමිණ කල අනික් සිංහ ධේනුවක් බිරින්දව ගෙණවිත් තබා මව්පියන් දෙදෙනා නැගනියන්ද බිරින්ද ද තුමූද යන පස්දෙනාටද ගොදුරු සොයා ගෙණවිත් දී රකිනාහ. එසමයෙහි එක්දවසක් ඒ මනෝජ් නම් සිංහයානන් ගොදුරු සොයා ගෙණනේනට යන කල්හි එක් ගිරි නම් කැනහිලෙක් සිංහයා ඉදිරියට පැමිණියේය.තමා එනයන තැනක් නැතිහෙයින් සිංහයා වැඳගණඹත්තේය. සිංහයානෝත් හමුව කිමෙක්දැයි විචාරා නුඹවහන්සේට සේවයට ආමි කීකල්හි යහපතැයි තමන් වාසය කරන්නාවූ ගල්ලෙනට කැන්දාගෙණ ගියහ. සිංහයානන්ගේ පියවූ සිංහ රජ්ජුරුවෝ මේ නිචවූ සිඟාලයා කුමට කැන්දාගෙණ ගියහ. සිංහයානන්ගේ පියවූ සිංහ රජ්ජුරුවෝ මේ නිච වු සිඟලයා කුමට ගෙණාවුදැයි පුතනුවන්ට කීහ. මනොජ් නම් සිංහයානෝ පියානන් කීබස නොගිවිසම සිඟාලයා පෙෂ්‍ය කරන්නාහ. ඒ සිඟාලයා එක් දවසක් සිංහරජ්ජුරුවන්ට කියන්නේ සෙසු මස්කා අභ්‍යාසයෙමි අස්මස් කෑවා නැත. ස්වාමිනි මට අසකු අල්වා දුනමැනවයි කීහ. රජ්ජුරුවෝ යහපතැයි කියා විචාරන්නාවූ අසුන් ඇත්තේ කොයිදැයි විචාළාහ. කැණහිල් කියන්නේ බරණැස් ගඟ නාන්ට බරණැස් රජ්ජුරුවන්ගේ අසුන් ගෙණෙන්නාහ. ඉන් එකෙකු අල්වා ගෙණ එවයි කීහ.

සිංහරජ්ජුරුවෝත් යහපතැයි බරණැස් ගඟ සමීපයට ගොස් නාන්ට ගෙණා අසුන්ගෙන් එකෙකු බෙල්ලබිඳ පිටට දමා ගෙණ ගල්ලෙනට ගොණගොස් මෑනියන් ඇතුළු ඇමදෙනාටත් බෙදාදී තමනුත් කා කැණහිලාටත් දුන්හ. වැඩිමාළු සිංහ රජ්ජුරුවෝ පුතනුවන් අතින් මේ අස්මස් කෑ සිංහයන් ගෙන් බොහෝ කලක් ජිවත්වූ කෙණෙක් නැත. අස්සුනම් රාජවාහනය. රජදරුවෝ තමන්ගේ රාජවාහනයට උපද්‍රා වූ කල කිපී විද්දවායති. යම් උපායකින් නසවතී මෙවක්පටන් අසුන්ගේමාංශය නොකවයි සිංහරජ්ජුරුවෝත් පියානන් කීවා නොකොට අසුන් අල්වා කන්නාහ. රජ්ජුරුවෝත් අසුන් ගෙන්වා රාජාංගනයේ අස්සල බැඳ ඇතුලේ පොකුණක් බිඳුවා අසුන් නාවන නියායෙන් සලස්වා තමන්ගේ දුනුවායන්ට විධානය කරන්නාහූ මාගේ අසුන් කා වනසන්නාවූ සිංහයා විදුවයි දුනුවායන්ට විධානය කළහ. දුනුවායෝත් යහපතැයි සිංහයා එන වේලාව පරීක්ෂා කොට ඇවිදිනාහූ පවුරු පැනනැග එන්නාවූ සිංහයා දැක දැන් විද්දමෝ නම් සැහැල්ලු හෙයින් වැරදයෙයි අස අල්වාගෙණ යනකල විදුම්හයි සිතා අසතු අල්වාගෙණ පැනයන්නාවූ සිංහයාට පස්සෙන් විද ඉදිරියෙන් දඬවලා විද්දාහ. සිංහයාත් මරණභයින් මහත්කොට අඬගසා තමාගේ ගල්ගෙටම පිනීය. විදි තැනැත්තේ සිංහයා විද්දෙමි අඬගැසීය කැණහිලා සිංහයා මරණභයින් ගැසූ අඬත් අසා මනුෂ්‍යයා ගැසූ අඬත් අසා සිතන්නේ යාළුවූ සිංහයානෝ මළේයථ මා ජිවත්වන්ට උපායකුත් නැත, මිය පරලොව ගියවුන් හා ඉතිකින් කවර විශ්වාසයක්ද මා අනිත් තැනකයෙමි සිතා පලාගියහ, සිංහයාත් තමාගේ ගල්ලෙනම වැටීහින සිංහයානන්ගේ මව් පියෝ දෙන්නත් නැගනියෝත් බිරින්දත් සතරදෙන සිංහයා වටකොටගෙණ ඉඳ කියන්නාහූ පුථිවු දුෂ්ටවූ ගිරිනම් සිඟාලයා කීවාකොට මනෝජ නම් සිංහයාත් විනාසයට පැමිණියෝවේද යම්සේ අසත්පුරුෂයන් හා සංවාසය නොකරවයි කී අවවාද නොගිවිස මාගේ පුත්වූ මනෝජ් නම් සිංහ රාජයා මරණයට පැමිණියෝයයි සිංහරාජයානෝ කීහ. සිංහයාගේ මෑනියෝ කියන්නාහූ යම්සේ වැදු දරුවෝ නොකීකරුවෝ නම් මැනියෝ උන් කෙරෙහි ඇල්මක් නැත්තාහ. මාගේ පුත් වූ මනෝජ නම් සිංහරාජයා කිවා නොකොට අසත්පුරුෂයාගේ බස් ගිවිස ලේ කටින් දමා වැද්දොත්තේ මේ දැයි කීහ. සිංහයානන්ගේ නැගනියෝ කියන්නාවූ යම්කෙණෙක් පාපිෂට යන්ගේ බස් ගෙණ කිරෙද්ද. මෑනියන් වහන්සේ කීවාමෙන්ම මාගේ බෑණාන් වහන්සේට පැමිණියාමෙන් මරණයට පැමිනෙන්නේ වේදැයි කීහ. සිංහයානන්ගේ බිරින්ද කියන්නාහූ යම්සේ උත්තමයෝ උත්තමයන් හා භොජ්නය කෙරෙද්ද නීචයෝ නිචයන් හා වාසය කෙරෙද්ද නිචයා හා උත්තමයා කරන්නාවූ භජනය මේ දෙකම කුමක් මෙන්ද?. යත් සිවුපාවන්ට ගියේයයි කීහ. ඒ අභිප්‍රාව දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ එඹා මහණෙනි නිචයා නිචයාම සෙවුනා ලබන්නේය. උත්තමයා හා නිචයාගේ විශ්වාසයද සිඟාලය හා සිංහයා මෙනැයි වදාරා මේ මනෝජ ජාතකය නිමවා වදාළසේක. ඒ විපක්ෂීල භික්ෂූන්වහන්සේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිතවූ සෝවාන් මා්ර්ගයට පැමිණිසේක. එසමයෙහි සිංහයා නම් මේ භික්ෂූහුය. සිංහයාට විශ්වාසව උන්නාවූ කැණහිලා නම් දේවදත්ත ස්ථවිරය, සිංහයාගේ බිරින්ද නම් ඛේමා නම් ස්ථවිරිය, සිංහයාගේ නැගනියෝ නම් යසෝධරා ස්ථවිරිය. සිංහයාගේ පියාවූ සිංහයා නම් බුදුවූ මම්ම යයි වදාළසේක.