මුල් පිටුව

383 තෘතීය වට්ටක ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සිතු සිතවන් සිත් නිමවන මනහර ගුණ ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ලෝභිවූ භික්ෂූකෙනෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

ලෝභි භික්ෂු කෙණෙකුන් වහන්සේ සර්වඥයන් වහන්සේ්ට දක්වන්නා මහණෙනි මේ භික්ෂූ දැන්මතු නොවෙයි පළමුත් ලෝභිව ඇත්කුණු මිණි කුණු ආදිවූ දෙය බොහෝ ව කමින් සිට තෘෂ්ණා වසඟව වනාන්තරයට ගියෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ වටුව ඉපද වනානාතරයෙහි වාසය කරණසේක. එක් කපුටෙක් බරණැස් නුවර ඉඳ ඇත්කුණු මීණි කුණු ආදීවු දෙය කමින් සිටි තෘස්ණාවසඟයෙන් වනාන්තරයට වැද බෝධිසත්වයන් මහත්වූ ශරීර ඇතව වාසය කරන්නාවූ වෘක්‍ෂය සමීපයට ගොස් උන්නේය. බෝධිසත්වයෝ සාමිචි නිසා කපුටුවානන් දැක ඇයි මයිලනුවෙනි මනුෂ්‍යභවන්ෙ නොයෙක් ඛාද්‍ය භෝජ්‍ය ඇතිව සැපසේ වාසය කළ කල දුර්වලවූයේ කවර කාරණයකින්දැයි විචාළාහ. කපුටුවා කියන්නේ නොයෙක් ඛාද්‍ය භොජ්‍ය කෑවත් මනුෂ්‍යයන් කාපුදෙයක් වහා දිරා නොයක් ආයාසයට පැමිණෙන හෙයින් දුර්වලව ගියෙමි. තෙපි කවර කාරණයක් නිසා මෙසේ මහත්වූ ශරීරයක් ඇතිසේක්දැයි විචාළාහ. එවිට වටුවා කියන්නේ අපිනම් අල්ප සන්තෝෂ සමහ. යම්තම් ආහාරයක් ලබන්නා ඉන්ම යපී යම්හ. අනිත් ආහාරයක් තව සොයන්නට උවමැනවැයි යන තෘෂ්ණාවක් නැත. එහෙයින් අපගේ චිත්තසන් තෝෂව තිබෙන හෙයින් ශරීරයක් ථුලව තිබෙයි වදාරා මේ වට්ටක ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි කපුටුවානම් මේ ලෝභී භික්ෂුහුය. එසමයෙහි වටුවා නම් බුදුවූ මම් යයි වදාළසේක. මේ ජාතකය අවසානයෙහි ලොල් භික්ෂූන් වහන්සේ සෝවාන් වුසේක.