මුල් පිටුව

526 මහා නාරද කාෂ්‍යප ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහනුවර ලට්ඨි වනොද්‍යානයෙහි වසනසේක් උරුවෙල කාශ්‍යප දමනය අරභයා මේ ජාතකය වදාළසේක.

බුදුරජාණන් වහන්සේ තන්බෑ ජටිලයන් දමන යෙහිලා ඔවුන් දහසක් දෙනා පිරිවරන ලදුව ලට්ඨි වනොද්‍යානයට වැඩිසේක. ඒ අතර විසිදහසක් පමණ බ්‍රාහ්මණ ගෘහපතීන් හා සමඟ එහි පැමිණ බිම්සර රජ්ජුරුවන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට උන්හ. ඒ පිරිස අතර උන් ඇතැම් බ්‍රාහ්මණ ගෘහපතීන්ට ජටිල තාපසයන් දැක සංකාවෙන් උපන්නේය. කීමෙක්ද? උරුවෙල කාශ්‍යපයෝ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ගෝලයෙක්ද? ශ්‍රමණභවත් ගෞතමයෝ උැවෙල කාශ්‍යපයන්ගේ ගෝලයෙක්ද? ශ්‍රමණභවත් ගෞතමයෝ උරුවෙල කාශ්‍යපයන්ගේ ගෝලයෙක් ද? යන සැකයකි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනවු වැසි කාශ්‍යපය, කවර අරමුණක් දැක ගිනි දෙවියාට කරන්නාවු පූජාව ඇරපීද? මේකරුණ කා අතිනි විචාරමි. කියවයි වදාළසේක.පඤවකාමයෙහි ආදීනව දැක නිශ්ශාර වූ ගිනි දෙවියාට පිදීමෙන්වෙන්උනෙමි. මම ඔබවහන්සේ ගේශ්‍රාවකයෙක්මි ප්‍රකාශ කොට අහසට පැන නැගි බැස බුදුන්ගේ ශ්‍රිපාද පත්මය නමස්කාර කොට සිටිසේක. මේකරුණ අරභයා මිනිසුන් අතර බුදුරජාණන් ගුණ කථනය පැතිරී ගියහ. සර්වඥයන් වහන්සේ ඔවුන් අමතා සත්වයෙනි, දැන් මොහු දමනයෙහි ලීම ආශ්චර්ය්‍ර්‍ය ාෙවන්නේය. පෙර මම නාරද නම් බ්‍රාහ්මණයාට ඉපිද මොහුගේ දෘෂ්ටි ජාලය බිඳ සන්තානගත වූ ක්ලේශ නමැති විෂ විනාශ කෙළෙියි ඉකුත් වන වදාළ සේක.

ඉහත විදෙහ රට මියුළුනුවර අඞගාි නම් ධාර්මිෂ්ඨ රජකෙනෙක් විය. ඒ රජුට මහකුසල් ඇති රූපා නම් රූපත් දියණියක්ද විජය, සුමන, අලාත නමින් අමාත්‍යයෝ තිදෙනෙක්ද වූහ. දිනක් රජ්ජුරුවෝ ආහර කිස නිමවා උඩුමහල් තලයෙහි ඇමති ගනයා පිරිවහරා සිටින්නේ ප1ෙඤවා පක්ලේශයෙන් විනිර්මුක්තට අහස් කුසට නැංගාවූ චන්ද්‍රමණ්ඩලය දැක ඉතා ප්‍රීතියට පත්ව ඇමතියන් අමතා අද මේ ප්‍රීතිමත් රාත්‍රියෙහි කවර රතියකින් සිත් අලව මොදැයි විචාළහ.

ඉක්බිති ඒ ප්‍රධාන තුන්දෙනා අතරෙන් අලාත ඇමති කියන්නේ මහ රජතුමනි, අපට මහත් බලකායක් ඇත. එබැවින් යුඬකොට සතුරන් පරදවා ජය ලනුම්හයි කීහ. රජ්ජුරුවෝ ඒ කීමට සතුටු අසතුටු බවක් නොකීහ. එවිට සුමණ ඇමති මේ රජතුමා යුද්දයට නොකැමති සේක. පඤ්වකාමී ගුණයෙහි ඇලිම ප්‍රකාශ කෙරෙමියි සිතා මහ රජතුමනි, අදවූ කලී උතුම්වූ මඟුල් දවසෙක එබැවින් අද රසවත් ආහාරපාන අනුභව කොට ගැයීම් වෑයිම් වලින් කල් යැවීම මැනවයි කීහ. රජ්ජුරුවෝ ඊටද නිහඬවූ බව දත් විජය ඇමති, ධර්මශ්‍රවණයේ ගුණ වර්ණනා කොට රජ්ජුරුවන්ගේ සිත් දිනාගනිමියි සිතා රජතුමනි, කාමය නම් හැම කල්හිම ලැබෙන දෙයක බැවින් අපි බොහෝ ඇසු පිරූ තැන් ඇති ධර්මදර ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙකුන් කරා ගොස් උපන් සැක විචාරා ගනිමුයි මැනවයි කීය. ඒ ඇසු රජ්ජුරුවෝද ඊට එකඟව කවර ප්‍රාඥයක්හු කරා එපඹමෝදැයි විචාළහ. එවිට අලාත අමති කියන්නේ මහරජතුමනි , මේ මෘගදායනම් උයනෙහි ප්‍රශ්න විසඳීමෙහි ප්‍රසිද්ධ වූ ගුණ නම් නිඝණ්ථාක්‍ිවකයෙක් ඇත. ඉතා ඔහුශ්‍රුත්‍රය, මධුර කථා ඇත්තේය. තමාගේ කුලුපලවූ ආජිවකයා ගැන කීය. එබස් ඇසු අඞගාති රජ්ජුරුවෝ එසේනම් එහි යනු කැමතියම්හ. රථය සුදානම් කරවයි නියම කොට මහ පිරිස ්පිරිවරා එහි පඟාවී එකත් පස්ව සිට සුවදුක් විමසු රජ්ජුරුවෝ ආජිවකයා අමතා ගුණාක්‍ිවකයෙනි, මේ ලෝකයෙ ්සත්වයෝ දෙමවිපියන් කෙරෙහි ආචාය්‍ර්‍යවරුන් කෙරෙහි, පුත්‍රදාරාවන් කෙරෙහි, වැඩිහිටියන් කොරහි, මහණ බමුණන් කෙරෙහි, සේනාව කෙරෙහි, දනවූ වැසියන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතුද? සුගතිගාමි වීමට කුමක් කළ යුතුද? සමහරෙක් සුගතියටත් සමහරෙක් දුගතියටත් යන්නේ කවර කාරණයක් නිසාද?මෙය තන්වූ පරිදි කියා දෙවයි කීහ. බුදු පසේ බුදු මහ රහතුන් අතින් විචාළ යුතු මේ කාරණය කිසිම ගුණයක් නැති නමින් ගුණ නම් වූ මේ අඥාණ ආජිවකයා අතින් විමසු විට ඔහුගේ මිථ්‍යා මත ප්‍රකාශ කරන්නේ මහ රජතුමනි කරන ලද හොඳ හෝ නරක දෙකට ඉෂ්ටානිෂ්ට විපාකයෙක් නැත. පරලොවකුත් නැත. ඒ පරලොව නැති හෙයින්ම පරලොවෙන් මේලොවට ආවේ කවරෙක්ද? මහ රජතුමනි, ආචාරවරයෝද නැත. ඔවුන් නැති හෙයින් නොදැමුනාවු සත්වයින් කවරෙක් දමනයෙහි ලා ද? මෙලොව සත්වයෝ විශේෂයෙන්ම සමයය උසස් පහත් බේදයක් නැත. එබැවින් කුල දෙටුවන් පුදන්නාහු නැත. බලයෙන් හෝ වීර්යයෙන් සත්වයින්ට කම් නැත. එහෙයින් උට්ටාන වීරයෙන් යුතු පුරුෂයෙක් කොයින්ද? එබන්ඳෙක් නැත. තවද රජතුමනි, මෙලොව සතුන් ලද මනා වස්තුවම ලබන්නේය. එසේ ලබන කල විපාකයෙක් කොයින්ද ධානයේ විපාක නැත. ආදී වශයෙන් මිථ්‍යාදෘෂ්ටික වූ මේ ගුණ නම් පවිටාණන් දෙසු තෙපුල් ඇසු අලාත නම් ඇමති ද එයම ස්ථිර කළේය.

ඉක්බිත්තෙන් එය මිථිලා නම් රාජධානියෙහි දිලිදු බීජක නම් දාසයෙක් විය. ඔහු පෙහෙවස්වසන්නේ එක් අවවාදයක් අසා ගනු සඳහා ගුණ නම්නිවටා සමිපයට ගියේ පවිටාණන්ගේ ධර්මය හා අලාත ඇමතියාගේ බස් අසා කඳුළු වගුරන්ට විය. ඒදුටු රජ්ජුරුවෝ අඬන බීජක දාසයා අමතා දරුව, තා කුමක් නිසා අඬන්නෙහි දැයි විචාළහ. එවිට ඔහු කියන්නේ රජ්ජුරුවන්වහන්ස මාගේ තෙපුල් ඇසුව මැනව. මම පෙර ජාතියෙහි විඳිමින් උන් සැපයක් සිහිකෙරෙමි. මම පෙර සාකෙත නම් නුවර දහමෙහි ඇලුනු අසු කෙලක් ධනය ඇත භාව නම් සිටු පුත්‍රයෙක් වීමි. ධානයේ ඇලුනේ වෙමි. පිරිසිදු කාය වාක් කර්ම ඇති පුජ්‍ය වූයෙමි. ස්වල්ප වූද අකුසලයක් නොකෙළෙමි. එසේ නමුත් මම උන් චුතව මෙසේ දිළිඳුව උපන්නෙම්. අලාත නම් ඇමති කීවාක් නම් මම ද ධානාදීවූ කුසල කර්මයන් නිශ්ඵල බව කියමි. රජතුමනි මා විසු පෙහෙවස් වලද ප්‍රයෝජනයක් නැති බැවින් මම අඬමියි කීය.

එසේ වීමට මේ බීජකක දාසයාකරන ලද අකුසල කර්ම කවරේද යත්? කසුප් බුදුන් සමයෙහ් වල ගොස් ගොනකු සොයන්නෙ මංමුලාවූ එක් භික්ෂුවක් විසින් මග විචාළ කල්හි මුවෙන් නොබැන සිට නැවත විචාළ කල්හි කිපී ශ්‍රමණ කොල්ලෝ, තා ඇති මුඛරියයි අපහාස කොටකීය. ඒ පාපය සැඟවුන ගිනි පුපපුර මෙන් මරණාසන්නයෙහි අන් කර්මයෙක් එළඹ ඉන්චුතව සාකෙත නුවර සිටු කුළයක ඉපිද පින්කම් කෙළේය. ඒ කුසළය පොළොව යට සැගවුනු නිධානයක් මෙන් සිටියේ අවසරයක් ලැබ මතු විපාක දෙන්නේය. භික්ෂුව ට කළ ආක්‍රොශය නිසා දිළිඳු කුලයක උපන්නේය. ඔහු මුලින් කළ අකුසලය සිහිකර ගත නොහැකිවූයේ පුණ්‍ය විපාකයක් නැගැයි කීයේය. මේ තුන් දෙනාගේ බස් ඇසු රජ්ජුරුවෝ දැඩිකොට මිථ්‍යා දෘෂ්ටි ගෙන දෙවිලොව යෑමට කිසිම උපායෙක් නැතැයි සිතා බීජකය, තො ඉක්මන් නොවව, මමත් පෙර බොහෝ පින් දහම් කෙළෙමි. ප්‍රමාද උනෙමු. දැන් ආචාය්‍ර්‍ය වරයෙක් ලද්දෙමු. මෙතැන් සිට කාමරතී යම අනුභව කරමු. එහෙයින් ඔබගෙන් බණ ඇසීමටද ්‍රමාදනොවී අපි යන්නෙමු. ඔබ නවතින්න, නැවත ඔබ දැක්මට ඒමෙන් අපටවන කුසලය කවරේදැයි කියා රජ්ජුරුවෝ දෙවන දවස අමාත්‍යයන් රැස්කරවා මට පඤව කාගුණය එළවව්, මෙතැන් පටන් පඤ්වකාම සැපයට අනුභව කරෙමි. රාජ්‍යය කටයුතු නොකෙරෙමියි ඇමතියන්ට එය පවරා පඤ්වකාම සැපයෙහි නිරතවූහ. පින් දහමින් ඈත් විය.

එයින් තුදුස් දවසක් ගිය කළ රුජා නම් රාජ දියණිය පිය රජ්ජුරුවන් සමීපයට යනු කැමතිව පන්සියයක් කුමාරිකාවන් පිරිවරන ලදුව කිරිමව් සමුහයා කැඳවාගෙණ මහත් ශ්‍රි විලාසයෙන් රතිවර්ධන නම් තම ප්‍රසාදයෙන් බැස ප්‍රිය රජ්ජුරුවන් සමීපයට ගියාය. පෙර දවස් තමා පැමිණිවිට දන්දීම සඳහා දහසක්දෙන පිය රජ්ජුරුවන් ගුණ නම් පැමිණිවිට දන්දීම සඳහා දහසක් දෙන පිය රජ්ජුරුවන් ගුණ නම් නිවටයාගේ බොරු බසින් මුලාව මිථ්‍යාදෘෂ්ටිකව සිටිනාබව එකත්පසව උන්හ. එවිට රජ්ජුරුවෝ අලංකාර ස්ත්‍රි සමානව දැක දරුව රජ්ජුරුවෙනි, තොපට කුමණ සැපතකින් අඩුවෙක්ද? සියළුම සැප සම්පත් ලැබෙන සේ මම පිළියෙළ කොට ඇත්තෙමි. අහස මැද බබලන චන්ද්‍රයා ඉල්ලුවද ඒ සමාන දෙයක් දීමට මම සමත්වෙමි කීහ. එවිට ඈ කියන්නී රජතුමනි, ඔබතුමා සමීපයෙන් ඒ සියල්ලම ලැබෙන්නේය. සෙට පසළොස්වක දිනය මා දන්දෙන දවසය. ස් සඳහා මසුරන් දහස දුන මැනවයි කීවාය. එවිට රජ්ජුරුවෝ දරුව නිශ්ඵල වූ දන්දීමෙහි හා සිල් රැකිමෙහි නියුතු වු තොප විසින් බොහෝ වස්තුව නසන්නේය. එවැනි දේ ම්න්මතු නොකරවයි මසුරන් දහස වස්තුව නසන්නේය. එවැනි දේ මින් මතු නොකරවයි මසුරන් දහස නොදී කාරණා කීය. තවද දරුව, ගුණවාරීන් විසින් මෙලොව පරලොව නැත. මව් නැත. පියා නැත. කර්මඵල නැත. උපදනා කෙනෙකුත් නැත. මිය යන කෙනෙකුත් නැත. හොද‛ ධර්මයෙහි පිළිපඳිනා මහණ බමුණෙකුත් නැත. මේ ඇසු රුජා කුමාරිහාමි අතිශයින් සංවේගයට පැමිණ පියා මිථ්‍යා දෘෂ්ටියෙන් මුදවනු කැමතිව පිය රජතුමනි, යම් පුද්ගලයෙක් මෝඩ අඥානයෙකු ඇසුරු කරන්නේ නම් තමා මෝඩයකු වන බව මම මීට පළුව අසන ලද්දේය. දැන් එය ප්‍රත්‍යක්ෂ කොට ඇස් හමුයේ දක්නා ලද්දෙමි. පියතුමනි, මංමුළා වූවෙකුගෙන් මංවුළාවූවෙක් මං විචාරන්නාක් මෙන් ප්‍රඥාවෙන් අන්ධ වූ ලාමක අදහස් ඇති හීන වූ අලාන සෙන්පතියා සමල ඊටත් වඩා ගුණයෙන් පිරිහුණූ ගුණනම් නිවටයා ලඟට ගොස් මෙසේ මුළා වීම ඔවුන්ට සුදුසු මුත් ඔබ වැනියවුන්ට නුසුදුය. පිය රජතුමනි, ඔබ ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨය. අර්‍ථා’නත්ර්‍ථ දන්නේය. එබඳවූ ඔබ වහන්සේ මේ අන්ද බාලයන් සමග සාකචඡා කොට මිථ්‍යා දෘෂ්ටියට කෙසේ පැමිණ සේක්දැයි විචාරා පාපමිත්‍රයන් සේවනය කිරිමෙහි ගුණ දක්වා ස්වර්‍ගොත්පත්තිය සඳහා පින් කළ මැනවයි අවවාද කළහ. මෙසේ පිය රජ්ජුරුවන්ට ධර්මදේශනා කොට තමන් අතීතයෙහි අනුභව තකළාහු දුක් දක්වන්නාහු මෙසේ කීවුය.

මහරජතුමනි, මෙලොව පරලොව ඇත. කර්ම කර්මඵල ඇත. සංසාරය සත්වයන් ශුඞ කරන්නට අසමත්ර්‍ථ වන්නේය. තමන් විසින් කුසල කර්මයන්ගේ සත්වයෝ ශුඬ වන්නාහ. අලාත සෙන්පති හා බීජක දාසයා එක් ජාතියක් සිහි කෙරෙති. එහෙයින් උදක් ජාති ස්මරණ ඥානය ඇත්තේ ඔහු දෙදෙනාම නොවෙති. මම අතීතයේ සත් ජාතියක්ද මතු උපදින ජාති හතක්ද සිහිකර ගත හැක්කෙමි. තවද පෙර මාගේ සත්වන ජාතියෙක් වීද ඒ ජාතියෙහි මගධ රට රජගහ නුවර තරහල් පුත්‍රයෙක්ව උපන්නාහු මම පාප මිත්‍රයන් හා එක්ව බොහෝ පව් කළෙමි. පර ස්ත්‍රීන් සේවනය කර මින් ධුතීව ඇවිද්දෙමි. ඒ අකුසලය සැඟවුණු ගින්නක් මෙන් භවයෙන් වැසී තිබී අවකාශලත් විට මතු විපාක දෙනුව සිටියේය. නැවත අන් පවක් හේතු කොට වංග නම් රට උපන්නෙමි. එසේම අන් පවක් හේතුකොට ගෙන වංග නම් රට උපන්නෙමි. එසේම කොසඹෑ නුවර සියල්ලන් විසින් පුදන ලද එකම සිටු පුත්‍රයෙක් විමි. එහිදී කල්‍යාණ මිත්‍රයන් ඇසුර කොට පින් දහම්හී යෙදුනෙමි. ඒ කළාවූ කුසල කම් නිධානයක් මෙන් මතු විපාක දෙනුව භවයෙන් සැඟවී සිටියේය. ඒ ලඟ අත්බැවිහී පෙර මගධ රටේදී කළ පරදාර කර්මයේ විපාක දෙනුවස් කොසැඹෑ නුවර සිටු කුලයෙන් වෙන්වූ මම භයානක රෞරව නරකයෙහි උපන්නෙමි. එහි අපමණ දුක් විඳ ඉන් චුතව කර්ණාට නම් රට බීජොද්Ȁdධරණය කරණ ලදුව ශක්ති සම්පන්න එළුවෙක් වීමි. රාජ පුත්‍රයන් සහ ඇමති පුත්‍රයෝ මා පිටට නැගත් රථයෙි යොදා ගෙනත් යන්නාහ. ඒ මා කළ පරදාර කර්මයෙහි විපාක වන්නේය. එළුවකුවිම්, බීජෝඬරණය, තමා පිට නංවා ගෙන යෑම රථ ගැල් ඇඳීම, පරස්ත්‍රී සේවනයෙහි විපාකය. එතනින් චුතව පැමිණ වනයෙි වානර යොනියක පිළිසිඳ උපන් දිනමි. වානර රජ්ජුරුවෝ මා ආදදරයෙන් ඉල්ලා ගෙන මා අඬව අඬවා මා බීජොඬරණය කෙලේය. එතනින් චුතව මම ස්වරණා නම් රට ගොන්ය උපන්නෙමි. එහීදීද කරන ලද බීජොඬරණය ඇත්තේවීමි. ගව යෝනියෙන් චුතව වැදෑරට මහත් සම්පත් ඇති සිටු කුලයක නපුංසකව උපනිමි. එහි සිත්න් ලතවී සිට චුතව තව්තිසා භවනෙහි නන්දන උයනෙහි බොහෝ ආත්ම මවා ගන්නට සමත් දිව්‍යප්සරාවත්ම ඉලිඳ සක්‍ර දෙවේන්ද්‍රයාට අග මෙහෙසුන්වීමි. එහි සිටියදී අනාගතයෙහි උපදින ජාතීන් සිහි කළෙමි. මම මේ ආත්මයෙන්ද් චුතව දිව්‍ය මනුෂය සංඛ්‍යාතවූ සුගතියෙහි චුති ප්‍රතිසන්ධි වශයෙන් ඇවිදිමි. තවද රජතුමනි, උසස් ආත්මවල උපන්නට සමිභාවනා ලද්දේ පෙර කරන ලද කුසල කර්මයෙන් යයි තව දුරටත් කරුණු දක්වන්නී යම් ස්ත්‍රී පුරුෂයෝ දෙපා ඇත්තෝ මඩ වලක්වන්නාක් මෙන් පරස්ත්‍රීන් පර පුරුෂයන් දුරු කරන්නේය. යම් ස්ත්‍රියක් පුරුෂයකු වනු කැමති නම් සුජාතාව ප්‍රධාන අවශේෂ දිව්‍යාඞගනාවන් ශක්‍ර දේවේන්ද්‍රයන්ට යටහත්ව ආදරයෙන් උපස්ථාන කරන්නාක් මෙන් ස්වාමි පුත්‍රයාහට අනවරතයෙන් සකසා අත් පා මෙහෙවර කරන්නේය.

යම් සත්වයෙක් බොහෝ වස්තුව කැමැත්තෙන් වීනම් පව්කම් දුරින් දුරුකොට ත්‍රිවිධවූ සුජරිත ධර්මයෙහි හැසිරෙන්නේය. යනාදී වශයෙන් සකල රාත්‍රියෙහිම සුගති මාර්ගය කියා සුචරිත ධර්මය දේශනා කළාය.

එකල මහ බෝසතාණෝ නාරද නම් මහා බ්‍රහ්මව ඉපද උන්හ. උන් වහන්සේ වරින්වර සත්වයාගේ යහපත පිණිස මිනිස් ලොව බලන්නාහ. එදවස මේ රූජා නම් රාජ කන්‍යාව පිය රජ්ජුරුවන්ගේ මිථ්‍යා දෘෂ්ටිය හරවන පිණිස ධර්මදේශනා කරන නියාව දැක මම එහිගොස් ඔවුන් සියළු දෙනාටම යහපතක් කටයුතු වන්නේයයි සිතා පැවිදි වේශයෙන් මවාගෙන ජටා මඬුල්ක් බැඳ ගෙන ජටාව අතරෙහි රන් ඉද්දක් බහා ඉද්ද මත්තෙහි මොණර පිල් තනා රන් පනවුලක් හැඳ රීදීමය වූ අඳුන් දිවි සමක් ඒකාංශ කොට රන්කෙන්ඩියක්ද ගෙන අහසින් අවුත් රජ්ජුරුවන්ට අභිමුඛයෙහි සිට ඔවුන්ගේ නමස්කාර ලබා අහසින් බැස පනවන ලද ආසනයෙහි වැඩ සිටි නාම ගොත්‍රය විචාරණ ලදුව මහා නාරද කාශ්‍යපයෝ යයි පැවසු සේක. ඉක්බිති රජ්ජුරුවෝ මේ අහසින් යන මහා සෘඬි ඇති කෙනෙක. පරලොව පසුව විචාරමි. මෙතරම් බලයක් ඇතිව අහසෙහි ඇවිදින්නට සමර්ථ බව ලබා ගත්තේ කෙසේ දැයි විචාරමියි සිති තාපසයන් අමතා තපස්විනි, ලබා ගත්තේ කෙසේදැයි විචාරමියි සිතා තාපසයන් අමතා තපස්විනි, මනස්කාන්ත ශරිරවර්ණයෙන් යුතුව අහසෙහි සිටිම. ඇවිදීම ඉතා ආශ්චර්‍යයජනකය. ඒ කෙසේදැයි තොප අතින් විචාරමියි කීහ. එවිට තාපසයෝ රජ්ජුරුවෙනි, ත්‍රිවිධවූ සුචරිතධර්මය හා කිසුණු පිරියම් නිමිති කොට පැමිණෙන ධ්‍යානාදී ධර්මය ඉඳුරන් මනාකොට පිහිටුවීමද ද්‍රනාදී කුසලකර්මද කරණකොට ගෙන මේ උසස් තත්වයට පත්විමියි පෙන්වා ධර්මදේශනා කොට ඔහුගේ මිථ්‍යා දෘෂ්ටිට බොහෝදුරට තුනී කළ සේක. තව දුරටත් රජ්ජුරුවන්ගේ මිථ්‍යා දෘෂ්ටිය තුනී කරනු සඳහා අපායවල විඳීනා අපමණ දුක් විඳ වද වේදනා එකිනෙකට විස්තර කොට එහි උපන් පව් කාරයන් පෙන්වා භයකොට දෙතිස් කුණභයෙන් සැඳ පිළිකුල් කටයුතු තම ශරිරයෙන් නියම ප්‍රයෝජන ලබාගත යුතු ක්‍රමය පෙන්වා දිව්‍ය ලෝකවල ඉපදීමට මාර්ගය දක්වා රජ්ජුරුවන් සතුටු කරවූහ. තවද කාරණ කියන්නාහු මහ බෝසතාණෝ

“ආචික්ඛ මේ නාරද සුද්ධි මග්ගං

යථා අහං නො නිරයං පතෙය්‍යං”

මෙසේ මහ රජ්ජුරුවෙනි, මම තොපට අනේක ප්‍රකාරයෙන් මෙළොව පරලොව පෙන්වා කාරණා දැක්වුයෙමි. තෙැන් පටන් සියළු පාපයන් දුරුකොට කල්‍යාණ මිත්‍රයන් සේවනය කොට දශරාජ ධර්මයෙන් රාජ්‍යය කිරීමෙන් අප්‍රමාදව වාසය කරවයි කියා රජ්ජුරුවන්ට අවාද කොට සියල්ලවුන් බල බලා සිටියදී මහත් සෘඬි භාවයෙන් බ්‍රහ්ම ලෝකයට ගියාය.

එසමයෙහි අලාත සේනාපති නම් දැන් දෙවිදත් තෙරුන්ය. රුජා රාජකුමාරිකාව නම් ආනන්ද ස්ථවිරයොය. පාප දෘෂ්ටියෙන් අඬගානි රජ්ජුරුවෝ නම් උරුවෙල කාශ්‍යප ස්තවිරයෝය. මහා නාරද බ්‍රාහ්මණ වූයේ බුදුරජාණන් වහන්සේය.