මුල් පිටුව 51 සිට 100 දක්වා 96 තෙල පත්ත ජාතකය

96 තෙල පත්ත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක්සමයෙක්හි කරුණාවට වාසසථානවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ සුමභ නම් රට දෙසක නම් නියම්ගම් නිසා එක්තරා වන ප්‍රදේශයෙක්හි වාසය කරණ සේක්. මේ ජාතකය ජනපදකල්‍යාණි සූත්‍ර දේශනා අරභයා වදාළසේක.

හේ කෙසේදැයි යතහොත්

එක්සමයෙක්හි භික්‍ෂූන්වහන්සේ කර්‍මසථාන දෙවා වදාරා උපමාවක් දක්වා භික්‍ෂූන්වහන්සේට අප්‍රමාදව මහණ දම් පුරවයි අවවාද කරණ බුදුහු මෙසේ වදාරණ සේක. මහණෙනි ජනපදකල්‍යාණි නම් උතුම්වූ රූදන්නාවූ තමා උන් දනව්වට කල්‍යාණවූ එක් ස්ත්‍රියෙක, කෙසකල්‍යාණය, මාංස කල්‍යාණය, අටේකල්‍යාණය, ඡවිකල්‍යාණය, වයකල්‍යාණය යන පඤච කල්‍යාණයෙන් යුක්තය. තවද ඒ් නාටක සත්‍රී තොමෝ උතුම්වූ රූපයෙන්ද උතුම්වූ කෘත්‍යයෙන්ද උතුම්වූ ගීතයෙන්ද උතුම්වූ වැයීමෙන්ද බොහෝ ජනයාට සිත්කළුවන්නීය, එබඳුවූ නාටක සත්‍රිය ඒ නෘත්‍යමණ්ඩලයට බැස නෘත්‍ය ගීත වාiාදිය පවත්වන්ට පටන්ගත් කල්හි බොහෝ ගම් නියම්ගම් රාජධානියෙහි මනුෂ්‍යයෝ ඇගේ රූපය දකූම්හ. මධුර ශබ්දය අසම්හ, නෘත්‍ය ගීත වාද්‍යාදිය දකුම්හයි බොහෝ දෙනා රැස් වන්නාහු වෙද්ද මහණෙනි යම්සේ රජ්ජුරුකෙණෙක් සිරගෙයි උන් පුරුෂයෙකු ගෙන්වාගෙණ මෝවිටි ගසා පිරුණ තෙල් පාත්‍රයක් ඔහු අතටදී එම්බල පුරුෂය තාගේ ජීවිතයෙහි අපේක්ෂා ඇත්තෙහි වීන්ම් මේ තෙල් පිරුණාවූ තෙල් පාත්‍රය දෑතින් ඔසවාගෙණ තෙල් බින්දුවක් විවරත් බිම නොවගුරුවා ඇලී නොගස්වා බිම නොහෙලා ජනපදකල්‍යාණි නම්වූ තෙල නාටකසත්‍රිය නටන්නාවූ රඟමණ්ඩල මඞ්‍යයෙන් නෘත්‍ය ගීතාදීන් නොබලා නොඅසා බොහෝ ජනයාගේ ඇඟත් නොපැහැර පලා ගියේ වීනම් තාගේ ජීවිතය ලබන්නේ යයි නියෝග කොට රජ්ජුරුවන් නැවත අනික්පුරුෂයෙකු ගෙන්වා තියුණු මුවහත් ඇති කඩුවක් ඔහු අතටදී තෙල් පාත්‍රය ගෙන යන පුරුෂයා තෙමේ තෙලෙන් බින්දුවක් වගුරුවා හෝනම් වේවයි නියෝග කළේවීනම් නියෝග ඇසූ පුරුෂ තෙමේ තෙල් පාත්‍රය ගෙණ යන පුරුෂයා පෙරටුකොට ඔහු භයගන්වමින් තැතිගන්වමින් පසුපස්සෙහිලා යනුවෙද තෙල් පාත්‍රය ගෙණ යන්නාවූ පුරුෂයාද තමන්ගේ ජීවිත ආසාවෙන් පිරූ තෙල් පාත්‍රයෙන් තෙල් පොදකුත් බිම නොවගුරුවා ඇලිත් නොගස්වා බිම නොහෙලා ජනපදකල්‍යණි නම්වූ නාටකසත්‍රිය නටන්නාවූ බොහෝ දෙනා රැස්ව රඟමඩුල්ල මඞ්‍යයෙන් ගැලවී පලා ගියේ නම් ඒ බැරිදෙයක් නොවෙයි, කුමක් නිසා දැයි යතහොත් කඩුගත් අත් ඇති පුරුෂයෙකු ඔහු පසුපස්සෙහි භයගන්වමින් ගියසෙයිනි, එම්බා මහණෙනි, මාගේ ශාසනයෙහි කමටහන් ඇරගෙණ මහණ දම් පුරන්නාවූ යොගාවචරයා විසින් ජීවිත ආසාවෙන් තෙල් පාත්‍රය නොවගුරුවා ගෙණ යන පුරුෂයා පරිද්දෙන් රූප ශබ්ද ගන්ධ රස ප්‍රෂටව්‍යයෙහි අලග්නව මහණ දම් පිරියයුතුයයි මෙසේ ජනපදකල්‍යාණි නම් එබඳු නාටකසත්‍රිය නටන රඟමඩුල්ල මඞ්‍යයෙන් යම් පුරුෂයෙක් පිරුණ තෙල් පාත්‍රයක් නෙහෛලා නොවගුරුවා ඉඳින් ගෙණ ගියේ වීනම් සවාමීනි ඉතා ආශව්‍ර්‍යය වන්නේ යයි වදාළසේක. එසේ වදාළ භික්ෂූන් වහන්සේට සර්‍වඥයන් වහන්සේ වදාරණසේක්. එම්බා මහණෙනි, ඒ ආශවය්‍ර්‍ය නොවෙයි පුරාතනයෙහි නුවනැත්තෝ තමන්ගේ අප්‍රමාද සිහිය හේතුකොට ගෙණ අමනුෂ්‍යයන් විසින් නිර්මිත කරණලද දිව්‍යරූපයෙහිද ඉඳුරන් බිඳ ඇස් දල්වා බැලීම මාත්‍රාවකුත් නොකොට අමනුෂ්‍ය පරිගෘහිතවූ ස්ථානයෙන් ගැලවී ගෙණ ගොසින් රාජශ්‍රියට පැමිණියාහුය, එම්බා මහණෙනි, ඒ ආශවය්‍ර්‍යයයි ජාතකදේශනාවට මුඛමාත්‍රයක් දක්වා නිශ්හබ්දව වැඩහුන්සේක. එකල්හි ඒ භික්ෂූන් වහන්සේ විසින් ආරාධිතවූ සර්‍වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහමදතත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යයකරණ සමයෙහි පුරණලද පාරමිතා ඇති අප මහබෝසතානෝ ඒ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන්ගේ පුත්‍රයන් සියක්දෙනා අතුරෙන් හැමටම බාලව ඉපිද අනුක්‍රමයෙන් විඥබවට පැමිණියේය. එකල්හි රජ්ජුරුවන්ගේ රජගෙයි පසේබුදුවරයන් වහන්සේ නිබඳ වළඳනසේක. බෝධිසත්වයෝ පසේබුදුවරයන් වහන්සේට වතාවත් කරන්නාහ. එක්දවසක් බෝධිසත්වයෝ මාගේ මල්බෑයෝ බොහෝය. මේ නුවර කුලසන්තක වූ රාජ්ජය ලබම්දෝ හෝයි නොලබම්දෝහෝයි සිතූහ, ඉක්බිත්තෙන් ඔහුට පසේබුදුවරයන්වහන්සේ අතින් විචාරා නියම දනිමි, මෙසේ සිතිවිල්ලෙක්විය, ඒ මහබෝසතානෝ දෙවෙනි දවස් පසේබුදුවරයන්වහන්සේ වැඩිකල්හි ඩබරාව හැරගෙණ පැන් පෙරා ගෙණවුත් පය සෝදා තෙල් ගල්වා ඉක්බිත්තෙන් පසේබුදුරජානන්වහන්සේ අනතරඛජජකය වළඳවා වැඩහුන් කල්හි වැඳ එකත්පස්ව උන්නාහුය, සවාමීනි මාගේ බොහෝ මල්බෑයෝ ඇත්තාහ, කුලසනතකවූ රාජ්‍යයට මම පැමිණෙම්දෝහෝයි කියා විචාළාහුය, ඉක්බිත්තෙන් පසේබුදුරජානන්වහන්සේ වදාරණ සේක්. කුමාරයෙනි තෙපි මෙනුවර ඉඳ රාජ්‍යය ලබන්නාහු නොවෙත්. මීට එක්සියවිසියොත් නකින් මත්තෙහි ගන්ධාර රට තක්සලා නුවරෙක් ඇත්තේය, ඒ නුවරට යන්ට සමත්‍ර්‍ඵ වූ තෙපි මෙයත් සත්වන දවස් රාජ්‍යය ලබහු, අතරමගවූ මහමාවතක් ඇත. වනයෙහි උපද්‍රවයෙක් ඇත, ඒ වනය ඉකුත්කොට යන්නාහට යොදුන් සියයක් පමණ මාර්ගය වන්නේය, එල්ලයට යතොත් පණස්යොදුනක, ඒ මාර්ගය වනාහි අමනුෂ්‍යකානතාරනම්, එහි යක්ෂනීහු අතරමග ගම්නියම්ගම් සාලාවන් මත්තෙහි එල්වන ලද රන්තරු රිදීතරුයෙන් විසිතුරු වියන් ඇති මහයහන්පණවා රන් නිල් ඇගෑයෙන් නොයෙක් පැහැ ඇති පටකඩතිර වටකොට ඇඳ දිව්‍යා භරණයෙන් ආත්මභාවය සරසා ශාලාවෙහි හිඳ යන එන්නාවූ පුරුෂයන් මිහිරිවූ වචනයෙන් පොළඹවා ගෙණ මිහිරි ගී කියා ස්වරූප ඇත්තව මෙතන ඇවිත් හිඳ පැන්බීපියවයි කැඳවා සමීපයට පැමිණියාවූ පුරුෂයන්ට අසුන් පණවාදී තමන්ගේ රූපසොභාවෙන් හා හාව භාවලීලා කටාක්ෂමන් දස්මිතයෙන් පොළඹවා කෙලශ වසඟකොට තණහා ව්‍යතික්‍රම කළ කල්හි එතනදීම ලේ වගුරුව වගුරුවා කා ජීවිතක්ෂයට පමුණුවන්නාහ, රූපයෙහි ඇළුම් ඇති සත්වයා රූපයේ සිත්ගන්නාහ. ශබ්දයෙහි ඇළුම් ඇති සත්වයා මිහිරිවූ ශබ්දයෙන් සිත්ගන්නාහ, ගන්ධයෙහි ඇළුම් ඇති සත්වයා දිව්‍යගන්ධයෙහි පොළඹවන්නාහ, රසවිසයකොට ඇති සත්වයා දිව්‍යමයවූ නොයෙක් අග්‍රරසභොජනයෙන් පොළඹවන්නාහ, ස්පර්ශයෙහි ඇළුම් ඇති සත්වයා ඉස්දොර පාමුල ලනලද රංකන්වයින් ඇති මනාවූ ඇතිරිලි අතුරණලද දිවයනනින් පොළඹවන්නාහ, ඉන්ද්‍රියන් බිඳ ඒ යක්ෂනීන් නොබලා සිහි එලවාගෙණ ගියේවීනම් ඒ තක්සලා නුවර රජජ්ය ලබන්නවාදැයි පසේබුදුරජානන්වහන්සේ වදාළසේක, බෝධිසත්වයෝ ස්වාමීනි වන්නාටය. නුඹවහන්සේ අවවාද ගෙණයන්නාවූ මම යක්‍ෂනීන් කුමක් නිසා ඉන්ද්‍රියයන් බිඳ බලම්දැයි කියා ප්‍රතිඥාදී පසේබුදුවරයන් වහන්සේ ලවා පිරිත් කරවා පිරිත්වැලි හා පිරිත්හුය ගෙන පසේබුදුවරයන් වහන්සේ හා දෙමව්පියන් වැඳ තමන්ගේ මාලිගාවට ගොස් තමන්ගේ සේවකයන්ට කියන්නාහු. මම තක්සලා නුවර රාජ්ජය ගන්ටයමි තෙපි සිටුවයි කීහ, එසඳ පස්දෙනෙක් අපිත් නුඹවහන්සේ හා සමග එම්හයි කීහ. බෝධිසත්වයෝ තොප විසින් එබඳුව යන්ට නොපිළිවන. අතරමග යක්ෂනීහු රූපාදියෙහි ඇළුම් ඇතිවම මනුෂ්‍යයින් එබඳු රූප ශබ්දාදියෙන් පොළඹවා ගණිති, මහත්වූ උපද්‍රව ඇත. මමවූකලී මාගේ සමත්‍ර්‍ඵත්‍වය සිතාලායෙමි කිවූය, කීමෙක්ද දේවයන්වහන්ස අප නුඹවහන්සේ හා සමඟ යන්නමෝ අපට ප්‍රිය රූපයක් බලමෝද අපි නුඹවහන්සේ මෙන් ධෛය්‍ර්‍යමත්ව යම්හයි කිවූය, බෝධිසත්වයෝ එසේවීනම් අප්‍රමාදවයි කියා ඒ් පස්දෙනා ගෙණ මාර්ගයට පිළිපන්හ.

ඒ යක්ෂනීහු ග්‍රාමාදීන් මවාහුන්හ. ඒ පුරුෂයන් පස්දෙනා අතුරෙන් රූපයෙහි ඇලුම් ඇති, පුරුෂයා බලා රූපාලම්බන ප්‍රීතිබඬව මදක් පසු බැසෙන්ටවන, බෝධිසත්වයෝ කිමෙක්ද පින්වත මදක් පසුගැසුනේ ඇයිදැයි කීහ. එසඳ ඒ පුරුෂයා කියන්නේ දේවයන්වහන්ස මාගේ පා රිදෙයි මදක් ශාලාවේ හිඳ එමි කීය, බෝධිසත්වයෝ එම්බල පුරුෂය මොහු යක්ෂනීය මොවුන් ප්‍රාර්ථනා නොකරවයි කිවූය, ඒ පුරුෂයා වන්නාට කුමක් වේවයි දුටුදෙයක් දකිමි දේවයන්වහන්ස නොයායෙමි කීය, බෝධිසත්වයෝ එසේ වීනම් තාගේ නොකීකරුකමින් වනදෙය තෝ මාදක්නේ වේදැයි කියා අන්පුරුෂයන් සතරදෙනා ගෙණගියාහ, ඒ රූපයෙහි ඇළුම් ඇති පුරුෂයාත් යක්ෂනීන් සමීපයට ගියේය. ඔහු තමන් හා සමග ව්‍යතීක්‍රමණය කළ කල්හි ඒ පුරුෂයා එතනදීම ජීවිතක්ෂයට පමුණුවා ඉදිරි ඉදිරියෙහි ගොස් අනික් සාලාවක්මවා ආතත විතතාදීවූ නොයෙක් තූර්ය භාණ්ඩයන්ගෙන් ගෙණ ගී කියා උන්හ. එතැන්හිදී ශබ්දයෙහි ඇළුම් ඇති පුරුෂයා රදා ගියේය, ඔහුත් අනුභවකොට ඉදිරියේ අනෙකප්‍රකාර සුවඳ කරඬුපුරා සල්පිල් හදාගෙණ සිටියාහුය, එතැන්හි ගන්ධයෙහි ඇළුම් ඇති පුරුෂයා රැඳුනේය. ඔහුත් අනුභවකොට ඉදිරියේ ගොස් නොයෙක් අග්‍ර රස ඇති දිව්‍ය භෝජනය පුරාගෙණ බතිනි. අඟානිය සදාගෙණ උන්හ, එතැන්හි රසයෙහි ගිජුවූ පුරුෂයා රැඳුනේය. ඔහු අනුභව කොට ඉදිරියෙහි ගොස් අනේක ප්‍රකාර දිවයහන් පනවා උන්හ, එතැන්හි ප්‍රෂටව්‍යයෙහි ලොල්වූ පුරුෂයා රැඳුනේය, ඔහුත් අනුභව කළහ, බෝධිසත්වයේ උදාකළාවූය ඉක්බිත්තෙන් ඒ යක්ෂනී සිතන්නී ඒකාන්තයෙන් මේ පුරුෂයා ඉතාම මෘදුය, මම මොහු කාවත් නොරඳිමි බෝධිසත්වයන් පසුපස්සෙහි ගියාය. වනකර්මාන්ත නිසා දඬුපත කපන්ට ගිය සත්වයෝ යක්ෂනිය දැක තී ඉදිරියෙහි යන්නා වූ මේ පුරුෂයා තිට කවරෙක්වේදැයි විචාළාහ, ස්වාමි දරුවෙනි මා බාල අවස්ථාවෙහි පටන් වල්ලභ වූ පුරුෂයානෝ යයි කිව, එසඳ පුරුෂයෝ පින්වත මෙබඳුවූ සිව්මැලි මල්දමක්සේ රන්වන් කුමාරිකාව තමාගේ දෙමව්පියන්වත්වූ පසුපස්සෙහි නික්මයෙහි කුමක්නිසා තොපි මෑ නොමිරිකා ඇරගෙණ නොයව්දැයි කීහ. එසඳ බෝධිසත්වයෝ එම්බා පින්වත්නි මෝතොමෝ මාගේ ස්ත්‍රියක් නොවෙයි යක්ෂනීය, මෝ මාගේ මනුෂ්‍යයන් පස්දෙනෙකු අනුභවකොටපුවයි කිවූය, බෝධිසත්වයෝ මෙසේ කීය, රුදු යක්ෂනී කියන්නී පින්වත්නි පුරුෂයෝ නම් කිපිකල තමන්ගේ ස්ත්‍රීන් යක්ෂණීන් හා ප්‍රේතදූන් හා සදාශකෙරෙති කියා යමින්සිටම ගර්භණී ස්වරූපයක් දක්වා නැවත එක්දරුකෙණෙකුන් ලත් රූපයක් දක්වා පුතෙකු ඇකයෙන් වඩාගෙණ බෝධිසත්වයන් පසුපස්සෙහි නික්මුණාදුටු මනුෂ්‍යයෝ පළමුසේ විචාරති, බෝධිසත්වයෝ ඈ යකින්නී නියාව කිය කියා ගොස් තක්සලානුවරට පැමිණියාහ.

ඒ යක්ෂණී පුතු අනතර්‍ඩාකොට තනියම පසුපස්සෙහි ගියාහ. බෝධිසත්වයෝ මෙනුවර වාසල්දොරට පැමිණ එක්ශාලාවක උන්නාහ, යක්ෂණී බෝධිසත්වයන්ගේ තේජසින් ඇතුළට වදින්ට අසමත්ව දිව්‍යරූප මවාගෙණ ශාලාවාරයෙහි සිටියාහ. එකෙණෙහි තක්සලා නුවරින් කොසොල්රජ්ජුරුවෝ උයනට යනතැනැත්තෝ ඈ දැක පිළිබඳ සිත් ඇතිව දරුව මෑ අස්වාමික නියාව දැක හෙණ එවයි කියා පුරුෂයෙකු යවූහ. ඒ පුරුෂයා ඈ කරා පැමිණ සස්වාමිකදැයි විචාළේය. යකින්නී කියන්නී එසේය පුරුෂයානෙනි මේ ශාලාවේ ඉන්නා පුරුෂයානෝ නම් මට බාල අවස්ථාවෙහි පටන් බත් පිළිදී ස්වාමීව සිටි තැනැත්තෝයයි කීය, බෝධිසත්වයෝ එසඳ කියන්නාහු මෝතොමෝ මාගේ සත්‍රියක් නොවෙයි මෑ යක්ෂණිය මෑ විසින් මාගේ මනුෂ්‍යයෝ පස්දෙනෙක් අනුභවකොට පියනලදහයි කිවූය, යක්ෂණී කියන්නී ස්වාමිපුරුෂයෝ නම් පින්වත කිපි කල යමක් මුඛාවේසවීනම් එම කියති කිව මෙහෙවරගිය පුරුෂයා දෙදෙනාගේ බස් අසා රජ්ජුරුවන්ට ගොස් කීය. රජ්ජුරුවෝ අස්වාමිකභාණ්ඩයනම් රජ්ජුරුවන් සන්තකයයි කියා යක්ෂණිය කැඳවා ගෙන්වාගෙණ ඇතුපිට තබා නුවර පැදකුණු කොට ප්‍රසාදයට නැඟී ඈ අගමෙහෙසුන් තනතුරෙහි තිබූහ. ඒ රජ්ජුරුවෝ ඉස් සෝදා නහා සුවඳවිලවුන් ගන්වා සවස මෙහෙනිමවා ශ්‍රීයහන් මසතකයට නැගී සැතපුනේය, ඒ යක්ෂණී තමන්ට සුදුසු ආහාරයක් අනුභවකොට ස්වර්ණාභරණයෙන් සැරහී සුවඳ විලවුන් ගන්වා ශ්‍රීයහන් මසතකයෙහි රජ්ජුරුවන් හා සමඟ වැදහෙව රජ්ජුරුවන් රතීසවයෙන් සැපවිඳ සැතපුනු කල්හි එක් ඇලයකට පෙරලී ඇඬූය,

එසඳ රජ්ජුරුවෝ ඈට සොඳුර තෝ කුමක් පිණිස අඬන්නෙහිදැයි විචාළහ, දේවයන්වහන්ස මම නුඹවහන්සේ විසින් මගදී දැකගෙණ එනලද්දෙමි, නුඹවහන්සේගේ අනතඃපුරයෙහි බොහෝ ස්ත්‍රීහු ඇත. මාවූකලී සමපතිතීන්යන් අකොප්‍යව දැහැමෙන් රාජ්‍යය කෙරෙමින් දානාදීවූ පින්කම් කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහ. ශාසතෘවූ බුදුරජානන්වහන්සේ මේ අතිතකථාව ගෙණහැරදක්වා වදාරා භික්ෂූන් වහන්සේට අවවාද වදාරණසේක්. මෙසේ වදාළසේකි. මහණෙනි ඇතුළුවූ මුවවිට රේඛාවසමව පිරුණාවූ තෙල් බින්දුවකුත් නොවගුරුවා යම්සේ පුරුෂයෙක් ගෙණගියේද එපරිද්දෙන්ම තමාගේ සිත කායගතා සතියෙහි බහා යම්සේ පුරුෂයෙක් ගෙණගියේද එපරිද්දෙන්ම තමාගේ සිත කායගතා සතියෙහි බහා යම්සේ ඇසිල්ලකුත් බහිඬාලඹනයෙහි වික්‍ෂෙපයට නොපැමිණේනම් එපරිද්දෙන්ම නුවනැත්තාවූ යෝගාවචරතෙමේ ස්වකීයවූවිතතය රක්නේය, කුමක් පිණිසදයත්? අනවරාග්‍ර සංසාරයෙහි කිසි බාල පෘථජජන කෙනෙකුන් විසින් සවප්නයෙනුත් නොගියවරූ නිර්වාන නැමැති දයාව ප්‍රාර්ථනා කරන්නාහු විසින් කර්මස්ථානයෙහි ඇමවේලෙහිම අභ්‍යාසකටයුතුද එසේහෙයින් යම් පුද්ගලයෙක් නිවන් දකිනා කැමැත්තේවීනම් ඒ සත්‍වයා විසින් තෙල් පාත්‍රය ගෙනයන්නාවූ සත්වයා හැමවේලෙහිම සිහිඇතිව තෙල්බින්දුවකුත් නොවගුරුවා ගෙනයන්නාක් මෙන් හැමවේලෙහිම කායගතාසති කර්‍මස්ථානයෙන් යුක්තව නානා ලම්බනයෙහි සිත යා නොදී චිත්තෙකාග්‍රතාකොට තමාගේ සිතරැක අමෘත මහානිර්‍වාණය ක්‍ෂාත් ක්‍ෂාත් කටයුත්තේයයි මෙසේ ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ නිර්‍වාණධර්‍මයෙන් දේශනාව කුළුගන්වා මේ තෙලපත්ත ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි රජපිරිසනම් දැන් බුදුපිරිසය, එසමයෙහි රාජ්‍යයට පැමිණියාවූ කුමාරයෝනම් තිලෝගුරු සම්මාසම්බුදුරජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.