89 කුහක ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක් සමයෙක්හි තුන් ලොවට චිතතාමාණික්‍යයක් බඳුවූ අප තිලෝගුරු බුදුරජානන්වහන්සේ සැවැත් නුවර නිසා ජෙතවන මහවිහාරයෙහි වැඩවසනසේක් කොහොන් තපස් රකීනාවූ එක්තරා භික්‍ෂුන්වහන්සේ කෙණෙක් අරභයා මේ ජාතකය වදාළසේක. මෙහිලා කුහක වස්තුව උද්දාළ ජාතකයෙහි කියනලද්ද හා සමාන වන්නේය.

හේ කෙසේදැයි යතහොත්

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණකල්හි එක්තරා කුඩාගමක් නිසා කොහොන්තපස් රකිනා එක්තරා ජටාධර තාපසයෙක් වසන්නේය, එක්තරා කෙළෙඹි පුත්‍රයෙක්ද ඔහු කෙරේ ප්‍රසන්නව වනයෙහි ඕහටපන්සලක්කරවාදී මධුරවූ අන්නපානාදියෙන් නිරන්තරයෙන් උපසථානකරන්නේය, එකල්හි ඒ කෙළෙඹි පුත්‍රයා ඔහු කෙරෙහි පන්සලට ගෙණගොස් එක්තැනක නිධානකොට ස්වාමීනි මේ බැළුව මැනවයි කියා තාපසයන්ට භාරකොට ගියේය, එකල්හි තාපසයෝ තුමු උපාසකයෙනි භණඩපටිසාමනම් තපස්චීවරයන්ට කැප සරුප් නොවන්නේය. අනුන්සනතක වසතුවෙහි අපට තමාලත් ලාභය නූපදින්නේයයි කීහ. කෙළෙඹි පුත්‍රයාද යහපත සවාමීනියි තාපසයන්ගේ ගුණයට ප්‍රසංශා කොට ඔහුගේ බස් අදහාගෙණ නැගී ගියේයි, දුෂ්ට තාපසයෝද මෙපමණ වසතුවක් ලදහොත් රැකීම්ගතහැක්නැයි සිතා කීපදවසක් ඉක්මවාලා ඒ නිධානකොට තුබූ වසතු අරගෙණ අතරමග එක්තරා සථානයෙක්හි තබා නැවත අවුත් තමා වසන්නාවූ පන්සලම වාසයකොට දෙවෙන දවස් කෙළෙඹි පුත්‍රයගේ ගෙයි ආහාර කෘත්‍යය සපයා මෙසේ කීහ. උපාසකයෙනි තොපනියා අපි බොහෝ දවසක් මෙහි වාසයකළෝවම්හ, එසේ හෙයින් බොහෝ දවසක් නික්මුනෝය, එකතැන බොහෝකලක්වසන්නාවූ තපස්විවරයන්ට මනුෂ්‍යයන් හා සංසර්‍ග දෝෂ වන්නේය, ඒ සංසර්‍ගයවූකලී තපස්විවරයන්ට කිළුවක් හා සමානය, එබැවින් උපාසකයෙනි අපි අන්‍ය සථානයකට යම්හයි කීයේය.

එකල්හි කෙළෙඹි පුත්‍රයා විසින් සවාමීනි කිසිවකින් ප්‍රයෝජනයෙක් ඇත්නම් මට වදාළමැනව නොවැඩියමැනවැයි කියා වලකන ලද්දාවූ තාපසතෙම උපාසකයන්ගේ බස් නොපිළිගත්තේය, කෙළෙඹි පුත්‍රයාද සවාමීනි නොනවත්ව වඩනාබැවින් ගොසින් වහ වහා වැඩියමැනවැයි කියා ගම් දොර දක්වා පසුගමන්කොට ගොසින් වැලැක්කේය, ජටාධර තාපසයෝද මේ කෙළෙඹි පුත්‍රයාට වංචාවක් කෙළෙම්නම් යහපතයැයි සිතා ජටා අතුරෙහි තණපතක් තබාගෙණ ගොසින්ලා නැවත වැලැක්කාහුය, ඉක්බිති කෙළෙඹි පුත්‍රයාද ජටාධරයන් දැක කීමෙක්ද සවාමීනි ගිය ඇසිල්ලෙහිම වැඩිසේක්මැයි විචාළේය. උපාසකයෙනි තොපගේගෙන් පිටත්වෙන වේලෙහි අපගේ මේ ජටාවෙහිතණ පතක් වැදගණ රැඳීගියේය. එසේහෙයින් අදතතා දානයනම් තපස්විවරයන්ට නොවටනේය, ඒ තණපත ඇරගෙණ තොපගේ ගෙයි ලාපියන පිණිස ආමිකියා කීයේය, කෙළෙඹි පුත්‍රයාද සවාමීනි මෙවිතරකින් නුඹවහන්සේට කවර දෝෂයෙක්ද ඒ ඇර දමාපියා වැඩියමැනවැයි කියා අනේ මාගේ තාපසයෝ ඉතා කුකුස්පර කෙණෙක අනුන්සනතක වසතුවකිනුත් තණපතක් විවරකුත් ඇරගන්ට සිතකෙණෙක් නෙවෙති කියා තාපසයන්ගේ ගුණෙහි අතිශයින් ප්‍රසන්නව වැඳලා වැඩිය මැනවැයි සවාමීනි කීයේය, එකල්හි බඩු නිසා පසල්දනව්වටයන්නාවූ බොධිසත්‍වයන් විසින් එමගෙයි නවාතැන් ගන්නාලද්දේවිය, කෙළෙඹි පුත්‍රයා අතින් තාපසයන්ගේ බස් බොධිසත්‍වයෝ අසාලාම ඒකානතයෙනම මේ දුෂ්ටතාපසයන් විසින් මේ අඥාන කෙළෙඹි පුත්‍රයාගේ යම් කිසි ධනයෙන් වංචාවෙන් හැරගත්තේ වනැයි අනුමාණයෙන් සිතා කෙළෙඹි පුත්‍රයා අතින් බොධිසත්‍වයෝ විචාරන්නෝය සැබෑද මේ තාපසයන් කෙරෙහි තොප තුබූ වසතුවෙක් ඇද්දැයි විචාළෝය. සැබව යන්තම් වසතුවක් තිබීම් කීහ. කොපමණ ධණයෙක්දැයි විචාළකල්හි සබඳ රත්රණින් මැණික් සියයක් පමණයයි කීය. එසේවීනම් ගොසින් පන්සල තුබූ වසතුව ඇත්ත නැත්ත බලවයි කියා කීයේය. කෙළෙඹිපුත්‍රයා ගොසින් තමා තුබූ ධනය පරීක්‍ෂාකොට සබඳ මා තුබූ තැන්හි නුදුටුම් කීහ. බොධිසත්‍වයෝකියන්නෝ යහළු තා තබාළූ වසතුව ඇරගත් කෙණෙක් නැත. ඒ සොරතව්සා විසින් ඇරගන්නාලද වන්නේය, වරෝ දෙදෙනම අපි ගොසින් ඔහු අල්වාගෙණ ඌ අත තුබූ වසතුව ඇරගණුම්හයි කියා කීහ. යහපතැයි දෙදෙනම එක්ව ඔහුකරා දිව ගෙණ ගොස් සොරකම්කළ තාපසයන් අල්වාගෙණ අතින් පයින් තළා මරා ගහටකොට ජටාධරයා අතතුබූ වසතුව ඇරගත්තාහුය. බොධිසත්‍වයෝද ඒ මැනික් සියයක රත්රන් දැක මෙතෙක් වසතුවෙහි කුකුස්නොකළ තොපි ජටාවෙහි වැදගත් තණපතෙහි කෙසේ කුකුස්දැයි නින්දාකොට එම්බල අඥානය මෙතැන්පටන්ගෙණ එබන්දක් නොකරවයි අවවාදකොට දිවිපමණින් දානාදී පින්කම්කෙරෙමින් තමන් කම්වූ පරිද්දෙන් මිය පරළොව ගියාහ. ශාසතෘවූ බුදුරජානන්වහන්සේ මේ ධර්‍මදේශනාව ගෙණහැරදක්වා වදාරා මේ ජාතකය පූර්‍වාපරසන්‍ධිගළපා නිමවා වදාළසේක.

එසමයෙහි කූටකජටාධරයානම් මේ කොහොන් තපස් රකීනා භික්‍ෂුහුය. එසමයෙහි ප්‍රඥසම්පනතවූ සිටුපුත්‍රයානම් දැන් සර්‍වඥපදප්‍රාප්තවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.