මුල් පිටුව 101 සිට 150 දක්වා 120 නගුලිස ජාතකය

120 නගුලිස ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සර්‍වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි කාළුදායි තෙරුන්වහන්සේ උපාසකවරුන්ට බණ වදාරා ප්‍රස්තාව බලා වදාරන්ට නොදන්නා විසින් මඟුල් පැමණි තැනදී බණ වදාරන්ට ආරාධනා කළ කල අවමඟුලට සුදුසු බණ වදාරණ සේක. අවමංගල්‍ය ස්ථානයකදී බණ වදාරන්ට ආරාධනා කළ කල්හි මංගල සූත්‍රාදී බණ වදාරණ සේක. මේවූනියාවෙන් ප්‍රසථාවට නොනිසිකොට කාළුදායි තෙරුන්වහන්සේ බණ වදාරණ නියාව දම්සභාමණ්ඩපයෙහි රැස්ව උන්නාවූ සංඝයා වහන්සේ කිය කියා උන් සේක. එතනට බුදුරජානන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්‍වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුම්දැයි විචාරා වදාළ කල්හි කාළුදායි තෙරුන්වහන්සේගේ නුවණ මද නියාව කිය කියා උනුමහයි දැන්වූහ. මහණෙනි දැනමතු නොවෙයි පළමුත් නුවණ නැත්තෝම වේදැයි වදාරා ආරාධිත වූ බුදුරජානන්වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේ්ක.

ඒ කෙසේ ද යත්

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ දිසාපාමොක් ආචාරීව සියළු මනුෂ්‍යයන්ට සිල්ප දෙමින් වාසය කරන්නාහ. එසමයෙහි පොහොසත් කෙණෙක් ශාස්ත්‍ර උගන්නාහ. දුඃඛිත කෙනෙක් බැලමෙහෙකොට ශාස්ත්‍ර උගන්නාහ. එසමයෙහි නුවණ නැති දුඃඛිත පුරුෂයෙක් දිසාපාමොක් ආචාරීනට බැලමෙහෙකොට ශාස්ත්‍ර උගන්නේය. ඒ තෙම එක්දවසක් ආචාරීන්ගේ පය මැඩ මැඩ උන්කල්හි ආචාරීන් පාමුල් කකුල් දෙක රුකුල්ලවයි කියන්නා යහපතැයි කියා එක පයකට පත්ලා අනික් පයට රුකුල් නැත්තෙන් තමාගේ කලවය මත්තේ ඇඳකකුල තබා තුන්යම් රාත්‍රියෙහි ඉඳ පාන්කෙළේය. උදාසනක්සේ ආචාරීන් නැගීසිට උන්ලෙස බලා කම්පාවූවාහු වාලක් පරිද්දෙන් මෙබඳු දුක් ගෙණෙත් ශාස්ත්‍රයක් ඉගෙණ ගතනොහෙයි, එසේහෙයින් පණ්ඩිත කරවාගන්ට උවමැනවැයි සිතා මූ අතින් දවස්පතා දුටු දුටු දෙය තමන්වහන්සේට සලස්වා එකීකල මීට උපමා කෙසේදැයි විචාරා කාරණා නොවරදවා උපමා කීපයක් නොවරදවා කී නම් නුවනැති කර ගණිමි සිතා ඔහු ලඟට කැඳවා තොප විසින් දර පළා ගෙණෙන්ට ගිය තැන දුටු දෙයක් ඇත්නම් කියවයි කීහ. එසඳ යහපතැයි කියා එක්දවසක් බැද්දට ගියේය. එක්තරා සර්පයෙකු දැක එපවත් ආචාරීන්ට කීහ. ආචාරී ඒ අසා සර්පයා කුමක්වැන්නදැයි විචාළහ. එවිට කියන්නේ නගුලිසක් වැන්නේයයි කීය. ඒ අසා ආචාරී සර්පයාත් දිගය නගුලිසත් දිගය එසේහෙයින් ඒ කාරණය සරියයි සතුටුවූහ. පසු දවසක් බැද්දට ගියේය. ඇතෙකු දැක අවුත් ආචාරීන්ට කීහ. ඒ ඇතුට උපමා කියවයි කියන්නා නගුලිසක් වැන්නැයි කීහ. ඒ අසා ආචාරී සොඞ උපමා කොට කීවනැයි සතුටුවූහ. පසු දවසක් උක්දණ්ඩක් ලදින් ඒ නියාව ආචාරීන්ට කීහ. ඊට උපමා කියවයි කියන්නා නගුලිසක් වැන්නැයි කීහ. එවිට ආචාරී උක්දණ්ඩත් දිගය නගුලිසත් දිගය ඒ කාරණයයි සිතූහ. පසුදවස් දන්දෙන ස්ථානයකට ගිය ගමනේදී කිරි හා සමග බත්ළූහ. ඒ බත්කා ඇවිත් ඒ සැටිය කීහ, එවිට ආචාරී තා කෑ කිරි හා බත් කුමක්වැන්නදැයි විචාළාහ. නගුලිසක් වැන්නයයි කීහ, ආචාරීන් විසින් පළමු කාරණා තුන්වන්නා සරිවේයයි මෙසේ සරිවේවයි සිතා කෙසේ උත්සාහ කළත් නුවණැත්තාහු ඇතිකරවාගන්ට බැරියයි කියා හළහයි වදාරා එසමයෙහි නුවනැති අතවැස්සා නම් කාළුසායි ස්ථවිරයෝය, දිසාපාමොක් ආචාරීව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි වදාරා නගුලිස ජාතකය නිමවා වදාළ සේක.