මුල් පිටුව 101 සිට 150 දක්වා 118 කුසනාලි ජාතකය

118 කුසනාලි ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
තවද එක්සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි අනේ පිඬුමහසිටාණන් මිත්‍රයෙකු නිසා මේ ජාතකය වදාරණ ලද යටකියන ලද කාලකන්නි ජාතකයෙහි කියන ලද ක්‍රමයෙන් මයයි දත යුතුයි.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධි සත්වයන් වහන්සේ මඟුල් උයන මඟුල් සල්ගස වන දේවතාවා හා සමග විශ්වාස වැලුප් පඳුරෙක වාසය කරණ සේක, එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ එක සතම්භ මහා මාලිගාවෙක වාසය කරණසේක, එසමයෙහි ටැඹ සෙලවෙන, ඒ රජ්ජුරුවෝ වඩු ආචාරීන් ගෙන්වා එක් සත් මහ මාලිගාවෙහි පළමු කප උදුරවා ඇර කපක් අමුතුව ඉඳුවයි කී විසින් ආචාරීවරු ගසක් බලා නොදැක උයනට ගොස් උයන මඟුල් සල් ගස මිසක් අනික් ගසක් නොදැක ඒ ගොසින් රජ්ජුරුවන් වහන්සේට කීහ. රජ්ජුරුවෝ එසේ උවත් කපා එව ඉඳුවයි කී විසින් වඩු ආචාරිවරු ගස ළඟට ගොස් බලි පූජා කොට සෙට ගස කපම්හයි කියා දේවතාවන් අනික් ගසකට පලායන්ට ආරාධනා කළහ. දේවතාවානෝත් තමන් ඉන්ට අනික් ගසක් නොදැක තමන්ගේ දරුමල්ලන් වැලඳ හඬන්ට වන්නාහ. එසමයෙහි දුක් සුව විචාරන්නට ආවාවූ වනදේවතාවෝත් අඬන්ට වන්හ. එසමයෙහි වැළුප් පඳුරෙහි වසන දේවතාවත් එතනට අවුත් අඬන කාරණා විචාරා ගසට සෝක නොකොට වදාළ මැනව. නුඹ වහන්සේගේ වෘක්ෂය මම ගලවමි කියා අස්වසා දෙවෙනි දවස් ගස කපන්ට වඩුවන් ආවේලා කටුසුවෙසක් මවා ගෙණ බල බලා සිටියදී ගස මුල් අස්සට වැදී අස්සෙන් යන්නාක් බඳුව ශාඛාග්‍රයෙන් පෙනුනාහ. එසේවූ අර තරවූ ගස බෝධිසත්වයන්ගේ උපායෙන් නිස්සාරත්වයට පැමිණියෝය, වඩුවෝත් ඒ දැක අරය ඇති ගසෙකැයි උනුම්හ. මෙසේ නිස්සාරවූ ගසින් කම් කීන්දැයි පළා ගියාහ. ඒ ගස වසන වනෂ්පතිවූ දේවතාවා තමාගේ උපවෙනෙහි දේවතාවන්ට කියන්නේ මම් මාගේ සාක්‍යව සිටත් මගේ ගස ගලවා ගන්නා උපාය නොදන්නෙමි වැලුප් වනයේ වසන දේවතාවා විසින් වෘක්ෂය රකිණා නුවන දන්නවනැයි එසේ හෙයින් ප්‍රඥාවන්තයන් විනා නීච උත්තමයන්ගෙන් කම් කීම්දැයි බණ කියා තමන් හා වැලුප් වනයේ දේවතාවානන් හා විස්වාස හිඳ කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහ. එසමයෙහි වන දේවතා නම් ආනන්ද ස්ථවිරයෝය. වැලුප් වනයේ දේවතාව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාරා මේ කුසනාලි ජාතකය නිමවා වදාළ සේක.