මුල් පිටුව 101 සිට 150 දක්වා 117 බන්‍ධන මොක්ඛ ජාතකය

117 බන්‍ධන මොක්ඛ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි චිඤචමානවිකාව නිසා මේ ජාතකය වදාරණ ලද එහි වර්තමාන කථාව වාදස නිපාතයෙහි මහාපදුම ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි ඒ රජ්ජුරුවන්ට ප්‍රියවූ බෝධිසත්වයන් වහන්සේ පුරෝහිතව උපන්සේක. ඒ රජහට පියව අගමෙහෙසුන් බිසෝ කෙනෙක් ඇත්තාහ. රජ්ජුරුවෝ ඒ බිසවුන් කෙරෙහි අධික වූ ප්‍රේම ඇතිහෙයින් තොප කැමති වරයක් ගණුවයි කියන්නා එවිට බිසව් කියන්නේ තෙල කුමක් අඩු හෙයින් ඉල්වම්ද අන්‍ය ස්ත්‍රියක රාග චිතතයෙන් නොබැලුවහොත් ඒ මට වරයයි කියන්නා රජ්ජුරුවන් වහන්සේ විසින් සොළොස් දහසක් පුරඞගනාවන්ද ඉන්දදී එබඳු වරයක් දෙන්ට බැරියයි කීව බිසවුන් තත්පරව නැවතත් ඉල්වන හෙයින් බිසවුන් බස ඉක්මවා යා නොහෙන රජ්ජුරුවන් වහන්සේ විසින් වැරදී එතැන් පටන් අන්‍ය ස්ත්‍රියක රාග මිශ්‍රව නොබලා දවස් යවන කල්හි පසල් ගමක සතුරන්ගෙන් භයක් පැමිණ ඒ රට උන් අමාත්‍යයා විසින් කීපවරෙක සටන් කොටත් ජය ගතනොහී එපවත් රජ්ජුරුවන්ට කියා යවීය, රජ්ජුරුවෝ ඒ අසා සිව්රඟ සෙනග රැස් කරවා සටනට නික්මෙමින් සිටි අග්‍රමෙහෙසිකා බිසවුන් ගෙන්වා සටන් නම් චපල භයක් පැමිණියක් ස්ත්‍රීන් ජාතිය හැරගෙණ වහා ගැළ වී ගත නොහැක්ක. එසේ හෙයින් තෙපි රඳවයි කියන්නා නොපිළිවන එමි කීය, තත්පරවත් රජ්ජුරුවන් විසින් රැඳුනුමනාමයයි කියන විසින් එසේවීනම් යොත්නෙන් යොත්නමා විචාරා එවන්ට උවමැනවැයි කියන්නා යහපතැයි කියා බිසවුන් රඳවා නුවර රැකවල් ලවා පුරෝහිත බමුණන්ට පාවාදී නික්ම යොත්තෙන් යොත්නය එකක නියායෙන් මෙහෙවරකරන්නන් ආකළ තොපි ආවෝ ඇයිදැයි බිසව විචාරා සුවදුක් විචාරන්ට ආම්හයි කියන්නා එසේවීනම් මෙසේ එවයි කියා උන් හා සමග ලොකසවාදරතියෙන් යෙදී යවන්නාහ, මෙම නියායෙන් දෙතිස් යොදුන් මාර්ගයට රජ්ජුරුවන් විසින් එවන ලද දෙතිස් දෙනාද යුද්ධයෙහි ජයගෙණ එන ගමනේ එවන ලද දෙතිස් දෙනාදැයි කියා මෙසේවූ සැටදෙනා හා සමග සංවාසය කළහ, එකල්හි රජ්ජුරුවෝ නුවර සමීපයට අවුත් ජය කඳවුරු ස්ථානයෙහි හිඳ තමන් ආ පවත් බෝධිසත්වයන් වහන්සේට කියා යවූකල්හි පිටිනුවර සරහා අනතඃපුරයට ගොස් එපවත් බිසවුන්ට කියන්ට බිසෝ ගෙට ගියාහ, බිසව් බෝධිසත්වයන්ගේ යහපත් රූපශ්‍රීය දැක පිළිබඳ සිතින් මෙසේ අවුත් යහන පිට ඉඳුවයි කීහ, එබසට බෝධිසත්වයන් වහන්සේ විසින් ඇයි දේවීන් වහන්ස රජ්ජුරුවන් වහන්සේ ඉතා රූපත්සේක. පරලොවටත් බයිමි කියන්නා රජ්ජුරුවන් විසින් එවන ලද සූසැට දෙනානියාවට තොපම රජ්ජුරුවන්ටත් පරලොවටත් බාගියාදැයි කියන්නා මේසා මහත්වනතුරු පර ස්ත්‍රියයක මුහුණත් රාග වශයෙන් නොබැලීම්. මෙබස් මා කණ එලන්ට එපයි කියන්නා එසේ වීනම් රජ්ජුරුවන්ට කියා තාගේ හිස කප්පම් කියන්නා ‛එක ජාතියක තබා දහසක් ජාතියේ හිස් කප්පතත් එසේවූදෙයක් නොකරමි’ නික්මුණුසේක. බිසවු ඇඟ නඛ ගෙණ තෙල් වැටුණු ශරීරයෙන් කිළුටුව වස්ත්‍රයක් ඇඳ ලෙඩ වේසයක් මවාගෙණ ශ්‍රී යහන් ගබඩාවෙහි වැදහොත්සේක. ස්ත්‍රීන්ට කියන්නාහු රජ්ජුරුවන් වහන්සේ ඇවිත් මා විචාළොත් ලෙඩ නිසා කියවයි කියා වැදහොත්තාහ, බෝධිසත්වයන් වහන්සේ රජ්ජුරුවන්ට පෙර ගමන්කොට රජ්ජුරුවන් දුටුසේක. රජ්ජුරුවෝ මහා පෙළහරින් නුවර පැදකුණුකොට රජගෙට අවුත් බිසවුන් නොදැක කොයිදැයි විචාරා ලෙඩනියාව අසා ශ්‍රී යහන් ගබඩාවට ගොස් බිසවුන්ගේ පිට පිරි මැද සුවදුක් කීම්දැයි දෙතුන්වැනිව විචාරන්නා කරකැවී බලා නොනැසී නුඹවහන්සේත් ආනියාවේද අපිත් සසවාමික නියාවේදැයි කියන්නා රජ්ජුරුවනුත් ඒ කීම්දැයි විචාරනලදුව පුරෝහිත බමුණන් විසින් තමා කීවා නොකළ විසින් මට කළදැයයි කියන්නා රජ්ජුරුවෝ වහා උදහස්ව මාලිගාවෙන් පාතට බැස එතන සිටි සේවකයන්ට පුරෝහිත බමුණා පිටිතලගයා බැඳ ගෙණගොස් මරාපියවයි මෙවර කීහ.

එපවත් ඇසූ රාජ පුරුෂයෝ බෝධිසත්වයන් පිටිතලහයා බැඳගෙණ වද බෙරගස්වාගෙණ මරන්ට නික්මුණාහ. එවිට බෝධිසත්වයෝ සිතන්නාහු බිසවුන් විසින් වූ දෙයක ප්‍රඥාවනම් මෙසේවූ දුකක් පැමිණිවේලේ ගැලවෙන්ටයයි සිතා රජ්ජුරුවන්ට පාවාමිසක් නොමරවයි කියන්නා මරන්ට ගෙණ යන තොප කීම්ද පාණෙයයි කියන්නා රජ්ජුරුවන් වහන්සේ ගෙන් මා නිසා නිධාන කරණ ලද බොහෝ සම්පත් ඇත, එසේ විසින් මා මැරුවොත් රජ්ජුරුවන් වහන්සේට බොහෝ අලාභවන්නාහ. ගෙණ ගොස් රජ්ජුරුවන්ට පෑහ, රජ්ජුරුවෝ දැක බමුණ භය ලජ්ජා නැතිව තා කළේ කුමක්දැයි කියන්නා දේවයන් වහන්ස එසේවූ දෙයක් මම නොකළෙමි. තවද නම දන්නා තැන් පටන් ඉකිනිය කසා ප්‍රාණඝාතයකුත් නොකෙළෙමි. අනුන්ගේ වස්තුවකින් තණකොන්දක්සාත් අදත්තා දානයක් නොගත්තෙමි. පරස්ත්‍රීන් රාග චිතතයෙන් කර ඔසවාත් නොබැලි චිරීම් කෙළි පිණිසත් බොරුවක් නොකිවිරීමි, තණ කොන්දකින් ගලලාත් රාපෙණත් නොබීවිරිම්, ද්‍රෙහ කළෝ මෙහෙවර එව් සූසැට දෙනාමය, මාත් එතනට අල්ලන්නාම එලෙස නොකළෙමියි කී විසින් මේ මට කරවූදෙයයි දැන්වූහ. එපවත් අසා රජ්ජුරුවෝ සූසැට දෙනා ගෙන්වා බිසවුනුත් ගෙන්වා බිසවුන් අතින් සැබෑදැයි විචාරා සැබවයි කී විසින් කළෝයයි කියා උනුත් ගලවා උන් උන්ගේ ස්ථානානතර වල සලස්වා ස්ත්‍රීන්ට නම් තිබීම ආදෙයකැයි බිසවුනුත් ගළවා ගිහිගෙයි සිටියෙන් වේද මේසා අවුලත් වූයේයයි සිතා නෑයන් විසින් හැඬියදී බොහෝ සම්පත් හැර හිමාල වනයෙහි මහණව පඤචාභිඥා අෂ්ට සමාපතති උපදවා බඹලොව ගියාහයි වදාරා එසමයෙහි බිසවුනම් චිචමාණ විකාවය එසමයෙහි රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය, පුරෝහිත බ්‍රාහ්මණ උපන්නේ නම් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි වදාරා මේ බන්ධන මොකඛ ජාතකය නිමවා වදාළසේක.