115 වුටක ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි උත්තර සෙටර්‍ඨ පුත්‍රයන් අරභයා මේ ජාතකය වදාළසේක.

සැවැත් නුවර වසන මහා සම්පත් ඇති උත්තර සිටානන්ගේ ගෙයි මහා පින් ඇති බ්‍රාහ්මණ කුමාරයෙක් ඇවිත් උන්ගේ භාය්‍ර්‍යාවන්ගේ කුස පිළිසිඳ දසඑකඩමසක් ඇවෑමෙන් බිහිව වැඩිවිය පැමිණියේය. එසමයෙහි එනුවර කරතික උත්සවය බොහෝ සිටුකුමාරවරු තමන්ගේ ගෙයි භාය්‍ර්‍යාවන් හා සමග උත්සව සත් දවසක් කෙළනාහු උත්තර කුමාරයෝත් ස්ත්‍රීන් හා සමග උත්සව සත් දවසක් කෙළනාහු උත්තර කුමාරයෝත් ස්ත්‍රීන් හා සමග උත්සව කෙළින්ට උවමැනවැයි සිතා උන්කරා ගොස් එපවත් කීහ. උත්තර කුමාරයන් බ්‍රහ්ම ලෝකයෙන් ආ නියායෙන් එබස් නොගිවිස්සෝය. එසේ නොගිවිස්සත් සිටුකුමාරවරු එක්ව ඒ ගම වෛශ්‍ය ස්ත්‍රියක් ගෙණ අවුත් සර්වාභරණ පළඳවා සරසා ගෙයි ලූහ. උන් දැක කරනගා බලන්නක්වත් බසක් කියන්නක්වත් නොකියා ඉන්නා විසින් හාව භාවයක් දක්වා වුවත් ලබවවා ගතහැකිදෝහෝයි සිතා මන්දස්මිතවූ දෙයක් දැක්වූහ. එසඳ සිටුකුමාරයෝ අසුභ වශයෙන් බලා ඇගේ ශරීරය ඇට කෑල්ලක් කොට සිතා පිළිකුල්ව ආ ගමන් සිස්ව යන්නේ ඇයිදැයි සිතා ඈට උවමනා සම්පත් දී යවූහ. එසේ ගෙයින් පිටත්ව වීථියෙන් යන්නීය. පොහොසත් අමාත්‍යයෙක් දැක තමාගේ ගෙට කැඳවා ගෙණ ගියෝය. උත්සව කෙළි කෙළ ඉක්බිති වූ පසු වෛශ්‍ය ස්ත්‍රියගේ මවු තමාගේ දූ නොදක්නී සිටු කුමාරවරුන් කරා ගොස් තොපි හැම මාගේ දුව ගෙණ ගියාහුය පාවයි කියන්නා උත්තර කුමාරයන්ට එදාම පාවාදීපුම්හයි උන්කරා යවයි කියන්නා උන්කරා ගොස් මාගේ දුව පාවාදුනමැනවයි කියන්නා එදාම් උන් යවපීම් කොයිගිය බවත් නොදනිමි කියන්නා උත්තර කුමාරයනුත් හැරගෙණ රජ්ජුරුවන් කරා ගොස් එපවත් කියා මුරගාන්නා රජ්ජුරුවන් විසින් අiනත විචාරණා තොපගේ ගෙට වන්පසු පාවාදුනමනාමයයි කියන්නා කොයිවන් බව නොදනිමි කියන්නා එසේ වීන්නම් ආඥා කරවයි විධාන කළාහ. විධාන ඇසූ අමාත්‍යයන් විසින් පිටිතල හයා බැඳ ගෙණ වදබෙර ගස්වාගෙණ වීථියෙන් පිටත්වූහ. ඒ ඇසූ බොහෝ මනුෂ්‍යයෝ අඬමින් වැලපෙමින් එතනට අවුත් නුඹසේවූ ව්‍යවසථයන්ටත් මෙසේවූ දෙය පැමිණියේයයි වැලපෙමින් යන්නවුන් දැක ඒ සිටු කුමාරයා සිතන්නේ මේ දුකින් යම්සේ ගැලවීයෙන් නම් ගෞතම බුදුන්ගේ ශාසනයෙහි මහණ වෙමි සිත සිතා යමින් සිටිකල වෛශ්‍ය ස්ත්‍රිය තමා නිසා සිටු පුත්‍රයා මරණ නියාව අසා මහා ප්‍රාසාදයෙන් බැස වධකරණ පුරුෂයා කරා ගොස් තමා දැක්කවිය. ඈ දුටු පුරුෂයෝ ඈටම පාවාදී සිටු පුත්‍රයා ගැලවුනාහ. මරණින් මිදුනාවූ සිටු පුත්‍රයා වැවට ගොස් ඉස් සෝදා නහා බත් කා දෙමවුපියන් වැඳ අවසර ඉල්ලාගෙණ මහත්වූ පෙළහරින් වනයට ගොස් මහණව උපසම්පදා ලදින් නොබෝ දවසකින් විදර්ශනා වඩා රහත්වූසේක. එදවස් දම්සභාමණ්ඩපයට රැස්වූ මහළුවරුන්වහන්සේ මේ කථාව කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව හුණුදැයි විචාරා වදාරා අසවල් සිටුකුමාරයෝ මරණ දුකින් ගැලවී රහත්වූ නියාව කිය කියා උනුම්හයි දැන්වූකල්හි මහණෙනි නුවණැත්තෝ පළමුත් මරණ පැමිණි කල උපායෙන් ගැලවුනෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන්වහන්සේ වටු ජාතියෙහි උපන්සේක. එසමයෙහි බරණැස් නුවර ලිහිණි වැද්දෙක් වලට ගොස් වටුන් බදාගෙණ ගෙයි තිබා ගොදුරා ලා අනුන්ට මිලයට දෙන්නේය. එක් දවසක් බෝධිසත්වයන් වහන්සේ වැද්දහු දැමූ දැලට අසුව උගේ ගෙට අවුත් උගෙන් ලූ ගොදුරු දැක ඇඟ මහත්වීනම් නපුරැයි සිතා ගොදුරු නොකා ඇඟ දුර්වල කොට ඒ වැදිත් බෝධිසත්වයන් ගොදුරු නොකන්නේ කුමක් නිසාදෝහෝයි සිතා අල්ලෙහි තබාගෙණ බලමින් සිටි කලට උගේ ප්‍රමාදයක් බලා පවනටබඳුවූ වේගයෙන් වනයට පලා ගියාහ. බන්ධු වටුවන් විසින් මෙතෙක්දා පමාවූයේ ඇයිදැයි විචරන්නා වැද්දෙකුට අසුව ගැළවුනු මාන කීවාහුයයි වදාරා දෙකල් ගළපා මේ වට්ටක ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි වටුව උපන්නෙම් තිලෝගුරු බුදුවූ මම්ම යයි තමන්වහන්සේ දක්වා වදාළසේක.