තවද සැවැත් නුවර සර්වඥයන් වහන්සේ වැඩවසන සමයෙහි එක්තරා කුලස්ත්රියක් භික්ෂුණී ශාසනයෙහි මෙහෙණිව තෘෂ්ණාවෙහි ගිජුව වසනසේක්. මෙහෙණිතැන් නොකැඩී වීථියක සිඟා වැඩ එහි උපාසකවරුන් විසින් දුන් මිහිරි ආහාර වළඳා දවස්හරණසේක්. මේ වීථියට අනික් මෙහෙණිකෙණෙකුන් වහන්සේ වැඩිසේක් නම් මට ආහාරය මෙබඳු නොලැබෙයි. එසේහෙයින් ඊට මහා කුලක් කෙරෙමි සිතා මෙහෙණිවරට ගොස් අසවල් තැන වීථියේ චණ්ඩවූ ඇතුන් අසුන් කඩා කන බල්ලන් ආදී වූවන්ගෙන් උපද්‍රව ඇත, ඒ වීථියේ කවුරුන් වහන්සේත් නොයන බව යයි කියන්නා එබස් ඇසූ මෙහෙණින් වහන්සේලා කීවේ ඇත්තෙකැයි සිතා වීථියෙන් යන්නා තබා කරකැවී බලන්නකුත් නොකළසේක.
එසමයෙහි ඒ කියන මෙහෙණින් වහන්සේ තනිව සිඟා වළඳා ඇවිදිනා කල්හි එක් දවසක් එක් ගෙයකට සිඟා වඩනා ගමනේ බැටළුවෙක් දිව අවුත් ඇන කළවය ඇටබිඳ එළුකල්හි එතන සිටි උපාසකවරු අල්වා කැඩී ගිය ඇට සන්ධි ගන්වා බැඳගෙණ ඇඳක ලා ගෙණගොස් මෙහෙණිවරළූහ. මේ කථාව භික්ෂූන් වහන්සේ කෙරෙහි ප්‍රකාශ විය. එදවස් දම්සභාමණ්ඩපයෙහි වැඩි උන් සංඝයා වහන්සේ අසවල් මෙහෙණි අනුන්ට අවවාද කියා තමන්ගේ පය බිඳවා ගතැයි කිය කියා උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩමවා මා එන්නාට පළමු කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා මෙහෙණින්නගේ කථාව කිය කියා උනුම්හයි දැන්වූ කල්හි දැන්මතු නොවෙයි පෙරත් අනුන්ට අවවාද කිය කියා තුමූ මළහයි වදාරා ආරාධිත වූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.
|