මුල් පිටුව 101 සිට 150 දක්වා 111 මිත චින්ති ජාතකය

111 මිත චින්ති ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක්සමයෙක්හි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි වයෝවෘද්ධ තෙර දෙදෙනෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක. ඒ තෙර දෙදෙනා වහන්සේ පිටිසර ජනපදයෙහි ගමක වස් වසන්ට වැඩ උපාසකවරුන් විසින් එලවූ සිව්පසය පිළිගෙණ වස් තුන්මස රඳා ඒ ගම සැප බැවින් දෙවන අවුරුදු වසුත් ඒ විහාරයේ වැස අන්තයේ සැවැත් නුවරට වැඩිසේක. ඒ දෙදෙනා වහන්සේ දුටු සංඝයා වහන්සේ ඇවැත්නි බුඬුපසථානයට පමා වූයේ ඇයිදැයි කියන්නා ගිය තැන පාසුවිසින් රැඳුනම්හයි වදාළසේක.

එදවස් සවස දම්සභාමණ්ඩපයට වැඩ වැඩි මහලු වරුන්වහන්සේ විසින් මේ කථාව කියමින් උන්සේක. එතැනට බුදුහු වැඩ පණවන ලද බුඞාසන මස්තකයෙහි වැඩහිඳ මහණෙනි මා එන්නාට පළමු කිනම් කථාවකින් යුක්තව උනුදැයි වදාරා භික්ෂූන් වහන්සේ විසින් අසවල් මහළුතෙර දෙදෙනෙකු වහන්සේගේ කුසීතභාවය කියමින් උනුම්හයි කීකල්හි මහණෙනි දැන්මතු නොවෙයි පළමුත් ඔහු දෙදෙන කුසිතවූවෝම වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බාරානසී ගංඉස්වන ප්‍රදේශ ස්ථානයෙහි වසන බහු චිනතිය, අලපචිනතිය, මිතචිනතිය යන මත්ස්‍යයන් තුන් දෙනෙක් මනුෂ්‍යපථ ආසන්නව ගඟ වසන කල්හි ඉන් මිතචින්ති නම් මත්ස්‍යා කියන්නේ මනුෂ්‍යයන්ට දෙදෙන තෘෂ්ණාවෙන් ලෝභීව අදයම්හ, සෙටයම්හයි කිය කියා තුන් මිසක් දවස් යව්කල්හි එක් දවසක කෙවුළෝ ගඟ අහුරා දැල් එලූහ, බහුචින්ති අලපචිනතියයි කියන මත්ස්‍යයෝ දෙදෙන ඉදිරිව යන්නාහු දැල ආඝ්‍රානය නොකොට ගොසින් දැලෙහි බැඳුනුවුය, පස්සේ යන මිතචින්ති නම් වූ මත්ස්‍යයා දැල ආඝ්‍රානය කොට දැල ඇතුළට නොවැද දැල ඇසින් අනික් පිට ගොස් සිතන්නේ මා කියමින් නොගෙණ මත්ස්‍යයෝ දෙදෙන අසුවූය. උන් ගලවන්ට උවමැනවැයි සිතා ඇතුලේ සිට පිටට පැන්නාසේ අඟවා පැණ පිටත සිට ඇතුළටත් මේ සැටියෙම්ම පැණ දිය පළාගෙණ කවා ගියකල්හි මහ මසුන් බැඳුනු හෙයින් දැල ඉරුනේවනැයි සිතා දැල එකපිටකින් එසෙව් කල්හි මත්ස්‍යයෝ දෙදෙන දැලින් ගැළවුනාහයි වදාරා දෙකල් ගළපා මේ ජාතකය නිමවා වදාරා චතුසසත්‍යය ප්‍රකාශ කොට බණ වදාළ කල්හි මහතෙර දෙදෙනාම දහසක්නයින් ප්‍රතිමණ්ඩිතව සෝවාන් පෙළෙහි පිහිටිසේක.

එසමයෙහි බහුචින්තිය අලපචින්තිය යන මත්ස්‍යයෝ නම් මේ තෙර දෙදෙනාය, මිතචින්ති නම් මත්ස්‍යව උපන්නේම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.