යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි පුරණලද බොධිසම්භාර ඇති අප මහ බෝසතානෝ මහා සම්පත් ඇති සිටුපුත්‍රව ඉපිද එකගමක ඇත්තන් කළ යාචඤ්රවක් නිසා අමුතු බත් අනුභව කරන්නට ගොස් පෙරළා ගමට එන්නාහු අතරමගදී සොරුන්දැක අතර නොවැස වහ වහා ගැල් පදවාගෙණ තමන්ගේ ගෙටම අවුත් අනේක ප්‍රකාරවූ අග්‍රරසයෙන් යුක්ත වූ භෝජනය අනුභව කොට මහා අනර්ඝවූ ශ්‍රීයහන් මස්තකයේ හිඳ සොරුන් අතින් මිදී නිර්භයස්ථානවූ මාගේ ගෙටම ආයෙමිවේදැයි ප්‍රීතිවාක්‍ය වශයෙන් උදන් අනන්නාහු මෙසේ කිවුය, යම්බඳුවූ ස්ථානයෙක්හි වෛර සිත් ඇති පුද්ගලයෙක් වසන්නේවීනම් එබඳු ස්ථානයෙක්හි කාරණා දන්නාවූ පුද්ගලයෝ කිසියම් කාරියක් නිසා එක දවසක් වසන්නේ වීනමුත් සිතට සැපයකින් වැසපිය නොදෙනනේය, හැමවේලෙහිම බලවත්වූ චිත්ත ඛෙදයක් හා දොම්නසින් යුක්තව වසන්නේයයි මෙසේ මහබෝසතානෝ උදන්අනා දානාදීවූ පින්කම්කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව යියෝය. ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ මෙසේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා මේ වේරි ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි බරණැස්නුවර සිටානෝ නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදුරජ වූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.
|