මුල් පිටුව 201 සිට 250 දක්වා 216 පුටභත්ත ජාතකය

216 පුටභත්ත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මුළුලොවට කල්‍යාණමිත්‍රවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් කෙළඹිපුත්‍රයෙකු නිසා මේ ජාතකය දක්වන ලද

ඒ කෙසේද යත්

එක්තරා කෙළඹි පුත්‍රයෙක් පසල්ගම්වාසී එක්තරා මනුෂ්‍යයෙකුට නයක් දී පෙරලා ඒ නය ඵලවන්නටයි සැවැත්නුවර සිට පසල්ගමට තමන්ගේ නය නොදෙන හෙයින් ඒ නය ඉල්වා ආ කෙළඹි පුත්‍රයා හා ඔහුගේ බිරින්ද නය දරන්නන් හා කැටිව දබරකොට ගෙණ දෙමහල්ලන් බත්කන්ට කියන්දී බතුත් නොකා නික්මුනාහ. අතරමග යනකලට එක්තරා මනුෂ්‍යයෙක් දෙමහල්ලන්ගේ මුහුන වැහැරී තිබූහෙයින් බත්මුල පුරුෂයා අතට දුන්නාහ. ඒ පුරුෂයාත් ඒ බත් ස්ත්‍රීට නොදී කනුකැමැතිව භාර්යාවට කියන්නේ මේ වල සොරු ඇත එසේ හෙයින් තොපි ඉදිරියේ යවයි කියන්නා ඒ ස්ත්‍රීන් ඇත්තකැයි සිතා ඉදිරියෙන් නික්මුනාහ. එවිට ඒ පුරුෂයා බත්මුල උනා බත්කා පියා ස්ත්‍රීයට නියන්නේ එඹල තුමූ ඇම බත් කාපියා තුබූ සියමුලය අපට දුන්නේයයි කිවුය. ඒ අසා ස්ත්‍රිය මා දැක්කදී දුන් බත්මුල මටනොදී තෙමේම කා දැන් මට සිස් බත්මුල පැයයි වික්‍ෂේපව දෙන්නම එක්ව සැවැත්නුවරට එන්නාවූ ජේතවනාරාමයෙහි පොකුණෙන් නා බුදුන් දැක යම්මැයි සිතා සැපසේ පොකුණෙන් නා සර්වඥයන් වහන්සෙ දකින්ට ගියහ. සර්වඥයෝත් ඒ දෙමහල්ලන් දැක ඇයි උපාසිකාවෙනි උපාසකයන් කෙරේ සෙනඟ ඇත්තේදැයි විචාළාහ. එවිට උපාසිකා කියන්නී ස්වාමිනි මා මුන්ට සෙනග ඇති පමණක් මිසක් මූ මා කෙරෙහි සෙනෙහදය නැත්තාහ. අද අතරමගදී එමෙන් සිටියදී දුන් බත්මුල මා සිටියදී තෙමේ කාපියා මේ කාපියා මේ මාතෘකාකෙර් ඇති සෙනහසයයිකියා කියා සර්වඥයන්ට දන්වූහ. සර්වඥයෝත් උපාකසිකායෙනි දැන්මතු නොවෙයි පෙරත් තොපි මුන්කෙරෙහි සෙනහදය ඇත්තාමය. මූ තොපි කෙරෙහි සෙනහදය ඇත්තාමය මූ තාපි කෙරෙහි කෙරේ සෙනහදය නැත්තෝමය, මම නුවනැත්තන්ගේ බසින් පෙරලා උනුන් කෙරේ සෙනහදය මම නුවවැත්තන්ගේ බසින් පෙරලා උනුන් වහන්සේගෙන් කෙරේ සෙනහදයවූවෝ වේදැයි වදාර ඒ කෙදෙස්දැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ විහායන් දක්වා වදාළසෙක්.
ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජ්‍යය කරන සමයෙහි ඒ රජ්ජුරුවන්ගේ පුතනුකෙණෙකුන් ඇත්තාහ. ඒ පුතනුවෝ වැඩිවිය පැමිණ රජ්ජුරුවන්ට යුවරජ තනතුරෙහි සිටියාහ. එකියන බාරනාසි කුමාරයන් කෙරෙහි සැකව කියන්නාහූ තොපි පලාගොසින් පාසල් නුවරක ඉඳ ඉක්බිති රාජ්ජය කරන්නට එවයි කීහ. යහපතැයි කියා ඒ රාජකුමාරයෝ තමන්ගේ අගමෙහෙසුන් බිසවූ අත අල්වාගෙණ පසල් රටකට පලාගොස් වාසය කොට උන්කලට පියරජ්ජුරුවන් මළපවත් අසා රාජ්ජයට නික්මුනාහ. අතරමග යනකලට එක්තරා මනුෂ්‍යයෙක් දෙමහල්ලන්ගේ මුහුනු වැහැර තිබුහෙයින් බත්මුල කුමාරයන් අතට දුන්නාහ. ඒ රාජ කුමාරයෝත් තමන්ගේ බිසවුන්ට නොදී කණු කැමැත්තේ බිසවුන්ට කියන්නේ මේ චලසොරු ඇත එසේහෙයින් තෙපි ඉදිරියේ යවයි කියන්නා ඒ බිසවුනුත් ඇත්තකැයි සිතා ඉදිරියෙන් නික්මුනාහ. එවිට රාජකුමාරයෝ බත්මුල උනා බත් කාපියා බිසවුන්ට කියන්නේ එම්බල හැම බත් කාපීය. බත් නොතිබූ සිස්මුල අපට දුන්නේයයි කිය ඒ අසා බිසව මා දැක්කදී දුන්බත්මුල මටනොදී තෙමේ කා සිස්බත් මුලක් පෑයේයයි වික්‍ෂේපව දෙන්නමසමඟව බරණැස් නුවරට අවුත් රාජකුමාරයෝත් රාජ්ජයට පැමිණ බිසවුන්ට අග මෙහෙසුන් තනතුරු දුන්නාහ. ඒ දුන්පමණක් මිසක් කරුණාවක් බිසවුන්ගේ දුක්සුව විචාරන්නක් නැත්තාහ. එසමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ට අමාත්‍යව උපන්නාහ. එක් දවසක් බිසවු ලඟට ගොස් කියන්නාහූ ඇයි දේවීන් වහන්ස අපසේ වූ වයෝවෘද්ධවයන්ට බත්කඩ ආදීවුදෙය දී සාදුක් විචාරන්ට එපාදැයි කීහ. එබස් බිසව් අසා පියානනි මාගේ පොහොසත්කම් විචාරකට වේද මාත් සංග්‍රහකරන්නේයයි කියන්නා ඇයිද නුඹ වහන්සේ අගමෙහෙදුන් බිසවුන් වහන්සේ නොවේදැයි කියන්නාම අගමෙහෙසුන් බිසවුම්සක් සාමී මා ඇති නියාවත් නොදන්නාසේක.දැන් රාජ්ජ්ය පුරුදුවපියා සිතත්නේ කෙසේද පෙර දුප්පත්ගමනේ රාජ්ජය ලබන්ට එන ගමනේ පවා අතරමගදී බත්මුලක් ලත්ගමනේ මට නොදී කාපුසේක. එසේවූද එසේකල දැන් තමාම වේදැයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ රජ්ජුරුවන් දැක්කදීත් මා විචාලකල එවිටත් මේ මානේ කියන සේක්දැයි විචාළසේක. යහපතැයි කියමි කීහ, එවිට බෝධිසත්වයෝ කියන්නාහූ එසේවීනම් දැන්මගොසින් රජ්ජුරුවන් ලඟ සිටිමි. නුඹ වහන්සේ එතනට අවමැනවයි කියා බෝධිසත්වයෝ රජ්ජුරුවන් ලඟ කථාකොට කොට සිටියාහ. ඒ වෙලාවට බිසවුන් රජ්ජුරුවන් ලඟට ගොස් රජ්ජුරුවන් වැඳ සිටියාහ, එවිට බෝධිසත්වයෝ බිසවුන් අතින් විචාරන්නාහූ ඇයි දේවීන් වහන්ස නුඹ වහන්සේ අපසෙවූ වයෝවෘද්ධයන්ට බත්කඩ ආදී වූදේයදී දුක්සැප විචාරන්නට එපාදැයි කීහ. එබස් බිසව් අසා පියානනි මාගේ පෝසත්කම් විවරටවේද මාත් සංග්‍රහ කරන්නේයයි කියන්නා එසේ කියන්නේ ඇයිද නුඹවහන්සේ අගමෙහෙසුන් බිසවුන්වහන්සේ නොවේදැයි කියන්නා මා අගමෙහෙසුන් පමණක් මසක් සාමි මා ඇගනියාවත් නොදන්නාසේක. දැන් රාජ්ජය පුරුදුවපියා සිතන්නේ කෙසේද පෙර දුප්පත් සමසේ රාජ්ජ්ය ලබන්ට එන ගමනේ පවා අතමගදී බත් මුලක් ලත් ගමනේ මට නොදී කාපුසේක, එසේකළ දැන් තමා මවේදැයි කීහ. එබස් අසා රජ්ජුරුවෝ මුවෙන් නොබැන ඉවසූහ. ඒ පවත් දැක බෝධිසත්වයන් වහන්සේ බිසවුන්ට කියනසේක් දේවින් වහන්ස නුඹ වහන්සේ කෙසේ කරුණාව ඇතත් රජ්ජුරුවන් වහන්සේ නුඹ වහන්සේ කෙරේ ඇල්ම නැතුව වාසය කරමින් සිටියද ලඟවිසීම රජ්ජුරුවන් වහන්සේ ගේ සිතට සැපයෙක් නැත. එසේ හෙයින් නුඹවහන්සේට මෙතමයයි කියා ඇද්ද සෙසු අනික්ස්ථානයකට ගොසින් ජීවත් වන්නාසේක්දැයි යව. එබස් රජ්ජුරුවෝ අසා තමන්ගේ රාජ්‍යශ්‍රී බිසවුන්ට දී එතැන් පටන් ප්‍රියවාසය කළාහමි වදාරා පුටභත්ත ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි ඒ දෙමහල්ලෝ නම් තොපි දෙමහල්ලෝමය. ඒ අමාත්‍යව උන්නෙම් බුදුවූ මම්ම යයි වදාල සේක.