මුල් පිටුව 201 සිට 250 දක්වා 215 චුල්ලනන්‍ද ජාතකය

215 චුල්ලනන්‍ද ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මුළුලොවට ආධාරවූ සර්වඥයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථිවරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක් දවස් ධම්සභාමණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ දේවදත්ත ස්ථවිරයෝ සර්වඥයන් වහන්සේට දුනුවායම් මෙහෙයිම් ආදීවූ බුදුන් නසන්ට බොහෝ උත්සාහ කළාහ, සර්වඥයන්ගේ සීල සමාධිගුණ කරුණා බොහෝ වූ ගුණ දැක දැකත් බුදුන් කෙරේ දායාවක් කරුණාවක් නූපන. එසේ වී නම් දෙවදත්ත ස්ථිවරියෝ මහාතදයෝයයි යන කථාව කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන්මතුනොවෙයි පෙරත් දේවදත්ත ස්ථිවිරියෝ තදයෝම වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙස්ද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් හිමාලයවනයෙහි අසූදහසක් වානරයින්ට නායකව නන්දනම් වානරාධිපතිව දවස් අරණාහ. බෝධිසත්වයන්ගේ මල්වූ චුල්ල නන්දානම් වානරයෙකුත් ඇත්තාහ. මේ කියන දෙබෑයෝ අන්ද වූ මෑනියන් රකිනාහ. බෝධිසත්වයෝත් වානරයන් සමඟ පලාඵල සොයා කන්නාහූ පලාඵල තමුනුත් කා වඳුරන් අත පලාඵල මාගේ මෑණියන් වහන්සේට දෙවයි කියා එවන්නාහ. ඒ ගෙණගියාවූ වඳූරෝ තමනුත්කා බෝධි සත්වයන්වහන්සේගේ මැනියන්ට නොදෙන්නාහ, බෝධිසත්වයන් වහන්සේගේ මෑනියෝත් පළාපල නොලැබ ඉතා දුර්වල භාවයට පැමිණියාහ. බෝධිසත්වයෝ දවසක් මෑනියන්ට කියන්නාහූ ඇයි මාගෙන් යවන්නාවූ පලාඵල ඇත්තවුව දුර්වලවන්ට කාරණා කින්දැයි කීහ. බෝධිසත්වයන්ගේ මෑනියෝ කියන්නාහූ පුත තොප එවනපමණක් මිසක් මට නොදෙන්නාහයි කීහ, එබස් බෝධිසත්වයෝ අසා මන් මේවඳූරන්ට රාජ්ජය කරන්නේන් මාගේ මෑනියන් වහන්සේ රැකගන්ට නොපිළිවනැයි සිතා තමාගේ බාලමලනුවන්ට කියන්නාහූ මල තොප විසින් වඳුරුමුලට රාජ්ජයකොට වාසය කරව මම මාගේ මැනියන් වහන්සේ රකිමි කීහ. ඒ අසා බෝධිසත්වයන්ගේ මලනුවෝ කියන්නාහූ මටත් වානරයන්ට රාජ්ජය කරන්ට බැරිය මමත් මාගේ මැනියන් වහන්සේ රකිමි කියා බෝධිසත්වයන් හා දෙන්නම මෑනියන්ද අරගෙණ බරණැස් නුවරට අවුත් බරණැස් නුවර කෙළෙවර මහත්වූ නුගගසක වාසය කරන්නාහ,එසමයෙහි එක්තරා මනුෂ්‍යයෙක් තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන් ලග අකුරු කරන්නට වන, දිසාපාමොක් ආචාරී මේ ඒ කාලපුරුෂයාය මූට ශාස්ත්‍ර උගන්නා කිම්දැයි සිතා නැවතත් මුගේ උත්සාහ බලවත කුමක්වේවා අකුරු කරවමි සිතා ඔහුට බොහෝ ශාස්ත්‍ර උගන්වා යවන්නාහූ යම්සේ තොපි සාහසික ක්‍රියාවක් එක්කෙණෙකුන්ට හිංසාවක්වත් නොකරවයි කියා අවවාදකියා යවුහ, එකී පුරුෂයාත් යහපතැයි ගිවිස බරණැස්නුවර කරා ගොස් දැනුගත් අතඇතිව දඩ යම් කොට මස්මරා විකුට ජීවත්වන්නේ එක්දවසක් කිසිම දඩයමක් සමග නොවී ගෙට යන තැනැත්තේ නුවර කෙළවර මහත් නුගගසක් දැක මේගස යම් ඇත්තෙක් ඇද්දෝහෝයි ගසමුලට ගොස් උඩ බැලීය. ඒ වෙලාවට බෝධිසත්වයන් මෑනියන් ඉදිරියේ ඉදුවාගෙණ බෝධිසත්වයන් හා බෝධිසත්වයන්ගේ මලනුවෝ පස්සේ උන්නාහු දුනුගත් අත් ඇති වැද්දාහූ දැක බෝධිසත්වයෝ සිතන්නාහූ මාගේ මැනියන්වහන්සේ මැලි විසින් හා කය දුර්වල විසින් හා නොමරන්නාහයි සිතූහ. වැදිත් එකියන මැහැලි වැඳිරිය දැක සිතන්නේ මාගේ ගෙයි කොල්ලෝවත් කාපියවයි සිතා විදින්ට දුන්න නගාගත, ඒ දැක බෝධිසත්වයෝ සිතන්නාහූ මේ වැදි මාගේ මෑනියන් විදින්ට උත්සහ කෙරෙති. එසේහෙයින් මාගේ මෑනියන් වහන්සේට මාගේ ජිවිතය දෙන්ට උවමනවැයි සිතා මලනුවන්ට කියන්නාහූ මම මාගේ මෑනියන් වහන්සේට ජිවිතය පරිත්‍යාගය දෙමි තොපි මාගේ මෑනියන් වහනසේ රකුවයි කියා වැද්දහුගේ දුනුපාසට අවුත් කියන්නාහූ මාගේ මෑනියන්වහන්සේට ජිවිතදානයදී මා මරා මස් කවයි කීහ. යහපත තොපගේ මැනියන් වහන්සේට ජිවිතදානය දෙමි කියා බෝධිසත්වයන් විද මරා ඵලාගත තවත් මෑනියන්ට මරන්ට දුන්න ඇදගත, එවට බෝ්ධි සත්වයන්ගේ ලෙනුවෝ මේ වැදි මාගේ මෑනියන් මරන්ට උත්සාහ කෙරෙයි, එසේ හෙයින් පළමුකොට මම මෑනියන් වහන්සේට ජිවිතදානය දෙමි එක දවසක් වීනමුත් රැකෙන සේක්වේදැයි සිතා වැද්දහුගේ දුනුපාසටඅවුත් කියන්නාහූ මාගේ බෑයන් වහන්සේත් මරාපුව මාත් මරාගනුව අප දෙන්නාගේ මස් අදට තොපට ජිවිත්වෙන්ට ඇත. මෑනියන් වහන්සේට ජිවිතදානය දෙවයි කීහ. වැදිත් යහපතැයි කියා බෝධිසත්වයන්ගේ මලනුවන් විද මරා ඉක්බිත්තෙහි මාගේ ගෙයි කොල්ලෝවත් කාපියති සිතා බෝධිසත්වයන්ගේ මට වැදිරිත් විද මරා එල්වාගෙණ තුන්දෙනම කදබැදගෙන නික්මින, ඒ වෙලාවට උගේ ගෙට හෙණක් ගසා දරුවන් දෙන්නත් මෑනියනුත් මැරිනි. තමන් ඒ අසා අතතුබූ දුනු දඬු දමා දඩමස් කදත් දමා කඩ ඉරා කරලාගෙණ ගෙටගොස් ගෙයි තුබූ දාගිය කණුවක් ඉස වැටින, ඒ වෙලාවට පොලවත් විවරවි අවිචිමහානරකයෙන් ගිනිදැල් ඇවිත් ඇඟ ඉසවසාගත එවිට නරකයට යමින් සිට කියන්නේ යම්සේ මාගේ දිසාපාමොක් ආචාරින් වහන්සේ විසින් කාකෙරේවත් වෙෂයත් නොකරවයි කියන ලද අවවාදයේ විපාක අදම ලදිමි. ඒ එසේමය, යම්සේ කල්‍යාණ ධර්මයක් කළ කෙණෙක් ඇත්නම් කල්‍යාණධර්ම දකිති, යම් අකුශලයක් කළ කෙණෙක් ඇත්නම් අකුශලයක්ම දකිති, ඒ එසේමය, තමා වපුළාවූ බිජුවටින් නැගෙන්නාවූ ඵලයත් එසේම වේදැයි යනාදින් කියා ගොසින් අවිචිමහානරකාදියෙහි වැටුනාහයි වදාරා මේ චුල්ලනන්ද ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි එකියන වැදිනම් දේවදත්ත ස්ථවිරයෝය. දිසාපාමොක් ආචාරී නම් ශාරීපුත්ත ස්ථවිරිය. එසමයෙහි බෝධිසත්වයන්ගේ මව්වැදිරි නම් ප්‍රජාපතීගෝතමි ස්ථවිරියන් වහන්සේය, බෝධිසත්වයන්ගේ මල්වූ චුල්ලනන්ද වඳුරු නම් ආනන්ද ස්ථවිරියෝය. එසමයෙහි වඳූරන්ට රජව උපන්නාවූ වානර රජනම් බුදුවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේකි.