208 කච්ඡප ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මාගේ කල්පද්‍රුමවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝකාලිකස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වර්ථමාන කථාව තක්කාලී ජාතකයෙහි විස්තර වශයෙන් පෙනෙන්නේය. මෙහි මහණෙනි කෝකාලිකස්ථවිරියෝ වස්තු රැක්කනොහි බොහෝ විනාශයට පැමිණියෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ට අමාත්‍යව දවස්අරිනාහ. එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ බහු භාණ්ඩිව ඉන්නාහ. බෝධිසත්වයෝ මේ රජ්ජුරුවන්ගේ බොහෝකොට දෙඩීම කවරදා අරවාපියම්දෝහෝයි සිත සිතා ඉදිනාහ. ඒ අවධියට එක් හංසයෝ දෙන්නේක් ඉදිබුවෙකු හා හාදව ඉඳිනාහු ඉදුබානෙනි අප හිමාලයවනයෙහි රන්ගුහායෙහි වාසය කරම්හ, එතන ඉතා සිත්කළුය එතන දකින්ට එව්දැයි කීහ. එවිට ඉදුබා කියන්නේ තොපි නම් පියා අඹ යයි මා කෙසේ යෙම්දැයි කිව එපවත් අසා හංසයෝ කියන්නාහූ තොපගේ කවරැකගත එවුනම් ගෙණයෙම්මයයි කියා ලීයක් කඩාගෙණ දෙන්න දෙකොළවර ඩෑගෙන ඉදුබුවාලිය මැද්දෙන් ඩෑගන්නාලෙස සලස්වා පිය අඹාගෙණ නික්මෙන්නට වන්නාහ. ඒ වෙලාවට කුඩාකොල්ලෝ මොත්තමෙක් ඒ හංසයන් දෙන්නා අල්වාගෙණ යන ඉදුබා දැක එම්බල හංසයෝ දෙන්නෙක් ඉදුඹුවෙකු ඩෑගෙන ආකාශයෙන් යන්නාහයි අඬගා කීහ. ඒ ඉදිඹු ඒ අසා අපගේ යාළුවෝ අප කෙසේ ගෙණවෙත්වයි තොපට මේ දෙකම ඇයිදැයි සිතා කියන්ට කටදැල්වන දැතුරේ බරණැස් නුවර විථිය සමීපයට ආඅවස්ථාවට ඉදිඹු කටදල්වා බිම වැටි දෙකැබැල්ලක්ට පැලී මළහ. නුවර වාසී ඉබ්බෙක් ආකාශයෙන් වැටී මළෝයයි එකකෝලාහල කොළෝය. රජ්ජුරුවෝ එපවත් අසා බෝධිසත්වයන් ඇතූළුවූ අමාත්‍ය මංඩලයා පිරිවරා එතනට ගොස් බෝධිසත්වයන් අතින් හංසයන් දෙන්නෙකු ඩෑගෙණ යමින් සිටියදී හුනුයේ කුමන කාරණයකින්දැයි විචාළහ. බෝධිසත්වයෝ එවිට සිතන්නාහූ හංසයන් දෙන්න ඩෑගෙණයමින් සිටියදී යම් කෙනෙකුන් කීබසක් නිසා වුන්ට ප්‍රතිවචන කියන්ට සිතා කටදල්වා උනුවයි සිතා රජ්ජුරුවෝ ස්වාමීන් වහන්ගේ බොහෝකොට බස් කීම්අරවන්ට මට උපායෙක් සම්භවීයයි සිතා කියන්නාහූ දේවයන් වහන්ස මේ ඉදිඹු තමාගේ වචනය රැකගතනෙහි බස් කියා මේ අස්ථානයේ වැටින. එසේම යම්කෙනෙක් ජනොත්තමවූ රජ්ජුරුවන් වහන්ස යම්කෙණෙක් වාචාල බස් බිනුනම් උන්ටත් මෙසේම විනාශයට පැමිණෙන්නේ වේදැයි කිහ. එබස් රජ්ජුරුවෝ මේ කීයේ මයදැයි කීහ. දේවයන් වහන්ස නුඹවහන්සේ සරියයි කීහ. එතැන් පටන් රජ්ජුරුවෝ වාචාළකම් හළහයි වදාරා මේ කච්ඡප ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි හංසයෝ දෙන්නනම් දැගසව්වෝය. ඉදුබානම් කෝකාලික ස්ථවිරයෝයය. රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය. අමාත්‍යයව උපන්නෙම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජවූ මම්මයයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.