මුල් පිටුව 201 සිට 250 දක්වා 207 පුණ්ණ නි ජාතකය

207 පුණ්ණ නි ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද මාගේ කල්පද්‍රුමවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝකාලිකස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වර්ථමාන කථාව තක්කාලී ජාතකයෙහි විස්තර වශයෙන් පෙනෙන්නේය. මෙහි මහණෙනි කෝකාලිකස්ථවිරියෝ වස්තු රැක්කනොහි බොහෝ විනාශයට පැමිණියෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ඒ රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයාට පුත්ව ඉපිද වැඩිවිය පැමිණ දිසාපාමොක් ආචාරි සමීපයට ගොස් සියළු ශාස්ත්‍ර ඉගෙණගෙණ අවුත් පියානන්ගේ ඇවෑමෙන් පුරෝහිත ධුරයට පැමිණ රජ්ජුරුවන්ට සේවය කරන්නාහ. රජ්ජුරුවෝ දුර්ජනයන්ගේ බසින් බෝධිසත්වයන් තමන් ඉන්නා නුවරින් නෙරපුවාහ. බෝධිසත්වයෝ තමන්ගේ අඹුදරුවන් ඇරගෙණ ගොසින් පිටිසර කසීගමෙක වාසය කරන්නාහ. රජ්ජුරුවෝත් කල්යාමකින් බෝධිසත්වයන්ගේ ගුණ සිහිකොට දුර්ජනයන්ගේ බස්නිසා නුවරින් නෙරපමි උන් මා ගෙන්වාගන්ට උවමැනවැයි සිතා මිනිසෙකු අත කැන්දායවින්නම් ඒ තරම් නොවෙයි, එසේ හෙයින් ප්‍රශ්ණක් යවා ඒ ප්‍රශ්නයෙන්ම ගෙන්වාගනිමි සිතා මේ ජාතකයෙහි පළමුවෙනි ගාථාව බැඳයවුහ.

ඒ කෙසේද යත්.

පුණ්ණං නදිං යෙනව පෙය්‍යමාහු ජාතං යවං යෙනව ගුයහාමාහු.

දුරං ගතං යෙනව අවහයනතී සොත්ත්‍යගතොහන්දව භුඤජබ්‍රාහ්මණාති.

කියන ගාථාව යවුහ. මේ කියන ගාථාව හා කවඩුමස් තමන්ගේ අතපේරැස් වුද්දෙන් අස්ඔසවා රජ්ජුරුවෝ බෝධිසත්වයන්ට යවුහ. මෙහි අභිප්‍රායනම් එකපැතිරයන්නාවූ මහවතුරෙහි පැන්බොන්නෝ කවුරුද ගොයම් කුඹුරු ආදීවූ දෙයෙහි සැඟවි ඉන්නෝ කවුරුද දුරගියාවූ මනුෂ්‍යයන් එනනියාව කියන්නෝ කවුරුද බ්‍රාහ්මණයා මේ අභිප්‍රාය හා මේ කියන මස්දනුවයි කීහ. බෝධිසත්වයෝ කියායවූ ප්‍රශ්නය විසඳා වැසිවතුර දියෙහි පැන් බොන්නාහුත් කව්ඩෝය. ගොයම් ආදී දෙයෙහිත් ඉන්නෝත් කව්ඩුවෝය. දුරගියාවූ මනුෂ්‍යයන් එන නියාව කියන්නෝත් කව්ඩෝය එසේ හෙයින් මේ කවුඩුමස් නියාය නැවත ඒ ප්‍රශ්නය විසඳා බලන්නාහූ රජ්ජුරුවන් වහන්සේ විසින් වැසි වතුර හා ගොයම් කුඹුරු ආදීවූ දෙයෙහිත් සමුද්ධව ඒ ඒ තෙනට ගියාවූ මනුෂ්‍යයෝ් නුවරට රැස්වුව, එසේ හෙයින් බ්‍රාහ්මණය තොසින් නුවරට එවයි කියා සිතා කවුඩුමස් එව්වාට සතුටුව ස්වාමිනි මා කෙරේ කරුණා ඇතිසේකැයි සිතා ගාථාව කියන්නාහු,

යතො මංශං රතී රාජා වාසයමපි පහෙතවෙ

හංසං කොළුා මයුරාව අසනියෙව පාපියා යි.

කියා ගාථාව යවුහ. එහි අභිප්‍රාය දේවයන් වහන්ස මා කෙරේ කරුණාව ඇති නියාව දනිමි කවුඩුමස් ළුවුගමනින්ම අනික් හංස කොස්ලිහිණි මයුරයන් ආදීවූ පක්ෂීන්ගේ මිහිරිමාංශය ලත්කලක් මා සිතා වදාරන්නේ ඇත්තේවේදැයි කියා මනාවූ රථයට නැගී නුවරට වන්නාහ. රජ්ජුරුවෝ බෝධිසත්වයන් දැක සතුටුව පෙරපරිද්දෙන්ම පුරෝහිත ස්ථානාන්තරදී රක්නාහයි වදාරා මේ පුණ්ණ නදී ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි බ්‍රාහ්මණයා උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළසේක.