206 භරු ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද කරුණානිධාන වූ මාගේ ස්වාමිදරුවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි කෝසල රජ්ජුරුවන් අරභයා මේ ජාතකය දක්වන ලද

ඒ කෙසේද යත්.

සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි ලාභයෙන් යසසින් වැඩි දවස් අරින සේක. එසමයෙහි තීර්තකයෝ ලාභසත්කාරයෙන් පිරිහී සිතන්නාහූ ශ්‍රමණ භවත් ගෞතමයන් හා ශ්‍රාවකයන්ගේ ලාභසත්කාර මහත අපට නැත. ලාභසත්කාර මහත්වන්නේ ජේතවනාරාමයෙහි භුමිවිශේෂයනැයි කියා සිතාගෙණ අපටත් එතන තීර්ථකාරාමයක් ඉදිකොටගෙණ වාසය කරන්නට උවමැනවයි සිතා රජ්ජුරුවන්ට නොකියා කළමෝනම් භික්ෂූහූ කළ නොදෙති සිතා රජ්ජ්රුවන්ට අත්ලසක්දී ලබ්බවාගත තනම්හයි සිතා තීර්තකයෝ එක්ව මසුරන් ලක්ෂයක්දී කියන්නාහූ මහරජ්ජුරුවෙනි ජේතවනාරාමය කෙරේ තීර්තකාරාමයක් කරවන්නා අභිප්‍රා ඇත්තම්හ, භික්ෂූ ඇවිත් රජ්ජුරුවන්ට කීකල රජ්ජුරුවන් ඊට අවුලක් නොකියන්නේ යහපතැයි කී යන්නා ගිවිස්සාහ, තීර්ථකයෝ බොහෝ වඩුවන් ඇරගෙණ ජේතවනාරාමයට පිටිපස්සේ කරණ බොහෝ අරගල අසා ආනන්දය මේ කුමන අරගලයක්දැයි විචාරා එපවත් අසා ආනන්දය භික්ෂූ සංඝයා රැස්කරවයි කියා සංඝයා වහන්සේ රැස්කරවා භික්ෂූනි තොප ගොස් රජ්ජුරුවන්ට කියවයි කියන්නා යහපතැයි කියා භික්ෂූන් වහන්ස් රැස්ව රජ්ජුරුවන් කරා ගොස් රජ්ජ්ුරුවන්ගේ වාසල සිට එපවත් කියායවුසේක. රජ්ජුරුවෝ තමන් කියන්නට උත්තරයක් නැති හෙයින් ගෙයි නැතැයි කිවුහ. භික්ෂූන් වහන්සේ විහාරයට ගොස් එපවත් සර්වඥයන් වහන්සේට සැලකළසේක. සර්වඥයන් වහන්සේ රජ්ජුරුවෝ අත්ලස්කා මෙසේ කරති සිතා පසුවදවස් දෑගසව්වන් යවයි වදාළසේක. දෑගසව්වන් වහන්සේ දොරකඩ සිට රජ්ජුරුවන්ට කියායවන්නා එවිට රජ්ජුරුවෝ ගෙයි නැතැයි කියා යවුහ. පසුව දවස් සර්වඥයන් වහන්සේ පන්සියයක් රහතුන් වහන්සේ පිරිවරා රජගෙට වැඩිසේක.එවිට රජ්ජුරුවෝ උඩුමාලෙන් බැස සර්වඥයන් වැඳ පාත්‍රය අතට ගෙණ බුදුන් රජගෙට වඩා ගෙණගොස් වළඳවා අන්තයෙහි එකත්පස්ව උන්නාහ. එවිට සර්වඥයන් වහන්සේ වදාරණසේක මහරජ අත් ලස්බලයෙන් තාපසවරුන් දෙපසක් ගස්වා පෙරත් රජ දරුවෝ බොහෝ විනාසයට පැමිණියෝ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ හිමාලය වනයෙහි තාපසව පන්සියයක් තාපසවරුන්ට නායකව වාසය කරණ සේක් වාස් කාලයෙහි ඒ ඒ තැන සැරිසරා වඩිනාසේක් බරණැස් නුවරට වැඩ නුවර සිඟා උතුරුදිග වාසලින් පිටත්ව ඒ වාසල සමීපයෙහි නුගගසක් මුල වාසය කරන්නාහ. එසමයෙහි අනිකුත් පන්සියයක් තාපසවරුන් ලුනු ඇඹුල් සොයනා පිණිස බරණැස් නුවට අවුත් ඒ තාපසවරු මොත්තමත් නුවර සිඟා දකුණු වාසල සමීපයේ නුගගසක් මුල වාසය කරන්නාහ. මේ නියායෙන් තාපසවරු වස්සාන කාලයෙහි එහි වැස හිමාලය වනයට ගියාය. දෙවනු අවුරුදුත් එම නුවරට එන අවස්ථාවට දකුණු දොර වාසල සිටි නුගගස වැටින දකුණු දොර වාසල පළමු අවුරුද්දේ උන්නාවූ තාපසවරු තමන් උන් නුගගස වැටුනුහෙයින් උතුරු දිග වාසල නුග ගසමුල ඉන්ට වන්නාහ. එසමයට උතුරුවාසල නුගගස මුල උන්නාවූ තාපසරු ඒ නුවරට අවුත් තමන් පළමු උන් නුගගස කෙරේ ගියහ. මේ කියන තාපසවරුන් යන්නාට පළමු අනිත් තාපසවරු මේත් තමන් උන්නු හෙයින් අප පළමු මුරයේ උන් නුගගසමුල උන්නේ කවරනිසාදැයි කියා උන් හා දබර කළාහ. මේ කියන තාපසවරුන් අපි පළමුකොට උන්නමෝ එසේහෙයින් අපි නුග ගසමුල නාරිම්හයි කියා දබරකරන්ට වන්නාහ. මේ නියායෙන් දෙපක්ෂ ඇත්තෝම දබරකොට එපවත් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ එපවත් අසා පළමුකොට උන් තාපසවරුන්ටමයයි කීහ. එබස් අසා අනික් තාපසවරු මොත්තම ඉරඩියෙර් පළමු චක්‍රවර්ති රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කළාවූ රණ මැදිරියෙක් රජ්ජුරුවන්ට අල්ලස්කොටදී රජ්ජුරුවෙනි අපගේ වාසස්ථානය අපට සලස්වයි කීහ. ඊටත් රජ්ජුරුවෝ ගිවිස්සාහ, එවිට තාපසවරු උනුන්ලා බොහෝ අඬදබර කොට අන්තයෙහි සිතන්නාහූ අපි ගිහිගෙය හැර මහණවුවන් විසින් කළසේ නපුරැයි සිතා එතනින් වහා හිමාලය වනයට ගියහ. දේවතාවෝ මෙතෙක් තාපසවරුන්ට උක්කොටනාකළෝ මේ රජ්ජුරුවෝ වේද මේ රජ්ජුරුවන්ගේ නුවර නසම්වයි සිතා මහමුහුද අල්ලා මහත්වූ වතුරක් එවා ඒ තුන්සියයක් යොදුන් නුවරඟලා නැසුහයි වදාරා රජ්ජුරුවෙනි එක්රජ්ජුරුවන් කළාවූ අධර්නිසා නැතැක් මනුෂ්‍යයෝ නසිනලද්දාහූ එසේ හෙයින් ඡන්දිවශයෙන් අගතියට යාම යහපත් නොවෙයි කියා රජ්ජුරුවන්ට සර්වඥයන් වහන්සේ අවවාද වදාරා භරු ජාතකය නිමවා වදාළසේක. කෝසල රජ්ජුරුවෝ මේ ධර්මදේශනාව අසා තීර්ථකයන්ගේ ආරාම බිඳවා අලහ. එසමයෙහි ගණශාස්තෘව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේක.