මුල් පිටුව 201 සිට 250 දක්වා 205 උච්චිඪභත්ත ජාතකය

205 උච්චිඪභත්ත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද සුගතෙන්ද්‍රවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ස්ත්‍රීයක් නිසා උකටලී වූ භික්ෂූකෙණකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ දුක්පත්වූ කිසිවක් නැත්තාවූ විජ්ජත්කුලයක ඉපිද සිඟාකා ජිවත්වන සමයෙහි එක්තරා බ්‍රාහ්මණයකුගේ භාර්යාව දුරාවාරව දවස් අරිනිය, බෝධිසත්වයෝත් ඒ බ්‍රාහ්මණයාගේ ගෙට සිඟා ගියහ. ඒ බ්‍රාහ්මණයා ඔබ්බේ ගමකට ගියේය, උන්යාදී ඒ බැමිණිද තමාගේ අන්‍යවූ චෞර පුරුෂයෙකු ගෙන්වාගෙණ ලෝකස්වාදරතියෙහි යෙදී ඉක්බිති බත් කා යවයි බ්‍රාහ්මණයාහට කීය. ඉක්මන්ව බත්පිස චෞර පුරුෂයාට බත් ලා ඈතොමෝ මග බලා සිටියාහ. බෝධිසත්වයෝත් යම්තම් දෙයක් ලැබේදැයි සිතා දොරකඩ සිටියාහ. ඒ වෙලාවට ගෙය ඇති බ්‍රාහ්මණයා ගෙට එන්ටවන එවිට බැමිණි ගෙටඑන්නාවුන් දැක සොරසැමියා බත්කමින් උන් තැනැත්තාහු කොටුවඇතුලේලුව ගෙට ආ සැමියා බත්කන පෝරුව ඇදලා අතට පැන් දී සොරසැමියා බත්කමින් සිටි මධ්‍යයේ ගොයිසැමියාට උනු බත් ලා ලා අතට දිලුව. එවිට බ්‍රාහ්මණ බතෙහි අත ඔබා උඩ බත් උනුය යට බත් සීතලය බත් නිවේනම් උඩ බත් විනා යට බත් නිවෙන්ට කාරණා කිම්දැයි ඒ කවර කාරණා නිසාද ඒ කාරණය මට කියවයි කිහ. බ්‍රාහ්මණ කීපවරක් විචාරත් බ්‍රහ්මණ තමාකළ සොරකම සැලවෙයි සිතා බැණනොනැගී කිටියාහ. එවිට බෝධිසත්වයෝ සිතන්නාහූ පළමු ආයේ සොරසැමියායයි සිතා සොරසැමියා කොටුවේ උන් නියාව මා කියන්ට උවමැනවයි සිතා කියන්නේ බ්‍රහ්මණයන් වහන්ස නුඹ වහන්සේට තිබූයේය, අපිනම් විජ්ජත්කුලයෙහි උපන් හෙයින් ඇසින් දුටු දෙයක් යා පත්වත් නපුරවත් කියම්ම එසේ හෙයින් ඉනිබ්බේ නපුරු නොකරණ නියායෙන් හික්මවාගත මැනවයි කියා ගියහ. බමුණත් දෙන්නාම අල්වාගෙණ පාටවකොට ඉනිබ්බේ මෙසේ වූ දෙයක් නොකරවයි කිවයි වදාරා මේ උච්චටඨිභත්ත ජාතකය නිමවා වදාළසේක. ජාතකාවසානයේදී ඒ භික්ෂූන් වහන්සේ දහසක් නසින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටිසේක. එසමයෙහි බ්‍රාහ්මණයානම් මේ කියන භික්ෂූහුය. එසමයෙහි බ්‍රාහ්මණ නම් මෙසමයෙහි ස්ත්‍රීය. දුක්පත් විජ්ජත්ව උපන්නෙම් බුදුවූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළසේක.