මුල් පිටුව 201 සිට 250 දක්වා 204 සෝමදත්ත ජාතකය

204 සෝමදත්ත ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද විනායකවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ලාලුදායි ස්ථිවරියන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්.

ලාලුදායි ස්ථවිරියන් වහන්සේ සහයක ඉද බස්පස් කියන්ට වන්සේක්නම් කියන බසතබා නොකියන බසම කියනසේක, මුන්වහන්සේගේ අඥනකම් ධම් සභාමණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන්වහන්සේ කිය කියා වැඩඋන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා පළමුත් ලාලුදායියෝ එසේමයයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ කසීරට බමුණුගමක ඉපිද වැඩිවිය පැමිණ සෝමදත්ත නම් බ්‍රාහ්මණව තක්සළානුවරට ගොස් දියපාමොක් ආචාරීන් ලඟ ශාස්ත්‍ර ඉගෙණ පෙරලා දෙමව්පියන් කරා අවුත් දුක්පත් හෙයින් රජ්ජුරුවන් වහන්සේට සේවයකොට දෙමව්පියන් රකිමි සිතා බරණැස් නුවරට ගොස් රජ්ජුරුවන්ට රාජවල්ලභව දවස් අරණා සමයෙහි බෝධිසත්වයන් වහන්සේගේ පියවූ බ්‍රහ්මණයන්ගේ සානා ගොන්ගෙයක් ඇත, ඒ ගොන් ගෙයෙන් එක් ගොනෙක් නැසින එපවත් පුතනුවන්ට කියමි සිතා බරණැස් නුවරට ගොස් සෝමදත්තනම් පුතනුවෙනි මාගේ ගොන්ගෙයෙන් ගොනෙත් නැසින ඊට ගොනෙකු රජ්ජුරුවන්ට කියා මට ඉල්වාදෙවයි කීය. එබස් බෝධිසත්වයෝ අසා පියනන්වහන්ස රජ්ජුරුවන් වහන්සේට යල්ලභ වූ ගමනේදී ගොනෙකුදුන මැනවයි කියන්ට මට යොග්‍ය නොවෙයි නුඹවහන්සේම රජ්ජුරුවන් වහන්සේට කියා ඉල්වාගත මැනැවැයි කීහ. එවිට පියානන් වහන්සේ කියන සේක් පුත දෙන්නෙකු සිටියදී යම්ම දෙයක් මට කියන්ට බැරිය මම කන්නලව් කියන්නෙම් සිටින ගොනතා ඇරගන්ට කියතොත්විනා කන්නලව් කියාගෙන ගොනෙකු ඇරගත නොහෙමි කීහ. එසේ ගොනා දෙතත් ගොනෙකු ඇරගතත් නුඹ වහන්සේ ම කිවමැනව මම ඊට උපායෙක් කියාලමි කියන්නාහූ රජ්ජුරුවන් වහන්සේ දුටුවිට ජයතුභවං මහාරාජ කියා ආශිර්වාද කොට ගාථාවක් කිය මැනවයි කියන්නාහූ.

වේ මේ ගොණා මහරාජ යෙහි ඛේත්තං කසාම්සේ

තෙසූ එකොමතො දෙවදුතියං දෙහඛත්තියා

යන මේ ගාථාව කිවමැනවයි කියා. මෙහි අභිප්‍රාය මහරජ්ජුරුවන් වහන්ස මාගේ සිසාන ගොන්නු දෙන්නෙක් ඇත්තාහ. ඉන් එක්ගොනෙක් මළ, අනික් ගොනෙකු ක්‍ෂත්‍රීයෙස්වර රජ්ජුරුවන් වහන්ස දෙවාවදාළමැනවයි කියා මේ ගාථාව අවුරුද්දකින් උගන්වා අවුරුද්ද මුළුල්ලේ සුවඳගස් ඇත්තාවූ සමාසනයෙක පිදුරුකැරලි රැසක්සේ සිටුවා මූ රජ්ජුරුවෝය මූ සෙනවිරද්දුයයි කියා මේ නියායෙන් අවස්ථාන කෝල අරවා ඉක්බිති බෝධිසත්වයන්ගේ පියානෝ පුත ගාථාව වනපොත්ව ගියේයි කියන්නා යහපතැයි පඬුරක් ගෙන්වාගෙණ පියනුත් කැඳවාගෙණ රජ්ජුරුවන් දැක සිටියාහ. එවිට බෝධි සත්වයන් පියානෝ රජ්ජුරුවන් දැක ජයතුභවං මහරාජ කියා තමන්ගෙණගිය පඬුරුත් දී රජ්ජුරුවන් දැක සිටියාහ. එවිට රජ්ජුරුවන් විසින් සෝමදත්ත යෙනි මූ තොපගේ පියානෝදැයි විචාරන්නා එසේය. ස්වාමිනි කී අවස්ථාවෙහි බෝධිසත්වයන්ගේ පියානෝ කියන්නාහූ.

චේ මේ ගොණෙ මහරාජයෙහි ඛෙත්තං කාසමසො

තෙසූ එකොමතො දේව දුතියං ගණ්හ ඛත්තියා.

කී හෙයින් බෝධිසත්වයන් දෙහි කියා ඉගැන්වා තිබියදී ගණහ යි කියා කී හෙයින් රජ්ජුරුවෝ ගාථාව වරද්දවා කි නියාව දැන්ම සිනාසී ඇති සෝම දත්තයෙනි තොපගේ ගෙයි මෙසම ගොන බෝහෝදැයි කියා බෝධිසත්වයන් විසින් ගොන්දුන්නොත් ඇත්තේවේදැයි කී බසට තමන් වල්ලභව සිට තුමූ කන්නලව් නොකියා තමන්ගේ පියානන් හා කන්නලව් කියෙව්වාට සතුටුව ගොන් දසදෙනෙකු දී බ්‍රහ්මණයා උන් ගමත් පටුනුකොට ලියාදී යවුහ. එවිට බෝධි සත්වයන් හා පියානෝ රථයකට නැගී යමින් සිට බොහෝසත්වයෝ කියන්නාහූ මේ කිම්ද මුළුල්ලේ සුවඳගස් ඇත්තාවූ සමාසානයෙහිදී ගාථාවන පොත් කරවා වරදවා කියේ ඇයිදැයි කීහ. පුත සහායෙහිදී බස්කියා යහපත අසන්නොත් ඇත නපුර අසන්නොත් ඈත මා විසින් වරද්දා කියාත් මෙතෙක් දේ ලද්දෙම්වේදැයි කිහයි වදාරා මේ සෝමදත්ත ජාතකය නිමවා වදාළසේකී. එසමයෙහි සෝමදත්ත යන්ගේ පියානෝ නම් ලාලුදායි ස්ථවිරියෝය. පුතනුවෝ නම් බුදුවූ මම්මයයි වදාළ සේක.