202 කක්කර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සැරියුත් සාමින්ගේ විහාරයෙහි බාල භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්.

සැරියුත් සාමින්ගේ අතවැසි භික්ෂූකෙණෙකුන් වහන්සේ කය ආරක්ෂා පිණිස උෂ්ණබත් කෑවොත් පත්තය කුපිතවෙයි කියා උෂ්ණවෙලාවෙහි තමන් වහන්සේ කයට කිසිදුකක් වැද්දනොදී රකිනාසේක. මේ නියාව ධම්සභා මණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන්වහන්සේ කිය කියා උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි මා එන්නට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන් මතුනොවෙයි පෙරත් මූ තමන් ශරීරයට කිසිදුකක් වැද්දනොදුන්නේ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වනයෙහි වෘක්‍ෂ දේවතාව උපන්සේක. එසමයෙහි ලිහිණිවැද්දෙක් පක්ෂිධේනුවක් ඇරගෙණ කොරවකුන් බඳන්නේය. පළමුත් මැදිරියෙක අසුව ගැලවිගිය කොරවකෙකු ඒ වැදි බදන්ට උත්සහ කෙළේය. පළමුත් තමා අසූවූහෙයින් ඒ වැද්දහුට අසුනොවි වැද්දහුලාලු මල කොට ඇවිදින්නේය. පළමුත් තමා බැඳූනුහෙයින් මළට අසුනොවි ගැලවි දවස් අරනේය. එවිට වැදි සිතන්නේ මළඉඳූවා බැරිමයයි සිතා තමා උසනියාවට කඩුවක් ඉදිකොට ඊ අතුබේරා තුමූ ගසක් හැටියට නික්මුනාහ. එවිට කොරවකා වැද්දවූ නියාව දැන සිතන්නේ මූ සීහිකරන්ට උවමැනවැයි මෙකල වනාන්තරයෙහි ඇවිදින්නෙම් බොහෝ අඹ දඹ දෙල් බෙලි කිතුල් දුටුවිරු නම් මෙසේ ඇවිදිනා ගසක් දුටුවිරුද, තාගේ වළුාවට මා අසුවන්නේ නැතැයි කියා පියා අඬාගෙණ පලාගියහ. වැදිත් පක්ෂියා පලාගියපසු කියන්නෝ එසේ වීනම් පක්ෂියා මන්දිරය කඩාගෙණ ගියවනැයි එසේ හෙයින් මූ සොරකම් දන්නේයයි ඔබ්බට ගොසින් පක්ෂින් බදාගෙණ තමාගේ වාසස්ථානයට ගියේයයි වදාරා මේ ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි ලිහිනි වැදිනම් දේවදත්ත ස්ථවිරය කොරවකා නම් ශරීරය රක්ෂා කරන්නාවූ භික්ෂූහුය, මේ කාරණය ප්‍රත්‍යක්‍ෂකොට දුටුවාවූ වෘක්‍ෂදේවතාවා නම් බුදුවු මම්මයයි තමන්වහන්සේ දක්වා වදාළසේකි.