මුල් පිටුව 451 සිට 500 දක්වා 460 වීතිය අඔ ජාතකය

460 වීතිය අඔ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ධර්ම රාජයාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන කල්හි ැදව්දත් තෙරුන් අරභයා මේ ජාතකය වදාළ සේක.

දෙව්දත් තෙරුන් වහන්සේ මම ද බුදු වෙමි. බුදුන් මාගේ ආචාරීන් නොවන්නේය. උපාධ්‍යයන් නොවන්නේයයි ධ්‍යානයෙන් පිරිහි සංෂ භේද කොට පොළව පලා අවීචියට ගෙනයාම ගැන දම්සභා මණ්ඩපයෙහි භික්‍ෂූණ් අතර කතාවක් උපන් කල්හි එහි වැඩි බුදුරජාණන් වහන්සේ මහණෙනි, පෙරත් දෙවිදත් තෙරණුවෝ ආචාරීන් ප්‍රත්‍ය ඛ්‍යානය කොට මහත් වූ විනාශයට පැමිණියෝ වේ දැයි ඉකුත් වත වදාළ සේක.

යටගිය දවස බරණැස උසීරථ නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි එක් සැඬොල් ගමක මහ නුවණැති නොකල්හී අඹ ඵල ගන්වන්නා වූ මන්ත්‍ර දන්නා කෙනෙකු සිටියේය. ඔහු උදෑසන කද කරට ගෙන වනයට ගොස් අඹ රුකක් සමීපයට සත් පියවරක් ඈතින් සිට මන්ත්‍රය ජප කොට අඹ රුකට පැන් අතලොස්සක් ගසන්නාහාම එහි අලුත් තළු දා කොළ හට ගන්නේය. මල් පිපී ගෙඩි හට ගන්නේය. එකනෙහි ම අඹ පැසී ඉදී බිම වැටෙන්නේ ය. දිව්‍ය ඵල හා සමාන වූ ඒ අඹ ඇති තරම් අනුභව කොට ඉතිරි අඹ කද පුරවා ගෙන ගොස් විකුණා ජීවත් වන්නේ ය.

එක් බ්‍රාහ්මණ මානවකයෙක් මේ නොකල්හී අඹ හට ගන්නා වූ මන්ත්‍රය ලබා ගැනීම සඳහා මොහු ළඟට පැමිණ එය ඇයදී ය. මේ මානවකයාගේ පුරුෂ ලක්‍ෂණ දුටු මන්ත්‍රකරු මේ මන්ත්‍රය ඔහු අත නොතිබෙන්නේය. එය නොහැකැයි තහ භාර්යාවට කීය. මානවකයා මේ ආචාරීන්ට උපකාරීව ලබා ගනිමියි සිතා ගෙයි බැල මෙහෙ කොට අත් පා මෙහෙවර කරන්නේය. දනක් මන්ත්‍රකරු මානවකයා අමතා තමාවැහොත් ඇඳට පා අලුවක් ගෙනත් දෙවයි කී කල සොයා කිසිවක් නොදැක මුළු රාත්‍රියෙහි ම තම කලවය මත්තෙහ් ඇඳ පය තබාගෙන උන්නේය. ඊටපසු මන්ත්‍රකරුගේ බිරිය වදන අවස්ථාවෙහි මේ මානවකයා සියළු කටයුතු නිම කළේය. දිනක් මන්ත්‍රකරුට තම බිරිය කියන්නේ ස්වාමීනී, මේ බ්‍රාහ්මණ මානවකයා මන්ත්‍රය ලබා ගනු සඳහා තම ජාතියවත් නොසලකා බැල මෙහෙ කරන්නේය. මොහුට මන්ත්‍රය දුන මැනවයි කීය. ඒ අසා මන්ත්‍රකරු ඔහුට මන්ත්‍රය දී මානවකය මේ මන්ත්‍රය ඉතා වටිනා එකකි. මෙයින් මහත් ලාභ සත්කාර ලැබෙන්නේය. රාජ රාජ අමාත්‍යාදීහු තොපගේ ආචාරී කවුදැයි විචාල කල්හි මා බැව් නොසඟවා කියනු මැනවි. සැඬොල් කුලයෙහි වූ මගෙන් උගත් බැව් කීමට ඔබ ලැජ්ජා වුවහොත් මේ මන්ත්‍රයෙන් නිසි ප්‍රයෝජන විනාශ වන්නේ යැයි කීය. මානවකයා සියල්ල අසා එසේ පොරොන්දු වී වැඳ අවසර ගෙන තම නුවරට ගොස් මන්ත්‍රානුභාවයෙන් නොකල්හී අඹ හට ගන්වා එය විකුණා ජීවත් වන්නේය. දිනක් රජුගේ උයන් පල්ලා ඔහු අතින් අඹ මිළයට ගෙන රජ්ජුරුවන්ට දුන්නේය. රජතුමා ඒ ගැන අසා මානවකයා ගෙනවා දිනපතා තමා වෙත අඹ ගෙන එන ලෙස නියම කොට හැරියේය.මෙසේ ක්‍රමයෙන් මානවකයා රජතුමා සමග වශ්වාසී විය. රජතුමා දිනක් ඔහු අඹ ගෙන ආ විට මානවකය, තොපට මේ අඹ දෙවියෙක් නාගයෙක් දේද? මන්ත්‍රානුභාවයෙන් ලැබීමෙක් දැයි විචාළේ ය. මහරජතුමනි, මා ළඟ අනර්ඝ වූ මන්ත්‍රයෙක් ඇත. නොකල අඹ ලැබීම සිදුවනුයේ එහ් ආනුභාවයෙන් යැයි කියා රජතුමාගේ ඉල්ලීම පිට දිනක් උයනට ගොස් මන්ත්‍ර බලයෙන් අඹ මවා පෙන්වීය. ජනයෝ සාධුකාර පැවැත් වූහ. රජ්ජුරුවෝ මහත් වස්තුව දී මේ මාහැඟි මන්ත්‍රය කාගෙන් උගත්තෙහි දැයි විචාළා හ. මානවකයා ඉදින් මම සැඬොලෙකුගෙන් උගත්තේ යැයි කීයේ වී නම් මා ලජ්ජා කටයුතු වන්නේය. මට නින්දා කරන්නාහ. දැන් මම මේ මන්ත්‍රය හොඳින් අභ්‍යාස කොට ඇත්තෙම්. දැන් නොනස්නේ යැයි සිතා තක්සලා නුවර දිසාපාමොක් ආාරීන් අතින් උගතිමියි තමා ආචාරීන් අමතක කොට අත්හැ කීය. ඒ හා සමගම මන්ත්‍රය අන්තර්ධාන විය. රජ්ජුරුවෝ ඉතා සතුටුව මානවකයා කැඳවාගෙන නුවරට ගොස් නැවත දිනක මඟුල් සල්වට හිඳ මානවකය අඹ ගෙනවයි කීය. මානවකයා යහපතැයි කියා අඹ රුක සමීපයට ගොස් මන්ත්‍රය සිහිකළ මුත් සිහි නොවූයෙන් එය අන්තර්ධාන වූ බැව් දැන ලජ්ජාව සිටියේය. අඹ ප්‍රමාද බැවින් රජතුමා එහි ළඟා වී කරුණු විචාළා හ. මානවකයා බොරුවන් රජ්ජුරුවන් වංචා කෙරෙමියි සිතා මම නැකත් යෝගයක් බලමින් සිටියෙමි. නැකත උදා වූ විට ඔබ වහන්සේ ට බොහෝ අඹ ගෙනවුත් දෙන්නෙමි වේ දැයි කීහ. රජතුමා මානවකය පෙර තොප කිසිම නැකත් යෝගයක් නොබලා අඹ ඵල ගෙන්වා දුන්නේ ය. දැන් නැකත් යෝග බලන්නෙහි ය. දොඩන්නේ කුමන බසෙක් දැයි විචාළ හ. මානවකයා මහ රජතුමනි, බොරුවෙන් ජය ගත නොහැක. මම සත්‍ය කී කල්හි රාජ ආඥා කරවන සේක. නමුත් මම දැන් සත්‍යයම කියමි. මහ රජතුමනි දැහැමි සැඬොල් පුත්‍රයකුගෙන් මම මේ මන්ත්‍රය උගත්තෙමි. යම් දිනක මාගේ නම් ගොත් සඟවා කීයෙහි නම් තාගෙන් මේ මන්ත්‍රය අතුරුදහන් වන්නේ යැයි හේ මට අවසාන වශයෙන් අවවාද කළේ ය. මම ඒ අවවාදය නොතකා පෙර දා මහ පිරිස මැද දී ගුරුන් අමතක කොට එය දිසාපාමොක් ඇදුරන්ගෙන් උගත් බැව් කීමෙන් මන්ත්‍රය අතුරුදහන් විය. දැන් මම දුක් වෙමියි කීහ. එබස් අසා රජතුමා ලාමක වූ පවිටු අදහස් ඇති මේ අසත්පුරුෂයා ගුරු ද්‍රෝහිව තමාගේ වටිනා මන්ත්‍රය නැති කර ගත්තේ ය. මේ කාළකණ්නියා ව රටෙන් එළවා දමව් යැයි නියම කළේ ය. රාජ පුරුෂයෝ උණ පත්තෙන් දෙපැත්ත හසු කොට පත්තේ පොත්ත පැත්තකට යන ලෙස තලා සම උපුටවා වද කොට බොටුව අල්වා නුවරින් එළවා දැමූ හ.

එසමයෙහි මානවකයා නම් දැන් දෙව්දත තෙරණුවෝය.රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝ ය. සැඬොල් මන්ත්‍රකරුව උපන්නේ බුදුන් වහන්සේය.